Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, April 13, 2010

සමාජයට උවමනා නිසා කරදුන් කසාදය....

මම මේ විදියෙ ලිපියක් මේ වගේ දවසක පළ කරන්න හිතාගෙන හිටියෙ නෑ. නමුත් ඊයේ මට ඇහුණු දෙයක් නිසා මේ සිද්දිය ලිපියක් ලෙස පල කරන්න හිතුණා..

මම දන්න අයියා කෙනෙක් ඉන්නවා වයස අවරුදු 34 විතර වෙන. ඒ අයියා තමයි එයාලගෙ පවුලෙ බාලයා (බඩපිස්සා). මේ අයියාට ස්ථිර රැකියාවක් නෑ. ඒ වුනාට මේසන් වැඩ, රියපැදවීම වගේ රැකියා ගොඩක් කරලා තියෙනවා. අවුල තමයි එකම රැකියාව එක දිගට කාලයක් කරන්න බැරිකම. ඒ වගේම අනාගතේ ගැන ස්ථිර අදහසක් නැතුව අද දවස ගැනවත් කිසිම අරමුණක් නැතිව ජීවත් වුනේ.
ඉතින් මේ පවුලෙ අනිත් අයියලා අක්කලා මේ අයියව හදන්න කියලා කසාදයක් කරලා දුන්නා. නමුත් මේ අයියා තමන් විවාහකයි කියලාවත් , ස්වාමිපුරුෂයකුගේ වගකීම් , යුතුකම් කියන්නෙ මොනවද කියලාවත් කිසිම තේරුමක් ඇති කෙනෙක් නෙවෙයි.  බිරිඳට දරුවා ලැබෙන්න ඉද්දි වුනත් ගෙදර තියෙන සියලුම වැඩ කටයුතු මේ අක්කාගෙන් බලාපොරොත්තු වුනා. සමහර දවස්වල ඉතාම කැත විදියට බැනලා , ගහලා පවා තිබුණා.

ඊයෙ පෙර්දා දවසක මේ අයියා තාත්තා කෙනෙක් වුනා. දැන් ඒ අයියාගේ අයියලා අක්කලා කතාවෙනවා "දැන්වත් මිනිහෙක් විදියට ජීවත් වෙන්න පටන් ගනීවි " කියලා.

මට නම් ඒක ඇහුනම හිතුනෙ "එහෙම වුනොත් හොඳයි. ඒත් එහෙම නොවුනොත්?.... " කියලායි.

සමහරවිට දරුවගේ කිරිසුවඳ දැනෙනකොට ඒ අයියා තමන්ගෙ බිරිඳට හා දරුවට ආදරය කරන්න පටන් ගනීවි. තමන්ගෙ පවුල ගැන, ඔවුන්ගේ පවුලේ, දරුවන් ගේ අනාගතය ගැන හිතලා කටයුතු  කරන්න පටන් ගනීවි. එහෙම නොවුනොත් පවුල් ජීවිතය එපා වේවි. එතකොට අමාරුවේ වැටෙන්නෙ කසාදය කරලා දුන්න අයියිලා අක්කලා නොවෙයි   තමන්ගේ දෙමව්පියන්ගේ රැකවරණයෙන් හැමෝගෙම ආශිර්වාදය මැද අර අයියාත්  එක්ක ජීවත්  වෙන්න ආපු අක්කායි එයාලගේ දරුවායි.


ඇයි මේ මිනිස්සුන්ට  තවත් මිනිහෙක්  අරමුණක් නැති විදියෙ  ජීවිතයක් ගත කරද්දි ඔහුගේ ජීවිතයට  අරමුණක් ලබා දෙන්න තවත් කෙනෙකුගේ ජීවිතය අවදානමට ලක් කරන්නෙ?

2010-04-13
rh

6 comments:

  1. ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බලෙන් විවාහයක් කර දීම, විවාහයේ අනෙක් පැත්තෙ ඉන්න කෙනාට කරන ලොකු අසාධාරණයක්...
    දෙදෙනාටම අවශ‍යනම් මිස, වෙන කාගෙත් උවමනාවට වත්, සමාජයට බයේ වත් විවාහ වීම කළයුතු නැහැ...

    ReplyDelete
  2. ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බලෙන් විවාහයක් කර දීම, විවාහයේ අනෙක් පැත්තෙ ඉන්න කෙනාට කරන ලොකු අසාධාරණයක්...
    දෙදෙනාටම අවශ‍යනම් මිස, වෙන කාගෙත් උවමනාවට වත්, සමාජයට බයේ වත් විවාහ වීම කළයුතු නැහැ...

    ReplyDelete
  3. රොෂාන් සහ සමීර, ඔබ හරියටම හරි.. එයින් වන්නේ අහිංසක ගැහැනියක්, ජීවිතේ රසය දන්නා මිනිසෙකු පැතූ ගැහැනියක් අකලට මිලිනව යන මලක් බවට පත් වීම.. දෙමාපියනි.. දී ගන්නට බැරුව සිටින, මොකෙක් හෝ කරේ එල්ලන්න බලා ඉන්න තම පුතාට දුවට ඒ වගේම පරාණයක් හොයා දෙන්න...ඒ වගේ නොවෙන, නියම දැක්මක්, රහක් ඇති වටිනා ජීවිතයක් නාස්ති නොකර...

    ReplyDelete
  4. මේ සමාජය මේවා තේරුම් ගන්නකොට ජීවිත කීයක් දුකට පත් වේවිද?
    මේ ලිපියට තවත් කොටසක් එකතු කරන්න තියෙනවා වෙනස්ම ආකාරයක. ඒක මට කාලය ලැබෙන විදියට අලුත් ලිපියක් ලෙස දමන්න බලාපොරොත්තු වෙනවා...
    @sameerausa said... @ජීවිතේමල් said... ස්තුතියි ප්‍රතිචාර වලට...
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට...!

    ReplyDelete
  5. නියමයි මල්ලී නියම පෝස්ට් එකක් . .

    ඇත්ත කෙනෙක් තමන් විහින්ම විවාහ ජීවිතේ වගකීම් දරන්න සූදානම් කියලා පිලිගන්න කම් තව කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙලල්ම් කරන්න දෙමාපියන්ට ඉඩ දෙන්න නරකයි.

    බටහිර රටවල අය වයස 40 පැන්නම විවාහ වෙලා දරුවෝ හදන්නෙ. අපේ අය හරි හමන් රැකියාවක් නැති වුනත් කසාද බැඳල දරුවෝ හදනවා "ළමයි ඉස්කෝලේ එක්ක යනකොට අපි වයසක අය උනොත් අනිත් ළමයි අපේ ළමයට හිනා වෙයි සීයා / ආච්චී එක්ක ද අවේ" කියලා . . මාර පරාර්ථකාමීයි . . . .!!

    ඒත් ළමයට අනෙක් අය හිනා වෙන එක ගැන විතරයි. එතනින් එහා ළමයින්ටයි බිරිඳටයි යුතුකම් ඉටු කරන එක ගැන කිසි කතාවක් නෑ . . .

    @ජීවිතේමල් !
    මේක පිරිමින්ට විතරක් නෙමෙයි සමහර ගෑනු අයත් ඉන්නවා අම්මලා මැරෙන්න කලින් නිදහස් වෙන්න කියලා ගෙදරින් පිටකරලා කාට හරි බන්දලා දෙනවා.

    බැඳපු දවසේ ඉඳන් මිනිහව කන්න හදන ගෑනුත් ඉන්න බව අමතක කරන්න එපා නගේ . .

    ReplyDelete
  6. @දුකා
    දුකා අයියේ.. "ළමයි ඉස්කෝලේ එක්ක යනකොට අපි වයසක අය උනොත් අනිත් ළමයි අපේ ළමයට හිනා වෙයි සීයා / ආච්චී එක්ක ද අවේ" නියම පරාර්ථකාමිත්වය...
    දරුවන්/බිරිඳ පෝෂණය කරන්න බැරිව කසාද බඳින එක මහා අපරාධයක්..
    ස්තුතියි ප්‍රතිචාරයට..
    ඔබට සුබ දවසක්..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails