පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තියකින් කියැවුණු පරිදි රත්මලාන හා හොරණ ප්‍රදේශ වල සිදුකල වැටලීම් මගින් අනවසර මෘදුකාංග භාවිතා කරන ලද පරිගණක රැසක් සොයාගෙන ඇත. (http://www.dailynews.lk/2010/04/05/bus26.asp)
නමුත් මෙහිදී නීති පනවා එම වරද පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විනා එහි ප්‍රායෝගික බව පිළිබඳව සලකා බැලීමක් නීති පැනවීමේදී සිදු වී නැති බව මට සිතේ.
එනම් ආනයනික මෘදුකාංග ගෙන්වීමේදී ඒවා ඇමරිකාවේ හෝ ඒවා නිපදවු රටේ මිලටම ලංකාව තුලදී විකිණීමෙන් එය ප්‍රායෝගිකව මිලදී ගත හැක්කේ කාටදැයි සිතිය යුතු ය. ඇමරිකානු ඩොලර් 299 වන මෘදුකාංගයක් ලංකාව තුලදී ඒ අනුපාත මිලකට ලංකාවේ වෙළඳපොලට ඇතුලත් කිරීම අසාධාරණය. එනම් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ඒවා ලබා දීමේ වැඩපිලිවෙලක් සැකසීම රජයේ වගකීමයි.ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1500 පසු කළා යැයි උදම් ඇනුවද සත්‍ය තත්වය නම් එම පැරණි නිර්ණායක වල පවතින ආදායම් පිළිබද සීමා වැඩි දියුණු විය යුතු බවය. දැනට වසර 10කට පෙර $1500න් (වසරකට) කළ කිසිවක් කිරීමට ලෝකයේ කුමන රටක දී වත් නොහැක.
පරිගණකයක් මිලදී ගැනීමේදී අද අවම වශයෙන් රුපියල් 30,000 වත් වැය වේ. මෙම මුදල තරමක් හෝ අඩු වනුයේ අපරට දැන් ලෝකයේ පරිගණක කුණුගොඩ බවට පත් වී ඇති බැවින් පිටරට වලින් භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක අඩු මුදලට අපරට තුලදී මිලට ගත හැකි නිසාය.. නමුත් එලෙස ගන්නා ලද පරිගණකයක මෘදුකාංග වුවද ලංකාව තුලදී භාවිතා කිරීමට නම් නැවත මුදල් ගෙවා බලපත්‍ර ලබා ගත යුතුවේ. (EULA බලපත්‍ර බොහෝමයක් වලංගු වන්නේ ඒවා මිලදී ගත් රට තුලදී පමනි.) ඉතින් සාමාන්‍ය ජනතාව පරිගණක භාවිතා කරනුයේ කෙසේද?
මෘදුකාංගයක් නිර්මාණය කිරීම යනු විශාල කාලයක්/ශ්‍රමයක් මෙන්ම විශාල මුදලක් ද වැයවන ක්‍රියාවකි. ඒ අතින් බැලු විට මෘදුකාංගයක් ඉහල මිලකට අලෙවි කිරීමද අනවසර භාවිතයන්ට එරෙහිව නීති ගෙන ඒමද අත්‍යාවශ්‍යය. නමුත් නිර්මාණකරු තම ආයෝජනය මෙන් විශාල ප්‍රමාණයක් / ප්‍රතිශතයක් ලාභ ලබයි නම් මිල අඩු කිරීම මගින් එතරම් අලාභයක් සිදු නොවේ.
දැනට ඉන්දියාවට ආනයනය කරනු ලබන මෘදුකාංග එරටට ගැළපෙන මිලකට අලෙවි කරවීමේ ක්‍රියාමාර්ග එහි රජය මගින් ගෙන ඇත. ඉන්දියාව දැන් ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විද්‍යාර්ථීන් බිහි කරනුයේ මේ නිසාය.
වෙනත් යුරෝපීය රටවල ජනතාව එක් මෘදුකාංගයක් පමණක් භාවිතා කිරීමට දස්කම් දක්වන විට ලංකාව ඉන්දියාට වැනි රටවල ජනතාව මෘදුකාංග කීපයකින් එකවර වැඩ කරනුයේ අඩුමිලට මෘදුකාංග ලබා ගැනීමේ පහසුකම නිසාය.
එසේ නොමැති නම් විවෘත හා නිදහස් මෘදුකාංග ප්‍රචලිත කිරීමට රජය මීට වඩා උනන්දු විය යුතුය. එවිට රටින් පිටට ඇදී යන විශාල මුදලක් රටේ වෙනත් කාර්යයකට යොදාගත හැක.
වර්ගීකරණය
Tuesday, April 6, 2010
බුද්ධිමය දේපල පනත හා ලංකාවේ පරිගණක භාවිතය.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Tuesday, April 06, 2010
15 comments:
හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.
ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.
ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.
Subscribe to:
Post Comments (Atom)
මෙම වැටලීම කරන්නේ නිවාසවල නොවේයී. මෘදුකාංග බාවිතයෙන් ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරික ස්තානයයී. එහි සාදාරණ බවක් තිබේයී. නොමීලේ ලැබෙන මෘදුකාංග මාර්ගයෙන් පලදාව ඉහල දමා, සේවකයන් සංක්‍යාවෙන් අඩු කිරීම, රටට හොද ක්‍රියාවක් නොවෙයී. උදාහරණයක් විදිහට පෙරදිනයන්දී සේවකයන් කීප දෙනෙකු අවශ්‍ය වූ ගිණුම් කරනය හෝ මොස්තර රටා නිර්මානය, අද දින තනි සේවකයෙකු මාර්ගයෙන් අඩු කාලකයදී කල හැක.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@kolu said...
ReplyDeleteඔව්. ඒක ඇත්ත.
අපි විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතා කළත් ඒවා ට වුවත් බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කලකට ඉහත පුවත්පතක තිබුනා මතකයි. ඒ ගැන පිළිගතහැකි සාක්ෂියක් ලැබුණු විට ලිපියක් ලියන්නම්.
"නොමීලේ ලැබෙන මෘදුකාංග මාර්ගයෙන් පලදාව ඉහල දමා, සේවකයන් සංක්‍යාවෙන් අඩු කිරීම, රටට හොද ක්‍රියාවක් නොවෙයී. උදාහරණයක් විදිහට පෙරදිනයන්දී සේවකයන් කීප දෙනෙකු අවශ්‍ය වූ ගිණුම් කරනය හෝ මොස්තර රටා නිර්මානය, අද දින තනි සේවකයෙකු මාර්ගයෙන් අඩු කාලකයදී කල හැක."
සේවකයන් ගනන අඩු කිරිමෙන් ඉතිරි වන මුදල නීත්‍යානුකූල මෘදුකාංග වෙනුවෙන් වැය කිරීමේ යම් සාධාරණත්වයක් ඇත..
ස්තුතියි ප්‍රතිචාරයට..
@kolu: තොරතුරු තාකෂණ ඒජන්සියක් (ICTA) කියල එකක් තියෙන්නෙ ඕකට තමයි. පුද්ගලික ආයතනයකට පුළුවන් නම් ලංකාවෙ තත්වෙ පැහැදිලි කරලා, සම්බන්ධිකරනය කරලා සාධාරන මිලකට මෘදුකාංග ගෙන්වන්න මෙලහට ඒක කරලා..
ReplyDelete@ගයන්ත said... ස්තුතියි ප්‍රතිචාරයට..
ReplyDeleteනිවැරදි එමෙන්ම රටට වැඩදායී වැඩපිළිවෙලක් ලංකාවට අවශ්‍යයි. නැතිනම් වෙන්නෙ ලංකාවෙ පරිගණක සාක්ෂරතාව මොට වීමයි මුදල් පිටරටට ඇදීයාමයි විතරයි..
ඔය පරීක්‍ෂා කරන්න එන එවුං මෘදුකාංග ගැන දැනුමක් හරියට තියන එවුංද, එහෙම නැත්තං දවසෙ දෙකේ ට්‍රේනින් වලිං එන එවුංද කියල දන්නෙ නෑ. මුං ඇවිල්ල FOSS මෘදුකාංග වලත් මොකක් හරි ලිඛිත සහතිකයක් ඉල්ලලා, එහෙම එකක් නැති නිසා හිරේ දායිද දන්නෙ නෑ! :D
ReplyDeleteAnyone who can't afford USD 299 software can use the open source alternative. In fact the open source products are often better.
ReplyDelete@බුධා: Microsoft Certified FOSS සහතිකේ නැත්නම් දඩ ගෙවන්න වෙයි ඕං.. :P
ReplyDelete@ගයන්ත: ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයිථ සිරි ලංකාවයි! :P
ReplyDeleteමෙතැන වෙන්න ඕනි ඔය නීතිය අර්ථ දක්වලා තියෙන්නෙ..
ReplyDeletehttp://www.customs.gov.lk/docs/25489.pdf
"Intellectual Property (1 - 102). Act No 36 of 2003. AN ACT TO PROVIDE FOR THE LAW RELATING TO INTELLECTUAL PROPERTY. AND FOR AN EFFICIENT PROCEDURE FOR THE ..."
www.customs.gov.lk/docs/25489.pdf
@budhajeewa said... @e4c5 said... @ගයන්ත said...
සංවාදයට පැමිණීම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ස්තුතියි..
මේක කිසිම තේරුමක් නැති වැඩක් සහෝ....
ReplyDeleteඅපි වගෙ දුප්පත් රටක හැමෝටම සල්ලි වලට software ගන්න බෑ.ඩොලර් 299 කියන්නෙ අපේ රටෙදි රු.30000 කටත් වැඩියි.මම දන්න ගොඩක් දෙනා භාවිතා කරන්නෙ වෙනත් රටවල භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණකයි.ඒ වගේ එකක් රු 20000 කට විතර ගන්න පුලුවන්.ඒ වගෙම අපේ ලංකාවෙ තාම බහුතරයක් භාවිතා කරන්නෙ dial up connections.එහෙම කරන්නෙත් සල්ලි නැති නිසයි....
ඒ මොනවා වුනත් මේ රජය කරපු මේ වැඩෙන් උනේ පිටරටට තවත් සල්ලි ඇදෙන එක වගේම මේ රටේ දුප්පතුන්ව තවත් වල පල්ලට යන එකයි.ඔය අත්අඩංගුවට ගත්ත අය ගොඩක් දෙනාව මම අඳුරනවා.ඒ අය මහා පරිමාන ව්‍යාපාරිකයො නෙමෙයි.පොඩි කඩයක් දාගෙන software copy කරලා විකුනුවා.ඒකත් වැරදියි තමයි.මේ රටේ එහෙම නැතිව වෙන විදියක් නෑ software ගන්න.හැම software 1 කටම 20000 - 30000 ගෙවන්න ගියොත් වෙන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
රජය මැදිහත් වෙලා විවෘත හා නිදහස් මෘදුකාංග පිලිඹඳව ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනි.ඒ වගේම ඒවායෙ භාවිතය ගැනත්.
ඒ වගෙම ඉන්දියාව වගෙ ක්‍රමයක් තිනෙවා නම් හොඳයි.එහෙම නැතිව බෝඩ් ගහගෙන රටේ තොරතුරු තාක්ෂනික දැනුම වැඩි කරනවා කිවුවට වැඩක් නෑ......
@Rosha said...
ReplyDelete"ඒ මොනවා වුනත් මේ රජය කරපු මේ වැඩෙන් "
මේ නීතිය ගෙනාවෙ වෙනත් රජයක් මයික්‍රොසොෆ්ට් එකත් එක්ක අත්සන් කරපු ගිවිසුමක් හා කලාකරුවන් ගෙ ඉල්ලීම මතයි.
නීතිය ගෙනා එක හොඳයි. මොකද ඒ නිර්මාණකරුවෙක් යමක් කරන්නෙ තම කාලය/ශ්‍රමය/මුදල් වැය කරලා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ අයිතිය රකින්න ඕන.
නමුත් නීතියෙ අඩුපාඩු රැසක් තියෙන එකයි අවුල.
ඇයි සොෆ්ට්වෙයා විතරක් ගැන කතා කරන්නේ..
ReplyDeleteගේම්ස් ෆිල්ස්ම් ගැන කවුරුත් කතා නෑ..
අපෝ අපිනම් හොර සොෆ්ට්වෙයා පාවිච්චි කරන් නෑ කියන අයම තමයි ඊයේ එන් එෆ් එස් ඉවර කරා මචං මාරයි කියන්නේ... එතකොට ඒ ගේම්ස් ඔරිජිනල් ගත්ත ඒවද? ටොරන්ට් වලින් බාන ෆිල්ම්ස් ගැන මොකද කියන්නේ...
@Rosha said... @අරුණ වීරසිංහ said...
ReplyDeleteස්තුතියි ප්‍රතිචාර වලට..
@අරුණ වීරසිංහ said...
http://www.customs.gov.lk/docs/25489.pdf තියෙන විදියට නම් ඔය ඔක්කොම මේ නීතියට යටත් වෙනවා.