Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, April 16, 2010

ජීවිතය

විටෙක සුන්දර ය

විටෙක අසුන්දර ය


නමුත්

සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද

අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද

හරිහැටි හඳුනාගත නොහැක


ඉතින්

කිමද අපි


ජීවිතය

සුන්දර යැයි කියා

උදම් අනනුයේ?


ජීවිතය

අසුන්දර යැයි කියා

දුක් වනුයේ?


2010-04-16
rh

10 comments:

  1. සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද
    අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද වටිනාකමක් නැත.....
    සමනලීට නම් හිතෙන්නේ එහෙමයි......

    ReplyDelete
  2. හිතට හිතෙන සේම හැම දේම හොඳින් සිද්ද වෙන මොහොතක අපට හිතෙන්නේ ජීවිතය සුන්දරයි කියා. ඒ අයුරින්ම නොපැවතී , ඉන් වෙනසක් වන විට ජීවිතය තුල දුක ඇති වෙනව.. මේ සම්මිශ්‍රනය අපි මැරෙන තුරාවටම තියෙනව ජීවිතේ. මේ තත්ව දෙකම උපේක්ෂාවෙන් විඳ දරා ගැනීම නම් උතුම් ශක්තියක්..

    ReplyDelete
  3. @punchisamanalee said...
    ඔව් ඒක ඇත්ත.. සුන්දරත්වය අසුන්දරත්වය කියන දෙකම එකිනෙකට බද්ධ වී තියෙනවා. ඒ දෙක වෙන් වෙනවා කියන්නෙ ඒ දෙකෙන්ම වැඩක් නෑ කියන එකයි..

    @ජීවිතේමල් said...
    ඇත්ත.
    උපේක්ෂාව නොමැති විට දරාගැනීමේ හැකියාව නැති/අඩු වෙනවා

    @punchisamanalee said... @ජීවිතේමල් said...
    ස්තුතියි ප්‍රතිචාර වලට..
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  4. නැව ගිලුනත් බෑන් චූන් කියල හිටියහම ඉවරයි නේද?

    ReplyDelete
  5. කිව්වත් වගේ අසුන්දර දේවල් නොතිබුනා නම් සුන්දර දේවල් වල සුන්දරත්වය දැනෙයි ද . . ?

    ReplyDelete
  6. @හසිත ජයසූරිය said...
    ඒකත් නරක නෑ. හික්ස්

    දුකා said...
    මම හිතන්නෙ නම් කවදාවත් දැනෙන්නෙ නෑ.. කියලයි..

    @හසිත ජයසූරිය said... @දුකා said...
    ස්තුතියි ප්‍රතිචාර වලට..
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  7. @madhushika kaushalya said...
    ස්තුතියි ප්‍රතිචාරයට
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  8. සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද

    අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද

    හරිහැටි හඳුනාගත නොහැක

    සහතික ඇත්ත කතාවක්...ලස්සන කවියක්...

    ReplyDelete
  9. @තාරා
    ස්තුතියි පැමිණ ප්‍රතචාර දැක්වුවාට...

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails