Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, August 5, 2012

ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

දවසින් වැඩි කාලයක් ගෙවෙන්නෙ සල්ලි එක්ක. ඒ අතරෙ විවිධාකාර මුහුණු මුනගැහෙනවා. විවිධාකාර මුහුනු කීවෙ ඒ මුහුනු වලින් පෙනෙන හැඟීම් විවිධාකාර ස්වරූප ගන්න නිසයි.

ඉතින් ඒ අය තමන්ගෙ මුදල් විවිධාකාරයට වියදම් කරමින් තමන්ගෙ ජීවිතේ ගෙනියනවා.

නමුත් අපි දකින දෙයක් තියෙනවා සමහරු මුදල් සෙවීම තමන්ගෙ ජීවිතේම වගේ හිතාන මුදල් උපයනඑක ගැන විතරක්ම හිතාන ජීවත් වෙනවා.

මට හිතෙන විදියටනම් අපිට මුදල් අවශ්‍යයි. ඒ ජීවත් වෙන්න. අපේ ජීවිතේ ගත කරන්න අවශ්‍යතා ඉටුකරගන්න. අපි කොච්චර මුදල් එක්රැස් කලත් වැඩක් නෑ ඒවා වියදම් කරන්න අවස්තාවක් නැත්නම්. පැහැදිලිව කියනවානම් අපිට ජීවිතේ විඳින්න අවස්තාවක් ලැබෙන්නෙ නැතිනම් අපි අතේ තියෙන මුදල්වලින් කිසිම වැඩක් නැතිව යනවා. අපිට ගෙවල්දොරවල් යාන වාහන කොච්චර තිබුනත් ජීවිතේ සතුට කියන්නෙ ඒ භෞතික දේවල් විතරක්ම නොවන බව තේරුම් ගන්නකන් මුදල් පසුපස හඹායන ජීවිත වලට සැබෑ සතුටක් සැනසුමක් ලැබෙන්නෙ නෑ.

මුදල් හොයන්නෙ ජීවත්වෙන්න මිසක් ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

Tuesday, July 3, 2012

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?

රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.
අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...

හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..
හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..
ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..
උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා..
තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..


ඉස්සර හවස හතරහමාර පහ විතර වෙද්දි ගෙදර ආව මම දැන් ගෙදර එන්නෙ සතියකට වතාවක්.
සතියෙ දවස් පහක් නිවසින් පිට නවාතැනක..
දැන් නවාතැනට යද්දි හවස හත පහුවෙනවා. ඒ වුනාට ඒ නවාතැන්පල තියෙන්නේ රැකියාව කරනතැන ඉඳලා මීටර 500ක්වත් නැති දුරකින්..
කෙනෙක් හිතාවි අපි වැඩිපුර වැඩ කලාම අතිකාල ගෙවනවා නේද කියලාත්..
ඒක ඇත්ත. අපිට අතිකාල ගෙවනවා. මාසෙ පඩිපතට සමාන මුදලක් වුනත් අතිකාල වලින් හොයන්න පුලුවනි..

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?
අපි සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න නේද? ඒ වුනත් සල්ලි කොච්චර හෙව්වත් වැඩක් වේවිද මේ වගේ නිදහසක් නැති ජීවිතයක් ගතකරලා.. ගොඩක් උත්සාහ කරලා හැමදේම සතුටින් විඳගන්න කරපු උත්සාහයන් තව තවත් නිදහස නැතිවෙන තැනට පත් කරලා.



Saturday, January 14, 2012

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..

ජීවිතයක් අදුරින් එළියට ගන්න උදව් කරන එකත්
ජීවිතයට මාර්ගය විවෘත කරලා දෙන එකත්
හොඳ පින්කමක්...

ඒ පින්කම හැමෝටම කරන්නත් බෑ.. ඒ වුනත් උවමනාව තියෙනවානම් ඕනැම කෙනෙකුට කරන්න බැරිකමකුත් නෑ..

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..
එතැන තියෙන්නෙ නොලැබීම මිසක් වෙන මොකක්ද?

අයාලේගිය , හීන ලෝකයේ සැරිසරමින් තිබුනු ජීවිතය
නිසිමඟට යොමු කරවනඑකත් කරන්න පුලුවන් වෙන්නෙ එහෙමත් කෙනෙකුටයි..

ඒ වෙනුවෙන් ඉවසීම කොතරම් උවමනා වේවිද?
ඒ වගේම අවබෝධය..?

අනෙකාට ගරුකරන්නත් ඇහුම්කන්දෙන්නත් ඒ වගේම තමන්ගෙ වැරදි අඩුපාඩු නිහතමානිව අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න පුලුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටයි
ඒ අය කොතරම් සාර්ථකත්වයක් අත් කරගන්නවාද කාලයත් සමඟම

කතාවක් තියෙනවානෙ පවට පින් දෙන්න බෑ කියලත්..

Wednesday, January 4, 2012

හීන දකිමින් සිටි ලෝකය ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

හීනෙන් දකින්නෙ
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

Related Posts with Thumbnails