Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, September 24, 2011

මට බැරිවුනානෙ BMICH යන්න. ඒත් ඉතින් පොත්නම් ගත්තා..


මට ඊසිරියාවේ බෑ අනික් අය BMICH ගිහින් පොත්ගත්තා කියද්දි... අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් ජොබ් එක කරලා එකතුකරපු මුදලින් කොළඔ  ඇවිත් පොත් ප්‍රදර්ශනෙන් පොත් ගන්න හිතද්දි මේ සති අන්ත දෙකේම වැඩ කරන්න වුනා. ඉරිදා කොළඔ එන්න බෑ කියලා හිතුනා ඒ නිසා.මොකද සඳුදා කියන්නෙ අපේ කාර්යබහුලම දවස. උදේ 8ට වාඩිවුනාම වතුරඑකක් බොන්න නැගිටින්න වෙන්නෙත් 12.30 පහුවෙලා. ඒ නිසා මම ඉරිදා හවස විවේකයට වෙන්කරලා තියෙන්නෙ.

මම ඉතින් පොත් ගන්න කියලා කොළඔ එනඑක වෙනුවට දවල් වැඩ ඇරිලා නුවර පොත්කඩේකට ගොඩවුනා. අතේ තිබුන මුදලින් බාගයක් ටාගට් කරලා පොත් ගත්තා තවත් පොත්කඩේකට ගොඩවෙන්න හිතලා. ඒත් බලද්දි 20% ඩිස්කවුන්ට් දීලා මගේ බිලට. ඒ නිසා තවත් මුදලක් ඉතිරි වුනා. නමුත් පොත් ටික ගත්තා වගේ නෙවි. ගෙදර ගේන්නත් ඕන නිසා තවත් පොත් හොයන එක කල්දාලා ගෙදර ආවා.

මේ තියෙන්නෙ ගත්තු පොත්වලින් මට ඉතිරිවුනු පොත් ටික. අනික්වා දැනටමත් කියවන්න කියලා නංගි අරන්ගිහින්..

මම මේ වතාවෙ දැකපු දෙයක් තමයි පහුගිය අවුරුදුවල සාහිත්‍යමාසය වෙනුවෙන් ඉතා විශාල වශයෙන් පොත් තොග නොතිබුනු පොත් කඩවල මේ වතාවෙ ගොඩක් අලුත් පොත්, ඒ වගේම පහුගිය අවුරුද්දෙ කොළඹින් විතරක් ගන්න තිබුනු පොත් පවා විශාල වශයෙන් ගෙන්වලා තිබුන බව.(මට මතකයි ගිය අවුරුද්දෙ සමහර කතුවරුන්ගෙ පොත් එකක්වත් නුවරදි හොයාගන්න තිබුනෙ නෑ) ඒ වගේම බොහෝවිට වට්ටම් සහිතව (20%-30%)  පොත් ගන්න අවස්ථාව ලැබේවි මේ මාසය අවසන් වෙනතුරු

මේ දවස්වල ගොඩක් දෙනා කතාබහ කරන්නෙ බුක්ෆෙයා ගැන. ඒත් ඉතින් සමහරුන්ට ඒ වෙනුවෙන්ම කොළඔ එන්න බැරිව දුක්වෙනවා ඇති. ඒත් ඉතින් එහෙම දුක්වෙවී ලබන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නවාට වඩා හොඳයි නේද තමන්ඉන්න ප්‍රදේශයේ තියෙන ප්‍රධාන නගරවල පිහිටලා තියෙන පොත් කඩේකට ගොඩවැදෙන එක.

Tuesday, September 20, 2011

දෛවය ද ? උත්සාහය ද?

මේ මාසෙ.. මම හිතුවෙ මගේ ජීවිතේ සතුටුදායකම මාසෙ වේවි කියලායි. මොකද මාසෙ සතුටු වෙන්න කාරණා කීපයක්ම සමඟින් තමයි ආරම්භ වුනේ..

ඒ වුනාට දිගින්දිගටම සිද්ධවුනේ නොහිතපු නොපතපු දේවල්. හැම දවසක්ම අරඔන්නෙ අද දවස මට ඉතා සාර්ථකව සතුටින් ගතකරන්න ලැබෙනවා කියලා හිතාගෙනයි. ඒ වුනාට දැන් හැම දවසක්ම ගෙවෙන්නෙ සතුට කියන දේ දකින්නවත් නැතිව.

වෙලාවකට හිතෙනවා පව්-පින් කියන දේ ඇත්තක් කියලා. මම  දෛවය කියන දේ විශ්වාස කරන්නේම නෑ පොඩ්ඩක්වත් ඒ වගේම වැරදිලාවත්. ඒ වුනත් මට දැන් හිතෙනවා මම පහුගිය ආත්මවල මොනවාහරි දරුණු පවක් කරලා තියෙනවා ඒ පව දැන් ගෙවනවා කියලා. ඒත් ඉතින් මම හැමදාම හිතාන ඉන්නෙ නම් අපි දෛවය කියලා හිතාන අදහන දේ බොරුවක් එය උත්සාහයෙන් වෙනස්කරගන්න පුලුවන් දෙයක් කියලායි. ඒ නිසා මම හිතනවා දවසක මට මගේ දෛවය පරාද කරන්න පුලුවන් වේවි කියලා මගේ උත්සාහය මගින්.

බලමු..
ජීවිතේ සමහර  අවස්ථා එනවා අපිව අධෛර්යමත් වෙන. ඒවායින් අධෛර්යමත් නොවී ජීවිතය ජයගතයුතුබව සිහියේ තබාගෙන වැඩකටයුතු කරලා ජීවිතය ජයගන්න, උත්සාහය සහාය වේවි , මට..

Sunday, September 18, 2011

දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

දවසම ගෙදරටම වෙලා හිටියට අද දවසේ කරපු වැඩකටයුතු ප්‍රමාණයනම් හරිම සීමාසහිතයි වගේ.  රෙදි හෝදලා කාමරේ අස්පස් කරලා දමලා දවල් වෙද්දි නාලා පැය 3 විතර නිදාගත්තා. නැගිටලා සති2ක් තුලදි සබ්මිට් කරන්න තිබුනු පැවරුම් 3ක් ඉවර කරා පැය5 විතර මහන්සි වෙලා. ඒත් ඉතින් හෙට හවස් වෙද්දි සබ්මිට් කරන්න තිබුනු එවා. හෙට හවස ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැති නිසා අද සබ්මිට් කරලා දැම්මා..

එක අතකට ගුගල් කියන්නෙ දෙවි කෙනෙක් වගේ.. අපි පැවරුම් කරන්නෙ ගුගල් දෙයියාගේ උදව් ඇතුවනේ.. සමහරවිට ගුගල් නොතිබුනානම් අපි වෙනත් සර්ච්එන්ජින් එකකට දෙවියා කියාවි. ඒත් ඉතින් ගුගල් තියෙනවානෙ..

මට නම් හිතෙන්නෙ මම ගුගල් මත රඳාපවතිනවා වැඩියි කියලා. එහෙම කියලා ගුගල්ගෙන් ඈත්වෙන්නයැ. දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා.. ඒත් ඉතින් ...

කාලෙකට පස්සෙ නිවාඩු දවසක ගෙදරඉන්න පුලුවන් වුනා...
ඒත් ඒ අවස්ථාව ලැබුනෙ මාස ගණනාවකට පස්සෙ කියලායි මට හිතෙන්නෙ..

මගේ කාමරේ අන්තිම වතාවට අතුගෑවෙ කවද්ද? මතක නෑ නෙ.. ඒත් මේ ළඟදි දවසක ගෙදර කවුරුහරි මගේ කාමරේ පිළිවෙලක් කරලා අතුගාලා තිබුනා මතකයි. සමහරවිට නංගි වෙන්ටැ. මොකද මගේ කාමරේ අපිලිවෙලයි කියලා බැන බැන හිටියානෙව දවස්ගානක්.. එක අතකට නංගිකෙනෙක් ඉන්නඑකත් වාසනාවක්. මොකද බැනලා බැනලා බැරිම තැන කාමරේ මකුලුදැල් කඩලා සුද්දකරලා දානවානෙ.. ඉස්කෝලෙ යනකාලෙ මගේ ඇඳුම් හෝදගත්තෙ මම මයි. දැන් ඒකටවත් වෙලාවක් නෑ. රෙදි ටික හෝදලා වේලුනාම කාමරේට ගෙනත් දාන්නෙත් ගෙදර අයමයි. එකඅතකට ගෙදරම ඉඳලා වැඩට යනඑකත් වාසිදායකයි වගේ..


නංගිගෙන් උදව්නම් ගොඩක් ලැබෙනවා..

ඒත් ඉතින් සමහරවෙලාවට කියන දේවල් ඇහුනම මට පිස්සුවගේ..
හැමදාම මේ විදියට මගේ ගැන හොයන්න බෑ ලු. ඉක්මනටම ගෙදරට කෙනෙක්ව ගේන්නලු.. කොහොම කරන්නද ඒක. මම කැමති කෙනා මට කැමති නෑ.. මට කැමති අයට මම කැමති නෑ...

කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා.. ඒත් ඉතින් ඔලුව අවුල් වෙලා ඉන්නකොට ඔලුව නිදහස් කරගන්න කියලා ජංජාලෙට ඇවිත් පැයගනන් ගතකරලා අන්තිම මොහොතේ පැවරුම්ටික සබ්මිට් කරනවා..
ජොබ්එකක් එක්ක අධ්‍යාපනකටයුතු කරනඑක ... වෙලාවකට සතුටක්. ඒ වුනාට වෙලාවකට නීරසයි.. මේ සතිඅන්තෙ සෙනසුරාදා වැඩට ගියා. relief විදියට. ඉතින් ඊයෙ පන්ති ගියේ නෑ. අද පන්තියට යන්න බෑ කියලා හිතුනා. මේ සෙමෙස්ටරේ පටන් ගද්දි හිතුවෙනම් පන්ති එකක්වත් මඟහරින් නෑ කියලා. ඒත් ඉතින් උදේවරුවෙ විතරක් තියෙන පන්තිය වෙනුවෙන් පාන්දර නැගිටලා කොළඹ යන්න හිතේවියැ. පැය3ක් බස් එකේ ගිහින් පැය 3ක් පන්ති ඉඳලා පැය 3ක් බස්එකේ එන්න.. නිකන් පිස්සුවගේ.. එත් ඉතින් තව අවුරුද්දක් නෙ මේ කට්ට කන්න වෙන්නෙ. රස්සාව දමලාගහලා යන්නත් බෑ. ඒ වුනාට ඩිග්‍රිය නවත්තන්නත් බෑ..

Monday, September 12, 2011

දවසක් එනවා ඒ අයට අපෙන් වෙන්වෙලා යන්න සිදුවෙන


ඉපදුනු දා පටන් නොයෙක් අවස්ථාවල දී නොයෙකුත් විදියෙ අය අපි අතරට එනවා විවිධාකාර විදියට විවිධාකාර කාරණාවලට. ඒ අතරින් කීපදෙනෙක් අපේ සමීපතමයින් විදියට අපේ දුකසැප බෙදා හදාගෙන අපිත් එක්කම ඉන්නවා. නමුත් දවසක් එනවා ඒ අයට අපෙන් වෙන්වෙලා යන්න සිදුවෙන. මම කීවෙ මරණය ගැන නෙවි. මරණයට කලින් වුනත් සමහරු අපෙන් ඈත්වෙලා දුරට යනවා. ඒ අතර අපේ හිතගත්තු, අපි ගරුකරන අය වුනත් ඉන්න පුලුවනි. එහෙම වෙලාවට අපිට දැනෙන්නෙ දුකක් වුනත් ඒ වෙන්වීම සමහරවිට අපි දෙගොල්ලන්ටම හොඳක් වෙන්න පුලුවනි.(නරකක් වෙන්නත් පුලුවනි).

ඒ අතරම අපි අකැමති අයත් එක්ක එකතුවෙන්න සිදුවුනොත්?

අපිට පුලුවනි 100%ක් හෝ අඩුවෙන් සෘණාත්මකව ඒ සිදුවීම් දකින්න. ඒ වගේම 100% ධනාත්මකව වුනත් ඒ සිදුවීම් දකින්න පුලුවනි. නමුත් ඒ සිදුවීම් 50%-50% සෘණ-ධන මිශ්‍රකරලා දකින්න පුලුවනිනම් එය සමහරවිට අපේ ජීවිතවලට ආලෝකයක් ගෙනේවි. 100% ධනාත්මක වීමත් 100% සෘණාත්මක වීමත් දෙකම අහිතකරයි

 

Wednesday, September 7, 2011

why people fall in love?

people fall in love because they need to find the lost part of their life to succeed their life.life will be unsuccessful and unhappy without that part. it bring them the happiness and the sadness as well. but, love will help them to defeat the every obstacle in their life.

people fall in love with someone because they can't love everyone in the world because they feel that they are comfortable with the person who loves to, than they are with others who doesn't love to+helps to defeat every obstacle in life with the COURAGE that it gives.. (love helps to forget every sorrow of the life.)

this is the hardest question in life because fall in love doesn't depends on the beauty, wealth or anything that the other person has.
Related Posts with Thumbnails