කාලෙකට පස්සෙ නිවාඩු දවසක ගෙදරඉන්න පුලුවන් වුනා...
ඒත් ඒ අවස්ථාව ලැබුනෙ මාස ගණනාවකට පස්සෙ කියලායි මට හිතෙන්නෙ..
මගේ කාමරේ අන්තිම වතාවට අතුගෑවෙ කවද්ද? මතක නෑ නෙ.. ඒත් මේ ළඟදි දවසක ගෙදර කවුරුහරි මගේ කාමරේ පිළිවෙලක් කරලා අතුගාලා තිබුනා මතකයි. සමහරවිට නංගි වෙන්ටැ. මොකද මගේ කාමරේ අපිලිවෙලයි කියලා බැන බැන හිටියානෙව දවස්ගානක්.. එක අතකට නංගිකෙනෙක් ඉන්නඑකත් වාසනාවක්. මොකද බැනලා බැනලා බැරිම තැන කාමරේ මකුලුදැල් කඩලා සුද්දකරලා දානවානෙ.. ඉස්කෝලෙ යනකාලෙ මගේ ඇඳුම් හෝදගත්තෙ මම මයි. දැන් ඒකටවත් වෙලාවක් නෑ. රෙදි ටික හෝදලා වේලුනාම කාමරේට ගෙනත් දාන්නෙත් ගෙදර අයමයි. එකඅතකට ගෙදරම ඉඳලා වැඩට යනඑකත් වාසිදායකයි වගේ..
නංගිගෙන් උදව්නම් ගොඩක් ලැබෙනවා..
ඒත් ඉතින් සමහරවෙලාවට කියන දේවල් ඇහුනම මට පිස්සුවගේ..
හැමදාම මේ විදියට මගේ ගැන හොයන්න බෑ ලු. ඉක්මනටම ගෙදරට කෙනෙක්ව ගේන්නලු.. කොහොම කරන්නද ඒක. මම කැමති කෙනා මට කැමති නෑ.. මට කැමති අයට මම කැමති නෑ...
කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා.. ඒත් ඉතින් ඔලුව අවුල් වෙලා ඉන්නකොට ඔලුව නිදහස් කරගන්න කියලා ජංජාලෙට ඇවිත් පැයගනන් ගතකරලා අන්තිම මොහොතේ පැවරුම්ටික සබ්මිට් කරනවා..
ජොබ්එකක් එක්ක අධ්‍යාපනකටයුතු කරනඑක ... වෙලාවකට සතුටක්. ඒ වුනාට වෙලාවකට නීරසයි.. මේ සතිඅන්තෙ සෙනසුරාදා වැඩට ගියා. relief විදියට. ඉතින් ඊයෙ පන්ති ගියේ නෑ. අද පන්තියට යන්න බෑ කියලා හිතුනා. මේ සෙමෙස්ටරේ පටන් ගද්දි හිතුවෙනම් පන්ති එකක්වත් මඟහරින් නෑ කියලා. ඒත් ඉතින් උදේවරුවෙ විතරක් තියෙන පන්තිය වෙනුවෙන් පාන්දර නැගිටලා කොළඹ යන්න හිතේවියැ. පැය3ක් බස් එකේ ගිහින් පැය 3ක් පන්ති ඉඳලා පැය 3ක් බස්එකේ එන්න.. නිකන් පිස්සුවගේ.. එත් ඉතින් තව අවුරුද්දක් නෙ මේ කට්ට කන්න වෙන්නෙ. රස්සාව දමලාගහලා යන්නත් බෑ. ඒ වුනාට ඩිග්‍රිය නවත්තන්නත් බෑ..

ඉගන ගන්න එක නම් නවත්තන්න එපා.කවදාහරි ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteඉගෙනීම නවත්තන්න එපා... අල්ලට සිඟ වත් රස නැති කැවිලි කකා කියන්නේ.... හික් හික්
ReplyDeleteමාත් ඉගෙන ගන්න එක නම් නවත්තන්නේ නෑ. කොහොමහරි තව දුරට ඉගෙන ගන්නවා.
ReplyDeleteහොස්ටල් එකේ කාමරේ නම් පිලිවෙලට තියා ගත්තට ගෙදර කාමරේ නම් පිස්සාගේ පලා මල්ල වගේ.
ජීවිතේ කියන ප්‍රෙහෙලිකාව විසදගන්න මේ ජිවිතකාලෙම බැරිවෙයි මචන්.මොනව කලත් ඉගෙන ගැනිල්ල අතාරින්න එපා.
ReplyDelete