Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, July 6, 2013

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන...


මගේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් කිසිවක පිටුපස සුදුපැහැ තීරුවේ මගේ අත්සන යොදන්න මම උනන්දු වුනේ නෑ මෙච්චර කාලයකට. නමුත් අද දවසේ සිදු කරපු මිලදී ගැනීමකදි මම කාඩ්පත ඉදිරිපත් කළාම එම කාඩ්පතේ අත්සන නැති බැවින් කාඩ්පත මත මගේ අත්සන යොදන ලෙස කවුන්ටරයේ මුදල් අයකැමිවරිය ඉල්ලා සිටියා. එම අවස්ථාවේ කාඩ්පත මත අත්සන යෙදීමට මම ප්‍රතික්ෂේප කළා මගේ කාඩ්පතේ මගේ අත්සන තහවුරු කිරීමේ අයිතිය තියෙන්නෙ බැංකුවට වන නිසා. 

නමුත් එම අවස්ථාවේ මට කල්පනා නොවුනු දෙයක් පසුව කල්පනාවට ආවා. කිසියම් කෙනෙකුගේ කාඩ්පතක අත්සන යොදා නොමැති විට වෙළඳසැලේ දී එම කාඩ්පත පාවිච්චි කළේ නියම හිමිකරුම දැයි තහවුරු කරගන්න මුදල් අයකැමිට තිබෙන අවස්ථාව මඟහැරෙනවා. එවිට එතැනදී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුලුවනි. නමුත් මුදල් අයකැමි විසින් කාඩ්පත මත අත්සන යෙදීමට පැවසීමෙන් කිසියම් විටෙක කවුරුන් හෝ තම නිවසේ හෝ වෙනත් අයෙකුගේ කාඩ්පතක් මත තම අත්සන තැබීම සිදු කළ විටක නියම හිමිකරුට තමන්ගේ කාඩ්පත පාවිච්චි කිරීමේ අවස්ථාව නැතිවෙන්න පුලුවනි. 

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් පාවිච්චි කරන බොහෝදෙනෙක් ඒ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරන්න පෙළඹෙනවා නිරායාසයෙන්ම. නමුත් බොහෝවිට මේ කාඩ්පත් බොහොමයක පාවිච්චි කරන්නා අත්සන යොදලා නෑ. මේකට හේතුවන්නේ බැංකුවෙන් එම කාඩ්පත් නිකුත් කරන වෙලාවෙදි ගිනුම් හිමියාගේ අත්සන ඒ කාඩ්පත මතට නොගැනීමයි. නමුත් මේ වෙද්දි අපි බොහෝවිට නිකුත් කරන කාඩ්පත් වල පිටුපසට කාඩ්පත් හිමියාගේ අත්සන අනිවාර්යෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා.
මේ විදියට අත්සන් ගැනීමෙන්  කාඩ්පත හිමි අයට පමණක් එය සුපිරි වෙළඳසැල් ආදී POS යන්ත්‍ර සහිත ස්ථාන වලදී පාවිච්චි කරන්නට ඉඩ ලැබෙන අතර වෙනත් අයෙක් එම කාඩ්පත පාවිච්චි කිරීම වැලකෙනවා. නමුත් බොහෝ වෙළඳසැල් වලදී කාඩ්පත් මගින් කරන ගෙවීම් සඳහා කාඩ්පතේ අත්සන හා රිසිට් පතේ අත්සන සසඳා බැලීමක් කරන්නේ නැහැ. මම මෙතරම් කාලයක් ගත වෙලත් අද දිනයේ තමයි අත්සන සසඳා බැලීමකට මුහුණ දුන්නෙත්.


එබැවින් තමන්ගේ කාඩ්පත මත තමන්ගේ අත්සන යෙදීමට ත් තමන්ගේ කාඩ්පත වෙනත් අයෙකුට නොදීමට ත් වගබලා ගැනීම හැම අතින්ම වැඩදායී වෙන්න පුලුවනි.ඒ වගේම දැනට බොහොමයක් බැංකු තමන්ගේ ගනුදෙනු කරුවන්ට ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියේදී FREE SMS ALERT පහසුකම මගින් ගනුදෙනුව පිළිබඳව එම මොහොතේම දැනුම් දෙන්න කටයුතු කරනවා.
Related Posts with Thumbnails