Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, August 29, 2011

මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.

විභාගෙ ලියලා ගෙදරට වෙලා හිටපු කාලෙ හිතුවෙ හැමදාම ගෙදරට වෙලා ඉන්න එක නිදහස් වගේම විනෝදජනකයි කියලා.

ඒත් දැන්..

සතියේ දවස් පහම  උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදියට ගත වෙනවා.

සති අන්තය... අනික් දවස් වලටත් වඩා අවිවේකීයි.

නිවාඩුවක් පෙනෙන තෙක් මානෙක නෑ.
අහම්බෙන් ලැබුන නිවාඩුවෙත් ඉතින් ගෙදර ඉන්න නෑ.

එක අතකට , නිවාඩු දවසට ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනවා.

මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

Friday, August 26, 2011

මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න.

සීයා කොහෙද මේ යන්නෙ?
මම මේ ටවුමට යනවා.
ඒත් ඉතින් මෙච්චර රෑ වෙලා ටවුමට යන්නෙ ඇයි?
මට හිතුනා ටවුමට ගිහින් කාලකන්නියෙක් වෙන්න.
මොකක්? කාලකන්නියෙක් වෙන්න?
ඔව් මහත්තයෝ.. මම මේ ටවුමපැත්තෙ ගිහින් කාලකන්නියෙක් වෙන්න කියලා.
ටවුමට ගියාම කොහොමද සීයෙ කාලකන්නියෙක් වෙන්නෙ?
ඇයි මහත්තයෝ. මම ටවුමට ගිහින් කාලක් ගන්නවා. ඒ කාල ක්‍රියා කරලා කාලකන්නියෙක් වෙනවා. අතේ සල්ලි ටිකක් වැඩිපුර තිබුනානම් මට භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්න තිබුනා.
ඒ කොහොමද භාග්‍යවතෙක් හරි බෝධිසත්වයෙක් හරි වෙන්නෙ?
කාලක් ක්රියා කරන්නෙ නැතිව බාගයක් ක්‍රියා කරාම භාග්‍යවතෙක් වෙනවා. ඒ බාගෙ මදි කියලා බෝතලයක් ක්‍රියා කරාම බෝධිසත්වයෙක් වෙනවා. ඒත් ඉතින් මං කොහොමද එච්චරදෙයක් කරන්නෙ. ඒ නිසා මම ගිහින් කාලකන්නි වෙනවා.

(මෙය අසල්වැසියකු සමඟ සැබෑවටම සිදුවුන සංවාදයක් වන අතර මෙම සංවාදය මගින් කිසිවකුට, යම්කිසි දේකට හානි කිරීමේ අදහසක් නැති බවත් බාගය හෝ කාල වෙනුවෙන් වක්‍රාකාර ප්‍රචාරණයක් හෝ හෙළාදැකීමක් සිදු නොකළබව සලකන්න.)

Wednesday, August 24, 2011

it's hard to do studies while doing a job.

it's hard to do studies while doing a job. We have to do assignments, discussion forums and quizzes as well. so, no time to do studies till the exam comes in front of us.

but, I have done it before as well. no worries then. just doing it. I know,finally,  I could reach to the destination which I needed to reach.

there's no success without any effort.. there should be a target to succeed in life..

Friday, August 12, 2011

don't beg for the love if she/he don't care about you

don't use facebook to say that you are falling love on someone. and don't beg for the love if she/he don't care about you. let her to go. take time and find a one who cares you. I know, it's easy to say and hard to do. but, you must.

Wednesday, August 10, 2011

උඹ වෙලාව බල බල හිටපන්.. යකෝ දැන් ලව් කරන් නැතිව අපි වගේ නාකි වුනාම ද ලව් කරන්නෙ?

දැන් ඉතින් කෙල්ලෙක් එහෙම ඉන්නවද?

තවම නෑ සර්

දැන් නැතිනම් ආයෙ කොයි කාලෙද හොයාගන්නෙ?

අනේ මන්දා සර්. ඔන්න ඔහෙ තව ටික කාලයක් ඉන්නවා.

ඇයි එහෙම කියන්නෙ. අපිට කියන්න අපි උදව් කරන්නම් 

හදිසියක් නෑ. පස්සෙ බලමු.

මේ කොල්ලගේ තාත්තට උවමනාවකුත් නෑ මුට කෙල්ලෙක් හොයලා දෙන්න. මුට උවමනාවකුත් නෑ කෙල්ලෙක් හොයාගන්න

ඒ කිව්වෙ තාත්තටත් කීවද මට කෙල්ලෙක් හොයලා දෙන්න කියලා?

එදා තාත්තා මෙහෙ ආපු වෙලාවෙ ඇහුවා. තාත්තා කියනවා තව ටික කාලයක් හිටපුදෙන් කියලා. උඔත් එකයි තාත්තත් එකයි

හිහි.

ඒක නෙවි. දැන් බලපන් උඔට වයස කීයද කියලා. තව අවුරුදු 2,3 යද්දි උඹේ යාලුවො කසාද බැඳලා ළමයිත් නලවන්න ගනී.

වයසට යන එ නම් ඉතින් නවත්තන්න කපුලුවනෑ.

ඒක තමයි කියන්නෙ. තව ටික කාලෙකින් කසාද බඳින්න හොයාගන්න වෙන්නෙ එක්කො දික්කසාද වුන ගෑනියෙක්. එහෙම නැතිනම් ගෑනියක් වුනු කෙල්ලෙක්.

හරි ෂෝක් නෙ.

ඔව්. හරි ෂෝක් තමයි. මොකද අනුන්ගෙ ළමයි චාච්චේ කියද්දි. දැන්ම හොයාගනින් කෙල්ලෙක්. අපි හොයලා දෙන්නම් එහෙම නැතිනම්. කියන්න මෙතන ඉන්න අයගෙන් කවුද හොඳ?

එපා සර්. මෙතනින් නම් කොහොමත් එපා

මෙතන ඉන්න අය නම් දැන් එල්ලිලා ඉන්නෙ. අන්තිමයත් දැන් මාසයක් විතර වෙනවා සෙට් වෙලා. අපරාදෙ මාසයක් විතර කලින් ට්‍රයි කරන්න තිබුනා.

හිදිසි වෙලා බෑ සර් මේ වගේ දේවල් වලට. අනික වෙලාවකුත් නෑ මේ දවස්වල.

හරි බං. යාලු වුනාට දැන්ම බඳින්නෙ නෑනෙ. අවුරුද්දක් දෙකක් ලව් කරලා කසාද බැඳපන්. කොයි විදිහෙ කෙනෙක්ද හොයන්නෙ? ජොබ් එකක් කරන කෙනෙක්ද? ගෙදර ඉන්න කෙනෙක්ද? 
කියන ඕනම විදියක කෙනෙක් හොයලා දෙන්නම්. හිතේ කෙනෙක් ඉන්නවනම් කියනවා. කැමති කරලා දෙන්නම්.

වෙලාව ආවම කෙනෙක් හම්බවේවි නෙ සර්.

කෙහෙල්මල් වෙලාව. උඹ වෙලාව බල බල හිටපන්.. යකෝ  දැන් ලව් කරන් නැතිව අපි වගේ නාකි වුනාම ද ලව් කරන්නෙ?

Thursday, August 4, 2011

thank you for calling sri lanka telecom call center.

thank you for calling sri lanka telecom call center. I'll add a reminder for your complain sir..

so funny.
just complain.
then call them everyday to add reminders till the work get done.
Related Posts with Thumbnails