Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, October 4, 2014

විධාන තීරුව

මුල් ඇඳුමින් ඉන්නවා දැක්කම
හිතට දුකක් දැනුනා

කලුපාට ඇඳුම
ලස්සන මදි නිසා
පාට පාට ඇඳුමක් ඇන්දුවා

ඔබ ඒ ඇඳුම එක්ක
කෙතරම් සුන්දර වුවත්
ඔබේ බලය අඩුවෙලා වගෙයි

ඒ නිසයි දැනටත්
ලෝකේ සමහරු
මුල් ඇඳුමින් ඉන්න
ඔබව සොයන්නෙ....

පින්තූරෙ ගත්තෙ  http://www.libregeek.org/wp-content/uploads/2014/02/Cool-Linux-Command-Wallpaper.jpg


Sunday, September 7, 2014

අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තෙ මේ... කොළ පාට බල්බ් රතුපාට වෙනවා..

එහෙම තමයි පුතේ මේ දොරවල් කරන්ට් එකෙන් වැඩ කරන එවානේ

දරුවා විනාඩි 5ක් පමණ දොරේ බොත්තම ඔබමින් දොර ඉබේ ඇරෙන වැහෙන ආකාරය බලමින් විනෝද විය. එක්වරම එතැනට ආසන්න අසුනක සිටි අයෙක් පැමිණ දොර වැසීම වළක්වන බොත්තම ඔබා ගියේය. 

තාත්තේ අර බට්න් එක ඔබන්නකො.

ඇයි පුතේ ? 

ලයිට් පත්තු වෙන්  නෑ.

ඔතන බට්න් එක ඔබලා බලන්නකො

ඒක එබුවට වැඩක් නෑ. අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තා දොර නවතන ස්විචය ක්‍රියා විරහිත කරන ලද අතර දරුවා නැවතත් සෙල්ලම පටන් ගත්තේය.

කලින් දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයා මෙය දුටු අතර නැවත පැමිණ දොර ක්‍රියා විරහිත කරන ලදි

මේ දුටු දරුවා "තාත්තෙ බලන්නකො" 

පොඩ්ඩක් ඉන්න පුතේ.

දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයාට මෙය ඇසුණි

මහත්තයා. පොඩි දරුවට කියලා දෙන්න මේවා තියෙන්නෙ සෙල්ලම් කරන්න නෙවි කියලා.

ඇයි පොඩිඑකෙක් සෙල්ලම් කළාම මොකද වෙන්නෙ? 

මහත්තයා. මේවා තව ගොඩක් කල් පාවිච්චි කරන්න තියෙන දේවල්. අද හෙට කඩලා දාන්න තියෙන ඒවා නෙවෙයි.

තමන්ගෙ වැඩක් බලාගෙන යනවද යන්න.

මම මගේ වැඩක් බලාගන්නම්. ඒ වුනාට පොදු දේපල විනාශ වෙනවා බලන් ඉන්න මට බෑ.

තමුසෙ හිතන් ඉන්නෙ මේවා ගොඩක් කල් තියේවි කියලද? ඕනනම් මාස 6ක් තියේවි මේ දොරේ ස්විච්. ඊළඟ මාස 6 වෙද්දි මේ දොරවල් සේරම ඇරලා ඒසී ගලවලා දුවයි සීටීබී බස්වල වගේ.

එහෙම වෙන්නෙ ඒවා පරිස්සම් නොකර මේ විදියට විනාශ කරන අය නිසා තමයි. පොඩි දරුවන්ට වුනත් කියලා දෙන්න මේවා පරිස්සම් කරන්න.

මේ අතර දරුවා අඬන්න විය.

බලනවා තමුසෙ දරුවා බය කරා. 

දරුවා බය වුනාද නැද්ද දන් නෑ මහත්තයා. ඒ වුනාට මහත්තයා මේ ට්‍රේන් එකට නැංගෙ සීට් එකක වාඩි වෙලා යන්න ටිකට් අරන් නේද? දොරේ යන්න ඕන නම් වෙන එකක යන්න තිබුනානෙ මේකෙ නෑවිත්. බලන්න ඔයා ඔතන දොර ඇරගෙන යනවා. දරුවා අනික් දොරෙන් සෙල්ලම් කරනවා. මිනිස්සු ඒසී වලටත් සල්ලි ගෙවාගෙන දාඩිය දාගෙන යන්න ඕන. 

මේ අතර දුම්රිය නඩත්තු අංශයේ අයෙකු පැමිණියේය. සිද්ධිය පිළිබඳව පරික්ෂා කළ ඔහු පාපුවරුව අසළ දොර අගුලු දමා එතැන සිටි අයට තමන් වෙන්කළ ආසන වෙත යන ලෙස උපදෙස් දී එතැන තිබුණු අකුළන ආසනයක වාඩි විය. 

පොදු දේපල ආරක්ෂා කරන්න මිනිස් ආකල්ප වෙනසක් අත්‍යාවශ්‍ය වන අතර එසේ නොවුනොත් පොදුදේපල රැකීමට සේවකයන් රැසක් යෙදිය යුතු වනු ඇත.

පෙති නැතිව කැරකෙන විදුලි පංකා ආවරණ දැක ඇතැයි  සිතමි. 
පින්තූරෙ ගත්තෙ https://c1.staticflickr.com/5/4103/5047734124_64849ab097.jpg




Saturday, September 6, 2014

ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

ආ එන්න මහත්තයා. හැමදාම නෑ හැමතැනම නෑ. එන්න නෝනා. ඕන එකක් 300යි.
බලන්න මහත්තයා ඕන එකක් 300යි. තෝරලා ගන්න. හෙට නෑ අද විතරයි.

මල්ලි මේ ෂර්ට් එකේ ක්‍රීම් පාට එක නැද්ද? 

සොරි මහත්තයා ක්‍රීම් පාට නම් නෑ. කහපාට එකක් තියෙනවා දෙන්නද?

මම හෙව්වෙ ක්‍රීම් පාට එකක්. 

ඉතින් මහත්තයා කහපාට මොකක්ද ක්‍රීම් පාට මොකක්ද? දෙකම පොඩ්ඩනේ වෙනස් වෙන්නෙ.

ඒත් මට ඕන පාට නැත්නම් වැඩක් නෑනෙ.

බලන්න මහත්තයා. වෙන ලස්සන පාට තියෙනවා. රතු පාට, කොළ පාට, නිල් පාට.. එන්න නෝනා. ඕන එකක් 300යි. හෙට නෑ අද විතරයි.

හරි බලමුකො තෝරලා. මේකෙ වෙන සයිස් නැද්ද? 

තියෙනවා මහත්තයා. ඒත් මහත්තයාට හරියන්නෙ මේ සයිස් තමයි. ලස්සනට තියේවි. ෆිටෝන් කරලා බලන්න. 

මේක පොඩ්ඩක් හිරයි වගේනෙ. මීට ටිකක් ලොකු එකක් තියෙයිද?

හ්ම්ම්. සයිස් නම් තියෙනවා මහත්තයා. එත්  එක්ස්.එල් සයිස් එක 400ක් වෙනවා. පොඩ්ඩක් ඉන්න. ආ...මේ තියනේනෙ.

එතකොට ඕන එකක් 300යි කීවෙ. 

ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

එහෙනම් එපා.

ඇයි මහත්තයා මේක මහත්තයාට හොඳට මැච් වෙනවනෙ.

ඒ වුනාට එපා. මං යන්නම්.

මොනවද මහත්තයා කරන්නෙ. ගන් නැත්තන් පාඩුවෙ යන්න තිබුණනෙ අපේ බිස්නස් පාඩු නොකර. බලන්න කෑලි 5ක් විකුණගන්න තිබුණු වෙලාව අපරාදෙ. සේරම ඇදලා දාලා එපා කියලා යනවා.

Monday, September 1, 2014

Sorry Friends for the inconvenience caused by word verification.

I activated the word verification and stopped anonymous comments because I found my site is getting flooded by spammers. 

sorry for the inconvenience

Saturday, August 30, 2014

උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය.

මොකද්ද බං උඹේ ෆෝන් එක. අල්ලලා විසි කරලා දාපං

අැයි මචං?

ඇයි තමයි තොට මම කීපාරක් කෝල් කරාද ඊයෙ හවස. එකක්වත් ආන්සර් කළේ නෑ තෝ. 

හරි බං මම දැක්කා මිස් කෝල් තියෙනවා.

මම තොට මිස්කෝල් ගැහුවෙ නෑ යකෝ. උවමනාවකට කෝල් කළාම උඹ මිස්කෝල් ගණන් කරපිය.

ඇයි බං මම උඹට එස්එම්එස් කළානෙ මම දොස්තරළඟට ආවා දතක් ගලවන්න කියලා.

තෝ දන් නැද්ද මම මැසේජ් බලන් නෑ කියලා. ඊට පස්සෙවත් ගනිනන්කො කෝල් එකක්. 

ඉතිං බං දතක් ගැලෙව්වම කොහොමද කතා කරන්නෙ?

ඇයි උඹ මෙච්චර කාලයක් ගලවපු දතින් ද කතා කළේ?

නෑ බං. ගලවපු දත තිබුනු තැනින් පුලුං කෑල්ලක් තියලා දොස්තර කීවා එ්ක හපාගෙන ඉන්න කියලා ටික වෙලාවක් යනකන්.

යකෝ ටික වෙලාව කියන්නෙ දැන් බලපන් 10ටත් කිට්ටුයි. තෝ මෙච්චර වෙලා පුලුං හප හප හිටියද? කියපංකො උඹේ ඔය දොස්තර කොහෙද ඉන්නෙ කියලා මටත් දැනගන්න.

ඩොකා කීවෙ නෑ බං උදේ වෙනකන් පුලුං හපා ගන්න.

කොහෙන්ද උඹ දත ගැලෙව්වෙ. චැනල් සෙන්ටර් ගිහින්ද?

දතක් ගලවන්න චැනල් සෙන්ටර් යනවද බං. ගෙවල් ළඟ ඩෙන්ටල් එකකට ගියෙ. 

උඹේ කුණුකමනෙ. තොට ක්ලේම් කරන්නත් පුලුවන් නේද? යන්ට එපැයි ඩොක්ට ******** ගාවට අපොයින්මන්ට් එකක් දාගෙන.

ඇයි බං ඒ ඩොක්ට දත් ගලවන්නෙ අමුතු ක්‍රමේකටද?

නෑ බං. ඌ ප්‍රසිද්ධයි නෙ. අනික නියම මීටරේ.

හරි බං. ඌ ප්‍රසිද්ධයි කියලා මම අපොයින්මන්ට් දාගෙන පෝලිමේ වාඩිවෙලා ඉඳලා දත ගලවගෙන, ක්ලේම් කරන්න ලොකු බිලක් අරන් ගෙදර එන්න ඕනි.

තොට ඉතිං කියලා බෑ නෙ. එහෙම නෙවෙයි බං ඌට එච්චර වෙලා යන්නෙ නෑ දතක් ගලවන්න. 

ඔව් ඉතින්. අපොයින්මන්ට් එකටයි දත ගලවන්නයි තව අනම්මමනම් වලටයි අතින් ගෙවාගෙන දත ගලවගන්න අපේ මිනිස්සු පෝලිමේ යනවනෙ. ඉතින් උෟ නියමට දත ගලවනවා.

හරි දැන් උඹ ගිය තැන දත ගලවන්න උඹ පෝලිමේ හිටියෙම නෑ. 

හිටිය බං. පැය බාගයක් විතර. ඒ වුනාට ඒ ඩොකා එච්චර ලොකු බිලක් දාන්නෙත් නෑ. අපොයිමන්ට් ඕනෙත් නෑ. එන කෙනා එක්ක හොඳට කතා කරනවා. උඹේ මීටර් ඩොක්ට වචන දහයක් කතා කරනවද ලෙඩා එක්ක? තොපි නමක් පස්සෙ දුවනවා සල්ලි ගෙවාගෙන. යකෝ අපිට තියෙන ප්‍රශ්නෙ අහලා තේරුම් ගන්න තැනකින් වැඩේ කරගන්න පුරුදු වෙයන්. සල්ලි ගෙවාගෙන මැෂින් එකක් පස්සෙ යන්නෙ නැතිව.

පලි- දොස්තර හැඳින්වීමට ඩොකා /ඌ යන වදන් භාවිත කළේ මේ සැබෑ සිදුවීමක් නිසාත් දොසතර මහත්තයා යන වදන අප පාවිච්චි කරනුයේ දොස්තර ඉදිරිපිටදී පමණක් නිසාත්ය. 

Saturday, May 3, 2014

Configuring flashtool on Linux to root/install custom roms on Sony/SonyEricsson Android phone

This is the easy simple guide to Configuring flashtool on Linux to root/install custom roms on Sony/SonyEricsson Android phone. Using the windows version of Flashtool is easy but, Linux fans can't find a Windows PC to get the work done.

First of all download the Linux version of Flash tool from Flashtool website.
http://www.flashtool.net

Then ensure that you have libusb-1.0 is installed. 64bits system needs the both  64bit and 32bit. If you don't have it, simply download it using the package manager of your distribution version. 

Now type this command the configure some USB settings for Flashing interface 
Settings are saved inside /etc/udev/rules

create new file for settings using terminal/command line as root (sudo/su followed by password for root)
cp /etc/udev/rules.d/70-persistent-net.rules /etc/udev/rules.d/80-persistent-usb.rules

then open the file by
vi /etc/udev/rules.d/80-persistent-usb.rules

paste the following lines to the file.
SUBSYSTEM=="usb", ACTION=="add", SYSFS{idVendor}=="0fce", SYSFS{idProduct}=="*", MODE="0777"

save the file and close it.


then go to the place where you saved the extracted Flashtool-xxxxxx.tar.7z by using 
#cd <place_where_extracted_files_saved> 
Run the program using 
#./FlashTool

wait until "Cloning devices from github project" or any other waiting window closes.




Saturday, April 19, 2014

ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ.

අලුත් අවුරුද්දට ගෙදරට ආපු අසල්වැසියොත් එක්ක කතා කරකර ඉද්දි

අසල්වැසි ඇන්ටි- කොහෙද මේ පැත්තෙ උදේට හයියෙන් බණ දානව ඇහෙන්න?
මම- ඒ ඇන්ටි මේ කන්ද උඩ තියෙන පන්සලකින්නෙ.
ඇන්ටි-ඉස්සර මේ පැත්තෙ පන්සලක් තිබුන් නෑ නෙ.
මම- දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පන්සල හදලා . කැම්පස් එකේ ලෙක්චර්ස් කරන හාමුදුරුනමක් ඉන්න පන්සලක්.
ඇන්ටි- අපේ ගෙවල් පැත්තටත් හරිම හයියෙන් ඇහෙනවා.
මම- හිහි. කන්ද මුදුනෙ වගේනෙ පන්සල තියෙන්නෙ. ඔයාල ඉන්නෙ එහා පැත්තෙ කන්ද මුදුනෙනෙ.
ඇන්ටි-ඉස්සරනම් උදේට විතරයි ඇහුනෙ. ඒ වුනාට දැන් හවසටත් පිරිත් දානවා.
මම-ඒ ගමේ අය ඉල්ලීමක් කරාම බෝධි පූජා තියනවානෙ.
ඇන්ටි- ඒ වුනාට කනක් ඇහිලා ඉන්න නෑනෙ. උදේ හවස හයියෙන් පිරිත් දානකොට එපා වෙනවනෙ.
මම- අනේ ඇන්ටි. ඔයාලා රේඩියෝඑකේ බණ යද්දි හයියෙන් දාගෙන අහනඑකේ  පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහන්නකො.

පලි- බෞද්ධ යැයි කියා ගන්නා ගොඩක් දෙනා නමට බෞද්ධ වන අතර එම බෞද්ධ බව උප්පැන්නයටත් සමාජයේ කැපී පෙනීමටත් පාවිච්චි කරන්නේය. බුදුදහම රැකීමට මෙවන් පොෂ් අයගෙන් සිදුවන සේවයක් නැත්තේය. සිදු වන්නේ තමනුත් අගාධයට යමින් අන් අයත් ඒ වෙත  ඇද ගැනීමයි. අයෙක් තමන් අදහන ආගම දහමට අනුව ජීවත් වේ නම් ඒ  මානසික රෝගියෙකු ලෙස ද හඳුන්වන්නේය.


Sunday, April 13, 2014

හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්.

අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයය. ඒ තියෙන වාහනේ අරන් ගියොත් නවත්තන්න තැනක් නැති නිසාය. එක අතකින් ඒ ක්‍රමය හොඳය. 

තදබදය අස්සේ පැය ගණන් ඉන්නවාට වඩා පයින් යන එකත් හොඳය කියා සිතෙන්නේ පයින් ගියත් පැයට කිලෝමීටර 5ක්වත් යන්න පුලුවන්කොට බස්එකක් පිටකොටුවේ ඉඳන් දෙමටගොඩ හරියට එන්න පැයකට වැඩි කාලයක් ගතවන විටය. ඉස්සර ඔහොම නැතිය. හයිවේ හදන්න කලින් අපි සිකුරාදා හවස 4න් පස්සේ 7 වෙනකන් මොන බස් එකේ ආවත් බස් එක පිටකොටුවෙන් පිටත් වෙලා පැය 3 1/2 ඇතුළත ගෙදරය. ඒත් දැන් අපි පිටකොටුවෙන් කැළණියට එන්නේත් පැය 1 1/2 විතර තදබදේ ඉඳලාය.

තදබදේට විවිධාකාර හේතු ඇත්තේය. ප්‍රධානම කරුණ අතුරුමාර්ග වැඩි වීමය. අතුරු මාර්ග හදන්නේ තදබදය අඩු කිරීමට කියාය. නමුත් එයින් වෙන්නේ තදබදය තවත් වැඩි වීම මිස අඩු වීමක් නොවන්නේය. අතුරු මාර්ග තිබුණාම ඒ මාර්ගයෙන් එන වාහන නිතරම ප්‍රධාන මාර්ගයට ඇතුල් වන්නේය. ඉතින් ප්‍රධාන මාර්ගය තදබද වන්නේය. මෙවන් බොහෝ තැන් වල ආලෝක සංඥාා  නැත්තේය. ඒ මදිවාට පොලිසියද නැත්තේය.පොලිසිය සිටියද ඉන්නේ ලයිට් එළියට අනුව වාහන හසුරුවන්න ලයිට් කණුව ළඟ මිසක් ලයිට් එකක් නැති තැනක නොවන්නේය. ඉතින් අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහන ඇතුල් කිරීම නොකඩවාම සිදුවෙනවිට ප්‍රධාන පාරේ වාහන තදබදය වැඩි වන්නේය. කිරිබත්ගොඩ මීට හොඳම උදාහරණයය.

දිනක් කොළඹදී පාර මාරු වෙන්න ඉන්නා විට සංඥාා කණුවේ වාහන වලට කොළ එළිය දැල්වී තිබුණු අතර පදිකයින්ට රතු එළිය දැල්වී තිබුණි. පාරේ වාහන නැති නිසා කෙනෙක් පාර මාරු වන්නට පාරට බැස්සේය. එතැන සිටි රාළහාමි ඔහුව නවත්තා ගත්තේය. ලයිට් එකේ රතු තියෙන්නේ කියා පදිකයින්ගේ සංඥාා කණුව පෙන්වීය. අප දන්නේ සංඥාා කණුවක් ළඟ පොලිස් නිළධාරියකු සිටි විට ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නීතිය බවත් ආලෝක සංඥාා නොතකා නියෝග දීමට ඔහුට හැකි බවත්ය. ඉතින් පාරේ වාහන නැත්නම් පාර මාරු වීමට පදිකයින්ට අවස්ථාව නොදී ආලෝක සංඥාා වලටම පදිකයින් හා  වාහන හසුරුවන්න පොලිස් නිළධාරින් යොදා ඔවුන්ට වැටුප් ගෙවිය යුතුද? කහඉර දෙපැත්තේම විශාල මිනිසුන් ගණනක් එකතු වූ විට පාර මාරු වීමෙන් දෙපැත්තේම අය එකට ගැටෙන්නේය.


පාර තදබද වුනාම පාරේ විරුද්ධ පැත්තට යන වාහනවලට වෙන් කරපු තීරුවේ වාහන යන්නේ ඉස්සරහින් තමන් දෙසට එන වාහන නැති බව සිතාය. ඒත් වාහනයක් එනවග පෙනුනාම තමන් යන පැත්තට තියෙන තදබදයට රිංගන්න දඟලන්නේය. එක්වරම ඇතුල් වූවොත් හොඳය. බැරි වුනොත් දෙපැත්තටම යන වාහන තදබද වන්නේය. එක වාහනයක් යනවිට තවත් වාහන පෝලිමක් ඒ විදියට යන නිසා තදබදය වැඩි වීම අනිවාර්යය. මේකට විසඳුමක් විදියට පිටරටවල හයිවේ වල වාහන වැඩිපුර යන පැත්තට  වැඩි ඉඩක් ලබා දෙන්නට පාර වෙන් කරන්න මැද තියෙන කොන්ක්‍රීට් වෙනස් කිරීමේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ය. හරියට කළොත් මෝටර් සයිකලයක්වත් ලේන් පන්නලා රිංගවන්න බැරිය. වාහන වැඩියෙන් යන පැත්තට අමතර මංතීරුවක් ලබාදෙන්නත් පුලුවන්ය.


 




මේ මොනවා තිබුනත් වැඩක් නැතිය. හෝන් ගසාන තදබදය අස්සේ රිංගවන වාහන නැති විය යුතුය. වරක් කඩවතදී කලු වීදුරු ඇති ජිප් රථයක් හෝන් ගසමින් මා ගිය බසයට  ඉස්සර කරන්නට ආවත් රියදුරා ඒක ගනන් ගත්තේ නැත්තේය. ඉන් පස්සේ ටික වේලාවකින් පොලිස් මොටර් සයිකලයක පිටුපස වාඩි වුනු නිළධාරියා අත් වනමින් වාහන අයින් කරමින් ඉඩ ලබා දුන්නේ කලින් හෝන් ගැසූ ජිප් රථයට බව අඳුනා ගත්තේ ඒ ජිප් එකේ නොම්මරය වැඩිමුදලක් ගෙවා තෝරාගත් එකක් නිසා ලේසියෙන් මතක තියෙන නිසාය. පොලීසිය ට්‍රැෆික් අඩු කරන්නේ එසේය. ඇම්බියුලන්ස් එකක් හෝ ගිණි නිවන රථයක් ආවානම් මේ තරම් දුකක්+තරහක් ඇති නොවන්නේය. 


Friday, April 4, 2014

සිතට, හැඟීම් වලට වහල් වී සැපත සතුට සොයා ජනප්‍රිය වීම.

රටේ විවිධාකාර අය සිටින්නෝය. සමහරු ප්‍රසිද්ධය. සමහරු ජනප්‍රිය ය. තවත් සමහරු ජනප්‍රිය හා ප්‍රසිද්ධය. නමුත් ඒ හැම දෙනා වෙනුවෙන්ම ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන පාවිච්චි කරන ආකාරයේ වරදක් දක්නට ලැබෙන්නේය. 

මේ වරද බොහෝවිටම කරන්නේ ජනමාධ්‍යවේදියාය. ඒ කිසියම් නලුවකු නිළියක හඳුන්වා දෙන විට වැඩිපුරම කියන්නේ ජනප්‍රිය තරුව කියාය. එතැනට සුදුසුම වචනය එය වන අවස්ථාද ඇත. ඒ වගේම නොගැලපෙන අවස්ථාද බොහොමයකි. 

කලාකරුවා හෝ යමෙකු ප්‍රසිද්ධ වීම නිරායාසයෙන්ම සිදු වන්නේය. ඒ ඔහුගේ ඇයගේ නම කියවෙන දකින වාර ගණනට අනුලෝමවය. නමුත් ජනප්‍රිය වීම එලෙස නොවන්නේය. ජනප්‍රිය බව උපයාගත යුතු දෙයකි. එය නිරායාසයෙන් ලබා ගත නොහැකි වන්නේ එය යමෙකුගේ කියාකාරකම් වල හොඳ නරක මත රඳා පවතින්නක් වන බැවිනි. යමෙකු වැරදි එමෙන්ම සමාජ විරෝධී වැඩ කළද ප්‍රසිද්ධ විය හැකි වන්නේය. නමුත් ජනප්‍රිය නොවනේය. 

දරු පවුල් අනාථ කර කුඩා දරුදැරියන්ගේ අනාගතය අඳුරු කර වෙනත් අය කසාද බැඳි අය හඳුන්වන්නට ජනප්‍රිය යන  වදනට වඩා ප්‍රසිද්ධ යන වදන ඉතා සුදුසුයැයි මට සිතෙනුයේ මා උගෙන ඇති මට්මට ඒ අය කරනු ලබනුයේ සිතට/හැඟීම් වලට වහල් වී තවකෙකුගේ ජීවිතය අඳුරට ඇද දමමින් තම සැපත සතුට සෙවීම වන බැවිනි. නොගැලපෙන අය වෙන්වූවාට කාරි නැත්තේය. ඒ අය ගැලපෙනවායැයි සිතන අය සමඟ එක් වූවාටද කම් නැත. පවුල් දෙකක් විනාශ කරනවාට වඩා එය හොඳය. නමුත් තමන් වෙනුවෙන් කැපවූ අය ත් තමන්ගේ ලෙයින් උපන් දරුවනුත් අතරමංකර දමා සැප විඳින්නේ කෙසේදැයි ගැටලුවකි.

Wednesday, April 2, 2014

ප්‍රයිවට් බස් කර්මාන්තෙ නඟා සිටුවන්න නම් සීටීබී හෙමින් යන්නෙපැයි

ඉස්සර අපි බස් වල නුවර යද්දි ගතවෙන කාලය අඩු කරගන්න ප්‍රයිවට් බස් එකක අපිට ළඟම ප්‍රධාන බස් නැවතුමට ගිහින් එතැනින් සීටීබී හෝ දුර ගමන් බස් එකක නැංගා ප්‍රයිවට් බස් පැය 1 1/2 වගේ කාලයක් ගම්පොල ඉඳන් නුවර යන්න ගත්තු නිසා. ඒ දවස් වල ඒ රූට් එකේම ගිය සීටීබී බස් පාරෙ ගියේ හරියට සීමිත නැවතුම බස් වගේ. සෙනඟ පටව ගන්න නැවැත්තුවේ එක්ස්ප්‍රස් හෝල්ට් වල විතරයි. ඉතින් ඒ දවස්වල අපි හිතාන හිටියේ සීටීබී ඩ්‍රයිවර්ලට බස් එක දෙන්නෙ ටර්න් එක වේගෙන් යන්න මිසක් මිනිස්සු ප්‍රවාහනය කරන්න නොවෙයි කියලා. ඒකටත් එක්ක ප්‍රයිවට් බස්, මිනිස්සු ලෑස්ති වෙලා  ගෙදර දොරවල් වහගෙන එනකම් නවත්තන් ඉඳීවි. 

ඒත් දැන් මාස කීපයක ඉඳන් ප්‍රයිවට් බස් විනාඩි 55ට අඩුවෙන් ටර්න් එක ඉවර කරන නිසා ඉස්සර සෙනඟ ගොඩක් ගියපු දුරගමන් බස් වලත් එච්චර සෙනඟ නෑ. ඉක්මනට යන නිසා මිනිස්සු ප්‍රයිවට් වල නගිනවා. නමුත් ඉස්සර නුවර ගම්පොල අතර ටවුන් දෙක බලන්න (මිනිස්සු පටවන් නැතිව) බස් පදවපු සීටීබී ඩ්‍රයිවර්ලා මේ වෙද්දි ඉස්සර හිටපු ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වගේ හෙමින් යන්න පටන් අරන්. ඒ අයට විනාඩි 55 ට යන්න එපා කියලා ඇති. මොකද සීටීබී එක උදව් කරන්න එපැයි පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවන්න. 

අපිට කොළඔදි දකින්න ලැබෙන විදියට ප්‍රයිවට් බස් 30ට විතර සීටීබී බස් එකක් දකින්න ලැබේවි මේ විදියට සීටීබි බස් ගියොත්. මොකද අපි කැමති නෑ නෙ ඉක්මනින් යන්න පුලුවන් කම තියෙද්දි හෝල්ට් ගානෙ රස්තියාදු වෙන්න. (ප්‍රයිවට් බස් වලයි සීටීබී බස් වලයි කාර්ය මණ්ඩල මාරු වෙලා ද දන් නෑ.)

අන්තිමට සෙනඟ නැති නිසා බස් දුවන් නැති වේවි. බස් නැති නිසා සෙනඟ නැති වේවි.

පලි- පුරුද්දක් වශයෙන් වගේම සීසන් පාවිච්චි කරපු අපේ යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් ප්‍රයිවට් බස් වල ට වඩා සීටීබී වල යන්න උත්සාහ කලාට අපි සීසන් අරන් බස් එකේ යන්න ඉද්දි නවත්තන් නැතිව ගියපු බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි අපි දැක්කම බෙල් එක ගහලා බස් එක අද්දවපු කොන්දොස්තර කෙනෙක් හරි හිටියොත් ඒ සීටීබි බස් එක කකුල් දෙක ගාවට ඇවිත් නැවැත්තුවත් නඟින් නැති ප්‍රතිපත්තිය තවමත් එහෙමයි.

Saturday, March 29, 2014

දුක නැතිව ෂොපිං කරන්න, ඒ ගමන් පෝලිමේ තැනත් පරිස්සම් කරගන්න

සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.

අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව සමයක් කියන්නේ බැංකුවල වැඩ කරන අපට වැඩ වැඩිම කාලයක් ය. ඒ මුදල් සමග කටයුතු කරන අපට ගණුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා වෙනුවෙන් වෙනදාට වැටුප් දිනවල වෙහෙස වෙනවාට වඩා වෙහෙස විය යුතු වන නිසාය. 

බැංකු තුල විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් දක්නට ලැබෙන අතර බැංකුවෙන් පිටත ඒටීඑම් යන්ත්‍ර අසලද දිගු පෝලිම්ය. එකම යන්ත්‍රයට දවසට කීප වතාවක් මුදල් යොදන අවස්ථාද තිබෙන්නේය. ඒ තරමට මුදල් ගැනීම් වැඩිය.  ඒ නිසා බොහෝ බැංකු වෙනදාට වඩා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් තමන්ගේ ගණුදෙනුකරුවන්ට තම මිලදී ගැනීම් සඳහා තමන්ගේ ඒටීඑම් ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරන්නැයි දැනුම් දෙන්නේ හැමගේම පහසුවටය.

බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට පෝලිමේ සිට ලබා ගන්නා මුදල් රැගෙන ගොස් සාප්පු සවාරි කර බැංකුවෙන් ගත් මුදල් වලින් බිල්පතේ මුදල් ගෙවීමට ත් පෝලිමේ සිටීමට වඩා පහසු ක්‍රම දැන් තිබෙන නිසාය. බිල්පතේ මුදල් ගෙවීමේදී මාරු සල්ලි ප්‍රශ්නය පැන නැඟීමත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනවශ්‍ය වන්නේය. (මුදල් ගොඩක් ගෙනියන අයට 5000 කොළ රැගෙන යා හැකිය.එවිට ආරක්ෂා කළ යුතු මුදල් නෝට්ටු ගණන අඩුය. එක කොළයක් නැතිවූ විට පාඩුව වැඩිය.) 

බිලේ වටිනාකම 5000 න් හරියටම බෙදෙන ගුණාකාරයක් වෙන්නේ කලාතුරකිනි. එනිසා ඉතිරි මුදල් දෙන්නට වෙන්නේ පොඩි සල්ලි වලිනි. කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් 5ක් දෙන්න පුලුවන්ද 55ක් දෙන්න පුලුවන්ද කියා අසනවිට ෂොපින් කරන කෙනාට තරහා යයි. ඉතින් සෙනඟ මැද්දේ අර කවුන්ටරේ කෙනාට බණින්නේය . නැතිනම් මාස ගාණක් සුද්ද නොකළ තමන්ගේ බෑග් එක නැතිනම් පොකැට්ටුව ඇර අඩිය එළියට හරවා මාරු සල්ලි හොයන්නේය. සාප්පු වල සෙනඟ ගැවසෙන වෙලාවක් නිසා තව කීපදෙනෙකුගේ බිල්පත් වල වෙලාව අපතේය. ඉතින් කාඩ් එකෙන් ගෙවන්න කියා ඇඩ් දාන්නේත් කාඩ් එකෙන් ගෙවද්දී වට්ටම් දෙන්නේත් ඒ නිසාය. ඒ අන්තිම රුපියල දක්වාම ඉක්මනින්ම කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නිසාය.
වැඩ කරන තැනට පොඩ්ඩක් මාකටිං පාරක් දෙන්න එපැයි.



සමහර ගණු දෙනු කරුවන්ට තමන්ගේ කාඩ් එකෙන් දවසට ගන්න පුලුවන් 40000 යි 50000 යි කියලා හිතේවි. ඒ නිසා සල්ලි බැංකුවෙන් අරන් යන්න ඕනෑ යයි කියාවි. නමුත් එක බිලකට රුපියල් 30000ට වඩා වියදම් කරන්නේ එහෙමත් කෙනෙකි. ඒ අයට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් තිබෙන අතර දෛනික ගණුදෙනු සීමාව 40000ට බෙහෙවින් වැඩිය. ඒ නිසා ෂොපිං කරන්ද්දී කාඩ් එකෙන් ගෙවු විට වියදම ඉලක්කම් වලින් විතරක් දකින නිසා කීයක් වියදම් වුනාදැයි නොදැනේ. ඒ නිසා ඉළඟ මාසෙ කොහොම ජීවත් වුනත් දුකක් නැතිව ෂොපිං කළ හැක. ගිණුමේ මෙච්චර තිබුනා කියලා හිතෙන්නේ වියදම අඩු කර ගන්න නොව වියදම සාධාරණීකරණය කිරීමටත් ගෙවිය හැකි බව තහවුරු කර ගැනීමටත්ය. සාක්කුවට පාඩුවක් නැත.රෙදි සාප්පුවටත් පාඩුවක් නැත. අද කාලා එපැයි හෙට කන්න. 
ඉස්සුවේ www.boc.lk

පලි- ෂොපිං කරද්දී පොකැට්ටුව පරිස්සම් කරනා තරම් සැලකිල්ලෙන් කවුන්ටරේ අසළ පෝලිමේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. අද මම ෂොපිං කරත්දී මට කලින් සිටි අයගේ බිල දමන තුරු කවුන්ටරේට ඇතිල්ලෙමින් සිටීම හරි නැතැයි සිතා අඩියක විතර ඉඩක් තබාගෙන සිටියෙමි. එක්වරම දෙදෙනෙක් මට ඉස්සරහින් හිටගෙන "එහා පැත්තෙ පෝලිමට ගියේ නැත්තෙ හොඳ වෙලාවට" යි කතා වෙනු ඇසුණි. අනික් කෙනා කීවේ "එතැන හිටියනම් ගොඩක් වෙලා යාවි"  කියාය. මම ඒ මිස්ලා දෙන්නාට කතා කර "මිස් ඉක්මනට යන්න පුලුවනි. ඒත් පිළිවෙලක් තියෙනවා" කී විට "පෝලිමක් තිබුණද. සොරි අපි දැක්කේ නෑනෙ" යි කියා මට මගේ තැන ලබා දීමට තරම් කාරුණික විය.

Saturday, March 22, 2014

වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය

අද මව්බිම කියවීමි. දැන් බාප්පලා අලුත් වැඩකට අත ගසා ඇත්තේය. එනම් තවත් පාර්ට් ටයිම් ජොබ් කට්ටකි. රෑට පාරේ යන වාහනවල මූණට එන වාහන වලට හෙඩ් ලයිට් ඩිම් නොකරන මාතලීලාට රුපියල් 2500ක් දඩ ගැසීමට පටන් ගන්නේය. 

ඇත්තය . හෙඩ් ලයිට් එක මූණට වැදුනාම ඇස් නිලංකාර වන්නේය. මූණට එන වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය. ඒ ලයිසොම ගන්නා දවසේ මූණට වාහනයක් ආවොත් විතරය. ඒත් දවල් ලයිසොම ගත්තු අපට ලයිට් පත්තු කරන්න කීවේ නැතිය. ඉතින් ඉස්සරහින් වාහන ආවද නැතද අපේ ගමන අපි යන්නේ අපේ පාඩුවේ , හෙඩ් ලයිට් එකෙන්මය. අපට වැඩක් නැතිය.

ඉස්සරහින් එන වාහනේ හෙඩ් එක දැම්මද ඩිම් එක දැම්මද බස් වගේ ලොකු වාහන වල මාතලීලාට  කමක් නැත. ඒ මාතලීගේ ආසනය ඉහලට වන්නට ඇති නිසාය . ඒත් ඒ මාතලීලා හොඳය.  ඉස්සරහින් එන මාතලී ගැන අනුකම්පාව ඇත්තේය. හෙඩ් එක ඩිම් කරන්නේය. 

නමුත් උසින් අඩු වාහන වල මාතලීලාට හෙඩ් ලයිට්ටුව මාරකයක්ය. ඒත් ඩිම් නොකර යන්නේද ඔවුන්මය. මූණට එන වාහනේ හෙඩ් එක තිබුනද ඩිම් එක තිබුනද වගේ වගක් නැත. තමන්ගේ හෙඩ් එක ද  ඩිම් නොකරන්නෝය. 

තවත් මාතලීලා තොරණ වගේ බලුප් පත්තු කරපු වාහන එලවන්නෝය. එයාලා ඩිම් නොව හෙඩ් එක පත්තු නොකර හිටියත් ඉස්සරහ මාතලීගේ ඇස් නිලංකාර වන්නේය. ඒ අර තොරණේ බලුප් එලිය හෙඩ් එකටත් වඩා වැඩි නිසාය. 

සමහර විටෙක මමද මාතලී වන්නේය. කලුවරේ ද ගමන් කරන්නේය. ඉස්සරහින් වාහන ඒ නම් ඩිම් කරන්නේය. ඒ මූණට එන මාතලීගේ ඇස් නිලංකාර වන්නේ යැයි අනුකම්පාවට නොව ඒ මාතලී ඩිම් නොකළොත් මගේ ඇස් නිලංකාර වෙන නිසාය. ඒත් මං ගැන අනුකම්පාව ඇති  මාතලී  ලයිට් ඩිම් කරන්නේය. ඩිම් නොකළා කියා මම තරහ නොවන්නේය. ඒ නිසා පාර පැහැදිලිව දකින්න උවමනා නිසා මම ද හෙඩ් එක දල්වන්නේය. මට සලකන විදියටම මම ද සලකන්නේමය. 


Thursday, March 20, 2014

මිනිස්සු 239ට වටිනාකම කොච්චරද? අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි

හිතන්න පුලුවන් නේද පැහැරගැනීමක් කළානම් ඒක කරපු කණ්ඩායම සතියක් තිස්සෙ හැංගිලා ඉඳීවිද ගුවන් යානෙ මගීන් ප්‍රාණ ඇපයට තියාගත්බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකර. අනතුරක් වුනානම් සතියක් තිස්සෙ කිසිම ආරංචියක් නොලැබෙන්නත් හේතුවක් නෑ. මොකද යානය 100%ක්ම ගිලෙන්න විදියක් නෑ කිසිම කැබැල්ලක් පා නොවී (අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි -ඉතින් වතුරට උඩින් ගමන් කරපු දෙයක් අනතුරට පත් වෙද්දි මොකක් හෝ කැබැල්ලක් ජලය මතුපිටට එන්න ඕන).

 
රටවල් කීයක් නම් අතුරුදන් වුනු ගුවන් යානය හොයන්න මහන්සි ගන්නවද? කී දෙනෙක්නම් ඒ ගැන හැමදාම විටින්  විට හොයනවාද? මේ ගැන කතා වෙද්දි අපේ කාර්ය මණ්ඩලේ කෙනෙක් කීවා නියම කතාවක්.

ගුවන් යානෙ අතුරුදන් කළේ කලින් කරපු සැලසුමක් අනුවයි. මොකද රුසියාව-යුක්රේනය-ක්‍රිමියාව අතර ප්‍රශ්නෙදි ඇමරිකාවට කරකියා ගන්න දෙයක් නැතිව පොඩි උන්ව බයකරන්න කතා කියමින් හිටියට කිසිම දෙයක් කරගන්න බැරි වුනා. 

තමන් කීව දේ සතේකට මායිම් නොකළ රුසියාවට ළඟින් තමන්ගෙ හමුදාව ස්ථානගත කරන්න ක්‍රමයක් නැතිව අහස පොළව ගැටලන්න කල්පනා කරපු ඇමරිකාව ගුවන් යානෙ අතුරුදන් කළා. දැන් ඒක හොයන්න අනික් රටවල් එක්ක ඇමරිකාවත් මහන්සි වෙනවා. 

දැන් ඉතින් ආසියාවෙ ගුවන්තොටුපොළවල් වරායවල් ඇමරිකාවට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවනි කිසිම ප්‍රශ්නයක් නැතිව. මොකද බොහොමයක් රටවල් තමන්ගෙ වරායවල්,ගුවන්තොටුපොලවල් නැතිවුනු ගුවන්යානෙ හොයන වැඩේට යොදාගන්න අවසර දීලායි තියෙන්නෙ. 


ඉතින්  මිනිස්සු 239ට වටිනාකම කොච්චරද?

Saturday, February 15, 2014

සැලුන් කතාවක් (ජාතිවාදී අදහසින් නොවේ)

නිවාඩු දවසේ උදේ 9.30 ට විතර ටවුමට ගියා කොන්ඩෙ කපාගන්න.උදේම ගියෙ නැත්නම් සැලුන් එකේ සෙනඟ වැඩි වුනාම ගොඩක් වෙලා ඉන්න වෙන නිසා මම සාමාන්‍යයෙන් උදේම යනවා කොන්ඩෙ කපා ගන්න.   

(පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා  උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු බව මතක නිසා තමයි 9.30ට විතර ගියෙ.)

අද 9.30ට විතර ගිහිල්ලත් සැලුන් එකේ දොර බාගෙට ඇරලා වැඩ කරන කෙනා හඳුන්කූරු ගේන්න ගිහින්. ටික වෙලාවක් ඉද්දි තව කීපදෙනෙක් එකතු වුනා කොන්ඩෙ කපා ගන්න. අතුගානකන් අපි එළියෙ. වැඩ කරන කීප දෙනෙක් හිටියත් මුලින්ම එන කෙනා ඇවිත් ගොඩක් වෙලා යනකන් අනික් අය එන් නෑ. තවත් දෙයක් අනික් කෙනා ආපු ගමන් කොන්ඩෙ කපා ගත්තු කෙනා යද්දි ඒ මුලින් ආපු වැඩ කරන කෙනා (කරණවෑමියා) යනවා තේ බොන්න. ඉතින් ඉන්න සෙනඟ ගොඩක් වෙලා ඉන්න ඕන තමන්ගෙ වාරය එනකන්. මමත් සමහර දවස් වල කොන්ඩෙ කපාගන්න කණ්නාඩිය ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉඳලා තියෙනවා අර මනුස්සයා තේ බීලා එනකන්.

ඊයෙත් වහලා තිබුන නිසා අදවත් කලින් වරෙල්ලාකො වැඩට. අපි නිවාඩු දවසට ළඟ ම ටවුමට ගිහින් කොන්ඩෙ කපා ගන්න බලන්නෙ සතියෙ දවස්වල ඉන්න ප්‍රදේශයෙ සැලුන් නැතිව නෙවි. අපි දන්නා අඳුරන ගමේ එකෙක්ගෙන් කොණ්ඩෙ කපාන ඌට සල්ලි දීලා එන්න තියෙන ඇඟේ අමාරුවට.

මම ඉතින් අද නම් එතැනින් කොණ්ඩෙ කපා නොගෙන වෙන තැනකට ගියා.  එතැන හිටියෙ දෙමළ කොල්ලෙක්. ඊයෙත් වැඩ කළාලු හවස් වෙනකන්. වීක්එන්ඩ් නැත්නම් නිවාඩු දවස් කියලා නිවාඩු ගන්නෙ නෑ ලු. සතියෙ දවස්වල කොන්ඩෙ කපන්න එන ගාන අඩු නිසා සතිය මැද නිවාඩු දැම්මත් සති අන්තෙ වැඩ කරනවාමලු.  එතැනට ගියේ හො‌ඳ වෙලාවට.  මොකද මම ගෙදර එද්දි කරන්ට් එක නෑ. ටවුමෙත් කරන්ට් නෑ කියලා මස්සිනා ඇවිත් කීවා. 

අපි කොයිතරම් සිංහල ජාතිකත්වය ගැන කතා කරත් මොන සේනා ආවත් අපේ වෙළෙඳුන්ගෙ ආකල්ප වෙනස් නොකර බිස්නස් වැඩි කරගන්නවත් වෙනත් ජාතින්ගේ වෙළඳසැල්වලින් සේවා ලබා ගන්න අයව නවත්තන්නත් අමාරුයි. මොකද වෙනත් ජාතිකයින් ඔවුන්ගේ ජාතිකයින්ගේ වෙළඳසැල් වලට යනවා වුනත් අපි ඒ විදියට සිංහල බෞද්ධ ව්‍යාපාර නංවන්න හිතාන අපේ වටිනා කාලය හා මුදල් වැය කරනවා කියන්නෙ තේරුමක් නැති දෙයක් වෙනවා අපේ  නිවාඩු දවසින් බාගයක් විතර එක වැඩක් වෙනුවෙන් ගත කරන්න වුනොත්.

මේක ලීවෙ ජාතිවාදී අදහසින් නෙවි. ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්න නොදන්නවානම් සේවා ලාභීන් වෙනත් ව්‍යාපාරිකයින් වෙත යාම නවත්තන්න බැරි බව පෙන්වන්නයි.

Saturday, February 8, 2014

මේන්ටනනස් එකට කොම්පියුටරේ කූරියර් කළෙමි

බ්‍රහස්පතින්දා  5.15 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. ඔයාලගෙ කොම්පියුටරයක් තිබුනා නේද මේන්ටනන්ස් වලට කතා කරපු. අපි කූරියර් එකේ කෙනෙක් එවන්නම් ඒ කොම්පියුටරෙ බොක්ස් එකක දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද ?

ඒක අපි බොක්ස් එකක දාලා තියෙන්නෙ. ගිය සිකුරාදානෙ අපි ඒක පැක් කරලා තිබ්බෙ.

ඒකෙ මේ ඇඩ්රස් එක ලියලාතියන්න පුලුවන්ද?

අපි ඇඩ්රස් එකත් අලවලා තියෙන්නෙ.

පොඩ්ඩක් බලන්න පුලුවන්ද මේ ඇඩ්රස් එකද තියෙන්නෙ කියලා .අංක xx , xxxx xxxx පෙදෙස, කොළඹ 5 .

හරි මම බලන්නම් . දැන්නම් මම ඉන්නෙ ඔෆිස් එකේ නෙවෙයි. මම තව පොඩ්ඩකින් බලලා කියන්නම්.
---------------------------------------------------------------------------

බ්‍රහස්පතින්දා  පස්වරු 5.35 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. පොඩ්ඩකට කලින් මම කෝල් එකක් ගත්තා කොම්පියුටරයක් ගැන.

හරි හරි. මම දැන් ඔෆිස්  එකේ ඉන්නෙ. මම බැලුවා බොක්ස් එක. ඇඩ්රස් එක අලවලා තියෙන්නෙ.

හරි මහත්තයා අපි හෙට උදේම කෙනෙක් එවන්නම් ඒක කූරියර් කරන්න.

ඕකේ . තෑන්ක්ස්. මම ගේට් පාස් එකත් හදලා තියෙන්නෙ. එන කෙනාට කියන්න අත්සන් කරලා අරන් යන්න කියලා මම නොහිටියොත්.

හොඳයි මහත්තයා. බොහොම ස්තුතියි.

_______________________________________________________


සිකුරාදා  පෙරවරු 9 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්.ඊයෙ අපි කතා කළා කොම්පියුරටයක් කූරියර් කරන්න කියලා. ඒක බොක්ස් එකකට දාලා තියන්න පුලුවන්ද?

මේ මහත්තයෝ. මම ඊයෙම කීවනෙ ඒක පැක් කරලා තියෙන්නෙ කියලා. කීපාරක් පැක් කරන්න ඕනද? ගිය සිකුරාදා ඉඳලා සීපීයූ එක පැක් කරලා බලන් ඉන්නෙ. දැන් සතියක් වෙනවා. ඊයෙත් කතා කළානෙ.

සොරි සර්. අපි කූරියර් එක එවන්නම් සීපීයූ එක ගෙනියන්න.

________________________________

මිස්ටර් xxxx මම xxxx එකෙන් කතා කරන්නෙ. ගිය සතියෙ සිකුරාදා පැක් කරපු සීපීයූ එක ගෙනියන්න තවම කූරියර් එකෙන් ආවෙ නෑනෙ. ඊයෙත් ඔයාලගෙ කොම්පැනියෙන් කතා කළා. පැක් කරලා තියෙන්නෙ කීව. අදත් කියනවා පැක් කරන්න කියලා.

ඇයි සර් තවම ගෙනිච්චෙ නැද්ද?

නෑ. දැන් සතියක් තිස්සෙ සීපීයූ එක පැක් කරලා තියෙනවා. තවම කූරියර් එක ආවෙ නෑ.

ඉතින් සර් මම ගිය සතියෙ පැක් කරලාමනෙ ගියෙ. එහෙම වෙන්න බෑනෙ. දැන් සතියක් වෙනවනෙ. මම කතා කරන්නම් මටජොබ් එක දාපුකෙනාට.

තෑන්ක්ස්. මේ මැෂින් එක අපිට ඉක්මනට හදා ගන්න ඕන.

මම කතා කරලා බලන්නම් සර්.

________________________________________
 
සිකුරාදා  පෙරවරු 10 පමණ

සර්  මම කතා කරන්නෙ xxxx එකෙන්. මේන්ටනන්ස් වලට කතා කරපු සීපීයූ එක බොක්ස් එකකට දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද අපි කූරියර් කෙනෙක් එවන්නම්.

මිස්. ඒ මැෂින් එක බොක්ස් එකකට දාලා පැක් කරලා ඇඩ්රස් එක ලියලා තියන්නෙ ගිය සිකුරාදා ඉඳලා. තව කීපාරක් කී දෙනෙක් කතා කරයිද මේක පැක් කරගන්න.

හරි සර් අපි කූරියර් කෙනෙක් එවන්නම් අද හවස් වෙන්න කලින්.

අපිට මේ මැෂින් එක හදාගන්න ඕන. නැතිනම් ඔයාලට කතා කරන්නෙ නෑනෙ. වොරන්ටි නැත්නම් මේන්ටනන්ස් නැත්නම් මොකටද  ඔයාලට අපි සල්ලි ගෙවන්නෙ. මැෂින් එක නැතිව අපිට වෙන අලාබෙ කවුද ගෙවන්නෙ.

සොරි සර් අපි ඉක්මනට ඒක හදලා එවන්නම්.
---------------------------------------------------
සිකුරාදා  පෙරවරු 11.30 පමණ
මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. අපිට පාර්සල් එකක් කූරියර් කරන්න බාර දුන්නා ....... කම්පැනි එකෙන්. ඒක පැක් කරලාද තියෙන්නෙ.

ඒක පැක් කරලා තියෙන්නෙ ගිය සිකුරාදා ඉඳලා. ඒ ගැන ඔයාලට කියන්න ඇත්තෙ අද උදේ.

ඔව් සර් අපිට අද උදේ තමයි දැනුම් දුන්නෙ. අපේ කෙනෙක් ඒවි ඒ පාර්සල් එක ගෙනියන්න. හවස ඔෆිස් එක වහුවම ආවොත් පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

හොඳයි මම බලන්නම්.

________________________________

සිකුරාදා පස්වරු 3 පමණ

මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. මම ආවෙ කූරියර් අයිටම් එක ගෙනියන්න.

හරි. ඒක අපි පැක් කරලා තියෙන්නෙ. මම නම් දැන් එලියෙ ඉන්නෙ. පොඩ්ඩක් සිකුරුටිගෙන් ඉල්ල ගන්න පුලුවන්ද?

මහත්තයට පුලුවන්ද පොඩ්ඩක් ඇවිත් පාර්සල් එක දෙන්න?

මම දැන් එලියෙ ඉන්නෙ. මම එද්දි වෙලා යාවි. ඔයා සිකුරුටිගෙන් අරන් යන්න.

එයාලා දන්නවාද දන් නෑනෙ පාර්සල් එක ගැන. මම පොඩ්ඩක් ඉන්නම් සර් එනකන්.

මම එද්දි තව පැයකට වඩා යාවි. සිකුරුටිට මම කියලා තියෙන්නෙ ගේට් පාස් එක අත්සන් කරලා අරන් යන්න.


(නම් ගම් සැඟවිය යුතු විය)

Friday, February 7, 2014

ඇංඩ්‍රොයිඩ් පෝං. මල් පැල හිටවන්න විතරයි.

මදැයි කාලෙකට පස්සෙ බ්ලොගේ පැත්තෙ ආවා. ලියන්න පටන් අරන් මාත්තුරුකාව දානකොටම පබිලිස් වෙලා.

බලපු බලපු අත අැන්ඩ්‍රොයිඩ් හරි මොකක් හරි ටච් ස්ක්‍රීන් පෝං එකක්. කන් දෙකේ ඇබ ගහාගත්තු අය එහෙ මෙහෙ යනවා. ඒත් ඉතිං කීයෙන් කීයද ඒ පෝං එකෙන් සිංදු අහනවාට පේස්බුක් යනවාට කෝල් ගන්නවාට වඩා දෙයක් කොරන්නෙ?

ඇංඩ්‍රොයිඩ් පෝං කියන්නෙ අපිට ඉතා හොඳ ගමන් සගයෙක්

පාරක් හොයා ගන්න, නැතිතිනම් පොටෝ එකක් අල්ලන්න, ජංජාලෙ කැරකෙන්න තව ගේම් ගහන්න ෆිල්ම් බලන්න කලුවරට ටෝච් එකක් ඒ විතරද කාලසටහන් දා ගන්න දිනපොත් ලියන්න ගනුදෙනු සටහන් කරන්න එකී නොකී කීයක්නම් දේ කරන්න පුලුවනිද.

ඒත් ඉතිං කලිං පාවිච්චි කරපු පෝං වගේ නෙවෙයි. හරි ඉක්මනින් බැටරි බහිනවා. ඒ නිසා මල් පැල හිටවන්න පාවිච්චි කළාට මල් කඩන්න නම් ඒ තරම් සුදුසු නෑ වගෙයි.
Related Posts with Thumbnails