Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, November 30, 2013

උත්සාහය, ප්‍රචාරණය, නිදහස හා පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවෙන් කඩේ යාම


පරිගණකය, දැන් නැතිවම බැරි මෙවලමක්. එකඟ වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. 
පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතිව පරිගණකය පාවිච්චි කරන්න පුලුවනිද? කියාවි බ්‍රව්සර් එක විතරක් පාවිච්චි කරලා ක්ලව්ඩ් පද්ධති වල දත්ත රඳවන්න නිපදවනලද නෙට්බුක් තියෙන බව. ඒ වුනාට අපි හැමෝටම පුලුවනිද ක්ලව්ඩ් මත විශ්වාසය තියාන ක්ලව්ඩ් එක්ක වැඩ කරන්න දැනට අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා එක්ක. අනික ක්ලවුඩ් සර්විස් වෙනුවෙන් අපි යම් මුදලක් මාසිකව හෝ වාර්ෂිකව ගෙවන්න වුනොත්?

වින්ඩෝස්, මැක්, ලිනක්ස් කියන්නෙ අපේ පුද්ගලික පරිගණක වෙනුවෙන් නිපදවන ලද මෙහෙයුම් පද්ධති කීපයක ප්‍රධාන නාමයන් කීපයක්. අපි අතර ඉන්න බොහෝ දෙනා කරන්නෙ තමන් කරන දේ හරිය, අනික් අය වැරදිය කියන මතය සමාජයට බලෙන් ඔබ්බවන්න උත්සාහ කරන එකයි. ඉතින් වින්ඩෝස් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , මැක් හොඳ නෑ කියලා. මැක් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , වින්ඩෝස් හොඳ නෑ කියලා. ඉතින් ලිනක්ස් තමයි හොඳ කියන්නත් කෙනෙක් ඉඳීවි. ඒ වුනාට අපි කවුරුත් හිතන් නෑ නේද මේ පද්ධති තුනම නැතිනම් අනික් එකකටවත් පැවැත්මක් නැති බව. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගත්තම බිල් ගේට්ස් විසින් තමන් විසින් කරන ලද නිර්මාණයක් ලෙස එළි දක්වන ලද එම්-එස්-ඩොස් කියන්නෙ තනිකරම තමන් විසින් නම වෙනස් කරන ලද ඩොස් පද්ධතියක් කියලා අන්තර්ජාලෙ තිබුනා මතකයි. නමුත් බිල් ගේට්ස් ගේ එම ආරම්භය නොතිබෙන්න අපි අද පුද්ගලික පරිගණක පාවිච්චි නොකරාවි. මොකද තනි පුද්ගලයෙක් ලෙස පරිගණක පාවිච්චි කරන්න පුලුවන් තත්වෙට මෙහෙයුම් පද්දතිය සුමට කරන්න උත්සාහ කරන ලද්දෙ බිල් ගේට්ස් විසින්. ඒ වගේම ඇපල් මැක් ගත්තම තනිකරම මුදල් මත යැපෙන සමාගමක්. ඔවුන් කරන්නෙ තමන්ගෙ මෘදුකාංග වෙනුවෙන් දෘඪාංගත් තමන්ම නිර්මාණය කරන එකයි. එනම් දෘඪාංග විකුනන්නෙ මෘදුකාංගත් එක්කමයි. ඒ කියන්නෙ හැම දේටම මුදල්

නමුත් බිල් ගේට්ස් මෙතැනදි සිදු කරන්නෙ තමන්ගෙ මෘදුකාංග විකුනනවා වෙනත් අයගෙ දෘඪාංග වෙනුවෙන්. ඒ නිසා විවිධ සමාගම් නිපදවන දෘඪාංග වෙනුවෙන් තම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලබනවා. ඉතිං වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විශාල වශයෙන් පාවිච්චි වෙන්න ඒකම හේතුවක් නෙවිද? 

තවත් දෙයක්, බිල් ගේට්ස් කියන්නෙ දක්ෂ වෙළඳ ප්‍රචාරකයෙක්. ඒ නිසායි ඔහු විසින් ඩොස් පද්ධතිය එම්-එස්-ඩොස් ලෙස වෙනස් කළේ. තවත් දෙයක්, වින්ඩෝස් ලබා දෙන්නෙ මුදලට වුනත් ලෝකෙ පුරා කීයක් නම් හොර කොපි පාවිච්චි වෙනවාද? වින්ඩෝස් තනිකරම මාකටිං මත යැපෙන බව අපට අවබෝධ කරවන්නෙ මුලින් තිබුන 95, 98 පද්ධති ඇක්ටිවේට් කරන්න කියලා බලපෑමක් නොවුන නිසා අපි හිතුමතේට අපගේ පරිගණක වලට ඒ පද්ධති දමා ගෙන පාවිච්චි කරා. ලොව පුරා දෘඪාංග වෙළෙඳුන් මෘදුකාංග වෙනුවෙන් මුදල් නොගෙන පරිගණක දෘඪාංග විකිණනු ලැබුවා.  ඒත් දැන්, ලොව පුරා රටවල් අනවසර මෘදුකාංග පාලනයට නීති සකස් කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් ආයතනේ බලපෑම මත. ඉතින් කොහොමෙයි හොර කොපි පාවිච්චි කරන්නෙ? දැන් වින්ඩෝස් 8 කියන්නෙ ඇක්ටිවේට් නොකර හරියාකාරව පාවිච්චි කරන්න බැරි මෙහෙයුම් පද්ධතියක්. ඒත් ඉතින් හොර කොපි පාවිච්චි වෙනවා. නමුත් කලින් තරම් ප්‍රතිශතයක් නෙවි. මෙතැනදි කරන ලද වෙළඳ උපක්‍රමය තමයි නිකන් බෙදා ගන්න දීලා ජනතාව ඒ වෙනුවෙන් ඇබ්බැහි කරවීම. වෙළඳපොල කොටස වැඩි වුනාම ප්‍රචාරණය නොකර තම වෙළඳාම සිදු වෙන බව බිල්ගේට්ස් තරම් වෙන කෙනෙකු හිතලා නැතිව ඇති. ඉතින් වින්ඩෝස් හරහා පරිගණකයට අත්පොත් තියපු කෙනෙක් පහුකාලීනව එම පද්ධතිය තමන්ගෙ පුද්ගලික පාවිච්චියටත් ගනු ලබයි. ඒ වගේම සිසුන් වෙනුවෙන් අඩු මිලට මෘදුකාංග ලබා දීම මගිනුත් මෘදුකාංග වෙළඳපොලේ තමන්ගෙ කොටස රඳවාගන්න උත්සාහ දරන්නෙ තම සිසුන් විදියට තමන්ගෙ මෘදුකාංග නොමිලේ හෝ සහන මිලට පාවිච්චි කළත් පසු කාලීනව ඔවුන්ට ශිෂ්‍ය ජීවිතෙන් පිටදි මුදල් ගෙවා මෘදුකාංග ලබා ගන්න සිදු වෙන නිසා.

ලිනක්ස් ගත්තම මේ සේරටම වඩා වෙනස්. යුනික්ස් පද්ධතිවලින් පැවතෙන ලිනක්ස් නොමිලේ ලබාගත හැකියි. ඒ වගේම මුදල් ගෙවලා ලබා ගන්න පුලුවන් වෙන පද්ධතිත් නිර්මාණය වෙනවා. නමුත් මේ පද්ධතිය මුල් යුගයේ තිබුනු සංකීර්ණ තත්වය නිසා තවම ජනතාව හිතන්නෙ හරිම සංකීර්ණ ඒ වගේම පාවිච්චි කරන්න අමාරු පද්ධතියක් විදියට. ඒ වුනාට දැන් ලිනක්ස් කියන්නෙ කලින් තිබුනට වඩා බොහෝ දියුණු ඒ වගේම user friendly පද්ධතියක්. සමහර අවස්ථා වලදි මැක්,වින්ඩෝස් වලට වඩා බොහෝ දියුණුයි. ඒ වුනත් ලිනක්ස් කියන්නෙ සර්වර් සඳහා පහසුවෙන් යොදා ගන්න පුලුවන් පද්ධතියක් බව කිව යුතුයි. 

ඉතින් මේ විවිධාකාර පද්ධති නොතිබුණානම් මේ වෙද්දි ලෝකය මේ තරම් දියුණුවක් අත් කර ගනීවිද? 
අපි මොකට තමන් පාවිච්චි කරන පද්ධතිය වර්ණනා කරමින් අනෙක් පද්ධති හෙළා දකිනවාද? හැම පද්ධතියෙම අඩුපාඩු ඒ වගේම හොඳ තිබෙන අතර ඒ අනුව තමන්ට හොඳින් ගැලපෙන පද්ධතිය තෝරා ගත හැකියි.

Sunday, October 27, 2013

බ්ලොග් අවකාශයෙන් එපිට සිංහල යුනිකෝඩ් පාවිච්චිය

සිංහල බ්ලොග් අවකාශයතුල දැනට සිංහල බ්ලොග් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවායේ සිංහල යතුරුලියනය කිරීමට විවිධාකාර ක්‍රම භාවිතා වෙනු දැකිය හැකිය. මොන ආකාරයෙන් සිංහල යතුරුලියනය කළත් බොහොමයක් පරිගණක වලදි sinhala unicode  ස්ථාපනය වී ඇත්නම් අපට එම ලිපි පහසුවෙන් කියැවිය හැක. නමුත් බ්ලොග් අවකාශයෙන් එපිට ලෝකය දෙස බැලීමේදී පරිගණක යතුරුලියනය sinhala unicode පැමිණිමට පෙර තිබුනු තත්වයෙන් එපිටට ගොස් ඇත්නම් ඒ කලාතුරකිනි. එනම් තවමත් බ්ලොග් අවකාශයෙන් පිටත බොහෝදෙනා තමන්ගේ සිංහල ලිපි ලේඛණ කටයුතු සිදු කරනුයේ කිසියම් ආකාරයක සිංහල ෆොන්ටයක් පාවිච්චි කරමින්. එනම් ඒ ලිපි ලේඛණ වෙනත් පරිගණකයක් තුල පාවිච්චි කරන විට අපට අතීතයේ මෙන්ම එම ෆොන්ටය සෙවීමට සිදු වේ. මින් සිංහල යුනිකේත නිර්මාණයේ අභිමතාර්ථ ඉටු වීමක් සිදු නොවන බව මාගේ හැඟීමයි. එනම් සෑම පරිගණකයකම ඉංග්‍රිසි ලිපි ලේඛණ කටයුතු සිදු කළ හැකි ආකාරයටම සිංහල ලිපි ලේඛණ කටයුතු සිදු කිරීමේ හැකියාව නැතිව යයි.

Saturday, October 26, 2013

හැම දේකින්ම දෙක දෙක (එහෙ එකයි- මෙහෙ එකයි)

අයියා "පොඩිපින් චාජර් එකක්" තියෙනවාද?

නෑ මල්ලි. ඒත් උඹ මේ ළඟදි දවසක නේද චාජරේ ගත්තෙ. ඒකත් කැඩිලද?

නෑ අයියා. මම ඒක ගෙදර දාලා ඇවිත්

ඒ මොකද බන් ගෙදර ගෙනිච්චෙ. උඹ වැඩියම ඉන්නෙ මෙහෙනෙ.

ඉතින් අයියා ගෙදර ගියාම ෆෝන් එක චාජ් කරන්න ඕනනෙ.

ඉතින් බං ගෙදර වෙනම චාජරයක් තියා ගන්න එපැයි. එතකොට අමතක වෙන් නෑනෙ

ඒකත් නියම අයිඩියා එක. එහෙ එකයි- මෙහෙ එකයි. එතකොට ගෙදරත් මෙහෙ තියෙන දේ තියෙනවා . මෙහෙදිත් ගෙදර තියෙන හැම දේම තියෙනවා. අයියා ගෑනුළමයටත් එහෙම කරන්න බැරිද?

Saturday, October 19, 2013

ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු.


ඔබ සතුව කිසියම් ජාලයකට පමණක් පාවිච්චි කළ හැකි (අනෙක් ජාලයන්ගේ සිම් පත් සඳහා සහය නොදක්වන) ඩොංගලයක් තියේද? මේ වෙනකොට ඒ ඩොංගල් එක වෙනත් ජාලයක සිම්පතක් මගින් පාවිච්චි කරන්න අවශ්‍ය ද?

sinhala translation is available at unlock network blocked dongles to use any sim card from any operator using linux

කිසියම් ජාලයක් මගින් ඩොංගලය තම ජාලයට පමණක් පාවිච්චි කළ හැකි අන්දමට ලොක් කරනුයේ,
  • වෙනත් තරඟකාරී ජාල වල සිම්පත් මගින් එම ඩොංගලය පාවිච්චි කිරීම වැලැක්වීමට
  • පාරිභෝගිකයා තමන් වෙතම රඳවා ගැනීමට - පාරිභෝගිකයාට වෙනත් ජාලයක සිම් පතක් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් වෙනත් ඩොංගලයක් අලුතින් ගැනීමට සිදුවේ.

ඩොංගල් අන්ලොක් කරන්නේ
  • වෙනත් ජාලයක සිම්පතක් පාවිච්චි කිරීමට
  • මුලින් පාවිච්චි කරන ලද ජාලය පිළිබඳව කළකිරීම නිසා වෙනත් ජාලයකට යාමට
  • වෙනත් ජාල මගින් වඩා හොඳ පැකේජ හඳුන්වා දී තිබීම . (බිල් ගෙවන්නෙ/වියදම් කරන්නෙ අපිනම් අපි මොකටද අපිට අවාසි වෙන පැකේජ පාවිච්චි කරන්නෙ)


පරිස්සම් වෙන්න
  • බොහෝවිට ඩොංගලය අපි ගන්නකොට කිසියම් ජාලයකට බ්ලොක් කරනවා කියන්නෙ අපිට ඒ ඩොංගලය ලැබෙන්නෙ සහන මිලට හෝ නොමිලේ වෙන්න පුලුවනි. මෙහිදි ජාලය විසින් අපි සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇති කිසියම් කාලසීමාවකට මෙම ඩොංගලය සමඟ ගන්න පැකේජය පාවිච්චි කරනවා කියලා. මේ විදියට ඩොංගල් එක නිකම් දීලා පැකේජ් එකෙන් ආදායම් ලබා ගන්නවා ඩොංගල් එකේ වියදමත් හොයා ගෙන. 
  • ඉතින් ඩොංගල් එක අන්ලොක් කරලා හරි පැකේජ්එක පාවිච්චි කරන එක නවත්තලා දැම්මොත් හරි අපි ඩොංගල් එක ගනිද්දි අත්සන් කරන ලද ගිවිසුම අහෝසි වෙන්න පුලුවනි. එ් කියන්නෙ පැකේජ් එක සමඟ ලැබුනු ඩොංගල් එකට අපි සල්ලි ගෙවන්න වෙනවා. (පැකේජ් එක නිකන්ම අයින් කළත් පසුව ඒ වෙනුවෙන් මාස ගනනාවක් බිල ගෙවන්න සිදු වෙන්න පුලුවනි.)

කොහොම හරි ඩොංගල් එක වෙනත් ජාලයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ අපිට ලොකු වාසියක්. මොකද අපේ රටේ තියෙන ජාල වලින් අපි බලාපොරොත්තු වෙන සේවාව සතුටුදායක මට්ටමින් ලැබෙන අවස්තා සීමිතයි. කිසියම් කාලයක් හොඳ සේවාවක් දෙන ජාලය මාස කීපයකින් ජංජාලයක්  වෙනවා. ඊට පස්සෙ වෙන ජාලයක් එනවා හොඳ සේවාවක් සපයන්න.

අලුත් පැකේජයත් එක්ක ඩොංගල් එක නිකන්ම වගේ දෙනවා වුනත් අපි පරණඩොංගල් එක විසි කරන්නෙ අපිට සල්ලි වැහි වැහැලා කියලා ද? අයියෝ සල්ලි. ඉතින් අපිට පුලුවනි අලුතින් සිම් එකයි පැකේජ් එකයි අරන් පරණ ඩොංගල් එක පාවිච්චි කරන්න.

(I'm using a linux (openSuse) operating system in my Laptop and I encourage other to use Linux on their computers. My dongle had cost me a sum of LKR 7829.99 on December 2009 (with one year warranty) without any plan or agreement but it has blocked to a mobile network operator from using another sim from other operators. Still I'm satisfied with the network but I needed to unlock the dongle for a fun because I needed to know is it could be done by my own.)



වැඩේ පටන් ගනිමු නේද එහෙනම්.

මුලින්ම අපිට ඩොංගල් එකේ IMEI‌ අංකෙ ඕන කරනවා අන්ලොක් කෝඩ් (unlock code) එක හොයා ගන්න. මේ අන්ලොක් කෝඩ් එක හොයා ගන්න උදව් වෙන වෙබ් සයිට් ඕනතරම්. මම පාවිච්චි කළේ ( http://www.mapmyplace.com/calc/ )

ලිනක්ස් පාවිච්චි කරද්දි අපිට බෑ වින්ඩෝස් වලදි වගේ කම්මැලි වෙලා අපේ වැඩේ කර ගන්න. අනික ටොරන්ට් එකකින් හොර කොපියක් බාගෙන දාගත්තා කියලා අපි දන් නෑ නෙව මේ අන්ලොක් කරන ක්‍රියාවලිය වෙන්නෙ කොහොමෙයි කියලා.
මුලින්ම අපි පරිගණකයට දා ගන්න ඕන "මිනි කොම්". මිනිකොම් තමයි අපිට උදව් වෙන්නෙ ඩොංගල් එක අන්ලොක් කරන්න. මිනිකොම් දාන්න බොහොමයක් ලිනක්ස් පද්ධති වල package manager පාවිච්චි කරන්න පුලුවනි. එහෙම නැතිනම් commandline පාවිච්චි කරන්නත් පුලුවනි.

උබුන්ටු නැතිනම් ඩෙබියන් පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න

sudo apt-get install minicom

රෙඩ්හැට්/ෆෙඩෝරා වගේ rpm පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න(yum installer)su yum install minicom

opensuse (zypper) පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න
su zypper install minicom


මිනිකොම් දැම්මට අපි හොයා ගන්න ඕන කොයි පෝර්ට් එකේද ඩොංගල් එක පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා. බොහෝවිට ඩොංගල් එක ttyUSB0  හරහා පාවිච්චි වෙනවා.
ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න. root/super user විදියට හිටියොත් ලේසියි terminal එකේ.
  • "tail -f /var/log/syslog" on debian based systems or 
  • "tail -f /var/log/messages" on rpm based systems 
විධානය දීලා ඩොංගල් එක ගලවලා ගහන්න. පහසුවෙන් හොයා ගන්න පුලුවනි ඩොංගල් එක පාවිච්චිවෙන ස්ථානය.

දැන් මිනිකොම් ආරම්භ කරමු. terminal එකේ superuser/root විදියට ඇවිත් ටයිප් කරන්න

minicom -s

දැන් පෙනේවි මේ විදියට



තෝරන්න "serial port setup". ඊට පස්සෙ මේ විදිය window එකක් පෙනේවි.


 "Change which setting?"ඉදිරියේ A ලබා දෙන්න.මෙතැනදි ඩොංගල් එක සවි වුන ස්ථානය ලබා දෙන්න පුලුවනි.

/dev/ttyS1 ස්ථානය වෙනස් කරන්න අපි හොයා ගත් ඩොංගල් එක සවි වුනු ස්ථානයේ අංකයෙන්. (මගේ නම් /dev/ttyUSB0)



 "Change which setting?" ඉදිරියේ E යොදලා Bps/Par/Bits මෙනුවට යන්න.

9600 තෝරාගන්න C යොදන්න  "Choice, or <enter> to exit කියන තැන.


කළින් මෙනුවට යන්න "enter" ඔබන්න.

දැන් පෙනේවි මේ විදියට serial device කියන තැනටයි Bps/Par/Bits තැනටයි අපි දුන්නු අගයන් ඇවිත් තියෙනවා.



"esc" ගහලා ප්‍රධාන මෙනුවට යන්න.

"modem and dialing" select කරන්න


මෙතැනදි මොඩමය අඳුරගන්නා බව පෙන්වයි. පසුව esc මගින් ප්‍රධාන මෙනුවට යන්න. exit තෝරන්න.


ප්‍රධාන මෙනුව අයින් වෙලා මේ විදියට පෙන්වාවි.


ඉතින් මෙතැන ටයිප් කරන්න අපේ ඩොංගල් එකේ අන්ලොක් කරන්න ඕන විධානය.


AT^CARDLOCK="12345678"

මේ විධානය කැපිටල් අකුරින් සටහන් වෙන්න ඕන. උපුටාගැනීමේ කොමා දෙක අතර සොයාගත් අන්ලොක් කෝඩ් එක ටයිප් කරන්න. මෙහිදී කොමා දෙකත් අනිවාර්යෙන්ම ටයිප් වෙන්න ඕනි. 12345678 වෙනුවට ඔබේ ඩොංගලයේ අන්ලොක් කෝඩ් එක යොදන්න.

enter එබුවාම ok කියලා ප්‍රදර්ශණය වේවි හරියට අන්ලොක් වුනා නම්.



AT^CARDLOCK="12345678"     
OK                                              


දැන් ඉතින් අනෙක් සිම් කාඩ් එක දාලා වැඩ කරනවාද බලන්න.

පලි-
thank you Girobiro's blog for the article about "Unlock 3G USB Dongles in Linux" helping me to get an idea how to unlock my dongle.






unlock network blocked dongles to use any sim card from any operator using linux

Do you have any dongle bought from any operator who blocked the dongle to the particular operator/network?

sinhala translation is available at ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු.

if you are in a hurry and don't like to read the whole article, simply go to the bottom of the article to know how the dongle could be unlocked.

Reasons to network/operator block the dongle from using the SIM cards from other operators.
  • To stop using a sim card from another operator who is a competitor of the operator
  • to keep the customer with one operator. it will help to earn more money while keeping the customer with the particular operator. 
  • customer can't switch to another operator with the network blocked dongle because the dongle doesn't accept the sim card from any new operator than the network blocked operator.

Reasons to unlock the dongle
  • to switch to a new operator because the new operator would provide more efficient and economical packages to the customer
  • coverage/signal problems to some places of the country. 
  • customer service of the operator is unsatisfactory
Be careful
  • most of the dongles comes with a warranty for some period of time. that warranty would be avoid if the dongle is unlocked.
  • if the dongle is provided at low cost or on an agreement with the operator, it would be violating the agreement with the operator. sometimes some operators provide the dongles with the packages with the agreements. so, unlocking or using another sim card or package form another operator could be illegal. 
  • user will have to pay for the dongle if canceling the agreement.
After all you would need to switch to another operator due to any reason and if you had to buy another dongle to be used with the new operator, never buy an another dongle, try to use the old dongle while buying a suitable broadband or 3g plan from the new operator. don't throw out the old network blocked dongle because it would cost your hard earn money and would pollute the environment.

I'm using a linux (openSuse) operating system in my Laptop and I encourage other to use Linux on their computers. My dongle had cost me a sum of LKR 7829.99 on December 2009 (with one year warranty) without any plan or agreement but it has blocked to a mobile network operator from using another sim from other operators. Still I'm satisfied with the network but I needed to unlock the dongle for a fun because I needed to know is it could be done by my own.



Now I would explain how to unlock the network blocked dongle to be used with another operator.

First of all you need to know the IMEI number of your dongle. then you could find the unlock code using a web site in the internet. I used a web site on this url to get the unlock code for my dongle. ( http://www.mapmyplace.com/calc/ )

then I installed "minicom" to unlock the dongle using my laptop.
simply the linux package manager helps to install the "minicom" using the graphical way. but there's the text mode as well.

on ubuntu or debian based systems open the terminal and type
sudo apt-get install minicom

on redhat or fedora based systems (yum installer) open the terminal and type
su yum install minicom

on redhat or fedora based systems (yum installer) open the terminal and type
su zypper install minicom

then we need to find the place which the dongle is mounted. most of the cases ttyUSB0 will be the place which identifies the dongle.
use 
  • "tail -f /var/log/syslog" on debian based systems or 
  • "tail -f /var/log/messages" on rpm based systems 
as superuser/su to check whether the ttyUSB0 is the port which dongle attached. unplug and plug the dongle after running the command to find the port easily.

open the "terminal"
log in as root/super user using "sudo" (debian/ubuntu) or "su" (rpm) in terminal

type
minicom -s

will open a window like




then select "serial port setup"


type "A" in front of the "Change which setting?" to change the port attached the dongle
change /dev/ttyS1 to the port which your dongle is attached. /dev/ttyUSB0 is for mine



type "E" in front of the "Change which setting?" to change the Bps/Par/Bits

type "C" in front of "Choice, or <enter> to exit. it will select 9600 for current speed.
press "enter" to exit from the menu

then it will show a window like



Press "esc" to go to previous/main menu

select "modem and dialing"

it will initialize the modem. don't worry any message didn't come. then select exit from main menu





then the window will go off and will show command line to unlock the dongle
then type the command to unlock the dongle.



AT^CARDLOCK="12345678"

command should be in capital/uppercase letters and the 12345678 should be replaced with the code you got for the IMEI  of your dongle. unlock code should be within double quotes " and ". then press enter to continue.
it should show a message like "OK" or something if you done properly.

AT^CARDLOCK="12345678"     
OK                                              


you've done.

then insert SIM card (from previously blocked operator) in to the dongle and use it.


thank you Girobiro's blog for the article about "Unlock 3G USB Dongles in Linux" helping me to get an idea how to unlock my dongle.






recover the boot loader and start the computer - Super Grub Disk

Threre are several operating systems in the world and most of them are far differ from the other. It's useful if we have different operating systems. But, how could we buy two computers to install that operating systmes. It's no need to own two computers anymore. 

try to install both operating systems on one computer as dual boot. If you need to use the operating system , you need to boot the system using the desired operating system. Using VMWARE or VIRTUAL-BOX helps to use one operating system inside the another operating system, but we can't feel the real power of the operating system when we run one opearting system inside another.

If you have installed two operating systems in to one computer (may be on laptop or desktop) you need to ensure that the boot loader is installed properly. so, you need to install the latest operating system just after installing the previous version. If you installed windows xp after installing windows 7 or windows 7 after windows 8, it will overwrite the boot loader and will hide the operating system previously installed.

Anotherthing is when you installed any linux distro and if you installed windows operating system on to a partition in the computer, it will simply hide the linux operating system and boots in to windows. but this will not effect to dual boot systems if the both operating systems are linux because linux identifies other linux operating systems well.

if you lost any of the operating system after installing the second operating system, you could use "Super Grub Disk" to recover the boot loader. it could be use to boot the computer using a Live USB or CD.  no need to install anything, just select the desired menu to find the boot loader list and boot in to the latest operating system and then repair the boot loader. it will ensure the boot loader is installed properly.

http://www.supergrubdisk.org/

Tuesday, September 17, 2013

count the balance after you pay

we entered in to a hotel nearby mathale town at the evening for a refreshment last month when travelling via that town. After we having our refreshment the bill was 680 rupees. I handed over 1000 rupee note to the waiter and I needed to get the balance quickly because we are getting too late there. So I went to the counter and got my balance. I got 220 rupees of balance instead of 320 rupees and the waiter asked "is that balance is okay".

I was shocked and tried to figure out the balance when deducting 680 from 1000. I'm sure I should get 320 rupees instead of 220 rupees and I complained it to that waiter. He went to the counter and gave me another 100 rupee note as the balance. but the waiter and the cashier didn't talked to each other. So I thought they have done the thing by planning. so, I shouted at the waiter because they given me some wrong amount of balance and trying to rob some money.

I think they do that thing to other people as wel. so, please be patient and count on your balance when you buy or pay for something at  any outlet. Some of my friends told me most of the time the cashiers do such mistakes at "bentota bake house- outlets". that robbed money goes to their pocket, not to the company drawer.

Tuesday, August 20, 2013

ජනෙල් 9යි ලිනස් torvalds

විශ්වාස කරන්නත් අමාරු ප්‍රවෘත්තියක් දකින්න ලැබුනා හදිසියෙම.
ලිනක්ස් (linux) වල නිර්මාතෘ, එහෙම නැත්නම් ජනෙල් වල බිල් අයියා එක්ක අවුරුදු 20ක් විතර තරඟ කරපු ලිනස් ටොවාල්ඩ්ස් (linus torvalds) බිල් (bill gates) අයියාගේ ජනෙල් 9 (windows 9) ව්‍යාපෘතිය එක්ක එකතු වෙන්න යනවාලු.

අනේ අපොයි.

සාමාන්‍යයෙන් විශාල පරිගණක පද්ධති සඳහා යොදාගත් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගණක වෙත අරන් ඇවිත් ජනතාවගේ ස්වේඡ්ඡා සහභාගිත්වයෙන් වැඩිදියුණු කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක් බවට පත් කරලා ඒ පද්ධතිය තමන්ගේ අයිතිය යටතේ නොතියාගෙන හැමදෙනාටම පාවිච්චි කරන්න පුලුවන් අන්දමට ලබා දුන්නු ලිනක්ස් පද්ධතියේ අනාගතය අවිනිශ්චිත වුනා නෙව හදිසියෙම.

ජනෙල් වලට තරඟයක් දෙන මෙහෙයුම් පද්ධතියක මුදුන් මුල ගලවලා අරන් තමන්ගේ නිතරම ආපදාවන්ට ලක්වන කර්නලය අලුතින් ගොඩ නඟන්නත් නිතරම වයිරස වලට මුහුන දෙන මෙහෙයුම් පද්ධතිය ඒවායින් ගලවාගන්නත් ලිනස් උදව් කරාවි.
ඒත් ඉතින් ඊට පස්සෙ බිල් අයියා පේටන්ට් ටිකකුත් ගනීවි තමන් යොදාගත්තු තාක්ෂණය වෙනුවෙන්.

මට හිතෙන්නෙ ගුගල්ලාත් මේ බව මුලින්ම අනුමාන කරන්න ඇති. මොකද ඒ අය විවෘත මෘදුකාංග වෙනුවෙන් සහය දක්වන බව පෙන්නුවත් බිටා සංස්කරණ නිකුත් කරද්දි ඒවා ජනෙල් වෙනුවෙන් නිකුත් කරන්න වග බලා ගන්නවා. බලන්න ජනෙල් සඳහා ගුගල් නිෂ්පාදන තිබුනත් ඒවායේ ලිනක්ස් නිෂ්පාදන නැති හැටි. (ගුගල්ගේ වර්ණත් ජනෙල්වල වර්ණම නේද)

මම 2004දි මුලින්ම රෙඩ්හැට් ලිනක්ස් වලින් පටන්ගෙන විවිධාකාර ලිනක්ස් පද්ධති අත්හදා බලලා අන්තිමට ඕපන් සූසේ 11.1 සිට (opensuse 11.1) ඕපන් සූසේ වල අවුරුදු ගණනාවක් රැඳී ඉන්නවා. කොටින්ම කීවොත් ලැප්ටොප් එක ගත්තෙත් ලිනක්ස් දමලා. එතැන මට අව්‍ශ්‍ය දේ නොතිබුන නිසා ඒ අය අත තිබුනු ලිනක්ස් පද්ධතියක් දමාගෙන ඇවිත් ගෙදර ආ ගමන් ඕපන් සූසේ වලට මාරු වුනා. මේ වෙද්දි මම විශාල වශයෙන් ලිනක්ස් වලට ඇබ්බැහිවෙලා කීවොත් නිවැරදියි. පුලුවන්තරම් ජනෙල් වලින් ඈත් වෙලා වැඩ කරන්න බැලුවත් රැකියාස්ථානය තුල නම් ජනෙල් පුරවලා. ඒත් පෝටබල් ඕපන් ඔෆිස් දාගත්තා මගේ පෙන් එකට රැකියා ස්ථානයේදි ලිපි ලේඛන කටයුතු කරද්දි පාවිච්චි කරන්න.

මේ හදිසියේ ලැබුනු ආරංචිය මම වගේ පිස්සු හැදුනු අය බය කරවන අපහසුතාවන්ට ලක්කරන දෙයක් වෙන්නෙ මේ නිසායි. අපි ලිනක්ස්වල ගුණ වයමින් ජනෙල් වලට බැන බැන අඩුපාඩු පෙන්වනකොට ලිනක්ස්වල මුදුන්මුල ජනෙල්වල මුදුන්මුලක් වෙන්න ලෑස්තිය.

මේ ආරංචිය බොරුවක් වුනොත් මම වගේම බොහෝදෙනෙක් සතුටු වේවි.

මතක ඇති නෙ බෑඩ් විස්ටා කැම්පේන් (bad vista campaign) එක. ඉදිරියේදි ඒ වගේ කැම්පේන් කරන්න වුනොත් ඒ සඳහා බාධාවක් වේවි මේ ලිනස්ගෙ කාර්යය.

http://itsfoss.com/linus-torvalds-to-join-microsoft/

මේ ලිපිය අප්‍රේල් 1දා විහිලුවක් විදියට ලියපු එකක් වුනොත් හරිම සැනසීමක්..

Sunday, August 11, 2013

ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු.


කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද?
ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා

මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා මීටරය දිහා බල බලා අගට බිංදු දෙකක් පෙනෙන මුදලක් පෙන්වනකන් තවත් තෙල් ගහනවා නේද? ඒත් ටැංකිය උතුරනවා දැකලා නැතිව ඇති. ටැංකියේ කට මට්ටමට තෙල් ඇවිත් තියෙද්දි ටැංකියට පිරෙන තෙල් උතුරන් නැති වෙන්න නම් ඊළඟට එන තෙල් ටැංකියට නෑවිත් තියෙන්න ඕන. නැත්නම් මීටරය රවුම් ගානක් පෙන්නන්න ඕන නිසා තෙල් නිකුත් නොකර මීටරය කරකවන්න ඕන. ඒත් ඇත්තටම සිද්ද වෙන්නෙ වෙන දෙයක්

බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න. එවිට ඒ මට්ටමට වඩා පිරෙන තෙල් නැවතත් පිරවුම් හලේ තෙල් ටැංකිය වෙත පොම්ප කරනවා වෙනත් වෑල්වයක් මගින්. ඉතින් අපි තෙල් ගහන්න ගිහින් ටැංකිය පිරෙන්න තෙල් ගහන් කීවම නලයේ ක්‍රියා කරු රවුම් ගානක් වෙනකන් තෙල් ගහනවා. අපි ටැංකිය පිරුණම ඒ බව නොදැන රවුම් ගානකට මුදල් ගෙවලා තෙල් ටිකකුත් පිරවුම් හලට පිනට දීලා එනවා .

තවත් දෙයක්
  • තෙල් ගහද්දි උදේම තෙල් ගහන්න. එවිට අපි හවසට තෙල් ගහද්දි ලැබෙන තෙල් ප්‍රමාණයට වඩා වැඩි පරිමාවක් ලැබේවි. මොකද පොළොව රත් වෙද්දි තෙල් ප්‍රසාරණය වෙන නිසා දවල්ට ලැබෙන්නෙ පරිමාව වැඩි වුනු තෙල්. ඒ තෙල් උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා.
  • ඉතා ඉක්මනින් තෙල් පුරවන නලයකට වඩා සෙමින් තෙල් පුරවන නල පාරිභෝගිකයාට වාසි දායකයි. මොකද වේගයෙන් තෙල් පිටකරන නලය සමහර අවස්තා වලදි මීටර ගත කරන ලද තෙල් වාහන යේ ටැංකිය වෙත ගමන් කරවන අතරම සුලු ප්‍රමාණයක් පිරවුම් හලේ ටැංකිය වෙත යවනවා. මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්‍රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි.

Saturday, July 6, 2013

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන...


මගේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් කිසිවක පිටුපස සුදුපැහැ තීරුවේ මගේ අත්සන යොදන්න මම උනන්දු වුනේ නෑ මෙච්චර කාලයකට. නමුත් අද දවසේ සිදු කරපු මිලදී ගැනීමකදි මම කාඩ්පත ඉදිරිපත් කළාම එම කාඩ්පතේ අත්සන නැති බැවින් කාඩ්පත මත මගේ අත්සන යොදන ලෙස කවුන්ටරයේ මුදල් අයකැමිවරිය ඉල්ලා සිටියා. එම අවස්ථාවේ කාඩ්පත මත අත්සන යෙදීමට මම ප්‍රතික්ෂේප කළා මගේ කාඩ්පතේ මගේ අත්සන තහවුරු කිරීමේ අයිතිය තියෙන්නෙ බැංකුවට වන නිසා. 

නමුත් එම අවස්ථාවේ මට කල්පනා නොවුනු දෙයක් පසුව කල්පනාවට ආවා. කිසියම් කෙනෙකුගේ කාඩ්පතක අත්සන යොදා නොමැති විට වෙළඳසැලේ දී එම කාඩ්පත පාවිච්චි කළේ නියම හිමිකරුම දැයි තහවුරු කරගන්න මුදල් අයකැමිට තිබෙන අවස්ථාව මඟහැරෙනවා. එවිට එතැනදී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුලුවනි. නමුත් මුදල් අයකැමි විසින් කාඩ්පත මත අත්සන යෙදීමට පැවසීමෙන් කිසියම් විටෙක කවුරුන් හෝ තම නිවසේ හෝ වෙනත් අයෙකුගේ කාඩ්පතක් මත තම අත්සන තැබීම සිදු කළ විටක නියම හිමිකරුට තමන්ගේ කාඩ්පත පාවිච්චි කිරීමේ අවස්ථාව නැතිවෙන්න පුලුවනි. 

ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් පාවිච්චි කරන බොහෝදෙනෙක් ඒ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරන්න පෙළඹෙනවා නිරායාසයෙන්ම. නමුත් බොහෝවිට මේ කාඩ්පත් බොහොමයක පාවිච්චි කරන්නා අත්සන යොදලා නෑ. මේකට හේතුවන්නේ බැංකුවෙන් එම කාඩ්පත් නිකුත් කරන වෙලාවෙදි ගිනුම් හිමියාගේ අත්සන ඒ කාඩ්පත මතට නොගැනීමයි. නමුත් මේ වෙද්දි අපි බොහෝවිට නිකුත් කරන කාඩ්පත් වල පිටුපසට කාඩ්පත් හිමියාගේ අත්සන අනිවාර්යෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා.
මේ විදියට අත්සන් ගැනීමෙන්  කාඩ්පත හිමි අයට පමණක් එය සුපිරි වෙළඳසැල් ආදී POS යන්ත්‍ර සහිත ස්ථාන වලදී පාවිච්චි කරන්නට ඉඩ ලැබෙන අතර වෙනත් අයෙක් එම කාඩ්පත පාවිච්චි කිරීම වැලකෙනවා. නමුත් බොහෝ වෙළඳසැල් වලදී කාඩ්පත් මගින් කරන ගෙවීම් සඳහා කාඩ්පතේ අත්සන හා රිසිට් පතේ අත්සන සසඳා බැලීමක් කරන්නේ නැහැ. මම මෙතරම් කාලයක් ගත වෙලත් අද දිනයේ තමයි අත්සන සසඳා බැලීමකට මුහුණ දුන්නෙත්.


එබැවින් තමන්ගේ කාඩ්පත මත තමන්ගේ අත්සන යෙදීමට ත් තමන්ගේ කාඩ්පත වෙනත් අයෙකුට නොදීමට ත් වගබලා ගැනීම හැම අතින්ම වැඩදායී වෙන්න පුලුවනි.ඒ වගේම දැනට බොහොමයක් බැංකු තමන්ගේ ගනුදෙනු කරුවන්ට ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියේදී FREE SMS ALERT පහසුකම මගින් ගනුදෙනුව පිළිබඳව එම මොහොතේම දැනුම් දෙන්න කටයුතු කරනවා.

Sunday, June 9, 2013

සෝෂල් ඩ්‍රින්කින් කරලා පාටියකදි වෙරි වීම

සමහරු ඉන්නවා මධුවිත ගන්න ගියාම සීමාවක් නෑ.. හිතන්නෙ තමන් පාටියට ආවෙ බොන්න, බීලා වෙරි වෙන්න කියලා. ඉතින් පාටියට ගිය ගමන්ම හොයන්නෙ බොන්න තියෙන්නෙ කොතැනදිද කියලා. ඉතින් වටේ පිටේ ඉන්න අය ඉස්සරහ ඇඹරි ඇඹරි ඉඳලා බොන්න ආරාධනාව ආපු ගමන් අනික් අය ඉස්සරහ තව තවත් ඇඹරි ඇඹරි දඟලලා ඉතින් යනවා බෝතලයක් හොයාන. ඉතින් පටන් ගන්නවා බොන්න. ඒ බොන්නෙත් බාර් එකට ගිහින් බොන විදියටමයි. ඒ කීවෙ බාර් එකේ පෝලිමේ ඉඳලා බොනකොට ඉක්මනට බීලා එළියට යන්න ඕන සිහියෙන් බොන නිසා කරන්නෙ වීදුරුව උගුරට දෙකට හිස් කරන එක. ඉතින් පාටියෙදිත් ඒ තියරියම ඇප්ලයි කරලා කීපදෙනෙක් එක්ක වටවෙලා චියර්ස් කියලා පටන් ගන්නවා බොන්න

මෙන්න ඉතින් විනාඩියක් විතර යද්දි වීදුරුව හිස්වෙලා. විනාඩියක් කීවට තත්පර 10 විතර ඇතුලත වීදුරුව හිස් කරන්න අපේ අය හරිම දක්ෂයි. ඉතින් විනාඩි පහක් විතර යනකොට පටන්ගන්නවා පොරටෝක් වටය. ඒ කියන්නෙ තවම වීදුරුව හිස් නොකරපු අයට කියනවා ඉක්මනින් ඉවර කරන්න තමන් වගේ කියලා. ඊට පස්සෙ ඊළඟ වටය. තමන්ගෙ වීදුරුව පුරවගන්න අනික් අයගෙ විදුරු ඉක්මනින් හිස් කරවනවා. ඊළඟ වටේදි වටේ ඉන්න අයගෙ විදුරු පුරවන්න ත් ඉදිරිපත් වෙන්නෙ අර පොරටෝක් දාපු කෙනාමයි. ඔහොම ටික වෙලාවක් යද්දි කියන්න පටන් ගන්නවා
අයියෝ තවම දෙවෙනි ෂොට් එකද? ඉක්මනට ගන්නකො" විදියට කියවනවා

තවත් ටිකකින් කෑමට ආරාධනාවත් ලැබෙනවා. ඉතින් කීපදෙනෙක් නැගිටලා යන්න ලෑස්ති වෙද්දි කියනවා "අයියෝ තවම බෝතලේ ඉවරත් නෑ . අපරාදෙනෙ බෝතලේ. ඒ නිසා මේ ටිකත් ඉවර කරමු කියලා ආයෙත් වත් කරගන්නවා. උත්සාහ කරන්නෙ බෝතලේ පතුල බලන්න. අනිත් අයටත් කියනවා තව එක ෂොට් එකක් ගන්න කියලා. ඒත් අන්තිමට කන්න නැගිටින්නෙ හොඳසිහිය නැත්තටම නැතිවුන කෙනෙක්. ඉතින් කන්න ගිහිල්ලාත් හැමදේම බෙදාගෙන වටේම ඉහිරවමින් කාලා වටපිටාවත් අපිරිසිදු කරනවා. ටික වෙලාවකින් කටකපලා නිදි. පස්සෙ දවසක ටෝක් දෙනවා "ඌ වැඩක් නෑ.ඌට බොන්න බෑ. ඌත් එක්ක බීලා බෝතලයක් හිස් කරන්න බෑ" කියලා.

බොහෝදෙනා නොසිතන දෙයක් තමයි මංගල උත්සවයක් වගේ වෙලාවක බොන්න එන්න කියන්නෙ බෝතල් ටික ඉවර කරන්න කියලාවත් බීලා වැටෙන්න කියලාවත් නොවන බව. දැන් කාලෙ තියෙන අවිවේකි ජීවන රටාව එක්ක බොහෝවිට පවුලේ බොහෝදෙනෙක් මුනගැහෙන්නෙ මේවගේ අවස්ථාවකදි විතරයි. ඉතින් එදාට ආගිය කතා විස්තර කතාබහ කරන එක අතර බොන්න කතා කරාම ලෝකෙ අන්තිම බෝතලේ අඩිය බලන් නැතිව හෙමි හෙමින් වීදුරුව තොලගාමින් අවට අය එක්ක සතුටු සාමිචියේ යෙදෙන එක තමයි සිදුවිය යුත්තෙ. නැතිව සිහිය විකල් වෙන මට්ටමට බීලා අවට අය එක්ක රණ්ඩු වෙන එකවත් අනික් අයගෙ කරපිටින් යන්න සලස්වා ගැනීමත් තුලින් වෙන්නෙ තමන්ටයි අනුන්ටයි හැමදෙනාටම උත්සවයේ මිහිර විඳින්න නොලැබෙන එක. දරුවන් එක්ක උත්සවයට සහභාගි වුනානම් ඒ දරුවන් පත්වන අසීරුව ගැනත් ටිකක් හිතන්න ඕන. සෝෂල් ඩ්‍රින්කින් (social drinking) කියන්නෙ මේ වගේ උත්සව අවස්ථාවල මධුවිත තොලගාන්න අවසර ලබාගන්න බොහෝදෙනා පාවිච්චි කරන යෙදුමක්.  

නමුත් මේ වගේ වෙලාවක බීලා තමන්ගෙ සෝෂල් කම විනාශවෙන මට්ටමට පත්වෙනවට වඩා තමන්ගෙත් අන් අයගෙත් ගෞරවය රැකගෙන සෝෂල්ඩ්‍රින්කින් කළ යුතුයි.

Wednesday, May 1, 2013

අභිනික්මන [ චිත්‍රපට විචාරයක් නොව, නමුත් මගේ සිතුවිලි බිඳක් ]

අභිනික්මන... මේ ළඟදි දවසක ප්‍රදර්ශණය කරන්න පටන් ගත්තු තවත් සිංහල චිත්‍රපටයක්..
තවත් කීවෙ අපි හැමදාම දකින රාමුවෙන් පිට පැනලා උඩුගම්බලා පිහිනන චිත්‍රපටයක් විදියට පෙන්නුවත් අනෙක් චිත්‍රපටි වලින් වෙනසක් දකින්න වෙන්නෙ ඉතාමත් සුලු කාරණා කීපයකින් නිසයි.

මුලින්ම බැලුවම නම ගැන.. මම දැක්කා එකම නම ආකාර තුනකින් යොදාගෙන තියෙනවා . අභිනික්මන, අභීනික්මන, අබිනික්මන. විශේෂයෙන්ම පෝස්ටර් වලදි මේ ආකාර තුනම දකින්න ලැබෙනවා.. සමහරවිට මම නොදන්නවා වුනාට මේ ආකාර තුනෙන්ම කියැවෙන්නෙ අදහස් වෙන්නෙ එකම තේරුමක් නම් මේ කොහොම භාවිතා වුනත් ගැටලුවක් තියෙන්න බෑ..

මීළඟට තේමාව ගත්තම මවුපිය උපස්ථානය ඉතාම අගනා කාලෝචිත මාතෘකාවක්. සිවුරු දැරුවත් ගිහියෙක් වුනත් එය මවුපියන් වෙනුවෙන් තම උපරිමය කරන්න බාධාවක් නොවන බව පෙන්වා දෙනවා. සිවුරු දරමින් තම මවුපියන් වෙනුවෙන් කළහැකි දේ සීමා සහිත බව දැක සිවුරු හැරීම ත් තම යුතුකම අවසන නැවතත් සසුනට එක්වීමත් තුල කතාව ගලා යාම තුළ ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගන්නා ආකාරය ඉතාම සාර්ථකව සිදුකර තියෙනවා..  සිවුරුහැරීම තුලින් අපට මුලින්ම සිතෙන්නේ තරුණිය සමඟ ප්‍රේම කරන්න පටන්ගෙන ඒ දෙන්නාගේ විවාහය තුලින් චිත්‍රපටය අවසන් වේවි කියා වුනත් ඉතා සාර්ථකව ප්‍රේක්ෂකයා ඇදබැඳතබාගෙන නිමාව සිදුකරන්න පිටපත මනා කාර්යයක් සිදුකර තියෙනවා.. මෙහිදී තරුණියගේ චරිතය තුලින් ප්‍රධාන නළුවාගේ දැඩි අධිෂ්ඨානය හා හික්මීම පෙන්වා දී තිබීම තුලින් චරිතය තුලට ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නා ආකාරය විශිෂ්ටයි.

නමුත් මෙහිදී මම දැකපු සමහර දේවල් මට පේන්නෙ සැබෑ සමාජ පැතිකඩක් පෙන්වා දීමක් විදියට වුනත් ඒ පෙන්වා දීම තුලින්ම එම සමාජය භික්ෂු සමාජය සාමාන්‍ය කරණය කරගන්න පෙළඹවීමක් සිදුකරන බවයි.  සමහර තැන්වලදී ගිහියෙක් කෙරෙහි ගිහියෙක් කරන වචන භාවිතයක්  භික්ෂුව කෙරෙහිත් යොදාගත් අයුරු පෙනී යනවා. එතැනින් සමාජය මේ අන්දමින් වචන භාවිතය සාධාරණීකරණය කරන්නට පෙළඹීමක් ඇතිකරන්න පුලුවනි. තවද එතැනින් සංඝ සමාජය කෙරෙහි සමාජ ගෞරවය අඩුවීමක් සඳහාද පෙළඹීමක් ඇති කරාවි. සාමාන්‍යෙයන් පිරිතකට බණකට වැඩම කරද්දි ධර්ම කරුණු වගේම බොහෝ කරුණු ගැන අවබෝධයක් නොමැති භික්ෂුවකට ඒ සඳහා තනිවම වැඩම කරන්න පන්සලේ නායක හිමියන්ගෙන් අවසර ලැබෙන්නේ නැති වුනත් මෙහිදී බණට වැඩම කරන ලද හාමුදුරුවන් පත්වන අපහසුතාව සැබෑ සමාජයේ කෙදිනකවත් දකින්න පුලුවන් සිදුවීමක් නොවෙයි..

සමස්ථයක් ලෙස ගත්තම හොඳ තේමාවක් වටා හැකිතාක් සංයමයකින් ගොඩනැඟුනු චිත්‍රපටයක් විදියට දකින්න පුලුවනි.

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පසුබෑමකට ලක් වෙලා තියෙන්නෙ ඇයි කියන එකට හේතු විදියට දක්වන්න පුලුවනි රැල්ලක් විදියට එකම තේමාවක් වටා ගොඩ නැගුනු චිත්‍රපටි එක පෙළට නිකුත්වීම. මොකද ලංකාවෙ බොහෝ චිත්‍රපට විදේශ චිත්‍රපට වල සිංහල පිටපත් විදියටයි නිකුත් වෙන්නෙ. එහෙම නැතිනම් විකට චිත්‍රපටයක්,  ළමා නළුනිළියන් එක්කර තනන ලද වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් , ආගමික තේමාවක් සහිත චිත්‍රපටයක් නිකුත් වූ විට ඒ තේමාව වටා නිර්මාණය වුනු චිත්‍රපට රාශියක් දිගින් දිගටම නිකුත් වීම තුලු ප්‍රේක්ෂකයා චිත්‍රපට ශාලා වලින් ඈත් කරනු ලබනවා. (මොකද  චිත්‍රපට නරඹන්න එන ප්‍රේක්ෂකයා සාමාන්‍යයෙන් චිත්‍රපට ශාලාවේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක් වෙන නිසා එකම තේමාවේ චිත්‍රපට කීපයක් නැරඹීමට ප්‍රේක්ෂකයා උනන්දු නොවන නිසා) . එමෙන්ම චිත්‍රපට ශාලා වල ගුණාත්මක බව මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ගැනත් තාක්ෂණ භාවිතය, වායුසමනය ගැනත් අවධානය යොමු විය යුතුයි. නව ප්‍රේක්ෂකයන් ශාලා වලට ඇද ගැනීමට චිත්‍රපට කර්මාන්තය මේ තත්වයෙන් තිබුනොත් අපහසුයි.

Sunday, February 17, 2013

කඩුවට (ඉංගිරිසියට) බය වෙන්න දෙයක් නෑ..

අයියා මට නම් මිස් කතා කරන තරම් හොඳට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒ වුනාට සුද්දෙක් ඇවිත් කතා කරද්දි මිස් ට වඩා ලේසියෙන් සුද්දා කියන දේ තේරුම් ගන්න පුලුවනි. 

මොකද මෙතැනට එන සුද්දන්ටත් හරියට ඉංග්‍රිසි බෑ. මටත් බෑ. අපි දෙන්නම කතා කරන්නෙ ගොලුභාෂාවත් කලවම් කරල කැඩුනු ඉංග්‍රිසියෙන් නෙ. 

මේ කතාව මට කීවෙ අපේ ශාඛාවෙ පුහුනුවට ආපු මල්ලි කෙනෙක්. ඒ මල්ලි විදේශ මුදල් හුවමාරු කරන තැන වැඩකරද්දි එතැනට ආපු විදේශිකයින් එක්ක මිස්ට වඩා ලේසියෙන් ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා අපි අහනකොට තමයි මෙහෙම කීවෙ .

ලංකාවෙ රාජ්‍ය භාෂාව මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් කවුරුත් කියාවි "සිංහල" කියලා. අපි බොහෝදෙනෙක්ගෙ මවුබස සිංහල. ඒ වුනාට අපි අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ජීවත් වෙද්දි අපිට සිංහල වගේම ඉංග්‍රිසිත් අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා කියලා. මොකද අපි රජයේ ආයතනයකට ගියත් පුද්ගලික ආයතනයකට ගියත් සම්මුඛ පරික්ෂණයකට ගියත් අපිට ඉංග්‍රිසිය ඕන වෙනවා අනිවාර්යෙන්ම.

අනගාරික ධර්මපාලතුමා මීට අවුරුදු ගානකට කලින් කීවා සුද්දො අපේ රට අතෑරලා යනදාට කලුසුද්දො අපේ රට පාලනය කරාවි කියලා. ඒ වගේ ම අපේ සමාජය හැඩගැහිලා තියෙන්නෙත් පිටරටට ආවඩන අපේ දේ පහලට දාලා සලකන ආකාරයට.

නමුත් අපි හිතුවට අපිට ඉංග්‍රිසි බෑ කියලා ඒ අපි අපව අවතක්සේරු කරගන්න අවස්තාවක් විදියටයි මම නම් දකින්නෙ. අපි අතර ඉන්න ඉංග්‍රිසි කතා කරන අය නිසයි අපි ඉංග්‍රිසියට බය වෙලා තියෙන්නෙ.  අපි අතර ඉන්න ලාංකිකයො හිතන්නෙ ඉංග්‍රිසියෙන් කතා කරන්න නම් ව්‍යාකරණ හරියට දැනගෙන ඒවා පාවිච්චි කරන්න ඕන කියලා. ඒත් හොයලා බලන්න ඉංග්‍රිසි ජාතිකයෙක් හරි විදේශිකයෙක් හරි අපි කැඩුනු ඉංග්‍රිසියෙන් හරි ව්‍යාකරණ වැරදි ඉංග්‍රිසියෙන් හරි කතා කරා කියලා අපේ අඩුපාඩුවට හිනා වෙන්නෙවත් අපි එක්ක කතා නොකර ඉන්නෙවත් නෑ. එයාලා තේරුම් ගන්නවා අපි මොකක්ද කීවෙ කියලා අපේ ව්‍යාකරණ වැරදුනත්.

තවත් දෙයක් අපි හිතුවට අපේ රටට පිටරටින් එන හැමෝටම ඉංග්‍රිසි පුලුවන් කියලා ඒ ගොඩ දෙනෙක්ටත් ඉංග්‍රිසි නිවැරදිව කතා කරන්න බෑ. අපි ඉංග්‍රිසි පාවිච්චියට බය වුනාට අපි අතර ඉන්න බස්රථ සේවකයින් බොහෝදෙනෙක් බය නැතුව ඉංග්‍රිසි කතා කරනවා විදේශිකයින්ට වඩා හොඳට. ඒක මම දකින්නෙ ඒ අය වැරදි වැරදි හරි පහුබහින් නැතිව ඉංග්‍රිසි කතා කරන්න පෙළඹීම කියලායි.
Related Posts with Thumbnails