Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, September 30, 2015

බස් එක මාර වේගෙන් යනවා

ඒ බස් එක මාර වේගෙන් යනවා. අනික් බස් ගමනින් බාගයක් යද්දි මේ ඩ්‍රයිවර් සම්පූර්ණ ගමන යනවා.

ඒ වුනාට උදේ පාන්දර ට්‍රැෆික් නේද?වෙලාවට යන්න පුලුවන් වේවිද?

ඔව්.උදේට ට්‍රැෆික් නම් තමයි. ඒ උනාට ඒ බස් එකේ ගියොත් හරි වෙලාවටත් කලින් වැඩට යන්න පුලුවනි. 

ඒත් වේගෙන් යනවානම් ගමන ෂුවර් නෑනෙ.

බයවෙන්න දෙයක් නෑ මහත්තයා. ඒ බස් එකේ තමයි මාත් හැමදාම යන්නෙ. ඩ්‍රයිවරුත් ෂුවර්, බස් එකත් ෂුවර්. 

******************************************
මහත්තයාටත් තුවාලයි වගේ නේද? නගින්න ජිප් එකට, ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දා ගනිමු.

නෑ සර්. එච්චර ලොකු තුවාලයක් නෙවෙයි මේ. පොඩි හීරීමක්.

බස් එක ගොඩක් වේගෙන් ආවද ?

ඔව්. මාර වේගෙකින් ආවෙ. මගදිත් දෙතුන්පාරක් හැප්පෙන්න ගියා. ඩ්‍රයිවර් පිස්සෙක් වගේ බස් එක අරන් ආවෙ. 

ඉතින් මිනිස්සු හෙමින් යමු කීවෙ නැද්ද?

කොච්චරනම් කීවද රාළහාමි. ඒ වුනාට ඩ්‍රයිවර් කනකටවත් ගත්තෙ නෑ. මුන්ට ඕන පාරෙ යන හැම වාහනෙටම ඉස්සර කර කර රේස් යන්න. බලන්න.දැන් වැඩට යන්නත් පරක්කු වෙනවා. ඩ්‍රයිවර් පොඩ්ඩක් හෙමින් ආවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ.

වෙනදත් මේ බස් එකේමද යන්නෙ?

ඔව්. මම හැමදාම වගේ යන්නෙ මේ බස් එකේ.

මහත්තයා වැඩට යන ගමන් නේද? අර බස් එකේ නගින්න. ඒත් ආයෙවත් වේගෙන් යන නිසා හැමදාම ඒ  බස් එකේම ඇවිත්  හැප්පුනාම ඔහොම කතා කරන්න එපා.
Related Posts with Thumbnails