Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, July 24, 2011

sir, there could be a location problem that you use your mobitel 3G connection

contacted mobitel srilanka help center to inform that I'm getting disconnected very often when I use my mobitel 3g connection in the evenings. the person who answered my call said thet "sir, there could be a location problem that you use your mobitel 3G connection".

so, I decided not to say anyone to buy mobitel 3-G in future.. If there's a location problem (as they say) that I'm using my dongle, how could I use my dongle in the morning without getting disconnected for hours?

I can't use my dongle in the evening not daytime. So, where's the QoS (quality of service) of mobitel? they should upgrade their network without advertising for 4G. they advertises for 4g, but average 3g users can't use their 3g connection at the evening. what's the use of a connection like this? I have to getup at night after 11PM or early in the morning (like 3AM) to surf the internet.

I think every other network should think to provide a good service at the evening.

(mobitel just advertising about their network and tells crazy things like location problems that we use the network.)

It's better if they could provide atleast 100kbp/s per every user at the evenings without getting disconnected. we don't need 96Mbp/s.I think we don't getting disconnected often  when we use our connection at colombo. we just facing this when we use it from  outside of colombo. Is it "colambata kiri, gamata kekiri (කොළඔට කිරි, ගමට කැකිරි)" method?

FINALLY I HAVE TO ASK, HOW COULD WE HAVE A LOCATION PROBLEM, IF WE COULD USE M3 IN THE MORNING AND HOW COULD WE FACE TO A LOCATION PROBLEM JUST IN THE EVENINGS.

Wednesday, July 20, 2011

මයික් එකක් නිසා චාටර් වුනෙමි


පහුගිය දවසක අපේ පන්තියේ අයව ස්කයිප් හරහා සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් පැවැත්වෙන බව දන්වලා තිබුනා. ඉතින් මමත් කියපු වෙලාවට මගේ හෙඩ්සෙට් එකත් දාගෙන ස්කයිප් එකට ලොග් වුනා. ටික වෙලාවකින් අපේ යාලුවොටිකත් ඇවිත් කතා කරන්න පටන් ගත්තා

එත් මට අනික් අය කියන දේවල් ඇහුනත් මම කියන දේවල් අනික් අයට ඇහෙන් නෑ කියලා කට්ටිය කතා වෙනවා ඇහුනා. ඉතින් මමත් මොකද මයික් එක වැඩ නැත්තෙ කියලා හොයන්න උත්සාහ කරමින් හිටියා. මයික් එකට අදාල සෙටින්ස් වෙනස් කරලාත් ටෙස්ට් කෝල් කීපයක් අරන් බැලුවත් මයික් එක වැඩ නොකරන බව තමයි පෙනුනේ. ඉතින් මම අනික් අය කියන දේ අහගෙන චැට් එකෙන් උත්තර දුන්නා. අන්තිමට අපේ සාකච්චාව ඉවර වෙලා හෙඩ්සෙට් එක ගලවලා තියද්දි තමයි මම කරලා තියෙන මෝඩ වැඩේ තේරුනේ

හෙඩ්සෙට්එකේ volume control එක ලඟින් තවත් බට්න් එකක් තියෙනවා. ඉතින් මමත් ඒ බට්න් එක පොඩ්ඩක් අනෙක් පැත්තට තල්ලු කළා. ඊට පස්සෙයි හිතුනේ මේ බට්න් එක මයික් එකට සම්බන්ධයක් ඇති කියලා. ඉතින් මම ආයෙත් ස්කයිප් ගිහින් ටෙස්ට් කෝල්එකක් අරන් බැලුවා. මේ වැඩරන්නෙ මයික් එක. දැන් ඉතින් ක්ලාස් ගිහින් බයිට් වෙමුකෝ..

Tuesday, July 19, 2011

හීනය මුල පටන් ....


හීනයක්
දුටිමි මම හීනයක්
එකක් නොව කීපයක්ම
සැබෑ කළහැකි හීන අහුරක්ම
එම හීන අහුර
පොතක් ලෙස
එක්රැස් කලෙමි මම

නමුත් ඒ අතරින්
එක් පිටුවක්
අස්ථානගත වී ය

එබැවින්
එම හීනය
සැබෑවක් නොවන
හීන පොකුරට
එක් කළෙමි මම


එම හීනය
නැවත
මුලපටන්
දැකිය යුතු වග
හැඟෙන විට
පමාවූවා වැඩියැයි ද
හැඟේ මට.

Thursday, July 14, 2011

මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ ?


මම
ඔව් ඉතින් මම තමයි
කවුද කීවෙ මම අහවලා වගේ කියලා
මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ

බලන්න
මම
දකින්නෙ මගේ ඇස්වලින්
මගේම කෝණයෙන්
හිතන්නෙ මට ම අදාල විදියට
මගේ ම විදියට

ඉතින් සිතුවිලි ත් මගේ

නමුත්
කලින් හිටපු මම නොවෙයි
දැන් ඉන්නෙ

කලින් මම හිටියෙ
අතීතයේ
දැන් මම ඉන්නෙ
වර්තමානයේ
තව මොහොතකින්
අනාගතයේ

ඉතින් හැම විටම
මම වෙනස් කෙනෙක්

උත්සාහ කළෙමි
මම
වෙනත් කෙනෙකු වෙන්නට

සෙවුයෙමි
මම කොහිදැයි

හමුවිය
මොහොතකින්
මාහට
මම
මම
මම ම බව
හැඟී ගිය විට
උත්සාහ කළෙමි
මම
මම ම
වන්නට

මම
මම ම වන එක
වෙනත් කෙනෙකු වනවාට වඩා
හොඳ යැයි හැඟුනු නිසා


ඒත් මම මම මයි
වෙනත් කෙනෙකු නොවන
මම
මගේ ම විදියට හිතන
මම
මගේම විදියට ජීවත් වන
මම

Monday, July 11, 2011

උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.


උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.

මේ තියෙන්නෙ සමහර පිරිමි අය ගෙවල් වලදි හිතන විදිය.

මම දවසක් අපේ අක්කා කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවක ඒ දෙන්නා එක්ක කතා කර කර ඉන්න අතරේ අක්කා උයන්න තියෙනවා කියලා කුස්සියට ගියා. ටික වෙලාවක් කතා කර කර ඉද්දි මටත් අයියා එක්ක කරන කතා බහ කම්මැලි වේගෙන ආවා. ඒ නිසා මම ඇහුවා අයියා අපි අක්කාට උයන්න උදව් කරමුද කියලා. එතකොට අයියා කීව දේ තමයි මාතෘකාවෙ දාලා තියෙන්නෙ. .

මේ විදියට හැම පිරිමියාම හිතුවොත් ගෙදර වැඩ කටයුතු සේරම කරන්න ඕන ගෙදර ඉන්න කාන්තාවයි. ඇය රැකියාවට ගිහින් ඇවිත් ගෙදර වැඩ කටයුතු කරලා කෑම උයලා කෑම එක බෙදලා දුන්නම ඒ කෑම එක කන්න විතරක් සූදානම් පිරිමියෙකුගෙන් ඒ ගෙදරට වැඩක් තියේද?

හදිසියේ බිරිඳ ලෙඩ වුනොත් ඇයටඋයන්න නොහැකි වුනොත් එදාට කඩෙන් කෑම ගෙනත් කන්න පුලුවනි. ඒත් නිවසේ අනිත් කටයුතු වලටත් කඩෙන් මිනිස්සු ගෙනෙන්නයැ.

ඒ වගේම දෙන්නම එකතු වෙලා උයන කෑම වේලෙ රසය එහෙම නොකරන අය දන්නෙ නැතිව ඇති. කාන්තාව කියන්නෙ පිරිමියාගෙ සේවකයෙකු විදියට හිතපු බමුණු මත හිස තබා ගත් අය තවමත් අපි අතර ඉන්න බවට මේක උදාහරණයක්. දෙන්නා හවුලේ නිවසේ කටයුතු කරනවිට දෙන්නා අතර ඇතිවන සුහදතාව/බැඳීම ඒ දෙන්නා අතර ඇතිවන ගැටලු අවම වීමටත් හේතු වේවි.

එහෙම නැතිව පිරිමියකු විවාහ වන්නෙ තමන්ගෙ නිවසේ කටයුතු / තමන්ගෙ ඕනෑඑපාකම් සපුරන්න සේවකයෙකු සොයාගෙන ඒ වෙනුවෙන් වැටුප් ගෙවන්න බැරි නිසා ද? මොකද බිරිඳ වැඩ කටයුතු කොතරම් කලත් ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බව අපි හොඳින් දන්නා කරුණක්.

මේ අතර මම රාජකාරි කරන ස්ථානයේ කෙනෙකු පැවසුවේ අපි පිරිමි විදියට කසාද බඳින්න කලින් කොච්චර දේවල් කරන්න හිතාන හිටියත් ඒ සමහරදේවල් සමහර අවස්ථාවලදි  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න  නොහැකි බවයි. ඒ වුනත් දෙදෙනා අතර අවබෝධය තියෙනවානම් කලාතුරකින්/අත්‍යාවශ්‍යම අවස්ථාවලදී පමණක් උදව් උපකාර කිරීම ප්‍රමාණවත්බවත්  පවුලේ සමඟියට බැඳීමට හානි වෙන්නේ නැතිබවත් කාන්තාව එයින් හිතරිදවා නොගන්නාබවත් කියලායි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ.
එකඅතකට බලනකොට ඒකෙත් ඇත්තක් තියෙනවා වගෙයි නේද?

Friday, July 1, 2011

පවුමට 35000 නම් ඒ මුලු මුදලම මට ඕනේ...


රන් භාණ්ඩ මිලදීගැනීම කියන්නෙ බොහෝදෙනෙක් තමන්ගෙ මුදල් ආයෝජනය කරන ක්‍රමයක්. ඒ හදිසියකදි ඒවා උකස් කරලා මුදල් ගැනීමේ බලාපොරොත්තුවත් රන්භාණ්ඩ රැස්කිරීමේ ආසාව වගේම ඇතිනිසා. ඉතින් තමන්ට මුදල් හදිසියක් වුනාම බොහෝදෙනෙක් ඉක්මනින්ම තමන් සතු රන්භාණ්ඩ උකස් කිරීමට යොමු වනවා

මෙතැනදි බොහෝදෙනෙක් කරන වැරැද්දක් තමයි පවුමට වැඩිම මුදල ගෙවන අයෙකු/ස්ථානයක එම රන්භාණ්ඩ උකස් කිරීමට යෑම හා තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම.

  • පවුමට වැඩිම මුදල ගෙවන කෙනා/ස්ථානයේ පොලීඅනුපාතය බොහෝවිට අන් අයට වඩා වැඩි වීමේ සම්භාවිතාවක් පවතිනවා. ඒ බව සිහිවෙන්නෙ එම රන්භාණ්ඩ සඳහා වාරික ගෙවන විටයි. එවිට විශාල මුදලක් පොලිය ලෙස ගෙවන්න වෙනවා.
  • තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම තමයි ඉතාම බරපතලම වරද තමන්ට තමන්ම කරගන්නා.

මෙතැනදි අපි හිතමු පවුමට රුපියල් 35000 ගෙවන තැනකට ගිහින් අපි උකස් කරන භාණ්ඩයට රුපියල් 30000 දෙන්න පුලුවන් යැයි කීවා කියා. ඒත් අපිට අවශ්‍ය රුපියල් 20000 වුනත් බොහෝවිට අපි රුපියල් 30000 ම ගන්න යොමුවනවා. එතැනදි අපේ අවශ්‍යතාව පිරිමසාගෙන ඉතිරිවන මුදල වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් යොදා ගන්නවා. නමුත් අපි අමතක කරන දෙයක් තමයි අපි ලබාගත් මුලු මුදලම පොලියත් සමඟ නැවත ගෙවිය යුතු බව. එතැනදි අපි අවශ්‍යතාවට පමණක් මුදල් ලබා ගත්තානම් ගෙවීමට සිදුවන මුදල අඩු නිසා එය තමන්ට හිසරදයක් නොවන ආකාරයට ඉක්මනින් ගෙවා නිම කළ හැකියි නේද? උපරිම මුදල ලබා ගැනීම සිදු කළ යුතුවන්නේ තමන්ට අවැසි මුදල ගැන තක්සේරුවක් නොකළහැකි විටත් එම උපරිම මුදල සම්පූර්ණයෙන්ම අවැසි බව තේරුම් ගියහොත් පමණක් බවයි මගේ හැඟීම. එවිට තමන් සතු රන්භාණ්ඩ වෙනත් අයට ඉතා අඩු මුදලට වෙන්දේසි වීමේ සම්භාවිතාවත් අඩු වේවි

අපි හම්බකරපු සල්ලි වලින් ගත් රන්භාණ්ඩ වෙනත් අයට අඩු මුදලට හිමිකරදීම තමන්ට දුක හිතෙන දෙයක් නේද?  

මොකද අපි රන්භාණ්ඩ මිලදීගන්නෙ වෙනත් අයට අඩුමුදලට දීලා පින්රැස් කරගන්න නොවෙයි නේ..?
Related Posts with Thumbnails