Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, July 19, 2011

හීනය මුල පටන් ....


හීනයක්
දුටිමි මම හීනයක්
එකක් නොව කීපයක්ම
සැබෑ කළහැකි හීන අහුරක්ම
එම හීන අහුර
පොතක් ලෙස
එක්රැස් කලෙමි මම

නමුත් ඒ අතරින්
එක් පිටුවක්
අස්ථානගත වී ය

එබැවින්
එම හීනය
සැබෑවක් නොවන
හීන පොකුරට
එක් කළෙමි මම


එම හීනය
නැවත
මුලපටන්
දැකිය යුතු වග
හැඟෙන විට
පමාවූවා වැඩියැයි ද
හැඟේ මට.

3 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක්.
    මට නම් ජීවිතය කියලා කියන්නේත් එක හීනයක්. ඒක හැබෑ කරගන්න නොගන්න උත්සහයක් නෑ මම් !!!!

    ReplyDelete
  2. ගොඩක් වෙලාවල් වලදි පරක්කුයි..

    ReplyDelete
  3. @මධුරංග @සාතන්
    ස්තුතියි ප්‍රතිචාර වලට.
    හීනයක් වුනත් මට හැමදාම තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි මට හැමදාම එකම හීනෙ පෙනෙන්නෙ ඒ හීනය හීනයක් ම බව දැනෙද්දිත්..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails