Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, July 1, 2011

පවුමට 35000 නම් ඒ මුලු මුදලම මට ඕනේ...


රන් භාණ්ඩ මිලදීගැනීම කියන්නෙ බොහෝදෙනෙක් තමන්ගෙ මුදල් ආයෝජනය කරන ක්‍රමයක්. ඒ හදිසියකදි ඒවා උකස් කරලා මුදල් ගැනීමේ බලාපොරොත්තුවත් රන්භාණ්ඩ රැස්කිරීමේ ආසාව වගේම ඇතිනිසා. ඉතින් තමන්ට මුදල් හදිසියක් වුනාම බොහෝදෙනෙක් ඉක්මනින්ම තමන් සතු රන්භාණ්ඩ උකස් කිරීමට යොමු වනවා

මෙතැනදි බොහෝදෙනෙක් කරන වැරැද්දක් තමයි පවුමට වැඩිම මුදල ගෙවන අයෙකු/ස්ථානයක එම රන්භාණ්ඩ උකස් කිරීමට යෑම හා තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම.

  • පවුමට වැඩිම මුදල ගෙවන කෙනා/ස්ථානයේ පොලීඅනුපාතය බොහෝවිට අන් අයට වඩා වැඩි වීමේ සම්භාවිතාවක් පවතිනවා. ඒ බව සිහිවෙන්නෙ එම රන්භාණ්ඩ සඳහා වාරික ගෙවන විටයි. එවිට විශාල මුදලක් පොලිය ලෙස ගෙවන්න වෙනවා.
  • තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම තමයි ඉතාම බරපතලම වරද තමන්ට තමන්ම කරගන්නා.

මෙතැනදි අපි හිතමු පවුමට රුපියල් 35000 ගෙවන තැනකට ගිහින් අපි උකස් කරන භාණ්ඩයට රුපියල් 30000 දෙන්න පුලුවන් යැයි කීවා කියා. ඒත් අපිට අවශ්‍ය රුපියල් 20000 වුනත් බොහෝවිට අපි රුපියල් 30000 ම ගන්න යොමුවනවා. එතැනදි අපේ අවශ්‍යතාව පිරිමසාගෙන ඉතිරිවන මුදල වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් යොදා ගන්නවා. නමුත් අපි අමතක කරන දෙයක් තමයි අපි ලබාගත් මුලු මුදලම පොලියත් සමඟ නැවත ගෙවිය යුතු බව. එතැනදි අපි අවශ්‍යතාවට පමණක් මුදල් ලබා ගත්තානම් ගෙවීමට සිදුවන මුදල අඩු නිසා එය තමන්ට හිසරදයක් නොවන ආකාරයට ඉක්මනින් ගෙවා නිම කළ හැකියි නේද? උපරිම මුදල ලබා ගැනීම සිදු කළ යුතුවන්නේ තමන්ට අවැසි මුදල ගැන තක්සේරුවක් නොකළහැකි විටත් එම උපරිම මුදල සම්පූර්ණයෙන්ම අවැසි බව තේරුම් ගියහොත් පමණක් බවයි මගේ හැඟීම. එවිට තමන් සතු රන්භාණ්ඩ වෙනත් අයට ඉතා අඩු මුදලට වෙන්දේසි වීමේ සම්භාවිතාවත් අඩු වේවි

අපි හම්බකරපු සල්ලි වලින් ගත් රන්භාණ්ඩ වෙනත් අයට අඩු මුදලට හිමිකරදීම තමන්ට දුක හිතෙන දෙයක් නේද?  

මොකද අපි රන්භාණ්ඩ මිලදීගන්නෙ වෙනත් අයට අඩුමුදලට දීලා පින්රැස් කරගන්න නොවෙයි නේ..?

4 comments:

  1. මේ කතාව ඇත්ත තමා. අපේ මාමලාත් දවසක් ඔහොම මාලයක් උකස් කලා. අවශ්‍යතාව උනේ රුපියල් 5000ක් විතර. කොහොමහරි 23,000ක් අරගෙන අන්තිමේදි ගෙවා ගන්න බැරුව මාලය සින්න උනා.

    ReplyDelete
  2. හරිම වටින අදහසක්නෙ..ඇත්තටම මංචිටනං ඕක හාංකවින්සියක්වත් හිතිලා තිබුණු දෙයක් නෙවෙයි... :)

    ReplyDelete
  3. @මධුරංග @මකුළුපැංචි බොහෝම ස්තුතියි ප්‍රතිචාර වලට.

    ReplyDelete
  4. හොඳ ලිපියක් සහෝ... ඔබ වැදගත් කරුණක් ඉස්මතු කරල තියෙනවා..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails