මම
ඔව් ඉතින් මම තමයි
කවුද කීවෙ මම අහවලා වගේ කියලා
මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ
බලන්න
මම
දකින්නෙ මගේ ඇස්වලින්
මගේම කෝණයෙන්
හිතන්නෙ මට ම අදාල විදියට
මගේ ම විදියට
ඉතින් සිතුවිලි ත් මගේ
නමුත්
කලින් හිටපු මම නොවෙයි
දැන් ඉන්නෙ
කලින් මම හිටියෙ
අතීතයේ
දැන් මම ඉන්නෙ
වර්තමානයේ
තව මොහොතකින්
අනාගතයේ
ඉතින් හැම විටම
මම වෙනස් කෙනෙක්
උත්සාහ කළෙමි
මම
වෙනත් කෙනෙකු වෙන්නට
සෙවුයෙමි
මම කොහිදැයි
හමුවිය
මොහොතකින්
මාහට
මම
මම
මම ම බව
හැඟී ගිය විට
උත්සාහ කළෙමි
මම
මම ම
වන්නට
ඒ
මම
මම ම වන එක
වෙනත් කෙනෙකු වනවාට වඩා
හොඳ යැයි හැඟුනු නිසා
ඒත් මම මම මයි
වෙනත් කෙනෙකු නොවන
මම
මගේ ම විදියට හිතන
මම
මගේම විදියට ජීවත් වන
මම
තමන් තමන් උනාම ඇති. වෙන කෙනෙක් වෙන්නෙ මක්කටෙයි!!!! :)
ReplyDeleteඇත්ත..තමන්ගේ අනන්‍යතව එහෙම්ම තියාගන්න ..වෙන කෙනෙක් තුලින් ඔයාව හොයන්න ඔයාට කවදාවත් බැහැ..
ReplyDeleteතමන් තමන් වෙන එක තමයි හොඳම දේ..හැබැයි කාගේ හරි හොඳ දෙයක් තියේ නම් එක තමන්ගේ ජීවිතයට අදාළ කරගත්තත් අවුලක් නැහැ..
ReplyDeleteතමන් වෙනුවෙන්ම මිසක් වෙන කෙනෙක් වෙනුවෙන්..වෙන දෙයක් වෙනුවෙන් ''තමන්'' කියන අනන්‍යතාවය නැති කරගන්න එපා.... :))
ReplyDelete@මධුරංග @නිම්ශා @deeps @මකුළු පැංචි
ReplyDeleteස්තුතියි ප්‍රතිචාර වලට..
ලිපියට ඇමිණුමක් කරන්න තියෙනවා..
සමහර අවස්ථා තියෙනවා තමන් තමන් විදියට ඉන්නවාට වඩා වෙනත් කෙනෙකු වීම වැදගත් වෙන. ඒ වුනාට තමන් වෙනත් අයෙකු වුනාම තමන් තමන්ටම ආගන්තුකයෙක් වෙන නිසා එතැනදි ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාව වැඩියි..