Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, July 14, 2011

මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ ?


මම
ඔව් ඉතින් මම තමයි
කවුද කීවෙ මම අහවලා වගේ කියලා
මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ

බලන්න
මම
දකින්නෙ මගේ ඇස්වලින්
මගේම කෝණයෙන්
හිතන්නෙ මට ම අදාල විදියට
මගේ ම විදියට

ඉතින් සිතුවිලි ත් මගේ

නමුත්
කලින් හිටපු මම නොවෙයි
දැන් ඉන්නෙ

කලින් මම හිටියෙ
අතීතයේ
දැන් මම ඉන්නෙ
වර්තමානයේ
තව මොහොතකින්
අනාගතයේ

ඉතින් හැම විටම
මම වෙනස් කෙනෙක්

උත්සාහ කළෙමි
මම
වෙනත් කෙනෙකු වෙන්නට

සෙවුයෙමි
මම කොහිදැයි

හමුවිය
මොහොතකින්
මාහට
මම
මම
මම ම බව
හැඟී ගිය විට
උත්සාහ කළෙමි
මම
මම ම
වන්නට

මම
මම ම වන එක
වෙනත් කෙනෙකු වනවාට වඩා
හොඳ යැයි හැඟුනු නිසා


ඒත් මම මම මයි
වෙනත් කෙනෙකු නොවන
මම
මගේ ම විදියට හිතන
මම
මගේම විදියට ජීවත් වන
මම

5 comments:

  1. තමන් තමන් උනාම ඇති. වෙන කෙනෙක් වෙන්නෙ මක්කටෙයි!!!! :)

    ReplyDelete
  2. ඇත්ත..තමන්ගේ අනන්‍යතව එහෙම්ම තියාගන්න ..වෙන කෙනෙක් තුලින් ඔයාව හොයන්න ඔයාට කවදාවත් බැහැ..

    ReplyDelete
  3. තමන් තමන් වෙන එක තමයි හොඳම දේ..හැබැයි කාගේ හරි හොඳ දෙයක් තියේ නම් එක තමන්ගේ ජීවිතයට අදාළ කරගත්තත් අවුලක් නැහැ..

    ReplyDelete
  4. තමන් වෙනුවෙන්ම මිසක් වෙන කෙනෙක් වෙනුවෙන්..වෙන දෙයක් වෙනුවෙන් ''තමන්'' කියන අනන්‍යතාවය නැති කරගන්න එපා.... :))

    ReplyDelete
  5. @මධුරංග @නිම්ශා @deeps @මකුළු පැංචි
    ස්තුතියි ප්‍රතිචාර වලට..

    ලිපියට ඇමිණුමක් කරන්න තියෙනවා..
    සමහර අවස්ථා තියෙනවා තමන් තමන් විදියට ඉන්නවාට වඩා වෙනත් කෙනෙකු වීම වැදගත් වෙන. ඒ වුනාට තමන් වෙනත් අයෙකු වුනාම තමන් තමන්ටම ආගන්තුකයෙක් වෙන නිසා එතැනදි ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාව වැඩියි..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails