Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, February 17, 2011

වෙන්ව යන්නට කාලයයි මේ. ඉතින් අපි සමුගනිමු


කාලයක් තිස්සෙ ඒ කියන්නෙ අවුරුදු 3ක් විතර තිස්සෙ මම හැමදාම වගේ මූනුපොත පැත්තෙ ඇවිත් ගියා. ඒ අතරින් පතර මට මූනුපොතින් ඈත් වෙන්න හිතුනත් ඒ සිතුවිල්ල විවිධ හේතු නිසා ක්‍රියාත්මක වුනේ ම නෑ. නමුත් ඊයේ දිනයේ මට හිතුනා මූණුපොතින් ඈත් වුනොත් හොඳයි කියලා හිතුනත් ඒ සිතුවිල්ල කලින් වතාවට වඩා බලවත් කියලා මට හිතෙනවා. ඒ නිසා මම තීරණය කළා මූනුපොත භාවිතයෙන් ඈත් වෙන්න.
ඉතින් මම තීරණය කළා මූනුපොතේ ගිණුම වසා දැමීමෙන් තොරව භාවිතයෙන් ඈත් වෙන්න ඕන කියලා. මොකද මම හිතන විදියට මේ සිතුවිල්ල කොතරම් කාලයක් පවතීදැයි කියා මට විශ්වාස නෑ. ඒ වගේම මූනුපොතේ ගිණුමක් නැතිව ඉන්නවාට වඩා ගිනුමක් තිබෙන එක හැම අතින්ම හොඳයි.
ඒ නිසා අපි කරන්න ඕන අපිවම පාලනය කරගන්න එකයි කියලායි මම හිතන්නෙ.

වෙන්ව යන්නට
කාලයයි මේ.

ඉතින්...
අපි සමුගනිමු
facebook

හිතුනොතින්
නැවත
මුනගැසෙමු

එතෙක්....

Wednesday, February 16, 2011

රොෂාන් හේරත් ( roshan herath ): firefox මගින් files ඩවුන්ලෝඩ් කරමු (3G data bundl...

රොෂාන් හේරත් ( roshan herath ): firefox මගින් files ඩවුන්ලෝඩ් කරමු (3G data bundl...: "ගොඩක් දෙනා මේ වෙද්දි youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තමන්ගෙ පරිගණකයට එක එක විදියෙ software install කරගෙන ඇති.. ඒ වුනාට අපිට අමතක වුනු දෙයක් ත..."

firefox මගින් files ඩවුන්ලෝඩ් කරමු (3G data bundle එක ඉතුරු කරමු)...

ගොඩක් දෙනා මේ වෙද්දි youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තමන්ගෙ පරිගණකයට එක එක විදියෙ software install කරගෙන ඇති.. ඒ වුනාට අපිට අමතක වුනු දෙයක් තමයි web browser ( firefox, internet explorer , chrome වැනි) හරහා තමන් ගොඩවදින බොහෝ වෙබ් අඩවි අපට පෙන්වන්නෙ පරිගණකය මතට ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව බව. අපි browser එක වසන විට ඩවුන්ලෝඩ්වූ මෙම files ඉබේම මැකී යනවා. ඉතින් අපි youtube වීඩියෝවක් ඩවුන්ලෝඩ් කරගන්න විවිධ software පාවිච්චි කරනවාට වඩා වාසියි නේද මේ ඩවුන්ලෝඩ් වූ file එක හොයාගෙන save කර ගන්න එක.

ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ 3G packeages නිසා youtube හරහා නැරඹූ video එක ඩවුන්ලෝඩ් කරනවිට එම video එක වෙනුවෙන් තවත් වරක් තමන්ගේ package එකේ download capacity එක භාවිතා කිරීමෙන් වලකින්න පුලුවනි.

ඔබ පාවිච්චි කරන්නෙ firefox නම් url එක (වෙබ් ලිපිනය යොදන තැන) යොදන තැන about:support කියලා type කරලා enter කරන්න. එවිට Troubleshooting Information කියලා පිටුවක් විවර වේවි. එහි Application Basics නම් මාතෘකාව යටතේ ඇති Profile Directory තීරුවේ open containing folder නම් යොමුව (link) මත click කල විට firefox මගින් භාවිතා කරන folder එකක් open වේවි. එහි බලන්න cache නමින් folder එකක් ඇති. එම folder එක තුල තමයි මම මේ කීව files තාවකාලිකව ගබඩා කරගන්නෙ.

මේක අත්හදා බලන්න එම folder එක open කරගෙන firefox හරහා  වෙබ් පිටුවක් load කරගෙන folder එක තුල තියෙන files මොනවාද කියලා බලන්න..

cache  folder එකේ හැර වෙනත් folder වල files එක්ක සෙල්ලම් කරලා firefox ක්‍රියාත්මක නොවෙන තත්වයට පත් කරගන්නවා එහෙම නෙවෙයි හොඳේ...

නමුත් මම පාවිච්චි කරන්නෙ opensuse 11.3 (ලිනක්ස්) මත firefox 3.6.13 නිසා windows පාවිච්චි කරන අයට මේක කරන්න පුලුවන් වේවිද දන්නෙ නෑ. වින්ඩෝස් පරිගණකයක් හමුවුන විට පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්. මොකද මම රැකියාව කරන තැන දි අන්තර්ජාලය පාවිච්චි කරන්න විදියක් නෑ.

ඉංග්‍රිසි වචන පාවිච්චි කළේ ඒ වෙනුවෙන් යෙදෙන සිංහල වචන යෙදුවම ලිපිය තේරුම් ගන්න වෙන්නෙත්  අදාල ඉංග්‍රිසි වචනය හොයාගෙන ම නිසායි.

Tuesday, February 8, 2011

වර්තමාන ජනමාධ්‍ය හා නිවේදක නිවේදිකාවන්....


අද රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනක නිවේදිකාවක් තමන්ගෙ වැඩසටහනට ආරම්භයක් විදියට දැනට ඇතිවෙමින් පවතින ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම ගැන කතා කරමින් කියා සිටියේ ලෝකයේ ජනතාව අතරින් ක්‍රිකට් ක්‍රීඩා තරඟ නැරඹීමට අකැමති කිසිම කෙනෙකු නැති බවයි.

නමුත් මට ඒ වෙලාවේ ඒ නිවේදිකාව ගැන හරියට දුක හිතුනා. මොකද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් වුනාට ඊට ලෝකයේ සෑම රටකින්ම කණ්ඩායම් ඉදිරිපත් කරනවා දැයි මට සිතුනු නිසා..

බොහෝ නිවේදක නිවේදිකාවන් තමන්ගේ කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කරනවා ඒ කියැවෙන දේ ගැන සිතාබලන්නෙ නැතිවම. මාධ්‍ය ආයතන තමන්ගේ වැඩසටහන් පෙළගස්වන විට ඊට හොඳින්ම ගැලපෙන කෙනාව එම වැඩසටහනට යොදාගන්නවානම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ කියලායි මට හිතෙන්නෙ. නිවේදනය කරනවා කියන්නෙ තමන් හොඳින් නොදැන හිටියත් තමන් නොදන්නාබව නොපෙන්වා තම නිවේදන කටයුතු කරගෙනයාම මිසක් හිතෙන හිතෙන දේ ජනතාවට ප්‍රකාශ කර ජනතාව නොමඟ යැවීම නොවෙයි නේද?

පොඩ්ඩක් හිතලා බලන්න ලෝකයේ රටවල් වලින් කීයෙන් කීයද ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙ කියලා. රටවල් කීයක් තියෙනවාද ක්‍රිකට් ක්‍රීඩා නොකරන. ඒත් මේ නිවේදිකාව හිතන් ඉන්නෙ ලෝක කුසලාන තරඟාවලිය කියන්නෙ ඔලිම්පික් හෝ ලෝක පාපන්දු ශූරතාවලිය හා සමාන දෙයක් කියලායි. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නොව පාපන්දු බව මේ නිවේදිකාව නොදැන සිටියාද?
(වැඩසටහනට සහභාගි වු ක්‍රිකට් විස්තර විචාරකයෙකු කියා සිටියේ තමන්ගේ දරුවන් ක්‍රිකට් තරඟ නරඹන්නේ නැති බවය.)

Monday, February 7, 2011

ඊමේල් මගින් ලැබුණු ලිපි - බැරෝමීටරය

මේ මගේ අදහසක්වත් නිර්මාණයක්වත් නොවෙයි. මේක මට ලැබුණෙ ඊමේල් එකකින්.. ඒ කියන්නෙ මට අයිති නෑ... උපුටා ගැනීමක්.. බ්ලොග්අවකාශෙ ඉන්න  ගොඩක් අයට මේ ලිපිය ලැබිලා ඇති. කියවලාම බලන්නකෝ...


මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.


මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..

මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි මුළු ලකුණු ගණනම ඕනා කියල...

මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්‍රශ්නය කියෙව්වා...
ප්‍රශ්නය මෙහෙමයි .”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”


කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගට බැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”


ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල් එකක්....
මම ශිෂ්‍යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා , කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...

මගේ යාලු lecturer ත් පැත්තකින් ඉඳගෙන ඉන්නවා . විනාඩි පහක් ගියාම මම ඔලුව උස්සල බැලුව කොල්ල ලියන පාටක් නෑ .”දැන්වත් පිළිගන්නවද තමුන් වැරදියි කියල ?” මම ඇහුවා .එතකොට ඌ කියපි උත්තර ගණනාවක් තියනවා මම කල්පනා කරන්නේ මොකක්ද හොඳම එක කියලයි .එහෙම කියල මිනිහ ආපහු පටන් අර ගත්ත පාර ලියාගෙන ලියාගෙන ගිහින් කොහොමහරි විනාඩි හය ඇතුලත මට උත්තර කොලය අරන් ආව.මම කියවල බැලුවම මිනිහ ලියල ” බැරෝමීටරය රැගෙන බිල්ඩිම මුදුනට ගිහින් BAROMETER එක පොළොවට අත හරින්න. මෙහිදී BAROMETER එක පොලවට පතිත වෙන්නට ගතවෙන කාලය STOPWATCH එකකින් මැන ගන්න. ඉන් පසු ඒ දත්තයන් X=0.5*a t^2, සුත්‍රය භාවිතා කර බිල්ඩිමේ උස ගණනය කරන්න . මම උත්තරය කියවල මගේ මිත්‍ර lecturer ට දීල ඇහුව මොකද කියන්නේ කියල .මිත්‍රය කිසි කතාවක් නැතුව සම්පුර්ණ ලකුණු ගාණම දුන්නා . ප්‍රශ්නය විසඳුනා .ඔක්කොමල්ල හැපි...
මේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්....
දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුනා . මම වැඩය වගේ පිටත් වෙලා එන්න හදන කොට මට මතක් වුණා මේ හාදයා කිව්වා නේද තව උත්තර ගණනාවක් තියෙනවා කියල. ඉතින් මම පොඩ්ඩක් නැවතිලා කොල්ල ගෙන් ඇහුව ඒ ගැන.එතකොට මිනිහ කියනවා. ඔව් ඔව් තව ක්‍රමවල් ගොඩක් තියනෙවා....
“තව එක විදියක් තමයි අව්ව තියෙන දවසක බිල්ඩිමේ හෙවනැල්ල මැනල ඒ එක්කම barometer එකේ හෙවනැල්ලත් මැනල ඒ දත්ත දෙක සංසන්දනය කරලා උත්තරය හොයා ගන්න පුළුවන්.”
මම ඇහැව්වා තව මොනවද කියල.
මිනිහ තව උත්තරයක් දෙනවා.”barometer එක අරගෙන පඩිපෙළ දිගේ බිල්ඩිම උඩට නගින ගමන් අඩි කෝදුවක් වගේ BAROMETER එකෙන් මනින්න . මෙහෙම ගියාම අන්තිමේදී බිල්ඩිමේ උස BAROMETER ඒකක වලින් නිගමනය කරන්න පුළුවන්.ඒක බොහොම සරල විදියක් .
එකට වැඩිය සංකීර්ණ විසඳුමක් ඕනෙනම් barometer එක නුලක අගට ගැට ගහල ඒක pendulam එකක් වගේ පද්දන්න පොලොව මට්ටමෙන් සහ බිල්ඩිම මුදුනෙන් .මෙහිදී ගුරුත්වාකර්ෂණ අගයන් දෙකක් ලැබේවි . ඒ පොලොව මට්ටමේදී අගයයි බිල්ඩිම මුදුනේදී අගයයි . ඒ අගයන් දෙකේ වෙනස උපයෝගී කරගෙන බිල්ඩිමේ උස ( in principle ) හොයා ගන්න පුළුවන් .ඒ ආකාරයටම ආයෙත් BAROMETER එක ලනුවක ගැට ගස බිල්ඩිම මුදුනට ගිහින් ලනුව පොලවට කිට්ටුවට පාත් කර ආපහු පද්දල ඒ පැද්දෙන දුර period of precession අනුව යමින් නිසි උත්තරය හොයාගන්නත් පුළුවන් . ( *මගේ නම් මචන් PHYSICS අන්තිමයි. ඒ නිසා මේවා තේරුම් කරන්නනම් අහන්න එපා..)


මේ ඔක්කොම වලින් ලේසිම මමත් කැමතිම විදිය තමයි BAROMETER එක අරගෙන බිල්ඩිම නඩත්තු කරන සුපිරින්ටෙන්ඩන්ට් ගේ office ට ගිහින් දොරට තට්ටු කරන්න .මිනිහ දොර ඇරියම බොහොම ගරු සරු ඇතුව මිනිහට කතා කරල කියන්න “සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයෝ.මෙන්න ඔහෙට බොහොම වටිනා හොඳ BAROMETER එකක් ගෙනාවා . මේක අරගෙන . තරහ නොගෙන මේ බිල්ඩිමේ උස හරියටම කීයදැ කියල මට කියන්නකෝ.” මිනිහ උත්තරේ දෙයි පටස් ගාල...


ඔය වගේ ක්‍රම සහ විදි රාශියක් තියෙනවා BAROMETER එකක් උපයෝගී කරගෙන බිල්ඩිම්වල උස මනින්න, කියල කොල්ල දෙසා බැවා...
ඉතින් මේ විදියට මේ උත්තර ටික දීගෙන යනකොට මට වුනත් තේරෙනවා මූ මෝඩයෙක් නෙවෙයි කියල .මම ඒ පාර ඇහැව්වා තමුසේ ඇත්තටම හරි උත්තරේ දන්නේ නැතිද කියල...එතකොට ඌ කියපි අර lecturer බලාපොරොත්තු වෙන “නිවැරදි” උත්තරෙත් ඌ දන්නවා. හැබැයි ඌට එදා ඉඳන් අරහන් ඔය පොතේ හැටියටම ,සම්මතෙන් පිට නොගිහින්, උන් හිතන යල් පැන ගිය විදියටම අපිවත් යවන්න හදන ගුරුවරුන්ව . ඒකයි මෙහෙම කලේ කියලා....
මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....

මිනිහගේ නම Niel Bohr . කස්ටිය නම් දන්නවත් ඇති....
කොහොම හරි කතාවේ moral එක ....

" බැහැ කියල දෙයක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියනවා . ස්ටෑන්ඩර්ඩ් solution එක හරියන්නේ නැත්තන් තව තව ක්‍රම සහ විදි තියෙනවා."


මේ මගේ අදහසක්වත් නිර්මාණයක්වත් නොවෙයි. මේක මට ලැබුණෙ ඊමේල් එකකින්.. ඒ කියන්නෙ මට අයිති නෑ... උපුටා ගැනීමක්.. බ්ලොග්අවකාශෙ ඉන්න  ගොඩක් අයට මේ ලිපිය ලැබිලා ඇති.

Saturday, February 5, 2011

සතුට උරුම කළ වස්සානයට ...

ඉඩෝරයට හසුව
ඉරිතලා තිබුණු මහපොළවට
වැස්සක් මෙන් පැමිණ
හදිසියේම තුරල්ව ගියද
නැවතත් ඉඩෝරයට හසුව
පොළව ඉරි නොතලන බව
විශ්වාසයි ....


වැස්ස තුරල්වීම ගැන
දුකක් ඇතිවීදැයි
සතුටක් ඇතිවීදැයි
සිත විපිලිසර ව ඇති බැවින් දැයි
නොහැඟේ ...

නමුත්
සීමිත කාලයක් තුල වුව
සතුට උරුම කළ වස්සානයට
තුති පුදමි මම ....



Friday, February 4, 2011

ලංකාවට මෙතරම් ගායකයින් හිඟද?

හික්ස්..
දැන් ලංකාවෙ හැම මාධ්‍ය ආයතනයකම වගේ නවක ගායක ගායිකාවන් වෙනුවෙන් තරඟ තියෙනවා කියලා මම හිතනවා.. මම සාමාන්‍යෙයන් රූපවාහිනිය (ජාතික රූපවාහිනිය විතරක් නෙවි පොදුවේ ගත්තම TV එක) නරඹන්නෙ නැති වුනත් මම සේවය කරන තැන දි මට වැඩසටහන්වල හඬ ඇසෙනවා..

දිනක් මට ඇහුනා එක ආයතනයකට නවක ගායන තරුවක් කියලා කෙනෙක් ව ගෙන්නලා වැඩසටහනක් කළා.. ඒ ගායකයා කීවා (ගායනා කළා වෙන්න බෑ) තමන් කැමතිම ගායකයාගේ ගීත කීපයක්.. මට ඒවා ඇහුනාම හිතුනා මේ මනුස්සයා කොහොමද ගායන තරුවක් වෙන්නෙ කියලා.. මොකද ඒ මනුස්සයා කළේ නියම ගායකයාගේ ගීත re-mix කරපු එක.. ගීතය පටන් අරන් ටික වෙලාවකට පස්සෙ ඔහු ගීතය කියනවා.. සංගීත වාදනය වෙනම යනවා.. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා තමයි.. ඒත් තමන්ගෙ නිර්මාණයක් නොවන/ වෙනත් අයෙකුගේ නිර්මාණයක් නියමිත තනුවයට අනුව ගායනය කරන්න බැරි කෙනෙකු ගායන තරුවක් ලෙස හඳුන්වන්න පුලුවනිද?

පලි: දැනට එක එක නාලිකා වලින් බිහිවුනු නවක ගායන තරු වලින් කීයෙන් කී දෙනාද  මේ වෙද්දි තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරලා තියෙන්නෙ කියන එක මට ඇති තවත් ප්‍රශ්ණයක්.. ඉතින් එහෙම බලද්දි මේ තරඟ වලින් මුදල් උපයන්නෙ මාධ්‍ය ආයතන හා දුරකථන සමාගම් නේද?

Thursday, February 3, 2011

කාන්තා නියෝජනයක් වෙනුවනේ ඡන්දය දෙන්නලු

හැමෝම දන්නවා ඇතිනේ මේ දවස්වල ආයෙත් ඡන්දයක් වෙනුවෙන් කටයුතු සිද්ද වෙනවා කියලා.
.
පහුගිය දිනක මම වැඩකරන තැනට ආපු ගෑණු කෙනෙක් එතන හිටපු හැමෝවම හමුවෙලා කීවා "මම විතරයි අපේ පක්ෂෙන් මේ පාර ඡන්දයට ඉදිරිපත් වුනු එකම කාන්තාව. ඒ නිසා කාන්තා නියෝජනයක් වෙනුවෙන් මාව ජන්දෙන් දිනවන්න මට ඡන්දය දෙන්න" කියලා ..

ඒ වෙලාවෙ ගණුදෙනුකරුවන් කවුරුවත් නොහිටපු නිසා අපි ඇහුවා "මිස් මොනවද අපි වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?" කියලා..

එතකොට ඒ ඡන්ද අපේක්ෂිකාව කියනවා "තවම අංක දීලා නෑ අපිට.. මම ඡන්දෙන් දිනුවොත් ඔයගොල්ල වෙනුවෙන් කැපවෙලා සේවය කරනවා" කියලා..



දැන් ඡන්දෙ ඉල්ලන අය දෙන බොරු පොරොන්දු දිහා බලපුවම මම නමු හිතන්නෙ "බොරු පොරොන්දු දීලා ඡන්දෙ දිනලා , වැඩක් නොකර ඉන්නවට වඩා ඡන්දෙ ඉල්ලන වෙලාවෙම ඒ බව කියන එක හොඳයි" කියලායි.


තමන් කරන කියන දේ පිළිබඳව පැහැදිලි දර්ශණයක් නැතිව තමයි දැන් ගොඩක් අය ඡන්දය ඉල්ලන්නෙ..

ඒ අතරම තවත් දෙයක් සිදුවෙනවා.. පාක්ෂිකයන් කියලා කියවා ගන්න මිනිසුන් පිරිසක් රැස්කරගෙන මාර්ගයේ ගමන් ගන්නා අය අපහසුවට පත් වෙන විදියට මාර්ග තදබද ඇතිවන විදියට "රථ පෙළපාලි" යාම.. මෙය දරුණු වෙන්නෙ ඒ මාර්ගය ගම්බද එකක් වුනොත්.. මොකද ඒ රථ පෙළපාලියට ඉස්සර කරන්න විදියක් නැති නිසා ඊට පසුපසින් යන අයව පාරෙ ඉන්න අය දකින්නෙ ඒ අපේක්ෂකයාට සහය දෙන්නෙක් විදියට.


මතක ඇතිනෙ නාමයෝජනා දුන් දවස.. එදා මාර්ග තදබදය ඇතිවන විදියට රැස්වීමක් තියපු තැනක මාර්ග .තදබදය නිසා තමන්ගෙ ගමන යාමට නොහැකිව රැඳීහිටපු කාන්තාවක් අපේක්ෂකයා ළඟටම ගිහින් බැනලා තිබුණා "උඹලා ඡන්දෙ දිනුවම අපිට පාරෙ යන්නත් නෑ.. ඡන්දෙ ඉල්ලද්දි පාරෙ යන්නත් නෑ " කියලා. ඒක ඇහුණු අපේක්ෂකයා ඉක්මනට පාරේ අවහිරතාව ඉවත් කරලා දීලා...

Tuesday, February 1, 2011

විශ්වාසයි අලුත් වැස්සක් වසින බව....

විශ්වාසයි....
අලුත් වැස්සක් වසින බව...

ඒ වැස්සෙන්.....
පුරන්වගිය සිත්යාය
අස්වදින බව
නැවතත්....

Related Posts with Thumbnails