ඉඩෝරයට හසුව
ඉරිතලා තිබුණු මහපොළවට
වැස්සක් මෙන් පැමිණ
හදිසියේම තුරල්ව ගියද
නැවතත් ඉඩෝරයට හසුව
පොළව ඉරි නොතලන බව
විශ්වාසයි ....
ඒ
වැස්ස තුරල්වීම ගැන
දුකක් ඇතිවීදැයි
සතුටක් ඇතිවීදැයි
සිත විපිලිසර ව ඇති බැවින් දැයි
නොහැඟේ ...
නමුත්
සීමිත කාලයක් තුල වුව
සතුට උරුම කළ වස්සානයට
තුති පුදමි මම ....
ඉරිතලා තිබුණු මහපොළවට
වැස්සක් මෙන් පැමිණ
හදිසියේම තුරල්ව ගියද
නැවතත් ඉඩෝරයට හසුව
පොළව ඉරි නොතලන බව
විශ්වාසයි ....
ඒ
වැස්ස තුරල්වීම ගැන
දුකක් ඇතිවීදැයි
සතුටක් ඇතිවීදැයි
සිත විපිලිසර ව ඇති බැවින් දැයි
නොහැඟේ ...
නමුත්
සීමිත කාලයක් තුල වුව
සතුට උරුම කළ වස්සානයට
තුති පුදමි මම ....
අවංකවම කීවොත් මට නම් දැන් වැස්සා හොඳ ටෝම ඇති ..දාඩිය බේරෙන කාලෙට මම හීනෙනුත් වැස්සට තෙමෙන්න ආසා කලා..ඒ හීනේ සැබෑවෙලා
ReplyDeleteදෙපිටින් යන්න වහිනවා ..අදත් වැස්සොත් දොරකොඩට වතුර ඒවි . හෙටත් වැස්සොත් .ආරාධනයකින් තොරව ගේ ඇතුලටම ඒවි .. අනිද්දත් වැස්සොත් ?
වැස්සත් ඕන ..ඒත් ..
ලස්සන කවියක් යාළු...
ReplyDeleteවස්සානයට පෙම් බැද
ReplyDeleteකාත්තාරයක තනිවම
@හිස්අහස.. ඒක ඇත්ත. වැස්ස නැතිවත් ඇතුවත් පීඩාවට පත්වෙන්න වෙනවා නෙව අපට..
ReplyDelete@තාරා ස්තුතියි ඔබට .
@සොඳුරුසිත ඇත්ත. කාන්තාරයට වැස්ස නුහුරු වුනත් වැස්ස වසින තුරු බලාපොරොත්තුවෙන් සිටිනවා .