Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, July 3, 2012

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?

රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.
අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...

හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..
හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..
ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..
උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා..
තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..


ඉස්සර හවස හතරහමාර පහ විතර වෙද්දි ගෙදර ආව මම දැන් ගෙදර එන්නෙ සතියකට වතාවක්.
සතියෙ දවස් පහක් නිවසින් පිට නවාතැනක..
දැන් නවාතැනට යද්දි හවස හත පහුවෙනවා. ඒ වුනාට ඒ නවාතැන්පල තියෙන්නේ රැකියාව කරනතැන ඉඳලා මීටර 500ක්වත් නැති දුරකින්..
කෙනෙක් හිතාවි අපි වැඩිපුර වැඩ කලාම අතිකාල ගෙවනවා නේද කියලාත්..
ඒක ඇත්ත. අපිට අතිකාල ගෙවනවා. මාසෙ පඩිපතට සමාන මුදලක් වුනත් අතිකාල වලින් හොයන්න පුලුවනි..

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?
අපි සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න නේද? ඒ වුනත් සල්ලි කොච්චර හෙව්වත් වැඩක් වේවිද මේ වගේ නිදහසක් නැති ජීවිතයක් ගතකරලා.. ගොඩක් උත්සාහ කරලා හැමදේම සතුටින් විඳගන්න කරපු උත්සාහයන් තව තවත් නිදහස නැතිවෙන තැනට පත් කරලා.



Related Posts with Thumbnails