රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.
අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...
හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..
හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..
ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..
උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා..
තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..
ඉස්සර හවස හතරහමාර පහ විතර වෙද්දි ගෙදර ආව මම දැන් ගෙදර එන්නෙ සතියකට වතාවක්.
සතියෙ දවස් පහක් නිවසින් පිට නවාතැනක..
දැන් නවාතැනට යද්දි හවස හත පහුවෙනවා. ඒ වුනාට ඒ නවාතැන්පල තියෙන්නේ රැකියාව කරනතැන ඉඳලා මීටර 500ක්වත් නැති දුරකින්..
කෙනෙක් හිතාවි අපි වැඩිපුර වැඩ කලාම අතිකාල ගෙවනවා නේද කියලාත්..
ඒක ඇත්ත. අපිට අතිකාල ගෙවනවා. මාසෙ පඩිපතට සමාන මුදලක් වුනත් අතිකාල වලින් හොයන්න පුලුවනි..
ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?
අපි සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න නේද? ඒ වුනත් සල්ලි කොච්චර හෙව්වත් වැඩක් වේවිද මේ වගේ නිදහසක් නැති ජීවිතයක් ගතකරලා.. ගොඩක් උත්සාහ කරලා හැමදේම සතුටින් විඳගන්න කරපු උත්සාහයන් තව තවත් නිදහස නැතිවෙන තැනට පත් කරලා.

ඒක හරි.
ReplyDeleteමොන දේ තිබුනත් තමන්ගේ නිදහස නැත්නම් වැඩක් තියේවි යෑ.
හැබැයි මට නම් හිතෙන්නේ ටික දවසක් යනකොට ඔය ජීවිතේට හුරු වේවි.
මල්ලිට කියන්ඩ මාත් වැඩට යනවා කියලා කියන්නේ ට්‍රිප් එකක් යනවා වගේ. දැන් නම් ඒ ට්‍රිප් එකට හොදටම හුරු වෙලා ඉන්නේ. හික්ස් :)
රැකියාවක් අවශ්‍ය වුනත් අපේ ජීවිතේ පලමුතැන දෙන්න ඕන අපට මිසක් රැකියාවට නෙවි කියලායි මම හිතන්නෙ.. මොකද රැකියාවක් කරන්න නම් "මම" සතුටින් සැහැල්ලුවෙන් නිරෝගීව ඉන්න වෙනවා..
Deleteපව් වැඩේ මචං
ReplyDeleteඒකනෙ..ඒකනෙ..
Deleteඔයාට කියන්ඩ මල්ලි මමත් ඔහොම තමා උදේ 6ට වැඩට යන්ඩ ගෙදරින් යනව හවස 6ත් පහුවෙලා ගෙදර එනව.සෙනසුරාදත් යනව උදේම කැම්පස්.ඉරිදා විතරයි හුස්මක් කටක් ගන්ඩ තියෙන්නෙ.මටත් වෙලාවකට එපා වෙනව මොනව කරන්නද ඒත්.
ReplyDeleteපුරුදු උනාම හරියයි ටිකක්.
ඇත්ත. අපේ රැකියාවෙ හැටියට ශාඛාෙවන් ශාඛාවට කටයුතු සිදුවෙන්නෙ වෙනස්ම විදියකට.. ඒවාට හුරු වෙන්න නම් පුලුවනි.. ඒත් පුද්ගලික ජීවිතේ නැතිවෙනඑකට නම් මම හරිම අකැමතියි..
Deleteදැන් කොහෙද වැඩ ??
ReplyDeleteනුවරඑලියෙ යන්න වෙනවා කියලා මම කීවෙ මිස්.. හරියටම නියමිත දවසට සති 2කට පස්සෙ මට නුවරඑලිය ශාඛාවට යන්න වුනා.. සතියම නුවරඑලියෙ නැවතිලා ඉන්නවා.. සඳුදා උදේ ගිහින් සිකුරාදා රෑ ගෙදර එනවා.. කොළඔ යනවා එනවා වගේ නෙවි මිස්.. වාඩිවෙලා නිදාගෙන ආවත් ඇඟට මාර අමාරුවක් දැනෙන්නෙ..
Deleteහ්ම්.... ඕක නම් සහතික ඇත්ත. මොනවා කරන්නද??
ReplyDeleteමොනවා කරන්නද කියන්නෙ දැන් පටන්ගත්තා උදේවරුෙව සෙනග අඩු වෙලාවට නැගිටලා ඇවිදින්න.. එතකොටවත් ඇඟට වෙනසක් දැනෙන නිසා..
Delete@මධුරංග @නදී @නිසුපා. හුරුවීමත් ඒකාකාරී වීමත් එක්ක මේ ගතිය නැති වේවි නේද? ඒත් බාහිර ජීවිතේ..?
ReplyDelete@ඇනෝ.. ඒකනෙව..
@ජීවිතේමල්.. දැන් නුවරඑළියෙ මිස්.. වැඩ වැඩියි..
ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.