Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, February 5, 2011

සතුට උරුම කළ වස්සානයට ...

ඉඩෝරයට හසුව
ඉරිතලා තිබුණු මහපොළවට
වැස්සක් මෙන් පැමිණ
හදිසියේම තුරල්ව ගියද
නැවතත් ඉඩෝරයට හසුව
පොළව ඉරි නොතලන බව
විශ්වාසයි ....


වැස්ස තුරල්වීම ගැන
දුකක් ඇතිවීදැයි
සතුටක් ඇතිවීදැයි
සිත විපිලිසර ව ඇති බැවින් දැයි
නොහැඟේ ...

නමුත්
සීමිත කාලයක් තුල වුව
සතුට උරුම කළ වස්සානයට
තුති පුදමි මම ....



4 comments:

  1. අවංකවම කීවොත් මට නම් දැන් වැස්සා හොඳ ටෝම ඇති ..දාඩිය බේරෙන කාලෙට මම හීනෙනුත් වැස්සට තෙමෙන්න ආසා කලා..ඒ හීනේ සැබෑවෙලා

    දෙපිටින් යන්න වහිනවා ..අදත් වැස්සොත් දොරකොඩට වතුර ඒවි . හෙටත් වැස්සොත් .ආරාධනයකින් තොරව ගේ ඇතුලටම ඒවි .. අනිද්දත් වැස්සොත් ?

    වැස්සත් ඕන ..ඒත් ..

    ReplyDelete
  2. ලස්සන කවියක් යාළු...

    ReplyDelete
  3. වස්සානයට පෙම් බැද
    කාත්තාරයක තනිවම

    ReplyDelete
  4. @හිස්අහස.. ඒක ඇත්ත. වැස්ස නැතිවත් ඇතුවත් පීඩාවට පත්වෙන්න වෙනවා නෙව අපට..

    @තාරා ස්තුතියි ඔබට .

    @සොඳුරුසිත ඇත්ත. කාන්තාරයට වැස්ස නුහුරු වුනත් වැස්ස වසින තුරු බලාපොරොත්තුවෙන් සිටිනවා .

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails