හීනයක්
දුටිමි මම හීනයක්
එකක් නොව කීපයක්ම
සැබෑ කළහැකි හීන අහුරක්ම
එම හීන අහුර  
පොතක් ලෙස  
එක්රැස් කලෙමි මම  
නමුත් ඒ අතරින්  
එක් පිටුවක්
අස්ථානගත වී ය
එබැවින්
එම හීනය
සැබෑවක් නොවන  
හීන පොකුරට  
එක් කළෙමි මම
එම හීනය  
නැවත
මුලපටන්  
දැකිය යුතු වග
හැඟෙන විට 
පමාවූවා වැඩියැයි ද
හැඟේ මට.
 
 

ලස්සන කවි සංකල්පනාවක්.
ReplyDeleteමට නම් ජීවිතය කියලා කියන්නේත් එක හීනයක්. ඒක හැබෑ කරගන්න නොගන්න උත්සහයක් නෑ මම් !!!!
ගොඩක් වෙලාවල් වලදි පරක්කුයි..
ReplyDelete@මධුරංග @සාතන්
ReplyDeleteස්තුතියි ප්රතිචාර වලට.
හීනයක් වුනත් මට හැමදාම තියෙන ප්රශ්නෙ තමයි ඇයි මට හැමදාම එකම හීනෙ පෙනෙන්නෙ ඒ හීනය හීනයක් ම බව දැනෙද්දිත්..