දවසම ගෙදරටම වෙලා හිටියට අද දවසේ කරපු වැඩකටයුතු ප්‍රමාණයනම් හරිම සීමාසහිතයි වගේ. රෙදි හෝදලා කාමරේ අස්පස් කරලා දමලා දවල් වෙද්දි නාලා පැය 3 විතර නිදාගත්තා. නැගිටලා සති2ක් තුලදි සබ්මිට් කරන්න තිබුනු පැවරුම් 3ක් ඉවර කරා පැය5 විතර මහන්සි වෙලා. ඒත් ඉතින් හෙට හවස් වෙද්දි සබ්මිට් කරන්න තිබුනු එවා. හෙට හවස ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැති නිසා අද සබ්මිට් කරලා දැම්මා..
එක අතකට ගුගල් කියන්නෙ දෙවි කෙනෙක් වගේ.. අපි පැවරුම් කරන්නෙ ගුගල් දෙයියාගේ උදව් ඇතුවනේ.. සමහරවිට ගුගල් නොතිබුනානම් අපි වෙනත් සර්ච්එන්ජින් එකකට දෙවියා කියාවි. ඒත් ඉතින් ගුගල් තියෙනවානෙ..
මට නම් හිතෙන්නෙ මම ගුගල් මත රඳාපවතිනවා වැඩියි කියලා. එහෙම කියලා ගුගල්ගෙන් ඈත්වෙන්නයැ. දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

ඔබගේ දවසද මගේ දවසට සමානය!
ReplyDeleteගූගල් දෙය්යන්ට පින්සිද්දවේවා!!!
ReplyDeleteඅපේ පැත්තේ කට්ටිය සර්ච් කරනවා වෙනුවට කියන්නේ ගූගල් කරනවා කියලා. මේල් එකවුන්ට් එකට ලොග් වෙනවට කියන්නේ ජීමේල් බලනවා කියලා. ඒතරමටම ගූගල් අපිට සම්බන්ධයි !!!!
ReplyDeleteගූගලයට පින්..නැවතනැවත අපි අතරම ඔබ උපදීවා...
ReplyDeleteඔය දේම මට හිතුණෙ මෙහෙම. වෙළඳ වාසි අරභයා නෙවෙයි මේ දාන්නෙ. ඒ නිසා උඹට මුදල් ගෙවන්න වෙන්නෙත් නෑ හොඳේ... ;-)
ReplyDeletehttp://living.hartstuff.com/2011/08/after-googlization.html
ගුගල් සරණං ගච්චාමි......... හැමදාම කියවෙන සිල් පදයක්
ReplyDeleteමටත් හිතෙන්නේ අපි ගූගල් මත රඳා පවතිනවා වැඩියි කියලා තමයි. ගූගල් අපි ගැන දන්න තරම ගැන හිතනකොට බයත් හිතෙනවා :O
ReplyDeleteමටත් ඉතින් ඔච්චර තමා . . . . google සරණං ගච්චාමි . . . .
ReplyDeleteබලන් යද්දි අපි හැමෝම ගුගල් මත රඳාපවතිනවානේ...
ReplyDeleteස්තුතියි ප්‍රතිචාර වලට යාලුවනේ..