හීනෙන් දකින්නෙ
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..
මම නම් ගොඩක්ම ආසයි හීන බලන්න. මට හැබෑ ජීවිතයේ සිද්ද නොවෙන ගොඩක් දේවල් හීන ලෝකයේදි ඉටු වෙලා තියෙනවා.
ReplyDeleteඒ උනාට ඒක හීනයක් විතරමයි කියලා හිතෙන එක තමා අවුල.
හීන වලින් වෙන්නෙ හැබෑ ලෝකෙ සිදුවීම්වලට අපිව හැඩගස්සවන එක වෙන්න පුලුවනි නේද..
Deleteඒත් සමහර හීන හැබෑ නොවීම තියෙනවානෙ..
ආදරය ගැනද මේ?
ReplyDeleteඒ ගැනත් එක්කමයි...
Deleteසැබෑ නොවුනාම දැනෙන දුක ඇරෙන්න හීනයකින් ලැබෙන්නෙ තාවකාලික සතුටක් විතරයි... ඒ නිසා හීන නොදැක ඉන්න තරමට හිත රිදීම අඩුයි මම හිතන්නෙ...
ReplyDeleteඒත් ඒ තාවකාලික සතුටට හිත හරිම කැමතියිනෙව..
Deleteහීන දැකීම එක්තර විදියක වින්දනයක්..
ReplyDeleteඇත්ත.. දකින හීනෙකින් කොච්චරනම් සතුටක් දැනෙනවාද නේද?
Delete