Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, January 4, 2012

හීන දකිමින් සිටි ලෝකය ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

හීනෙන් දකින්නෙ
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

8 comments:

  1. මම නම් ගොඩක්ම ආසයි හීන බලන්න. මට හැබෑ ජීවිතයේ සිද්ද නොවෙන ගොඩක් දේවල් හීන ලෝකයේදි ඉටු වෙලා තියෙනවා.

    ඒ උනාට ඒක හීනයක් විතරමයි කියලා හිතෙන එක තමා අවුල.

    ReplyDelete
    Replies
    1. හීන වලින් වෙන්නෙ හැබෑ ලෝකෙ සිදුවීම්වලට අපිව හැඩගස්සවන එක වෙන්න පුලුවනි නේද..
      ඒත් සමහර හීන හැබෑ නොවීම තියෙනවානෙ..

      Delete
  2. සැබෑ නොවුනාම දැනෙන දුක ඇරෙන්න හීනයකින් ලැබෙන්නෙ තාවකාලික සතුටක් විතරයි... ඒ නිසා හීන නොදැක ඉන්න තරමට හිත රිදීම අඩුයි මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ තාවකාලික සතුටට හිත හරිම කැමතියිනෙව..

      Delete
  3. හීන දැකීම එක්තර විදියක වින්දනයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දකින හීනෙකින් කොච්චරනම් සතුටක් දැනෙනවාද නේද?

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails