කෝල් ෆෝවඩින් නැත
කරුණාකර පසුව අමතන්න කියන්නේ නැත
කට+දිව වෙහෙසවිය යුතු නැත
වැඩි කාලයක් වැයකලයුතු නැත
වැඩි මුදලක් වැයකලයුතු නැත
කෙටිපණිවුඩයකින්
සමාජජාල පණිවුඩයකින්
විද්යුත් ලිපියකින්
අප
මිනිස් සබඳතා
තර කරගනිමින්
සිටින්නෙමු
ඉතින්
තවදුරටත්
කාලය
ශ්රමය
මුදල්
වැයකරමින්
වෙහෙසවිය යුතු
නැත
ඔබට සුභ ....... (කුමක් හෝ) වේවා !
යැයි
පණිවුඩයක්
යැවු විට
පිළිතුරද පැමිණේ
එක් එක් අයට
වෙන වෙනම
පණිවුඩ යටහන් කළයුතු නැත
එකක් සටහන් කර
ලැබිය යුතු අය තේරීම පමණි
කල යුත්තේ
ඉතිරි කොටස
තාක්ෂණය විසින්
බාර ගනී
මෙතරම් දියුණු
තාක්ෂණයක් මගින්
එකිනෙකා සමීප කලද
එම තාක්ෂණයම
අපව
හුදෙකලා කරන බව
මට සිතේ.....
තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ළඟ ළඟම එයි. අප අතීතයේදී (අතීතයේ කීවද එතරම් අතීතයේ නොව , මීට වසර 15 පමණ පෙර කාලය මම මෙහිදී සලකමි) එය සැමරූ ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයකට දැන් එය සමරන්නෙමු. නෑදෑ හිතමිතුරන් මුණගැසී සුබපැතූ අප දැන් ඔවුන් ව මුණ නොගැසී සුබ පතන්නෙමු.
දුරකථනය මගින් සුබපැතීමට පටන් ගත් අප ජංගම දුරකථනය පැමිණීමත් සමඟම කෙටිපණිවුඩ මගින් සුබ පැතීමට පටන් ගතිමු. අනතුරුව අන්තර්ජාලය හරහා විද්යුත් ලිපි (email) යැවිමටද , සමාජජාල හරහා සුබ පැතීමටද පටන් ගතිමු. දැන් video calls ද ඊට එකතු වී ඇත.
මේ ආදී ලෙස .තාක්ෂණය යොදාගෙන වැඩිදෙනෙකුට සුබපැතීම මගින් "මිනිස් සබඳතා තරකරගැන්මට" මිනිසා සමත් වුවත් එම තාක්ෂණයම අපව "හුදෙකලා කර ඇති බව" මට සිතේ...
සුභ අලුත් අවුරුද්දක් වේවා ......!
සැබෑම කතාවක්,,,, ඇත්ත.. මේ තාක්ෂණය අපව හුදෙකලා මිනිසුන් සහ මනංකල්පිත සබඳතා (virtual relationships) වල කොටු කර ගෙන සිටී... තාක්ෂණය මගින් ලෝකය තවත් සංවෘත කරන්නා වෙනුවට එකිනෙකා තව තව තවත් දුරස් කර, සමාජ සම්බන්ධතා වලින් ඈත් කරන්නට සමත්ව ඇත
ReplyDeleteමචං එහෙනං ඇවිල්ලම සුබ පතල යන්නම්... :D
ReplyDelete@ජීවිතේමල් said... ඔව් මිස්. දැන් මිනිස්සු අතර තියෙන්නෙ මනංකල්පිත සබඳතා (virtual relationships) තමයි. බලන්න අවුරුද්ද ලබද්දි දුරකථන ජාල ටික කොච්චර කාර්යබහුල වේවිද කියලා..
ReplyDelete@අරුණ වීරසිංහ said...
ඔව් එහෙම හොඳයි. ඇවිල්ලම සුබ පතන්න.. හික්ස්..
@ජීවිතේමල් said...@අරුණ වීරසිංහ said...
ස්තුතියි ප්රතිචාර වලට...
ඔබටද ශුභ පැතුම්!
ReplyDelete//මෙතරම් දියුණු
තාක්ෂණයක් මගින්
එකිනෙකා සමීප කලද
එම තාක්ෂණයම
අපව
හුදෙකලා කරන බව
මට සිතේ.....//
http://www.nytimes.com/2012/01/01/opinion/sunday/the-joy-of-quiet.html?_r=1&src=me&ref=general