Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, September 20, 2011

දෛවය ද ? උත්සාහය ද?

මේ මාසෙ.. මම හිතුවෙ මගේ ජීවිතේ සතුටුදායකම මාසෙ වේවි කියලායි. මොකද මාසෙ සතුටු වෙන්න කාරණා කීපයක්ම සමඟින් තමයි ආරම්භ වුනේ..

ඒ වුනාට දිගින්දිගටම සිද්ධවුනේ නොහිතපු නොපතපු දේවල්. හැම දවසක්ම අරඔන්නෙ අද දවස මට ඉතා සාර්ථකව සතුටින් ගතකරන්න ලැබෙනවා කියලා හිතාගෙනයි. ඒ වුනාට දැන් හැම දවසක්ම ගෙවෙන්නෙ සතුට කියන දේ දකින්නවත් නැතිව.

වෙලාවකට හිතෙනවා පව්-පින් කියන දේ ඇත්තක් කියලා. මම  දෛවය කියන දේ විශ්වාස කරන්නේම නෑ පොඩ්ඩක්වත් ඒ වගේම වැරදිලාවත්. ඒ වුනත් මට දැන් හිතෙනවා මම පහුගිය ආත්මවල මොනවාහරි දරුණු පවක් කරලා තියෙනවා ඒ පව දැන් ගෙවනවා කියලා. ඒත් ඉතින් මම හැමදාම හිතාන ඉන්නෙ නම් අපි දෛවය කියලා හිතාන අදහන දේ බොරුවක් එය උත්සාහයෙන් වෙනස්කරගන්න පුලුවන් දෙයක් කියලායි. ඒ නිසා මම හිතනවා දවසක මට මගේ දෛවය පරාද කරන්න පුලුවන් වේවි කියලා මගේ උත්සාහය මගින්.

බලමු..
ජීවිතේ සමහර  අවස්ථා එනවා අපිව අධෛර්යමත් වෙන. ඒවායින් අධෛර්යමත් නොවී ජීවිතය ජයගතයුතුබව සිහියේ තබාගෙන වැඩකටයුතු කරලා ජීවිතය ජයගන්න, උත්සාහය සහාය වේවි , මට..

5 comments:

  1. මොන දෛවයක්ද බන්... ගේම ඉල්ලන ඕන එකෙක්ට (ග්‍රහයෝ, ප්‍රශ්න කියන උන්ට) හොඳ පයින් පාරක් ගහගෙන උඹේ ටාගට් එකට පලයන්... උඹ හිතපු විදිහටම මේ මාසෙ ජීවිතේ සතුටුදායකම මාසෙ කරගන්න බැරි වෙන එකක් නෑ... :)

    සුභ පැතුම් මිත්‍රයා !....

    ReplyDelete
  2. පොඩියක් හිතන විදිය වෙනස් කලොත් ????

    ගෙවුන හැම දවසක්ම ජීවිතේට ජීවත්වීම පිලිබඳ අලුත් අත්දැකීමක් එකතු වුනා කියා හිතන්න.

    එලඹෙන්න යන දවසට සතුට විතරක් පතන්න එපා. එආ අතාත්විකයි. අපි හොයන ලල්ල ලා ෆෑන්ටසි සතුට අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ. ඒක පතන එක නිසයි හිත වේදනාවට පත් වෙන්නේ.

    සතුට බලාපොරොත්තු නොවී , දුක පිලිබඳ බියෙන් සෑලෙන්නෙ නෑතුව , ඔය දෙක අතර මෑද ඉන්න බලන්න....

    ReplyDelete
  3. දෛවය කිය කිය ඉන්නේ නැතුව උත්සහ වන්ත උනොත් දෛවය උනත් වෙනස් කරගන්න පුලුවං බං.

    ReplyDelete
  4. "වෙලාවකට හිතෙනවා පව්-පින් කියන දේ ඇත්තක් කියලා"
    මෙක අපහු අමුතුවෙන් කියන්න ඔනෙද?හිතන්න දෙයක් නැ ඒක ඇත්ත තමා.අපි වගා කරන දේ තමා කවදහරි අපිට අස්වැන්න වෙන්නෙ.

    ReplyDelete
  5. @සාතන් ඇත්ත. අපි ඕනවාට වඩා හොඳ වෙන්න ගියාම අපිව පාගන්න බලන අයත් වැඩියි.. අර කතාවකුත් තියෙන්නෙ "නයා වුනත් තමන් නයා බව පෙන්නන්න පෙනේ පුප්පන්න ඕන. නැතිනම් නයා වුනාට වැඩක් නෑ" කියලා.

    @ජීවිතේමල් ඇත්ත මිස්. අපිට ලැබෙන දේ උපේක්ෂාවෙන් දරාගන්න පුලුවන් වෙන්න ඕන. දැන් ටික දවසක ඉඳන් මම ඒ ක්‍රමේ අනුගමනය කරන්න ගත්තා. (අටලෝදහමින් කම්පා නොවීම)

    @මධුරංග ඇත්ත. උත්සාහයෙන් දෛවය ජයගත් අය අනන්තවත් ඉන්නවා.

    @කස්සා. වෙන්න පුලුවනි. ඒ වුනාට අපි මේ ලෝකයේදි නොකරපු දේකට විපාක විඳිනවා කියන්නෙ අපි හරියට දන්නෙ නෑ නෙ මොකක් නිසාද අපි මෙහෙම විපාක විඳින්නෙ කියලා.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails