Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, July 11, 2011

උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.


උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.

මේ තියෙන්නෙ සමහර පිරිමි අය ගෙවල් වලදි හිතන විදිය.

මම දවසක් අපේ අක්කා කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවක ඒ දෙන්නා එක්ක කතා කර කර ඉන්න අතරේ අක්කා උයන්න තියෙනවා කියලා කුස්සියට ගියා. ටික වෙලාවක් කතා කර කර ඉද්දි මටත් අයියා එක්ක කරන කතා බහ කම්මැලි වේගෙන ආවා. ඒ නිසා මම ඇහුවා අයියා අපි අක්කාට උයන්න උදව් කරමුද කියලා. එතකොට අයියා කීව දේ තමයි මාතෘකාවෙ දාලා තියෙන්නෙ. .

මේ විදියට හැම පිරිමියාම හිතුවොත් ගෙදර වැඩ කටයුතු සේරම කරන්න ඕන ගෙදර ඉන්න කාන්තාවයි. ඇය රැකියාවට ගිහින් ඇවිත් ගෙදර වැඩ කටයුතු කරලා කෑම උයලා කෑම එක බෙදලා දුන්නම ඒ කෑම එක කන්න විතරක් සූදානම් පිරිමියෙකුගෙන් ඒ ගෙදරට වැඩක් තියේද?

හදිසියේ බිරිඳ ලෙඩ වුනොත් ඇයටඋයන්න නොහැකි වුනොත් එදාට කඩෙන් කෑම ගෙනත් කන්න පුලුවනි. ඒත් නිවසේ අනිත් කටයුතු වලටත් කඩෙන් මිනිස්සු ගෙනෙන්නයැ.

ඒ වගේම දෙන්නම එකතු වෙලා උයන කෑම වේලෙ රසය එහෙම නොකරන අය දන්නෙ නැතිව ඇති. කාන්තාව කියන්නෙ පිරිමියාගෙ සේවකයෙකු විදියට හිතපු බමුණු මත හිස තබා ගත් අය තවමත් අපි අතර ඉන්න බවට මේක උදාහරණයක්. දෙන්නා හවුලේ නිවසේ කටයුතු කරනවිට දෙන්නා අතර ඇතිවන සුහදතාව/බැඳීම ඒ දෙන්නා අතර ඇතිවන ගැටලු අවම වීමටත් හේතු වේවි.

එහෙම නැතිව පිරිමියකු විවාහ වන්නෙ තමන්ගෙ නිවසේ කටයුතු / තමන්ගෙ ඕනෑඑපාකම් සපුරන්න සේවකයෙකු සොයාගෙන ඒ වෙනුවෙන් වැටුප් ගෙවන්න බැරි නිසා ද? මොකද බිරිඳ වැඩ කටයුතු කොතරම් කලත් ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බව අපි හොඳින් දන්නා කරුණක්.

මේ අතර මම රාජකාරි කරන ස්ථානයේ කෙනෙකු පැවසුවේ අපි පිරිමි විදියට කසාද බඳින්න කලින් කොච්චර දේවල් කරන්න හිතාන හිටියත් ඒ සමහරදේවල් සමහර අවස්ථාවලදි  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න  නොහැකි බවයි. ඒ වුනත් දෙදෙනා අතර අවබෝධය තියෙනවානම් කලාතුරකින්/අත්‍යාවශ්‍යම අවස්ථාවලදී පමණක් උදව් උපකාර කිරීම ප්‍රමාණවත්බවත්  පවුලේ සමඟියට බැඳීමට හානි වෙන්නේ නැතිබවත් කාන්තාව එයින් හිතරිදවා නොගන්නාබවත් කියලායි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ.
එකඅතකට බලනකොට ඒකෙත් ඇත්තක් තියෙනවා වගෙයි නේද?

15 comments:

  1. "රැකියාවට ගිහින් ඇවිත් ගෙදර වැඩ කටයුතු කරලා කෑම උයලා කෑම එක බෙදලා දුන්නම ඒ කෑම එක කන්න විතරක් සූදානම් පිරිමියෙකුගෙන් ඒ ගෙදරට වැඩක් තියේද?"

    කාලා විතරක් නෙමේ මම් දැකලා තියනව තමන් කාපු පිගානත් හොදන්නෙ නැතිව තියල යන පිරිමි.ඒකත් බිරිදට කියල හෝදගන්න තමයි තියන්නෙ.

    එහෙම බලද්දි වෙන වෙන ඒවත් තනියම හෝදගන්නවද කියල සැකයි.අනේ අම්මප මෙහෙමත් පිරිමි!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සම්පුර්ණ ඇත්ත... අපේ අයියත් අක්කට උයන්න උදව් වෙනවා පුලුවන් හැමවෙලාවකම. හිනා වෙලා කතා කර කර ඒ වැඩ කරද්දි මහන්සි දැනෙන්නෙත් නැතුව ඇති, ආදරෙත් වැඩි වෙනවානේ....:)
    කවදා හරි , මමත් කැමති පුලුවන් හැමවෙලාවකම මගේ අයිතිකාර කෝච්චි අයියත් මාත් එක්ක ඉන්නවට :)

    ReplyDelete
  4. ගෙදරක වැඩ ගෑණු පිරිමි කියල බෙදාගෙන කරන්න නම් බෑ. මොකද දෙන්නම ඉන්න ගෙදරනේ...

    ReplyDelete
  5. උයන එක ගැහැණු අයට අයිති වැඩක් කියපු ඒ අයියාගෙන් අහන්න තිබුනේ ලංකාවේ හෝටල් වල ඉන්න කෝකියො වැඩි පිරිස පිරිමි වුනේ ඇයි කියලා?

    ReplyDelete
  6. මල්ලිගේ කතාව හරි. උයන්න පුරුදු වෙන එක එපි කාට උනත් ප්‍රයෝජනවත්. මොකද කවදහරි අපි බෝඩ් වෙන්න සිද්ධ උනොත් කඩ කෑම හැමදම කන්න කියලායෑ.

    ලංකාවේ කෝකියෝ ඔක්කොමවගේ පිරිමි අයනේ. එතකොට අර අයියගේ තර්කේ නිකම්ම පුස්සක් වෙලා යනවා.

    ReplyDelete
  7. උයන එක ජීවන කුසලතාවක්... මම හිතන්නෙ ඒක හෑමෝටම තියෙන්න ඕනෙ.. මට අවුරුදු 24ක් වෙනතුරු උයන්න බෑ... මම දෑන උන්නෙ නෑ.. ඒත් මම තනියමම ඉගෙන ගත්තා.. අම්මගෙන් ඈහුවා... පොත් කියවලා ඉගෙන ගත්තා.. ඒත් අද මට රසට උයන්න පුලුවන්... මට නම් ඒ ගෑන ආඩම්බරයි... කොල්ලො කියල වෙනසක් නෑ.. අලුත් කුසලතාවක් ජීවිතේට එකතු කර ගන්න එක හරි හොඳ දෙයක්.... (දෑන් අලුතෙන්ම මට හිතිල තියන එක මල් හිටවන්න ) :-)

    ReplyDelete
  8. Aniwaryen pawul sanstawa hodin genyanna nam wife ta help karanna oni

    ReplyDelete
  9. හිකිස් මෙහෙම හිතපු අය හිටියේ බර ගනන් වලනේ මචෝ

    ReplyDelete
  10. අර අයියගෙන් අහන්න තිබ්බේ එතකොට පිරිමින්ගේ වැඩ මොනවද කියලා?

    හනමිටි අදහස් තියෙන අය තාම අපි අතරේ ඉන්නවනේ අප්පා . .

    @අරුණි අක්කා . .
    "ඒ අයියාගෙන් අහන්න තිබුනේ ලංකාවේ හෝටල් වල ඉන්න කෝකියො වැඩි පිරිස පිරිමි වුනේ ඇයි කියලා?"
    නියම ප්‍රශ්නයක් තමයි ඒක අහනවනම් . .

    ReplyDelete
  11. @ගලායන ජීවිතය : හෝටලේකින් කෑම කනවා කියලා හිතාන වෙන්නැති පිඟාන හෝදන්නෙවත් නැත්තෙ..

    @මලිති එහෙම වුනාම උයන කෑම වල රස වැඩි වේවි..

    @hare :-) දෙන්නම ඉන්න ගෙදරට පිටින් ඇවිත් වැඩකරලා දෙන්නයැ. දෙන්නාම සහයෝගෙන් ගෙදර වැඩ ටික කරගත්තොත් තමයි හොඳ.

    @arunishapiro කොහෙ අහන්නද. මිනිහා මම කියන කියන ගොඩක් දේවල් වල ට්‍රැක්/ටොපික් මාරු කරන්න මාර උත්සාහයක් කලේ. බලමු ආය දවසක එයාලාගේ ගෙදර ගියාමවත්.

    @මධුරංග කඩ කෑම වලට වඩා තමන්ම බතක් උයාන තමන්ම හදාගත්තු පොල්සම්බෝලයක් එක්ක කද්දි තියෙන රසයයි සතුටයි වැඩියි..

    @ජීවිතේ මල් වෙලාවක එන්නම්කෝ මිස් හදපු මල්පාත්ති බලාන මිස් හදපු තේ එකක් බීලා මිස් උයපු කෑම ටිකක් කාලා යන්න. පොදුවේ ගත්තම හැම දේම දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා සාර්ථක ජීවිතයකට.

    @Anonymous එහෙම නොවෙද්දි වෙන්ටැති " මන්ඩලේ කචල් " කියලා කියන්නෙ..

    @bckurera ඒත් එහෙම හිතන අය තවම ඉන්නවා අතරින් පතර වුනත් අඩු නැතිව.

    @දුකා බලමු බලමු හනමිටිය බලෙන්ම බිම තියවන්න පුලුවන් වේවිද කියලා. නැතිනම් අක්කට වෙන්නෙ ලමයි ටිකත් එක්ක අලිබබෙකුත් බලාකියාගන්නයි

    ReplyDelete
  12. උයන කතන්දරේ නිසා පවුල් කඩා ගත්ත අය ගැනත් මං දන්නව. ගෙදර වැඩ සමගියෙන් කරගන්න එක තරං දෙයක් තියෙනවද? පවුලේ නායකත්වයත් දැන් උපතින්ම නැත්නම් විවාහයෙන්ම ලැබෙන්නේ නැත. එය උපයා ගත යුතුය.

    ReplyDelete
  13. you mentioned such a great idea.i definitely agry with you...

    ReplyDelete
  14. අනේ ඔයා නම් හරි හොඳ පිරිමියෙක්නේ.......:D

    ReplyDelete
  15. @Dhayal Bathee
    එක ඇත්ත. හැම දේටම උත්සාහය/උවමනාව තියෙන්න ඕන.

    @Podi Kumarihami
    හික්ස්.. මේ හිතන විදියටම කරන්න ලැබේවි කියලා හිතනවා..

    @Anonymous thanks..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails