Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, February 5, 2017

බැංකු ගිණුමේ මුදල් පරිස්සම් කරගනිමු

ලංකාව වටේම විවිධ බැංකු වලින් ඒටීඑම් යන්ත්‍ර රැසක් පිහිටුවලා තිබුනත් අපි සල්ලි ගන්න අවස්ථා වලින් 90% පමණම පාවිච්චි කරන්නෙ  එකම ඒටීඑම් යන්ත්‍රය. එසේ නොවුනත් අපි අපේ ගිණුම අයිති බැංකුවට අයිති නැති යන්ත්‍රයකින් මුදල් ගන්නෙ කලාතුරකින්. ඉතින් අපිට සෑම විටම හමුවන්නෙ ඒටීඑම් යන්ත්‍ර වර්ග දෙකක් හෝ තුනක්.එහෙම නොවුනත් ලංකාව ඇතුලෙ දකින්න පුලුවන් වර්ග කීපයක ඒටීඑම් යන්ත්‍ර විතරයි.

ඉතින් අපි කාඩ්පත පාවිච්චි කරලා මුදල් ගන්න අවස්ථා වලදි සැලකිලිමත් වුනොත් කෙනෙක් අපේ කාඩ්පත පිටපත් කරන එක අපිට ලේසියෙන්ම වළක්වාගන්න පුලුවනි.

අනිවාර්යෙන්ම කාඩ්පත පිටපත් කරන්න යන්ත්‍රයට කාඩ්පත ඇතුල් කරන තැනට යම්කිසි කොටසක් සවි කරනවා. එය යන්ත්‍රයේ එම කොටසට සමානවම හෝ තරමක් වෙනස් වෙන්න පුලුවනි. ඒ වුනත් අපිට අවධානයෙන් නොබැලුවොත් අඳුරගන්න බැරි තරමට ඒක සවි කරන්න ඒ අය දක්ෂයි.  තවත් දෙයක් ඒ සවිකරන දේ හරියට සවි වුනේ නැතිනම් හෝ යන්ත්‍රයට තමන්ගේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් දැනුනොත් ඒ යන්ත්‍රය ස්වයංක්‍රියවම ක්‍රියාවිරහිත වෙනවා. ඒ නිසා පිටතින් සවිකරන යන්ත්‍රය සවිකරන්නෙ හොඳට පුරුදු වුන කෙනෙක්.

අපට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුලුවන් දෙයක් නම්
  • කාඩ්පත ඇතුල් කරන තැන කවුලුවේ හැඩය වෙනස් වීම. සාමාන්‍යයෙන් අපි බොහෝවිට යන්ත්‍රවර්ග 2-3 වඩා පාවිච්චි නොකරන නිසා යන්ත්‍රය තියෙන විදිය ඇසට හුරු කරගත්තානම් පහසුයි.
  • කවුලුවේ තිබෙන බල්බයේ පාට වෙනස් වීම හෝ බල්බය නොදැල්වීම (ඒටීඑම් යන්ත්‍රයට කාඩ්පත ඇතුල් කිරීමට පෙරත් කාඩ්පත ඉවතට ගත් විටත් එම බල්බය එකම කාල පරාසයකින් නිවි නිවී දැල්වෙනවා. බොහෝවිට යන්ත්‍රයෙන් කාඩ්පත එලියට එනවිටදිත් එම බල්බය දැල්විය යුතුයි. නමුත් බොහෝයන්ත්‍ර වල කාඩ්පත ඇතුල් කළ පසු එම බල්බය දැල්වෙන්නෙ නෑ- අනාගතයේ සොරුන් මේ අවස්ථාත් හොඳින් ග්‍රහණය කරගනීවි. එවිට අපට තවත් අමාරු වේවි මේවා හසුකරගන්න)
  • බොහෝවිට අපේ රහස්‍ය අංකය සොරකම් කරන්නෙ කැමරාවක් මගින් වීඩියෝ කරගනිමින්. ඒ නිසා කැමරාව යන්ත්‍රයේ ඉහළින් තියෙන්න පුලුවනි. එනම් වට රාමුවට සමානම කොටසක් සවි කිරීම මගින්. නමුත් සමහර කැමරා කාඩ්පත් කවුලුවට සවිකරන්න පුලුවනි. එතකොට යන්ත්‍රයේ වෙනස්කම් කරන්නෙ අඩුවෙන් නිසා සොරකම හසුවෙන්න තියෙන අවස්ථාව අඩුයි. බොහෝවිට රහස් අංකය යොදනවිට එක අතකින් අංකය යොදන අත වසාගැනීමෙන් රහස්අංකය වීඩියෝ කරගන්න එක වලක්වන්න පුලුවනි. නමුත් මෙය සාර්ථක වෙන්නෙ කැමරාව ඉහළින් සවි කර තිබුනොත් තමයි. කැමරාව සවි කළේ කාඩ්පත අැතුල් කරන තැනටම නම් කැමරාව යතුරුපුවරුවට එල්ල වෙන්නෙ ඉහළින් නොවන නිසා හොඳම දේ තමයි රහස් අංකය ඇතුල් කරද්දි අපි කාඩ්පත ඇතුල් කළ පැත්තෙ අතින් අනික් අත වසා ගැනීම. එවිට කැමරාවත් අංකය ඇතුල් කරන අතත් අතරට අනික් අත එන නිසා කැමරාවට අංකය සොයාගන්න අපහසුයි. අනික ඇඟිලි කීපයකින් අංකය සටහන් කරන්න පුලුවනි. නමුත් 5 ඉලක්කම එනම් මැදින් පොඩ්ඩක් සලකුණක් දමා ඇති බොත්තමට මැදඇඟිල්ල තියලා අනික් ඇඟිලි ඒකට අනුව තියලා රහස් අංකය ගහනවාට වඩා ඇඟිලි මාරු කරමින් ඇඟිලි රටාවක් නැතිව යතුරුපුවරුව උඩින් ගෙනියමින් අංකට සටහන් කළානම් අත සෙලවෙන විදිය බලලාවත් අංකය ගන්න බැරිවේවි. 
  • යන්ත්‍රයට කාඩ්පත ඇතුල්වන වේගය වෙනස්වීම. පිටවන වේගය වෙනස් වීම. තදගතියක් දැනීම. කාඩ්පත පිටවුනාම පිටතට තියෙන කොටසේ දිග - එනම් ඇඟිලි වලට හසුවන ප්‍රමාණය වෙනසක් දැනීම.
යන්ත්‍රයේ වෙනසක් දැනුනොත් යන්ත්‍රයේ දක්වලා තියෙන අංක වලට කතා කරලා දැනුම් දෙන්න. එහෙම නැතිනම් පොලිසියට කියන්න. මොකද මේ වගේ කාඩ්පත් පිටපත් කරන අයවයි ඒ අය පිටතින් සවිකරන යන්ත්‍රත් බැංකුව මගින් පොලිසියට බාර දෙන නිසා. බොහෝවිට යන්ත්‍ර සවි කරන්නෙ විදේශිකයන් වුනාට ලංකාවෙ අයත් මේ යන්ත්‍ර සවිකරන්න ඉඩ තියෙනවා. මොකද අපේ ලංකාවෙ අය යන්ත්‍රය අසල ගැවසුනාම සැක හිතනවා අඩු නිසා. කෙනෙක් යන්ත්‍රය අසලට ගිහින් විනාඩියකට දෙකකට වඩා යන්ත්‍රය අසළ ගැවසෙනවනම් පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කළානම් ඒ අය විනාශකාරි දෙයක් කරන එක වළක්වන්න පුලුවනි.

ප්‍රධානම දේ එක් අයෙක් යන්ත්‍රයෙන් මුදල් අරන් තමන්ගෙ ගනුදෙනුව අවසන් කරනකන් ඒ යන්ත්‍රය අසලට නොයාම. මොකද යන්ත්‍රය පාවිච්චි කරන කෙනාගෙ අවධානය වෙනස් වුනාම යන්ත්‍රයෙ වෙනසක් දැක්කත් ඒකට වඩා තමන්ට පිටුපස ඉන්න කෙනා පිළිබඳව අවධානය යොදවන නිසා ඒයන්ත්‍රයෙ වෙනස අමතක වෙන්න පුලුවනි. එයින් වෙන්නෙ තමන්ගෙ කාඩ්පතත් බේරාගැනීමට තියෙන අවස්ථාව නැති වීම වෙන්න පුලුවනි.

අනික යන්ත්‍රයට ආගන්තුක කොටස් සවි කරන අය එක් අයෙකුට වඩා යන්ත්‍රය අසලට එන්න පුලුවනි. අපේ අයත් දෙන්නා තුන්දෙනා යන්ත්‍රය අසලට ගිහින් රැස්වෙන්න ගත්තම වටාපිටාවෙ හැමෝටම ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. එතකොට දෙන්නා තුන්දෙනා එක්රැස්වෙලා යන්ත්‍රය අසළ සිටියත් ඒ ගැන අවට අය අවධානය යොමු නොකරාවි. එය සොරුන්ට තමන්ගෙ කාඩ්පත් පිටපත් කරන යන්ත්‍ර සවිකිරීමට පහසුවක් වේවි.

තවත් දෙයක්, දැනට බොහෝවිට පිටපත් වෙන්නෙ පරණ විදියට හදපු එහෙම නැතිනම් චිප් එක ඇතුලත් නොවෙන කාඩ්පත්. චිප් එක තියෙන කාඩ් පත් පිටපත් නොවෙනවා කියන්න බෑ. නමුත් දැනට ලංකාවෙ බැංකු රැසක් චිප් එක අඩංගු කරපු ඒ වගේම NFC තාක්ෂණය පාවිච්චි කරන කාඩ් නිකුත් කරන නිසා ඒ වගේ කාඩ්පතකට මාරු වන එකත් තරමක හොඳ පියවරක්. නමුත් මේ තාක්ෂණය පවා පිටපත් කරන්න පුලුවන් බව මතක තබා ගන්න. 

No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails