Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, February 5, 2017

හීනමානය හා දවල් හීන.

තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරගන්න බැරි වුනු නිසා දෙමව්පියෝ ද තමන්ට නොලැබුණු permit වැනි පහසුකම් දොස්තර වරුන්ට ලැබෙන නිසා සාමාන්‍ය ජනතාව ද දොස්තරලා සමඟ තමන් සන්සන්දනය කරගන්න ගොස් තමන් ගැන උපන් හීනමානය නිසා saitm එකෙන් දොස්තරලා පිටවී ඇවිත් රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවෙන දොස්තරලාට තියෙන තැන ගන්නා තුරු දෑස් දල්වා බලා සිටිති . ගැටලුව ඇත්තේ ඔවුන්ට ලැබෙන පුහුණුව හා ඔවුන්ගේ දැනුම මත බව අමතක කරති . මුලින් එකඟ වූ පරිදි අවසන් වසර රුසියාවේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා උපාධිය සම්පූර්ණ කළානම් මේ ගැටලුව ඇති නොවනු ඇත . දැන් saitm වෙනුවෙන් කතා කළ එහි උපාධිධාරීන් ලංකාවේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ අය ලංකාවේ දොස්තරලා වෙතින් බෙහෙත් නොගන්නා බවත් ලංකාව තුළදී බෙහෙත් ගන්නේ අද දොස්තරලාටපාඩමක් ඉගැන්වීම ගැන උදම් අනන ජනතාවම බවත් තේරුම් ගන්නා විට අශ්වයා හිටපු ඉස්තාලය වත් ඉතිරි නොවනු ඇත .
ඉදිරියේදී act16 සමත් නොවූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ද saitm අවසන් වසර විභාගය ලියා පැමිණ ලංකාවේ වෛද්‍ය හිඟය නැති කර දමනු ඇත .

ප්‍රශ්නය මෙය යැයි සිතුවද ඇත්තටම ඇත්තේ ප්‍රශ්න ගොඩකි. නිසි උසස්පෙල අධ්‍යාපන සුදුසුකම් නොමැති අය වෛද්‍යවරු වීම ඉන් පළමුවැන්නයි.
මේ  අසල්වැසි ඉන්දියාවෙ තත්වෙ
https://www.facebook.com/MEDBRO2017/?ref=page_internal&fref=nf
 
දැනට ලංකාවේ පවතින තත්වය අනුව අපට කවදාවත් හොරපාරෙන් දොස්තර කෙනෙකු වූ අයෙකු හමු නොවේයයි සිතිය නොහැක්කේ දේශපාලන මඩගොහොරුව විසින් මුලු ලංකාවම මඩ ගොහොරුවක් කර ඇති නිසාය.

 උපුටාගැනීම www.facebook.com

 උපුටාගැනීම www.facebook.com

 උපුටාගැනීම www.facebook.com

උපුටාගැනීම www.facebook.com

සමසෞඛ්‍ය උපාධිය විනාශ කිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්නත් මේ වන විට සමසෞඛ්‍ය සිසුන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එහාමෙහා ගමන් කිරීමට විඳින දුක දන්නේ එම සිසුන්මය. එය කාටත් අමතක වී ඇති දෙයකි.

උපුටාගැනීම www.facebook.com


උපුටාගැනීම www.facebook.com





උපුටාගැනීම www.facebook.com



උපුටාගැනීම www.facebook.com
 
උපුටාගැනීම www.facebook.com

හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීමට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවන් උසි ගැන්වූයේ කවුරුන්දැයි හොඳින් පෙනුනි. අවුරුදු 3ක පුහුණුවට අමතරව හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීමෙන් රෝගීන්ට අවැඩක් වන්නේ නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන දෙයකි. හෙද සිසුන්ට වඩා අඩු කාලයක් එක් අංශයක් පිළිබඳව පමණක් අධ්‍යාපනය ලබන අයට අමතරව හෙද සිසුන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම සාධාරණ වග කිසිකෙනෙකුට නොපෙනුනි. නමුත් මාධ්‍ය සංදර්ශන නිසා මහජනතාව මිඩ්වයිෆ්ලාගේ රාජකාරිය හෙදියන්ට දෙන්න යන බවට මතයක් හදා ගත්තේය.  හෙද සිසුන්ට සුතිකාගාර පුහුණුව ලබා දුන් පසු ඔවුන්ට ලැබෙන පිළිගැනීමත් පිටරටවලින්  හෙදහෙදියන් සඳහා හොඳ ඉල්ලුමක් ඉදරිපත් වූ විට ඉන් දුකට පත් වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් නොවන බව දත් දුකට හා බියට පත්වූවෝ තමන්ගේ ගැටලුව වෙනත් ආකාරයකින් ජයගත්හ.

උපුටාගැනීම www.facebook.com


සයිටම් දොස්තරලා ආපු එක හොඳයි කියමින් සල්ලි ගෙවලා ඉගෙනගත් දොස්තරලා ආවම රජයේ විශ්ව විද්‍යාලවලින් ආපු දොස්තරලාට පාඩමක් ඉගැන්වීමට හැකිවනු ඇතැයි සිතා දවල් හීන බැලූ අයට සයිටම් හා ඔවුන්ට විරුද්ධ වූ වෛද්‍යවරු එකතු වී දවල් තරු පෙන්වන දිනය තව නොබෝ දිනකින් උදා වෙනු ඇත.


මේ සිදුවන්නේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවයේ සියලු අංශ වලට  දිට්ඨ ධම්ම වේදනිය කර්මය පළ දෙන සමයයැයි මට සිතේ. එනම් සෞඛ්‍ය සේවය යනු එකිනෙකා කෙරෙහි කුහකකම ඉරිසියාව උපරිමයටම බලපවත්වන තැනක් වන නිසාය. අනෙකා තමන්ට වඩා පඩි ගැනීමත් අධ්‍යාපන සුදුසුකම් ගැනීමත් නොරිස්සන්නන් පිරී සිටින අංශයකි.

සෞඛ්‍ය සේවයේ සියලු අංශ එකතු වූ විට දේශපාලනයට අවැසි පරිදි මඩගොහොරුවක් කිරීමට තවදුරටත් ඉඩ නැති වන බව කාහටත් නොවැටහීම රටේ අවාසනාවය.

පලි- සෞඛ්‍ය සේවය තමන්ගේ ගැටලුව ඇත්ත ඇති හැටියට දැක එකමුතු වී ජය ගැනීම පසෙක දමා වෙනත් අය කුලප්පු කර තමන්ගේ ජාම බේරාගන්නා අයගෙන් පිරී ඇති නිසා ඉහත දැක්වෙන අන්දමේ ප්‍රකාශ තවදුරටත් දැකිය හැකි වෙනු ඇත. 

ඉහත ඡායාරූප කිසිවක් මාගේ නිර්මාණ නොවන බවත් සියල්ල මුහුණුපොතින් (www.facebook.com) උපුටාගත් බව කරුණාවෙන් සලකන්න.







No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails