Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, February 4, 2016

කඩේ යාමක් නොවේ.

සැ.යු. -කලින් ආණ්ඩුවටවත් දැන් තියෙන ආණ්ඩුවටවත් ඊළඟ ආණ්ඩුවටවත් කඩේ යාමක් නොවේ.

මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වුනු කෙනෙක් වැරැද්දක් කළොත් ඒ වැරැද්ද පෙන්නලා දෙන එක දේශපාලකයාව/පක්ෂය පත් කරගත්තු අයගෙ වගකීම. එහෙම නැතිව මම බයියෙක් මම ටොයියෙක් කියලා අනික් පැත්ත කරන හරි වැරදි හැම දේම වැරදි විදියට දකිමින් තමන් කැමති පැත්ත කරන හරි වැරදි හැම දේම හරි විදියට දකින ඡන්ද දායකයින් ඉන්නකන් ලංකාවෙ මිනිස්සුන්ට වැඩක් කරන්න දේශපාලකයා යොමු වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අය වටේ ඉන්න අයට වැඩ කරගන්නවා. මේක බයියන්ටත් ටොයියන්ටත් පොදුයි. කලින් ආණ්ඩුව කරපු වැරදි විවේචනය කරන්න වගේම මේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න කොන්ද පණ තියෙන්න ඕන. ඒ වගේමයි හොඳ දේ කලත් ඒ දේ පිළිගන්න කොන්ද පණ තියෙන්න ඕන. නැතිව ඒ ඒ කාලෙට තියෙන ආණ්ඩුව පත් කලේ අපි. අපේ ආණ්ඩුව කියලා පලාබබාලා කරන කියන හැමදේම අගය කරන එක මිනිස්සු තමන්ටම කරගන්න මෝඩකමක්. 

කෙටියෙන් කීවොත් කලින් ආණ්ඩුව රට කෑවානම් මේ ආණ්ඩුව රට කනකොට ඒකටත් විරුද්ධ වෙන්න ඕන. ඊළඟ ආණ්ඩුව රට කනවනම් ඒකටත් විරුද්ද වෙන්න ඕන. ඕනම ඡන්දෙකින් පස්සෙ අහන අහන එකා ඡන්දෙ දීලා තියෙන්නෙ දිනපු පැත්තට. ඒත් කාලයක් යද්දි දිනපු පැත්තට වඩා පැරදුණු පැත්තට ඡන්දෙ දුන්නු අය වැඩියි.

අවසාන වශයෙන්

මොකක් වුනත් රටක් විදියට ශ්‍රීලාංකිකයින් විදියට පෙරට එන්න නම් හැම ජාතියක්ම නියෝජනය වෙන්න කියලා කෑල්ලෙන් කෑල්ල එකතු කරපු ජාතික කොඩියයි භාෂා කීපයකින් ගයන ජාතික ගීයයි හේතු වෙන්නෙ නෑ. එකමුතුකම ගැන හැඟීම එන්න නම් හැම ජාතියක්ම නියෝජනය වෙන්න එක දෙයක් තිබුනම ඇති. අපි හිතුවට හැම ජාතියක්ම නියෝජනය වෙන්න කියලා කෑලි කෑලි එකතු කරලා වෙනස පෙන්නලාදීලා තිබුනම ජාතින් අතර සංහිදියාව ඇති වෙනවා කියලා ඒ වෙනුවට වෙන්නෙ අපි අපේ භාෂාව අපේ කොටස කියලා වෙන් කරගෙන මිනිස්සු වෙන්වීමක් හා කුලල් කා ගැනීමක් විතරයි. එහෙම නැතිව හැම ජාතියක්ම එකම දෙයක් යටතේ එකතු වුනානම් රටේ ජාතික සමගිය ඇතිවේවි.

ජාත්‍යන්තරයට ඕනත් අපේ රටේ මිනිස්සු එක එකා බෙදිලා ඉන්නවා දකින්න. ඒ වගේමයි දේශපාලකයිනුත්. මොකද තනි රටක් විදියට ලංකාවෙ මිනිස්සු එකමුතු වුනොත් ඒ අයට පැවැත්ම නැතිවෙනවානෙ.

3 comments:

  1. කතාව ඇත්ත. ඒත් අවශ්‍ය අය තේරුම් ගන්නේ නැහැ. ඒකයි තිත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු හැදෙන්නෙ නැතිව මොනවා කළත් වැඩක් නෑ.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails