Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, August 5, 2012

ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

දවසින් වැඩි කාලයක් ගෙවෙන්නෙ සල්ලි එක්ක. ඒ අතරෙ විවිධාකාර මුහුණු මුනගැහෙනවා. විවිධාකාර මුහුනු කීවෙ ඒ මුහුනු වලින් පෙනෙන හැඟීම් විවිධාකාර ස්වරූප ගන්න නිසයි.

ඉතින් ඒ අය තමන්ගෙ මුදල් විවිධාකාරයට වියදම් කරමින් තමන්ගෙ ජීවිතේ ගෙනියනවා.

නමුත් අපි දකින දෙයක් තියෙනවා සමහරු මුදල් සෙවීම තමන්ගෙ ජීවිතේම වගේ හිතාන මුදල් උපයනඑක ගැන විතරක්ම හිතාන ජීවත් වෙනවා.

මට හිතෙන විදියටනම් අපිට මුදල් අවශ්‍යයි. ඒ ජීවත් වෙන්න. අපේ ජීවිතේ ගත කරන්න අවශ්‍යතා ඉටුකරගන්න. අපි කොච්චර මුදල් එක්රැස් කලත් වැඩක් නෑ ඒවා වියදම් කරන්න අවස්තාවක් නැත්නම්. පැහැදිලිව කියනවානම් අපිට ජීවිතේ විඳින්න අවස්තාවක් ලැබෙන්නෙ නැතිනම් අපි අතේ තියෙන මුදල්වලින් කිසිම වැඩක් නැතිව යනවා. අපිට ගෙවල්දොරවල් යාන වාහන කොච්චර තිබුනත් ජීවිතේ සතුට කියන්නෙ ඒ භෞතික දේවල් විතරක්ම නොවන බව තේරුම් ගන්නකන් මුදල් පසුපස හඹායන ජීවිත වලට සැබෑ සතුටක් සැනසුමක් ලැබෙන්නෙ නෑ.

මුදල් හොයන්නෙ ජීවත්වෙන්න මිසක් ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

13 comments:

  1. ඒක හරි මචං...
    ජීවිතයේ සතුට කියන දේ සල්ලි වලට ගන්ඩ බෑ.. ඒ නිසා ඒක නැති කරගන්ඩ හොද නෑ.
    ඒත් එක්කම ජීවිතේ සතුට අතෑරලා සල්ලිම හොයන්ඩ හොදත් නෑ..

    ReplyDelete
    Replies
    1. කොහොමද මචං රස්සාවේ වැඩ කටයුතු එහෙම. ඒවා ටික බැලන්ස් කරගෙන යනවද. දැන් නම් ඒ ජීවිතේට හුරු වෙලත් ඇති...
      කාලෙකින් හම්බ වෙච්ච මිතුරගේ විස්තර ටිකක් දැනගන්ඩත් ආසයි..

      Delete
    2. වැඩි වෙනසක් නෑ යාලුවා.. හැම දේම නැතත් බොහොමයක් දේවල් බැලන්ස් කරන් යනවා දැන්..

      Delete
  2. කතාව නම් සහතික ඇත්ත, නමුත් මොකක් හරි අඩුවක් තියෙනව වගේ

    ReplyDelete
    Replies
    1. මොන වගේ අඩුවක්ද දන්නෑ නේද?

      Delete
  3. සම්පූර්ණ ඇත්ත! සල්ලි හොයන්න ජීවත් නොවී ජීවත් වෙන්න ඕන ප්‍රමාණයට සල්ලි හොයන්නත්, නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. සල්ලි කියන දේත් එක්ක ජීවිතේ සැහැල්ලුව කියනදේ නැතිවෙන්න පුලුවනි නේද?

      Delete
  4. හ්ම්ම්..ඇත්ත!

    ReplyDelete
  5. ඇත්ත බවනම් ඇත්ත - ඒත් මේ කියන්නේ මේ වචන වල හරිම තේරුම දැනගෙනද?
    මේ කියන තරම්ම සරලද මේ කාරණය?

    ReplyDelete
    Replies
    1. මුදල් එක්ක ජීවිතේ හැඩගස්වනඑක නම් හරිම අමාරු දෙයක් නේද අයියේ..
      අපි අතේ මුදල් වැඩිපුර ගැවසෙනවානම් අපි ඒ මුදල්වලට සරිලන විදියට ජීවත් වෙන්න හුරු වේවි. ඒ වගේම අඩුවෙන් මුදල් ලැබෙනකොටත් ඒ මුදලට හරියන්න ජීවත් වේවි. ඒ වුනාට අපි අනික් අයගේ මුදල් වියදම් කිරීම් දැකලා ඒ විදියට ජීවත් වෙන්න පටන් ගත්තොත් එතැනදි ජීවත් වෙන්න වෙන්නෙ මුදල් හොයන්නයි..

      Delete
  6. ජීවත්වෙන්නෙ මුදල් හොයන අරමුණින් නෙමෙයි කියලා හරියට ම හරියට වැටහෙන්නෙ,
    කැමති ඕනෑම දෙයක් ගන්න මිල දී ගන්න තරම් මුදල් කන්දරාවක් හිමි වූ දාට,
    එදාටයි දකින්නෙ මිල දී ගතහැකි වස්තූන් මොන තරම් හිස් දේවල් ද කියලා!!!

    ඕක ඇත්ත ද බොරු ද බලන්න, මිල දී ගන්නට හැකි ඕනෑම දෙයක වැය දරන්නට හැකි තරම් මුදල් කන්දරාවකට හිමිකම් කියලා බලන්න :D

    ReplyDelete
    Replies
    1. අපෝ.. දැනටම මුදල් එපා වෙලා තියෙන්නෙ. පොඩිකාලෙ දෙමව්පියො කීව සල්ලි පාගන්න එපා. විසි කරන්න එපා කියලා. ඒ වුනාට දැන් යට තට්ටුවෙ ඉඳලා උඩ තට්ටුවට බැල්කනිය හරහා සල්ලි පියාඔන්නෙ ලක්ෂ ගණන් වලින්.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails