මට ඊසිරියාවේ බෑ අනික් අය BMICH ගිහින් පොත්ගත්තා කියද්දි... අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් ජොබ් එක කරලා එකතුකරපු මුදලින් කොළඔ ඇවිත් පොත් ප්‍රදර්ශනෙන් පොත් ගන්න හිතද්දි මේ සති අන්ත දෙකේම වැඩ කරන්න වුනා. ඉරිදා කොළඔ එන්න බෑ කියලා හිතුනා ඒ නිසා.මොකද සඳුදා කියන්නෙ අපේ කාර්යබහුලම දවස. උදේ 8ට වාඩිවුනාම වතුරඑකක් බොන්න නැගිටින්න වෙන්නෙත් 12.30 පහුවෙලා. ඒ නිසා මම ඉරිදා හවස විවේකයට වෙන්කරලා තියෙන්නෙ.
මම ඉතින් පොත් ගන්න කියලා කොළඔ එනඑක වෙනුවට දවල් වැඩ ඇරිලා නුවර පොත්කඩේකට ගොඩවුනා. අතේ තිබුන මුදලින් බාගයක් ටාගට් කරලා පොත් ගත්තා තවත් පොත්කඩේකට ගොඩවෙන්න හිතලා. ඒත් බලද්දි 20% ඩිස්කවුන්ට් දීලා මගේ බිලට. ඒ නිසා තවත් මුදලක් ඉතිරි වුනා. නමුත් පොත් ටික ගත්තා වගේ නෙවි. ගෙදර ගේන්නත් ඕන නිසා තවත් පොත් හොයන එක කල්දාලා ගෙදර ආවා.
මේ තියෙන්නෙ ගත්තු පොත්වලින් මට ඉතිරිවුනු පොත් ටික. අනික්වා දැනටමත් කියවන්න කියලා නංගි අරන්ගිහින්..
මම මේ වතාවෙ දැකපු දෙයක් තමයි පහුගිය අවුරුදුවල සාහිත්‍යමාසය වෙනුවෙන් ඉතා විශාල වශයෙන් පොත් තොග නොතිබුනු පොත් කඩවල මේ වතාවෙ ගොඩක් අලුත් පොත්, ඒ වගේම පහුගිය අවුරුද්දෙ කොළඹින් විතරක් ගන්න තිබුනු පොත් පවා විශාල වශයෙන් ගෙන්වලා තිබුන බව.(මට මතකයි ගිය අවුරුද්දෙ සමහර කතුවරුන්ගෙ පොත් එකක්වත් නුවරදි හොයාගන්න තිබුනෙ නෑ) ඒ වගේම බොහෝවිට වට්ටම් සහිතව (20%-30%) පොත් ගන්න අවස්ථාව ලැබේවි මේ මාසය අවසන් වෙනතුරු
මේ දවස්වල ගොඩක් දෙනා කතාබහ කරන්නෙ බුක්ෆෙයා ගැන. ඒත් ඉතින් සමහරුන්ට ඒ වෙනුවෙන්ම කොළඔ එන්න බැරිව දුක්වෙනවා ඇති. ඒත් ඉතින් එහෙම දුක්වෙවී ලබන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නවාට වඩා හොඳයි නේද තමන්ඉන්න ප්‍රදේශයේ තියෙන ප්‍රධාන නගරවල පිහිටලා තියෙන පොත් කඩේකට ගොඩවැදෙන එක.