Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, February 17, 2011

වෙන්ව යන්නට කාලයයි මේ. ඉතින් අපි සමුගනිමු


කාලයක් තිස්සෙ ඒ කියන්නෙ අවුරුදු 3ක් විතර තිස්සෙ මම හැමදාම වගේ මූනුපොත පැත්තෙ ඇවිත් ගියා. ඒ අතරින් පතර මට මූනුපොතින් ඈත් වෙන්න හිතුනත් ඒ සිතුවිල්ල විවිධ හේතු නිසා ක්‍රියාත්මක වුනේ ම නෑ. නමුත් ඊයේ දිනයේ මට හිතුනා මූණුපොතින් ඈත් වුනොත් හොඳයි කියලා හිතුනත් ඒ සිතුවිල්ල කලින් වතාවට වඩා බලවත් කියලා මට හිතෙනවා. ඒ නිසා මම තීරණය කළා මූනුපොත භාවිතයෙන් ඈත් වෙන්න.
ඉතින් මම තීරණය කළා මූනුපොතේ ගිණුම වසා දැමීමෙන් තොරව භාවිතයෙන් ඈත් වෙන්න ඕන කියලා. මොකද මම හිතන විදියට මේ සිතුවිල්ල කොතරම් කාලයක් පවතීදැයි කියා මට විශ්වාස නෑ. ඒ වගේම මූනුපොතේ ගිණුමක් නැතිව ඉන්නවාට වඩා ගිනුමක් තිබෙන එක හැම අතින්ම හොඳයි.
ඒ නිසා අපි කරන්න ඕන අපිවම පාලනය කරගන්න එකයි කියලායි මම හිතන්නෙ.

වෙන්ව යන්නට
කාලයයි මේ.

ඉතින්...
අපි සමුගනිමු
facebook

හිතුනොතින්
නැවත
මුනගැසෙමු

එතෙක්....

6 comments:

  1. ඔව් මූනුපොත ටික කාලෙකට ඉස්සෙල්ල මගේ දවසම කාල දැම්මා ඒකේ තියෙන games ගහ ගහ ඉදලම. පස්සේ හොද වෙලාවට අපේ ආයතනය කාටවත් වැඩකරන වෙලාවට ඒකට යන්න බැරි විදියට block කරා.දැන් හවස 4 න් පස්සේ තමයි යන්න පුළුවන්.

    ReplyDelete
  2. ඔය රෙද්ද මාත් වහල දැම්මා.. වැඩක් නැ සහෝ.. කාලෙ කන එක විතරයි.. මෙලෝ රහක් නෑ අන්තිමට.. මූනු පොතෙන් යාලුවො ඇසුරු කරල වැඩක් නෑ අඩුම කෝල් එකක් හරි නැත්තං වලක් හරි බහින්න ඕන.. නිකන් චැට් කර කර කරන කෝලං හොදයි ගෙවල්වල නිකන්ම නිකන් ඉන්න ගෑනුන්න්ටයි ඒ වගේ පිරිමින්ටයි.. නියම කොල්ලො කෙල්ලෝ මූනුපොතේ නිකං පීචං වෙන්නෙ නෑ.. සමාජය ආශ්‍රය කරන්න ඕන සමාජයට බැහැල මිසක් කම්පියුටරයක් ඉස්සරහ දවසම ඉදගෙන නෙවෙයි..

    ReplyDelete
  3. මුහුණු පොතෙන් සමු ගත්ත එක නම් ගොඩක් හොදයි. මොකද ඕකෙන් කාලේ කනවා මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ.

    ReplyDelete
  4. මගේ සුභපැතුම් සහෝ..... හැබැයි ප්‍රතිපත්ති කඩන්නේ නැතුව දිගටම රකින්න ඕනා....

    මමත් 2011 ලබන කොට හිතා ගත්තා මූනුපොත ඕනෙ නෑ කියලා.... මම තාම ලොග් වුනේ නෑ...

    ReplyDelete
  5. ඈ ... කෑම නැතුව හිටියා වගේ වෙයිද?

    ReplyDelete
  6. ඇයි ඉතින් දෙගිඩියාවක්.. ගිණුම වහලම දැම්මනම් ඉවරනේ... මටත් ඔය විකාරේ තිත්තම වෙලා ගිනුමත් එක්කම වහලා දැම්ම.. මෙලෝ රහක් නැති මල විකාරයක්... ඕව හොඳයි සීනිබෝල කෙල්ලෝ, කොල්ලන්ට..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails