බය හිතෙනවා නේද? ලංකාවෙදි අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝදෙනෙක්ගෙ බලාපොරොත්තුව රටින් අඩුවට බඩු ගෙන්වන එක නැතිනම් අන්තර්ජාලය පාවිච්චි කරලා සල්ලි හොයන එක. ඉතින් මේ රටින් බඩු ගෙන්වන අය වැඩිදෙනෙක් පාවිච්චි කරන අන්තර්ජාල වෙළදපොලක් තමයි ඊ්බේ කියන්නෙ.
ඊබේ වගේම පේපෑල් සමාගමත් අයිති eBay Inc. corporate family of companies වලට. නමුත් දැන් මේ ඊබේ සමාගමත් පේපෑල් සමාගමත් වෙන්වෙන්න යනවා කියන්නෙ එක සමාගමක් බංකොලොත් නිසා විකුණලා දානවද කියලා හිතෙන්න පුලුවනි. අැත්තම ගත්තොත් එ් සමාගම් දෙකෙන් එකක්වත් විකුණාදැමීමක්වත් බංකොලොත් වීමක්වත් නිසා නොවෙයි මේ සමාගම් වෙන් වෙන්න යන්නෙ. එ් සමාගම් දෙකේම කටයුතු සහ අනාගත දියුණුව වෙනුවෙන් මේ තීරණය ගත් බවයි www.paypal.com ප්‍රකාශ කරන්නෙ. ඉතින් අපි ඊබේ වලින් මිලදී ගැනීමක් සිදු කළාම එ් දේ අපිට ලැබුණම හරි නොලැබුණම හරි අපිවෙනුවෙන් ඊබේ හා පේපෑල් ගත්තු ක්‍රියාමාර්ග ඉදිරියටත් එ් විදියටම පවතීවි. කොටින්ම ඊබේ එකෙන් මිලදී ගත්තු දේවලට මුදල් ගෙවීමත් පේපෑල් හරහාම ඉදිරියටත් වේවි.
වැඩිවිස්තර https://www.paypal.com/md/webapps/mpp/paypal-ebay-update මගින් ලබාගන්න පුලුවනි.
දැන් ඉතින් අලුත් දීගයක් පටන් ගන්න වෙයි වගේ
ReplyDeleteදික්කසාද වුනාට වෙන් වෙලා යන් නෑ කියන්නෙ. හික්ස්.
Deleteඅනේ මන්ද ඉතින්
ReplyDelete