Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, January 4, 2015

ආඩම්බරයි... මාන්දමිකයි...

මාතෘකාව මටත් නොතේරෙන්නේය. ලිපියට මාතෘකාවක් අවැසිය. 

මේ දවස් කීපයේ අපි අතර ඇත්තේ විශාල තරඟයක්ය. ඒ අපි වෙනුවෙන් යමක් කරකියා ගන්නය. නමුත් යන්නේ වෙනත් කොහේවත් නෙවේය. කඩේය. කඩේ යන්නේ ගෙදරට ඕනෑ දේ ගේන්න නෙවේය. අපිට , රටට ඕනෑය කියා අපේ බදු වලින් ජීවත් වෙන කෙනෙක් තෝරා ගැනීමටය.

මේ දවස් කීපයේ අපි ඒ වෙනුවෙන් කඩේ යන්නේ තරඟයටය. අනික් කෙනාට වඩා මම කඩේ නොගියොත් වැඩක් නැත්තේය. ඒ නිසා අපි පුලුවන් උපරිමෙන් කඩේ යා යුත්තේය. නැතිනම් අපි පවුය. අපි වටේ යන අය පවුය. ඊටත් වඩා බදුමුදලින් ජීවත් වෙන්න දඟලන කෙනා පවුය. 


එක එක කාලෙට අපි කඩේ යන්නේ එක එක දේවල් වලටයි කියා මතක් වුනේ දැන්ය. මම කාලයක් කට්ටියකට කඩේ ගියේ මම කඩේ යනවායැයි ඇඩ් දමමිනි. ඒත් කාලයක් යද්දි ඒ කඩේ මුදලාලි එන්නේ කඩේ සුපර්මාර්කට් කඩයක් කරගන්න නෙවේ එයා තවත් කෙනෙක් වෙනුවෙන් කඩේ යනකෙනෙක් කියා තේරුණු නිසා කඩේ යන එක නවත්තලා දැම්මේ අනික් අයටත් කඩේ යන්න එපා කියන්නේවත් නැතිවය. කාටද පුලුවන් තමන් මෙච්චරකාලයක් ගියපු කඩේ වැඩක් නෑ කියලා කියන්න.  

අපි මේ කඩේට විතරයි යන්නෙ වෙන කඩවලට වැස්සකටවත් ගොඩ වෙන්නෙ නෑ යැයි කියා අපි කඩේ යන්නේ ඒ කඩවල මුදලාලිලාත් අපි වගේ ම අනික් කඩවලට වැස්සකට ගොඩ නොවන බව සිතාය. නමුත් ඇත්ත එය නොවේය. එයාලා අවුවටද වැස්සටද කියා බලන්නේ නැතිව අනික් කඩේට අනන්තවත් රිංගන්නේය.

ඉතින් මේ දවස් ටිකේ අපි කඩේ මාරු කරලා කඩේ යනකොට ඇඩ් නොදා කඩේ යා යුතුය.  මොකද එක කඩයක් වසා දැමුනොත් අනික් කඩේකට යන්න සිදුවෙන නිසාය. නැතිනම් අපිට යන්න කඩයක් නැතිවන්නට පුලුවනිය.

ඒත් මම කඩේ යන්නෙක්මි. 

4 comments:

  1. ඒක ඇත්ත..තියරිය හරි හැබැයි හැමෝම හොරෙන් හරි ප්‍රසිද්ධියේ හරි කාටහරිම කඩේ යනවා..නෑ කිව්වත් එහෙම තමයි..ඕකට ඉතින් අපි කුලල් කාගන්න ඕනයැ...:D

    ReplyDelete
  2. කාට කඩේ ගියත් කමන් නෑ.. හරි පැත්තට තමන්ගේ මනාපය දෙන්ඩ !

    ReplyDelete
  3. කඩේ ගිහිං නවතින්නේ නැති පාටයි......... සීනිත් හෝ ගාලා කිරති........

    ReplyDelete
  4. මම ගියේ කොයි කඩේටද කියලා කියන්නත් ලැජ්ජයි වෙලාවකට.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails