Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, April 13, 2014

හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්.

අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයය. ඒ තියෙන වාහනේ අරන් ගියොත් නවත්තන්න තැනක් නැති නිසාය. එක අතකින් ඒ ක්‍රමය හොඳය. 

තදබදය අස්සේ පැය ගණන් ඉන්නවාට වඩා පයින් යන එකත් හොඳය කියා සිතෙන්නේ පයින් ගියත් පැයට කිලෝමීටර 5ක්වත් යන්න පුලුවන්කොට බස්එකක් පිටකොටුවේ ඉඳන් දෙමටගොඩ හරියට එන්න පැයකට වැඩි කාලයක් ගතවන විටය. ඉස්සර ඔහොම නැතිය. හයිවේ හදන්න කලින් අපි සිකුරාදා හවස 4න් පස්සේ 7 වෙනකන් මොන බස් එකේ ආවත් බස් එක පිටකොටුවෙන් පිටත් වෙලා පැය 3 1/2 ඇතුළත ගෙදරය. ඒත් දැන් අපි පිටකොටුවෙන් කැළණියට එන්නේත් පැය 1 1/2 විතර තදබදේ ඉඳලාය.

තදබදේට විවිධාකාර හේතු ඇත්තේය. ප්‍රධානම කරුණ අතුරුමාර්ග වැඩි වීමය. අතුරු මාර්ග හදන්නේ තදබදය අඩු කිරීමට කියාය. නමුත් එයින් වෙන්නේ තදබදය තවත් වැඩි වීම මිස අඩු වීමක් නොවන්නේය. අතුරු මාර්ග තිබුණාම ඒ මාර්ගයෙන් එන වාහන නිතරම ප්‍රධාන මාර්ගයට ඇතුල් වන්නේය. ඉතින් ප්‍රධාන මාර්ගය තදබද වන්නේය. මෙවන් බොහෝ තැන් වල ආලෝක සංඥාා  නැත්තේය. ඒ මදිවාට පොලිසියද නැත්තේය.පොලිසිය සිටියද ඉන්නේ ලයිට් එළියට අනුව වාහන හසුරුවන්න ලයිට් කණුව ළඟ මිසක් ලයිට් එකක් නැති තැනක නොවන්නේය. ඉතින් අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහන ඇතුල් කිරීම නොකඩවාම සිදුවෙනවිට ප්‍රධාන පාරේ වාහන තදබදය වැඩි වන්නේය. කිරිබත්ගොඩ මීට හොඳම උදාහරණයය.

දිනක් කොළඹදී පාර මාරු වෙන්න ඉන්නා විට සංඥාා කණුවේ වාහන වලට කොළ එළිය දැල්වී තිබුණු අතර පදිකයින්ට රතු එළිය දැල්වී තිබුණි. පාරේ වාහන නැති නිසා කෙනෙක් පාර මාරු වන්නට පාරට බැස්සේය. එතැන සිටි රාළහාමි ඔහුව නවත්තා ගත්තේය. ලයිට් එකේ රතු තියෙන්නේ කියා පදිකයින්ගේ සංඥාා කණුව පෙන්වීය. අප දන්නේ සංඥාා කණුවක් ළඟ පොලිස් නිළධාරියකු සිටි විට ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නීතිය බවත් ආලෝක සංඥාා නොතකා නියෝග දීමට ඔහුට හැකි බවත්ය. ඉතින් පාරේ වාහන නැත්නම් පාර මාරු වීමට පදිකයින්ට අවස්ථාව නොදී ආලෝක සංඥාා වලටම පදිකයින් හා  වාහන හසුරුවන්න පොලිස් නිළධාරින් යොදා ඔවුන්ට වැටුප් ගෙවිය යුතුද? කහඉර දෙපැත්තේම විශාල මිනිසුන් ගණනක් එකතු වූ විට පාර මාරු වීමෙන් දෙපැත්තේම අය එකට ගැටෙන්නේය.


පාර තදබද වුනාම පාරේ විරුද්ධ පැත්තට යන වාහනවලට වෙන් කරපු තීරුවේ වාහන යන්නේ ඉස්සරහින් තමන් දෙසට එන වාහන නැති බව සිතාය. ඒත් වාහනයක් එනවග පෙනුනාම තමන් යන පැත්තට තියෙන තදබදයට රිංගන්න දඟලන්නේය. එක්වරම ඇතුල් වූවොත් හොඳය. බැරි වුනොත් දෙපැත්තටම යන වාහන තදබද වන්නේය. එක වාහනයක් යනවිට තවත් වාහන පෝලිමක් ඒ විදියට යන නිසා තදබදය වැඩි වීම අනිවාර්යය. මේකට විසඳුමක් විදියට පිටරටවල හයිවේ වල වාහන වැඩිපුර යන පැත්තට  වැඩි ඉඩක් ලබා දෙන්නට පාර වෙන් කරන්න මැද තියෙන කොන්ක්‍රීට් වෙනස් කිරීමේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ය. හරියට කළොත් මෝටර් සයිකලයක්වත් ලේන් පන්නලා රිංගවන්න බැරිය. වාහන වැඩියෙන් යන පැත්තට අමතර මංතීරුවක් ලබාදෙන්නත් පුලුවන්ය.


 




මේ මොනවා තිබුනත් වැඩක් නැතිය. හෝන් ගසාන තදබදය අස්සේ රිංගවන වාහන නැති විය යුතුය. වරක් කඩවතදී කලු වීදුරු ඇති ජිප් රථයක් හෝන් ගසමින් මා ගිය බසයට  ඉස්සර කරන්නට ආවත් රියදුරා ඒක ගනන් ගත්තේ නැත්තේය. ඉන් පස්සේ ටික වේලාවකින් පොලිස් මොටර් සයිකලයක පිටුපස වාඩි වුනු නිළධාරියා අත් වනමින් වාහන අයින් කරමින් ඉඩ ලබා දුන්නේ කලින් හෝන් ගැසූ ජිප් රථයට බව අඳුනා ගත්තේ ඒ ජිප් එකේ නොම්මරය වැඩිමුදලක් ගෙවා තෝරාගත් එකක් නිසා ලේසියෙන් මතක තියෙන නිසාය. පොලීසිය ට්‍රැෆික් අඩු කරන්නේ එසේය. ඇම්බියුලන්ස් එකක් හෝ ගිණි නිවන රථයක් ආවානම් මේ තරම් දුකක්+තරහක් ඇති නොවන්නේය. 


6 comments:

  1. මමනම් හිතන්නෙ කොළඹ නගරයේ පාරවල් වල හසුරුවන්න පුලුවන් වාහන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වාහන පාරවල් වලට එකතු වෙනවා. අද කාලෙ තරුණ ජෝඩුවක් උත්සාහ කරන්නෙ කෝමහරි අපිට කියලා වාහනයක් මිලදී ගන්න. ඉතිං වාහන සංඛ්‍යාව වැඩිවන තරමට පාරවල් ලොකු කරන්න ගියොත් නගරයක් නිර්මාණය කරන්න අපහසුයි. ඒ නිසා මහජනයා පොදු ප්‍රවාහන ක්‍රමවලට ආකර්ශණය වන විදියෙ අලුත් වැඩපිලිවෙලවල් අවශ්‍ය වේවි. විශේෂයෙන් දුම්රිය සේවයය ආකර්ශණිය විදියට ශක්තිමත් කරන්න පුලුවන් නම් හොදයි

    ReplyDelete
    Replies
    1. වාහන කොච්චර වැඩි වුනත් හරියාකාරව ඒවා හසුරුවනවානම් යම් තරමකට තදබදය අඩු වෙනවා. බලන්න තියෙද්දි ඇම්බියුලන්ස් එකක් ආවාම ඒ පිටිපස්සෙ වාහන කීයක් එනවාද කියලා.

      Delete
  2. කොළඹ තියන සංවර්ධනය වෙනත් පැතිවලට ගෙනියන්න ඕනේ. කුරුණෑගල , දඹුල්ල, පොලොන්නරුව, ඇඹිලිපිටිය වගේ පැතිවලට මීට වැඩිය සංවර්ධන කටයුතු ගෙනියන්න ඕනේ. විශේෂයෙන් මේ පැතිවල තියන පාසල්, රෝහල්, පොද්ගලික අංශයේ ව්‍යාපාර දියුණු කරන්න ඕනේ. කොහෙද ඉතින් මහින්ද ලොක්කට හම්බන්තොටයි, කොළඹයි විතරනේ පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙන් ඡන්දෙ දිනපු අයටත් අපිව මතක් වෙන්නෙ ඊළඟ ඡන්දෙටනෙ.

      Delete
  3. ගොඩක් වෙලාවට කොළඹ තමයි සංවර්ධනය කරන්නේ. අනේක් පලාත් වල ජීවත් වෙන්ඩ ඕන කරන අවම පහසුකම් ටිකවත් නෑ..

    ReplyDelete
    Replies
    1. කොළඹ සංවර්ධනේ මට නම් දැකලාම එපා වෙලා. මොකද ට්‍රැෆික් වැඩි වෙලා. පාරෙ ගත කරන කාලෙ වැඩි වෙලා.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails