Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, February 8, 2014

මේන්ටනනස් එකට කොම්පියුටරේ කූරියර් කළෙමි

බ්‍රහස්පතින්දා  5.15 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. ඔයාලගෙ කොම්පියුටරයක් තිබුනා නේද මේන්ටනන්ස් වලට කතා කරපු. අපි කූරියර් එකේ කෙනෙක් එවන්නම් ඒ කොම්පියුටරෙ බොක්ස් එකක දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද ?

ඒක අපි බොක්ස් එකක දාලා තියෙන්නෙ. ගිය සිකුරාදානෙ අපි ඒක පැක් කරලා තිබ්බෙ.

ඒකෙ මේ ඇඩ්රස් එක ලියලාතියන්න පුලුවන්ද?

අපි ඇඩ්රස් එකත් අලවලා තියෙන්නෙ.

පොඩ්ඩක් බලන්න පුලුවන්ද මේ ඇඩ්රස් එකද තියෙන්නෙ කියලා .අංක xx , xxxx xxxx පෙදෙස, කොළඹ 5 .

හරි මම බලන්නම් . දැන්නම් මම ඉන්නෙ ඔෆිස් එකේ නෙවෙයි. මම තව පොඩ්ඩකින් බලලා කියන්නම්.
---------------------------------------------------------------------------

බ්‍රහස්පතින්දා  පස්වරු 5.35 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. පොඩ්ඩකට කලින් මම කෝල් එකක් ගත්තා කොම්පියුටරයක් ගැන.

හරි හරි. මම දැන් ඔෆිස්  එකේ ඉන්නෙ. මම බැලුවා බොක්ස් එක. ඇඩ්රස් එක අලවලා තියෙන්නෙ.

හරි මහත්තයා අපි හෙට උදේම කෙනෙක් එවන්නම් ඒක කූරියර් කරන්න.

ඕකේ . තෑන්ක්ස්. මම ගේට් පාස් එකත් හදලා තියෙන්නෙ. එන කෙනාට කියන්න අත්සන් කරලා අරන් යන්න කියලා මම නොහිටියොත්.

හොඳයි මහත්තයා. බොහොම ස්තුතියි.

_______________________________________________________


සිකුරාදා  පෙරවරු 9 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්.ඊයෙ අපි කතා කළා කොම්පියුරටයක් කූරියර් කරන්න කියලා. ඒක බොක්ස් එකකට දාලා තියන්න පුලුවන්ද?

මේ මහත්තයෝ. මම ඊයෙම කීවනෙ ඒක පැක් කරලා තියෙන්නෙ කියලා. කීපාරක් පැක් කරන්න ඕනද? ගිය සිකුරාදා ඉඳලා සීපීයූ එක පැක් කරලා බලන් ඉන්නෙ. දැන් සතියක් වෙනවා. ඊයෙත් කතා කළානෙ.

සොරි සර්. අපි කූරියර් එක එවන්නම් සීපීයූ එක ගෙනියන්න.

________________________________

මිස්ටර් xxxx මම xxxx එකෙන් කතා කරන්නෙ. ගිය සතියෙ සිකුරාදා පැක් කරපු සීපීයූ එක ගෙනියන්න තවම කූරියර් එකෙන් ආවෙ නෑනෙ. ඊයෙත් ඔයාලගෙ කොම්පැනියෙන් කතා කළා. පැක් කරලා තියෙන්නෙ කීව. අදත් කියනවා පැක් කරන්න කියලා.

ඇයි සර් තවම ගෙනිච්චෙ නැද්ද?

නෑ. දැන් සතියක් තිස්සෙ සීපීයූ එක පැක් කරලා තියෙනවා. තවම කූරියර් එක ආවෙ නෑ.

ඉතින් සර් මම ගිය සතියෙ පැක් කරලාමනෙ ගියෙ. එහෙම වෙන්න බෑනෙ. දැන් සතියක් වෙනවනෙ. මම කතා කරන්නම් මටජොබ් එක දාපුකෙනාට.

තෑන්ක්ස්. මේ මැෂින් එක අපිට ඉක්මනට හදා ගන්න ඕන.

මම කතා කරලා බලන්නම් සර්.

________________________________________
 
සිකුරාදා  පෙරවරු 10 පමණ

සර්  මම කතා කරන්නෙ xxxx එකෙන්. මේන්ටනන්ස් වලට කතා කරපු සීපීයූ එක බොක්ස් එකකට දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද අපි කූරියර් කෙනෙක් එවන්නම්.

මිස්. ඒ මැෂින් එක බොක්ස් එකකට දාලා පැක් කරලා ඇඩ්රස් එක ලියලා තියන්නෙ ගිය සිකුරාදා ඉඳලා. තව කීපාරක් කී දෙනෙක් කතා කරයිද මේක පැක් කරගන්න.

හරි සර් අපි කූරියර් කෙනෙක් එවන්නම් අද හවස් වෙන්න කලින්.

අපිට මේ මැෂින් එක හදාගන්න ඕන. නැතිනම් ඔයාලට කතා කරන්නෙ නෑනෙ. වොරන්ටි නැත්නම් මේන්ටනන්ස් නැත්නම් මොකටද  ඔයාලට අපි සල්ලි ගෙවන්නෙ. මැෂින් එක නැතිව අපිට වෙන අලාබෙ කවුද ගෙවන්නෙ.

සොරි සර් අපි ඉක්මනට ඒක හදලා එවන්නම්.
---------------------------------------------------
සිකුරාදා  පෙරවරු 11.30 පමණ
මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. අපිට පාර්සල් එකක් කූරියර් කරන්න බාර දුන්නා ....... කම්පැනි එකෙන්. ඒක පැක් කරලාද තියෙන්නෙ.

ඒක පැක් කරලා තියෙන්නෙ ගිය සිකුරාදා ඉඳලා. ඒ ගැන ඔයාලට කියන්න ඇත්තෙ අද උදේ.

ඔව් සර් අපිට අද උදේ තමයි දැනුම් දුන්නෙ. අපේ කෙනෙක් ඒවි ඒ පාර්සල් එක ගෙනියන්න. හවස ඔෆිස් එක වහුවම ආවොත් පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

හොඳයි මම බලන්නම්.

________________________________

සිකුරාදා පස්වරු 3 පමණ

මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. මම ආවෙ කූරියර් අයිටම් එක ගෙනියන්න.

හරි. ඒක අපි පැක් කරලා තියෙන්නෙ. මම නම් දැන් එලියෙ ඉන්නෙ. පොඩ්ඩක් සිකුරුටිගෙන් ඉල්ල ගන්න පුලුවන්ද?

මහත්තයට පුලුවන්ද පොඩ්ඩක් ඇවිත් පාර්සල් එක දෙන්න?

මම දැන් එලියෙ ඉන්නෙ. මම එද්දි වෙලා යාවි. ඔයා සිකුරුටිගෙන් අරන් යන්න.

එයාලා දන්නවාද දන් නෑනෙ පාර්සල් එක ගැන. මම පොඩ්ඩක් ඉන්නම් සර් එනකන්.

මම එද්දි තව පැයකට වඩා යාවි. සිකුරුටිට මම කියලා තියෙන්නෙ ගේට් පාස් එක අත්සන් කරලා අරන් යන්න.


(නම් ගම් සැඟවිය යුතු විය)

8 comments:

  1. හපෝ මටත් ඔය වැඩේ හැමදාම වගේ වෙනවා ඔය ස්ටෝස් වල උන්ට කතාකරන්න ගියාම..හෙට නිවාඩුවක් තියෙද්දිත් මුං කියනවා නේ සර් හෙට එවන්නං කියලා...
    උං හිතාගෙන ඉන්නෙ...අර ටොපි බාසාවෙන් පානිය දාල කතාකලාම ඒක තමයි කස්ටම සර්විස් එක කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ මිනිස්සු මේ ළඟදි දවසකත් කතා කළා. ඇහුවා කූරියර් ඇවිත් ගෙනිච්චද කියලා. මම කීවා ගේට් පාස් දාලා එවලා තියෙන්නෙ කියලා. පහුවදා කතා කරලා කීවා මැෂින් එක හම්බුනා, ටෙක්නිකල් ඉංජිනියර්ට ලයින් එක දෙන්නම් පොඩ්ඩක් එරර් ටික කියන්න එයාලට පේන තරම් අවුලක් නැති නිසා ෆුල් ෆෝමැට් දාලා එවන්නම් කියලා.
      ඉංජිනියර් කියන කෙනා මගෙන් අහනවා දාලා තිබුනෙ xp ද 7 ද කියලා. මම කීවා 7 ඔරිජිනල් ස්ටිකර් එකත් අලවලා ඇති කියලා. පස්සෙ අහනවා මැෂින් මොඩල් නම්බර් එකයි සීරියල් එකයි. මුන් මැෂින් එක ළඟ තියෙද්දි මගෙන් අහන්නෙ මම පාඩම් කරන් ඉන්නවායැ. මම ඉතින් කීවා අංක පාඩම් කරන් ඉන්නෙ නෑ. යවපු ලියුම් ෆයිල් කරාට ෆයිල් අතේ තියන් ඉන් නෑ. මැෂින් එක එලියෙන් බලලා සීරියල් එකක් හොයා ගන්න බැරිද කියලා. පස්සෙ අහනවා මැෂින් එකේ තිබුන ලෙඩ මොනවාද කියලා. මම ඉතින් තිබුන ලෙඩ කීවම කියනවා ඒ විදියෙ ප්‍රශ්නයක් පේන්න නෑ කියලා. මම කීවා චෙක් කරන්න ආපු කෙනාට කතා කරලා අහගන්න කියලා. මමත් කතා කළා චෙක් කරන්න ආපු කෙනාට. ඒ මනුස්සයා අහනවා තවම හදලා ඉවර නැද්ද? කතා කරලා බලන්නම් කියලා. පස්සෙ ඉංජිනියර් කියන කෙනා කතා කරලා බ්‍රාන්ච් එකට කීවලු සති 2ක් විතර යයි කියලා. මුන් ටෙක්නීෂියන්ලද ?

      Delete
    2. කුරිය ගගහ ඉන්නේ නැතුව IT කාරයෙක් වැඩට ගනිල්ලකෝ !

      Delete
  2. හි හි... පිස්සු වගේ!

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්නෙ උපරිමයි

      Delete
  3. මේ ගැන නං කතා කරලා වැඩක් නෑ ය. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි ළඟට එන කෙනාගෙන් ලැබෙන සහය ඒ අයගෙ මේන්ටනන්ස් සෙක්ෂන් එකේ අයගෙන් ලැබෙන් නෑ.

      Delete
  4. පිස්සුද හැටිද ?

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails