Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, October 19, 2013

ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු.


ඔබ සතුව කිසියම් ජාලයකට පමණක් පාවිච්චි කළ හැකි (අනෙක් ජාලයන්ගේ සිම් පත් සඳහා සහය නොදක්වන) ඩොංගලයක් තියේද? මේ වෙනකොට ඒ ඩොංගල් එක වෙනත් ජාලයක සිම්පතක් මගින් පාවිච්චි කරන්න අවශ්‍ය ද?

sinhala translation is available at unlock network blocked dongles to use any sim card from any operator using linux

කිසියම් ජාලයක් මගින් ඩොංගලය තම ජාලයට පමණක් පාවිච්චි කළ හැකි අන්දමට ලොක් කරනුයේ,
  • වෙනත් තරඟකාරී ජාල වල සිම්පත් මගින් එම ඩොංගලය පාවිච්චි කිරීම වැලැක්වීමට
  • පාරිභෝගිකයා තමන් වෙතම රඳවා ගැනීමට - පාරිභෝගිකයාට වෙනත් ජාලයක සිම් පතක් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් වෙනත් ඩොංගලයක් අලුතින් ගැනීමට සිදුවේ.

ඩොංගල් අන්ලොක් කරන්නේ
  • වෙනත් ජාලයක සිම්පතක් පාවිච්චි කිරීමට
  • මුලින් පාවිච්චි කරන ලද ජාලය පිළිබඳව කළකිරීම නිසා වෙනත් ජාලයකට යාමට
  • වෙනත් ජාල මගින් වඩා හොඳ පැකේජ හඳුන්වා දී තිබීම . (බිල් ගෙවන්නෙ/වියදම් කරන්නෙ අපිනම් අපි මොකටද අපිට අවාසි වෙන පැකේජ පාවිච්චි කරන්නෙ)


පරිස්සම් වෙන්න
  • බොහෝවිට ඩොංගලය අපි ගන්නකොට කිසියම් ජාලයකට බ්ලොක් කරනවා කියන්නෙ අපිට ඒ ඩොංගලය ලැබෙන්නෙ සහන මිලට හෝ නොමිලේ වෙන්න පුලුවනි. මෙහිදි ජාලය විසින් අපි සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇති කිසියම් කාලසීමාවකට මෙම ඩොංගලය සමඟ ගන්න පැකේජය පාවිච්චි කරනවා කියලා. මේ විදියට ඩොංගල් එක නිකම් දීලා පැකේජ් එකෙන් ආදායම් ලබා ගන්නවා ඩොංගල් එකේ වියදමත් හොයා ගෙන. 
  • ඉතින් ඩොංගල් එක අන්ලොක් කරලා හරි පැකේජ්එක පාවිච්චි කරන එක නවත්තලා දැම්මොත් හරි අපි ඩොංගල් එක ගනිද්දි අත්සන් කරන ලද ගිවිසුම අහෝසි වෙන්න පුලුවනි. එ් කියන්නෙ පැකේජ් එක සමඟ ලැබුනු ඩොංගල් එකට අපි සල්ලි ගෙවන්න වෙනවා. (පැකේජ් එක නිකන්ම අයින් කළත් පසුව ඒ වෙනුවෙන් මාස ගනනාවක් බිල ගෙවන්න සිදු වෙන්න පුලුවනි.)

කොහොම හරි ඩොංගල් එක වෙනත් ජාලයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ අපිට ලොකු වාසියක්. මොකද අපේ රටේ තියෙන ජාල වලින් අපි බලාපොරොත්තු වෙන සේවාව සතුටුදායක මට්ටමින් ලැබෙන අවස්තා සීමිතයි. කිසියම් කාලයක් හොඳ සේවාවක් දෙන ජාලය මාස කීපයකින් ජංජාලයක්  වෙනවා. ඊට පස්සෙ වෙන ජාලයක් එනවා හොඳ සේවාවක් සපයන්න.

අලුත් පැකේජයත් එක්ක ඩොංගල් එක නිකන්ම වගේ දෙනවා වුනත් අපි පරණඩොංගල් එක විසි කරන්නෙ අපිට සල්ලි වැහි වැහැලා කියලා ද? අයියෝ සල්ලි. ඉතින් අපිට පුලුවනි අලුතින් සිම් එකයි පැකේජ් එකයි අරන් පරණ ඩොංගල් එක පාවිච්චි කරන්න.

(I'm using a linux (openSuse) operating system in my Laptop and I encourage other to use Linux on their computers. My dongle had cost me a sum of LKR 7829.99 on December 2009 (with one year warranty) without any plan or agreement but it has blocked to a mobile network operator from using another sim from other operators. Still I'm satisfied with the network but I needed to unlock the dongle for a fun because I needed to know is it could be done by my own.)



වැඩේ පටන් ගනිමු නේද එහෙනම්.

මුලින්ම අපිට ඩොංගල් එකේ IMEI‌ අංකෙ ඕන කරනවා අන්ලොක් කෝඩ් (unlock code) එක හොයා ගන්න. මේ අන්ලොක් කෝඩ් එක හොයා ගන්න උදව් වෙන වෙබ් සයිට් ඕනතරම්. මම පාවිච්චි කළේ ( http://www.mapmyplace.com/calc/ )

ලිනක්ස් පාවිච්චි කරද්දි අපිට බෑ වින්ඩෝස් වලදි වගේ කම්මැලි වෙලා අපේ වැඩේ කර ගන්න. අනික ටොරන්ට් එකකින් හොර කොපියක් බාගෙන දාගත්තා කියලා අපි දන් නෑ නෙව මේ අන්ලොක් කරන ක්‍රියාවලිය වෙන්නෙ කොහොමෙයි කියලා.
මුලින්ම අපි පරිගණකයට දා ගන්න ඕන "මිනි කොම්". මිනිකොම් තමයි අපිට උදව් වෙන්නෙ ඩොංගල් එක අන්ලොක් කරන්න. මිනිකොම් දාන්න බොහොමයක් ලිනක්ස් පද්ධති වල package manager පාවිච්චි කරන්න පුලුවනි. එහෙම නැතිනම් commandline පාවිච්චි කරන්නත් පුලුවනි.

උබුන්ටු නැතිනම් ඩෙබියන් පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න

sudo apt-get install minicom

රෙඩ්හැට්/ෆෙඩෝරා වගේ rpm පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න(yum installer)su yum install minicom

opensuse (zypper) පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න
su zypper install minicom


මිනිකොම් දැම්මට අපි හොයා ගන්න ඕන කොයි පෝර්ට් එකේද ඩොංගල් එක පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා. බොහෝවිට ඩොංගල් එක ttyUSB0  හරහා පාවිච්චි වෙනවා.
ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න. root/super user විදියට හිටියොත් ලේසියි terminal එකේ.
  • "tail -f /var/log/syslog" on debian based systems or 
  • "tail -f /var/log/messages" on rpm based systems 
විධානය දීලා ඩොංගල් එක ගලවලා ගහන්න. පහසුවෙන් හොයා ගන්න පුලුවනි ඩොංගල් එක පාවිච්චිවෙන ස්ථානය.

දැන් මිනිකොම් ආරම්භ කරමු. terminal එකේ superuser/root විදියට ඇවිත් ටයිප් කරන්න

minicom -s

දැන් පෙනේවි මේ විදියට



තෝරන්න "serial port setup". ඊට පස්සෙ මේ විදිය window එකක් පෙනේවි.


 "Change which setting?"ඉදිරියේ A ලබා දෙන්න.මෙතැනදි ඩොංගල් එක සවි වුන ස්ථානය ලබා දෙන්න පුලුවනි.

/dev/ttyS1 ස්ථානය වෙනස් කරන්න අපි හොයා ගත් ඩොංගල් එක සවි වුනු ස්ථානයේ අංකයෙන්. (මගේ නම් /dev/ttyUSB0)



 "Change which setting?" ඉදිරියේ E යොදලා Bps/Par/Bits මෙනුවට යන්න.

9600 තෝරාගන්න C යොදන්න  "Choice, or <enter> to exit කියන තැන.


කළින් මෙනුවට යන්න "enter" ඔබන්න.

දැන් පෙනේවි මේ විදියට serial device කියන තැනටයි Bps/Par/Bits තැනටයි අපි දුන්නු අගයන් ඇවිත් තියෙනවා.



"esc" ගහලා ප්‍රධාන මෙනුවට යන්න.

"modem and dialing" select කරන්න


මෙතැනදි මොඩමය අඳුරගන්නා බව පෙන්වයි. පසුව esc මගින් ප්‍රධාන මෙනුවට යන්න. exit තෝරන්න.


ප්‍රධාන මෙනුව අයින් වෙලා මේ විදියට පෙන්වාවි.


ඉතින් මෙතැන ටයිප් කරන්න අපේ ඩොංගල් එකේ අන්ලොක් කරන්න ඕන විධානය.


AT^CARDLOCK="12345678"

මේ විධානය කැපිටල් අකුරින් සටහන් වෙන්න ඕන. උපුටාගැනීමේ කොමා දෙක අතර සොයාගත් අන්ලොක් කෝඩ් එක ටයිප් කරන්න. මෙහිදී කොමා දෙකත් අනිවාර්යෙන්ම ටයිප් වෙන්න ඕනි. 12345678 වෙනුවට ඔබේ ඩොංගලයේ අන්ලොක් කෝඩ් එක යොදන්න.

enter එබුවාම ok කියලා ප්‍රදර්ශණය වේවි හරියට අන්ලොක් වුනා නම්.



AT^CARDLOCK="12345678"     
OK                                              


දැන් ඉතින් අනෙක් සිම් කාඩ් එක දාලා වැඩ කරනවාද බලන්න.

පලි-
thank you Girobiro's blog for the article about "Unlock 3G USB Dongles in Linux" helping me to get an idea how to unlock my dongle.






11 comments:

  1. කවදා හරි ඩෝංගලයක් ගත්ත දාට වැදගත් වෙයි. බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඒත් දැන් බොහොමයක් පැකේජ් රහිතව ගන්න ඩොංගල් වල මොකක්හරි ජාලයක නමක් ගහලා තිබුනත් බොහෝවිට ඒවා අන්ලොක් ඒවා. මොබයිල් පාර්ට්නර් විතරයි ඒ අයගෙ දේකට තියෙන්නෙ. ඒකට ඉතින් වෙනත් ජාලයක ප්‍රොපයිල් එකක් දැම්මානම් දාන සිම් එකට අදාලව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවනි.

      Delete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය.(info@vweb.lk)

    ReplyDelete
  3. වටිනා ලිපියක්...

    ReplyDelete
  4. වින්ඩෝස් වලින් නම් අන්ලොක් කරන හැටි දැනන් උන්නට මේ ක්‍රමේ දැනගෙන හිටියේ නෑ... නියමයි !
    අයෙම ඩොංගල් එකක් ගත්තහම ට්‍රයි කරලා බලන්නම්...

    ඒක නෙමේ.බොලා තාමත් වැඩ කරන්නේ නුවර එළියේ ද ? කාලෙකින් හම්බ උනේ.. කොහොමද රස්සාව එහෙම ?

    ReplyDelete
    Replies
    1. ලොක් කරන විදියත් හොයලා බලන්න ඕන. එතකොට ආයෙමත් අන්ලොක් කරන්න පුලුවනි වෙනත් ක්‍රමයකින්..

      ඔව් බන්. .තවම නුවරඑළියෙ. රස්සාවනම් අවුලක් නෑ. ඒත් පොඩ්ඩක් විතර විවේකය අඩුයි.

      Delete
  5. මේ කොමාන්ඩ් එකම හයිපර් ටර්මිනල් එකේම දුන්නත් වැඩ කරනවා නේද. මම ඒක අත්හද බලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුලුවන්ද. අායෙත් ලොක් කරගන්න ක්‍රමයක් හොයන්න ඔනි එහෙනම්.

      Delete
  6. සමීර: මම මිනි දාගන්න බෑලුව උබුන්ටු 13.10 ට නමුත් පාස්වර්ඩ් එකක් ඉල්ලනව එතනින් එහාට ටර්මිනල් එකේ මුකුත්ම ටයිප් කරන්න බෑ ඒක හදා ගන්න විදිහ කියන්න පුලුවන්ද ඔයාගෙ ඊ මේල් එක දාන්න පුලුවන්නම් මට පුලුවන් සම්පුර්න විස්තරය දාන්න---ස්තුති

    ReplyDelete
    Replies
    1. එතන ඔයාගෙ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. මුකුත් ටයිප් වෙන බව පෙන්නුවෙ නැති උනාට ඒක ටයිප් වෙනව (ඒක ලිනක්ස් වල හදල තියෙන්නෙ එහෙමයි). ඊට පස්සෙ එන්ටර් කරාම හරි.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails