Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, October 16, 2011

නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.

ඇපල් ගහක් යටට වෙලා හිටපු නිව්ටන් ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුන නිසා ගුරුත්වාකර්ෂණය හොයා ගත්තලු.

හොඳ වෙලාවට ඒ ඇපල්ගෙඩිය නිව්ටන්ගෙ ඔලුවටම වැටුනෙ. ඒ වගේම නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.

නිව්ටන් ඉපදුනේ හරි ජීවත්වුනේ හරි ලංකාවෙ වුනානම් නිව්ටන්ට සොරිම තමයි. මොකද අපේ රටේ ඇපල්ගස් තියෙනවා කියලායැ. ඒ වගේම ගහක්යටට වෙලා ඉන්න තරම් නිදහසක් තියේවියැ නිව්ටන්ට වුනත්.

බැරිවෙලාවත් ඇපල්ගෙඩිය ඔලුවට නොවැටී අතට වැටුනනම්, නිව්ටන් ඇපල්ගෙඩිය කාලා තමන්ගෙපාඩුවෙ අනුන්ගෙ වැඩක් බලාන ඉඳීවි.

එහෙම වුනානම් කොහෙන්ද අපිට ගුරුත්වාකර්ෂණය කියලා දෙයක්..?

9 comments:

  1. දුරියන් ගහක් යට උන්න නම් ගහ යට හිටියෙ නිව්ටන්ද කියලා හිතා ගන්නත් බෑරි වෙනවා

    ReplyDelete
  2. ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නැත්නම් ඉතින් අද තියෙන ගොඩක් දේවලුත් නැතිවෙනවනේ..කිව්වත් වගේ ඕක අත ළගට වැටුනා නම් මිනිහත් ඕක කාලා නිකන් ඉන්න බැරි කමක් නැහැ..

    ReplyDelete
  3. ඒක නොදැනම හිටියනම් හොදයිදත් මන්දා

    ReplyDelete
  4. වෙලාවකට හිතෙනවා නිවුටන්ගේ ඔලුව උඩට ලොකු පොල් ගෙඩියක් වැටුනා නම් හොදා කියලා. එතකොට වැඩේ කම්මුතුයි නෙව...

    මොනා උනත් ඔය ඇපල් ගෙඩිය ලෝකයේ ගමන් මඟ වෙනස් කලා.

    ReplyDelete
  5. නිව්ටන් නිසා ඇපල් ගෙඩිය ලෝකෙ ධනවත්ම පලතුර වුනා!

    ReplyDelete
  6. මේ නිව්ටන් ...‍ඩෝල්ටන් නියමයන් පාඩම් කරන්න ගිහින් උමතු වුණු තරුණ ගැහැණු ලමයෙක් ඉන්නවා අංගොඩ මානසික රෝහලේ..මම හිතන්නේ බයෝ කරපු කෙනෙක්..අපිට යන්න අවස්ථාවක් ලැබිලා ගියාම එක පාරක් ඒ ලමයා අපි ඉස්සරහා ඔය හැම නියමයක් ම කටපාඩමින් කියවාගෙන ගියා...මේක කියවනකොට මට මතක් වුනේ ඒ සිද්ධිය...

    ReplyDelete
  7. හි හී ඒ කතාවත් ඇත්ත නම් තමයි.. :D

    ReplyDelete
  8. ඔයිට එහා දූරියන් ගහක් යට හිටි නං!

    ReplyDelete
  9. ස්තුතියි යාලුවනේ මේ පැත්තෙ ඇවිත් ප්‍රතිචාර දැක්වුවාට.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails