Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, August 10, 2011

උඹ වෙලාව බල බල හිටපන්.. යකෝ දැන් ලව් කරන් නැතිව අපි වගේ නාකි වුනාම ද ලව් කරන්නෙ?

දැන් ඉතින් කෙල්ලෙක් එහෙම ඉන්නවද?

තවම නෑ සර්

දැන් නැතිනම් ආයෙ කොයි කාලෙද හොයාගන්නෙ?

අනේ මන්දා සර්. ඔන්න ඔහෙ තව ටික කාලයක් ඉන්නවා.

ඇයි එහෙම කියන්නෙ. අපිට කියන්න අපි උදව් කරන්නම් 

හදිසියක් නෑ. පස්සෙ බලමු.

මේ කොල්ලගේ තාත්තට උවමනාවකුත් නෑ මුට කෙල්ලෙක් හොයලා දෙන්න. මුට උවමනාවකුත් නෑ කෙල්ලෙක් හොයාගන්න

ඒ කිව්වෙ තාත්තටත් කීවද මට කෙල්ලෙක් හොයලා දෙන්න කියලා?

එදා තාත්තා මෙහෙ ආපු වෙලාවෙ ඇහුවා. තාත්තා කියනවා තව ටික කාලයක් හිටපුදෙන් කියලා. උඔත් එකයි තාත්තත් එකයි

හිහි.

ඒක නෙවි. දැන් බලපන් උඔට වයස කීයද කියලා. තව අවුරුදු 2,3 යද්දි උඹේ යාලුවො කසාද බැඳලා ළමයිත් නලවන්න ගනී.

වයසට යන එ නම් ඉතින් නවත්තන්න කපුලුවනෑ.

ඒක තමයි කියන්නෙ. තව ටික කාලෙකින් කසාද බඳින්න හොයාගන්න වෙන්නෙ එක්කො දික්කසාද වුන ගෑනියෙක්. එහෙම නැතිනම් ගෑනියක් වුනු කෙල්ලෙක්.

හරි ෂෝක් නෙ.

ඔව්. හරි ෂෝක් තමයි. මොකද අනුන්ගෙ ළමයි චාච්චේ කියද්දි. දැන්ම හොයාගනින් කෙල්ලෙක්. අපි හොයලා දෙන්නම් එහෙම නැතිනම්. කියන්න මෙතන ඉන්න අයගෙන් කවුද හොඳ?

එපා සර්. මෙතනින් නම් කොහොමත් එපා

මෙතන ඉන්න අය නම් දැන් එල්ලිලා ඉන්නෙ. අන්තිමයත් දැන් මාසයක් විතර වෙනවා සෙට් වෙලා. අපරාදෙ මාසයක් විතර කලින් ට්‍රයි කරන්න තිබුනා.

හිදිසි වෙලා බෑ සර් මේ වගේ දේවල් වලට. අනික වෙලාවකුත් නෑ මේ දවස්වල.

හරි බං. යාලු වුනාට දැන්ම බඳින්නෙ නෑනෙ. අවුරුද්දක් දෙකක් ලව් කරලා කසාද බැඳපන්. කොයි විදිහෙ කෙනෙක්ද හොයන්නෙ? ජොබ් එකක් කරන කෙනෙක්ද? ගෙදර ඉන්න කෙනෙක්ද? 
කියන ඕනම විදියක කෙනෙක් හොයලා දෙන්නම්. හිතේ කෙනෙක් ඉන්නවනම් කියනවා. කැමති කරලා දෙන්නම්.

වෙලාව ආවම කෙනෙක් හම්බවේවි නෙ සර්.

කෙහෙල්මල් වෙලාව. උඹ වෙලාව බල බල හිටපන්.. යකෝ  දැන් ලව් කරන් නැතිව අපි වගේ නාකි වුනාම ද ලව් කරන්නෙ?

16 comments:

  1. මාත් හිතාගෙන ඉන්නේ වෙලාව ආවම ඔක්කොම් හරි යයි කියලා. ඒත් තාම මගේ වෙලාව ආවේ නැද්ද කොහෙද. ඒකනේ මේ ඔක්කොම.

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ..මේ කාලේ ලව් කලේ නැත්තම් ආයේ කවදා ලව් කරන්නද...ඔන්න ඔහේ උදව්වක් දෙන්න අය ඉන්නවා නම් උදව්වක් ගන්න එකයි ඇත්තේ :P

    ReplyDelete
  3. @මධුරංග
    වෙලාව එනකම් ද බලන් ඉන්නෙ? එහෙම කීවට එහෙම හරියන්නෙත් නෑ. පොඩ්ඩක් විතර උත්සාහ කරන්න වෙනවා.

    @deeps
    ඒක ඇත්ත. ඒත් තනියම කොහොම ද ලව් කරන්නෙ. උදව් දෙන්න ගොඩක් අය ඉඳීවි. එත් ප්‍රශ්නයක් ඇතිවුනාමත් ඒ අයම බලෙන් ඇවිත් ප්‍රශ්නෙ අවුල් කරාවි. බලමු ඉස්සරහට..

    ReplyDelete
  4. ඇත්ත මල්ලි සුදුසු කාලෙට සුදුසු දේ කරන්න ඕනේ.පස්සෙ පසුතැවිලි වෙන්න නරකයි.ඉක්මනට හොද කෙනෙක් හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  5. උඹට මාර සපෝටිව් සර් කෙනෙක්නෙ බං හම්බවෙලා තියෙන්නෙ. හික් හික්!! කිව්වත් වගේ නරකද කසාදයක් කරගත්තොත්?

    ReplyDelete
  6. කවුද ඔය කපුවා?

    ReplyDelete
  7. Liyathabara website is purely for the people who intent to get married only, but since anyone can register here, its totally your responsibility to identify and act safely on behalf of yourself.

    http://www.liyathabara.com/

    ReplyDelete
  8. http://lankaproposals.lk/

    ReplyDelete
  9. මාත් මේ වේලාවක් බල බල ඉන්නවා..:D

    ReplyDelete
  10. @නදී.. ඇත්ත. පසුතැවිලි වෙන්නෙ මොකෑ නේද?
    @blog gadol .. ඒකත් නරක නෑ නේද..
    @හරී මගේ එක්ක වැඩ කරන කෙනෙක්..
    @චතුමිතු ඔරලෝසුවෙන්දැ? හික්ස්..
    @ඇනෝ.. තැන්කු වේවා. මේවැයින් වැඩක් ඇතෑ මට..

    ReplyDelete
  11. ඒකනේ කියන්නේ නිසි කලට නිසි දේවල් කරන්න ඕන කියලා... දැන් ඔය සර් කොහේද ඉන්නෙ? අපිටත් උපදෙසක් ගන්න...

    ReplyDelete
  12. හනෙ හනෙ :) අහුවෙන්න එපා පොඩි එකෝ ඕවාට ..

    ReplyDelete
  13. ayyoo machan affairs patan gannawa kiyanne belle wal da gattha wage wadak.dan thrend eka casual relationships

    ReplyDelete
  14. මේ උඹලෑ සර්ට කියපංකෝ අපි ගැනත් පොඩ්ඩත් සලකා බලන්න කියලා... මොනාද බං යාළු පිට් එකනේ....

    දැන් කාලේ හරි තමා බං.. ඉක්මනට හොයාගනින්...

    ReplyDelete
  15. @මන්තරකාරි
    ඉන්න තැන හොයන්න එපා. මම හරහා contact කරලා දෙන්නම්.හික්ස්.

    @ජීවිතේ මල්.
    හොඳමයි තීත.(ටීචර්). මම අහුවෙන්නෙ නෑ. මම ඈතින් ඉන්නම් කෝ..

    @ඇනෝ..
    ඒකත් එහෙමද? එතකොට කසාද බැන්දම casual marriages කියාවි. ලොල්ස්

    @prassanna86k
    සලකාබලන්න? ඒ මොකටෑ? එතකොට අර මාලුවීට(අර පෝස්ට් ගොඩක ඉන්න කෙනා) මොකෑ වෙන්නෙ?

    ReplyDelete
  16. උබට බය හිතෙන්නේ නැද්ද අය්යේ sex නැතුව මැරෙන්න වෙයි කියලා

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails