Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, April 2, 2014

ප්‍රයිවට් බස් කර්මාන්තෙ නඟා සිටුවන්න නම් සීටීබී හෙමින් යන්නෙපැයි

ඉස්සර අපි බස් වල නුවර යද්දි ගතවෙන කාලය අඩු කරගන්න ප්‍රයිවට් බස් එකක අපිට ළඟම ප්‍රධාන බස් නැවතුමට ගිහින් එතැනින් සීටීබී හෝ දුර ගමන් බස් එකක නැංගා ප්‍රයිවට් බස් පැය 1 1/2 වගේ කාලයක් ගම්පොල ඉඳන් නුවර යන්න ගත්තු නිසා. ඒ දවස් වල ඒ රූට් එකේම ගිය සීටීබී බස් පාරෙ ගියේ හරියට සීමිත නැවතුම බස් වගේ. සෙනඟ පටව ගන්න නැවැත්තුවේ එක්ස්ප්‍රස් හෝල්ට් වල විතරයි. ඉතින් ඒ දවස්වල අපි හිතාන හිටියේ සීටීබී ඩ්‍රයිවර්ලට බස් එක දෙන්නෙ ටර්න් එක වේගෙන් යන්න මිසක් මිනිස්සු ප්‍රවාහනය කරන්න නොවෙයි කියලා. ඒකටත් එක්ක ප්‍රයිවට් බස්, මිනිස්සු ලෑස්ති වෙලා  ගෙදර දොරවල් වහගෙන එනකම් නවත්තන් ඉඳීවි. 

ඒත් දැන් මාස කීපයක ඉඳන් ප්‍රයිවට් බස් විනාඩි 55ට අඩුවෙන් ටර්න් එක ඉවර කරන නිසා ඉස්සර සෙනඟ ගොඩක් ගියපු දුරගමන් බස් වලත් එච්චර සෙනඟ නෑ. ඉක්මනට යන නිසා මිනිස්සු ප්‍රයිවට් වල නගිනවා. නමුත් ඉස්සර නුවර ගම්පොල අතර ටවුන් දෙක බලන්න (මිනිස්සු පටවන් නැතිව) බස් පදවපු සීටීබී ඩ්‍රයිවර්ලා මේ වෙද්දි ඉස්සර හිටපු ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වගේ හෙමින් යන්න පටන් අරන්. ඒ අයට විනාඩි 55 ට යන්න එපා කියලා ඇති. මොකද සීටීබී එක උදව් කරන්න එපැයි පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවන්න. 

අපිට කොළඔදි දකින්න ලැබෙන විදියට ප්‍රයිවට් බස් 30ට විතර සීටීබී බස් එකක් දකින්න ලැබේවි මේ විදියට සීටීබි බස් ගියොත්. මොකද අපි කැමති නෑ නෙ ඉක්මනින් යන්න පුලුවන් කම තියෙද්දි හෝල්ට් ගානෙ රස්තියාදු වෙන්න. (ප්‍රයිවට් බස් වලයි සීටීබී බස් වලයි කාර්ය මණ්ඩල මාරු වෙලා ද දන් නෑ.)

අන්තිමට සෙනඟ නැති නිසා බස් දුවන් නැති වේවි. බස් නැති නිසා සෙනඟ නැති වේවි.

පලි- පුරුද්දක් වශයෙන් වගේම සීසන් පාවිච්චි කරපු අපේ යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් ප්‍රයිවට් බස් වල ට වඩා සීටීබී වල යන්න උත්සාහ කලාට අපි සීසන් අරන් බස් එකේ යන්න ඉද්දි නවත්තන් නැතිව ගියපු බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි අපි දැක්කම බෙල් එක ගහලා බස් එක අද්දවපු කොන්දොස්තර කෙනෙක් හරි හිටියොත් ඒ සීටීබි බස් එක කකුල් දෙක ගාවට ඇවිත් නැවැත්තුවත් නඟින් නැති ප්‍රතිපත්තිය තවමත් එහෙමයි.

Saturday, March 29, 2014

දුක නැතිව ෂොපිං කරන්න, ඒ ගමන් පෝලිමේ තැනත් පරිස්සම් කරගන්න

සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.

අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව සමයක් කියන්නේ බැංකුවල වැඩ කරන අපට වැඩ වැඩිම කාලයක් ය. ඒ මුදල් සමග කටයුතු කරන අපට ගණුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා වෙනුවෙන් වෙනදාට වැටුප් දිනවල වෙහෙස වෙනවාට වඩා වෙහෙස විය යුතු වන නිසාය. 

බැංකු තුල විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් දක්නට ලැබෙන අතර බැංකුවෙන් පිටත ඒටීඑම් යන්ත්‍ර අසලද දිගු පෝලිම්ය. එකම යන්ත්‍රයට දවසට කීප වතාවක් මුදල් යොදන අවස්ථාද තිබෙන්නේය. ඒ තරමට මුදල් ගැනීම් වැඩිය.  ඒ නිසා බොහෝ බැංකු වෙනදාට වඩා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් තමන්ගේ ගණුදෙනුකරුවන්ට තම මිලදී ගැනීම් සඳහා තමන්ගේ ඒටීඑම් ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරන්නැයි දැනුම් දෙන්නේ හැමගේම පහසුවටය.

බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට පෝලිමේ සිට ලබා ගන්නා මුදල් රැගෙන ගොස් සාප්පු සවාරි කර බැංකුවෙන් ගත් මුදල් වලින් බිල්පතේ මුදල් ගෙවීමට ත් පෝලිමේ සිටීමට වඩා පහසු ක්‍රම දැන් තිබෙන නිසාය. බිල්පතේ මුදල් ගෙවීමේදී මාරු සල්ලි ප්‍රශ්නය පැන නැඟීමත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනවශ්‍ය වන්නේය. (මුදල් ගොඩක් ගෙනියන අයට 5000 කොළ රැගෙන යා හැකිය.එවිට ආරක්ෂා කළ යුතු මුදල් නෝට්ටු ගණන අඩුය. එක කොළයක් නැතිවූ විට පාඩුව වැඩිය.) 

බිලේ වටිනාකම 5000 න් හරියටම බෙදෙන ගුණාකාරයක් වෙන්නේ කලාතුරකිනි. එනිසා ඉතිරි මුදල් දෙන්නට වෙන්නේ පොඩි සල්ලි වලිනි. කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් 5ක් දෙන්න පුලුවන්ද 55ක් දෙන්න පුලුවන්ද කියා අසනවිට ෂොපින් කරන කෙනාට තරහා යයි. ඉතින් සෙනඟ මැද්දේ අර කවුන්ටරේ කෙනාට බණින්නේය . නැතිනම් මාස ගාණක් සුද්ද නොකළ තමන්ගේ බෑග් එක නැතිනම් පොකැට්ටුව ඇර අඩිය එළියට හරවා මාරු සල්ලි හොයන්නේය. සාප්පු වල සෙනඟ ගැවසෙන වෙලාවක් නිසා තව කීපදෙනෙකුගේ බිල්පත් වල වෙලාව අපතේය. ඉතින් කාඩ් එකෙන් ගෙවන්න කියා ඇඩ් දාන්නේත් කාඩ් එකෙන් ගෙවද්දී වට්ටම් දෙන්නේත් ඒ නිසාය. ඒ අන්තිම රුපියල දක්වාම ඉක්මනින්ම කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නිසාය.
වැඩ කරන තැනට පොඩ්ඩක් මාකටිං පාරක් දෙන්න එපැයි.



සමහර ගණු දෙනු කරුවන්ට තමන්ගේ කාඩ් එකෙන් දවසට ගන්න පුලුවන් 40000 යි 50000 යි කියලා හිතේවි. ඒ නිසා සල්ලි බැංකුවෙන් අරන් යන්න ඕනෑ යයි කියාවි. නමුත් එක බිලකට රුපියල් 30000ට වඩා වියදම් කරන්නේ එහෙමත් කෙනෙකි. ඒ අයට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් තිබෙන අතර දෛනික ගණුදෙනු සීමාව 40000ට බෙහෙවින් වැඩිය. ඒ නිසා ෂොපිං කරන්ද්දී කාඩ් එකෙන් ගෙවු විට වියදම ඉලක්කම් වලින් විතරක් දකින නිසා කීයක් වියදම් වුනාදැයි නොදැනේ. ඒ නිසා ඉළඟ මාසෙ කොහොම ජීවත් වුනත් දුකක් නැතිව ෂොපිං කළ හැක. ගිණුමේ මෙච්චර තිබුනා කියලා හිතෙන්නේ වියදම අඩු කර ගන්න නොව වියදම සාධාරණීකරණය කිරීමටත් ගෙවිය හැකි බව තහවුරු කර ගැනීමටත්ය. සාක්කුවට පාඩුවක් නැත.රෙදි සාප්පුවටත් පාඩුවක් නැත. අද කාලා එපැයි හෙට කන්න. 
ඉස්සුවේ www.boc.lk

පලි- ෂොපිං කරද්දී පොකැට්ටුව පරිස්සම් කරනා තරම් සැලකිල්ලෙන් කවුන්ටරේ අසළ පෝලිමේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. අද මම ෂොපිං කරත්දී මට කලින් සිටි අයගේ බිල දමන තුරු කවුන්ටරේට ඇතිල්ලෙමින් සිටීම හරි නැතැයි සිතා අඩියක විතර ඉඩක් තබාගෙන සිටියෙමි. එක්වරම දෙදෙනෙක් මට ඉස්සරහින් හිටගෙන "එහා පැත්තෙ පෝලිමට ගියේ නැත්තෙ හොඳ වෙලාවට" යි කතා වෙනු ඇසුණි. අනික් කෙනා කීවේ "එතැන හිටියනම් ගොඩක් වෙලා යාවි"  කියාය. මම ඒ මිස්ලා දෙන්නාට කතා කර "මිස් ඉක්මනට යන්න පුලුවනි. ඒත් පිළිවෙලක් තියෙනවා" කී විට "පෝලිමක් තිබුණද. සොරි අපි දැක්කේ නෑනෙ" යි කියා මට මගේ තැන ලබා දීමට තරම් කාරුණික විය.

Saturday, March 22, 2014

වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය

අද මව්බිම කියවීමි. දැන් බාප්පලා අලුත් වැඩකට අත ගසා ඇත්තේය. එනම් තවත් පාර්ට් ටයිම් ජොබ් කට්ටකි. රෑට පාරේ යන වාහනවල මූණට එන වාහන වලට හෙඩ් ලයිට් ඩිම් නොකරන මාතලීලාට රුපියල් 2500ක් දඩ ගැසීමට පටන් ගන්නේය. 

ඇත්තය . හෙඩ් ලයිට් එක මූණට වැදුනාම ඇස් නිලංකාර වන්නේය. මූණට එන වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය. ඒ ලයිසොම ගන්නා දවසේ මූණට වාහනයක් ආවොත් විතරය. ඒත් දවල් ලයිසොම ගත්තු අපට ලයිට් පත්තු කරන්න කීවේ නැතිය. ඉතින් ඉස්සරහින් වාහන ආවද නැතද අපේ ගමන අපි යන්නේ අපේ පාඩුවේ , හෙඩ් ලයිට් එකෙන්මය. අපට වැඩක් නැතිය.

ඉස්සරහින් එන වාහනේ හෙඩ් එක දැම්මද ඩිම් එක දැම්මද බස් වගේ ලොකු වාහන වල මාතලීලාට  කමක් නැත. ඒ මාතලීගේ ආසනය ඉහලට වන්නට ඇති නිසාය . ඒත් ඒ මාතලීලා හොඳය.  ඉස්සරහින් එන මාතලී ගැන අනුකම්පාව ඇත්තේය. හෙඩ් එක ඩිම් කරන්නේය. 

නමුත් උසින් අඩු වාහන වල මාතලීලාට හෙඩ් ලයිට්ටුව මාරකයක්ය. ඒත් ඩිම් නොකර යන්නේද ඔවුන්මය. මූණට එන වාහනේ හෙඩ් එක තිබුනද ඩිම් එක තිබුනද වගේ වගක් නැත. තමන්ගේ හෙඩ් එක ද  ඩිම් නොකරන්නෝය. 

තවත් මාතලීලා තොරණ වගේ බලුප් පත්තු කරපු වාහන එලවන්නෝය. එයාලා ඩිම් නොව හෙඩ් එක පත්තු නොකර හිටියත් ඉස්සරහ මාතලීගේ ඇස් නිලංකාර වන්නේය. ඒ අර තොරණේ බලුප් එලිය හෙඩ් එකටත් වඩා වැඩි නිසාය. 

සමහර විටෙක මමද මාතලී වන්නේය. කලුවරේ ද ගමන් කරන්නේය. ඉස්සරහින් වාහන ඒ නම් ඩිම් කරන්නේය. ඒ මූණට එන මාතලීගේ ඇස් නිලංකාර වන්නේ යැයි අනුකම්පාවට නොව ඒ මාතලී ඩිම් නොකළොත් මගේ ඇස් නිලංකාර වෙන නිසාය. ඒත් මං ගැන අනුකම්පාව ඇති  මාතලී  ලයිට් ඩිම් කරන්නේය. ඩිම් නොකළා කියා මම තරහ නොවන්නේය. ඒ නිසා පාර පැහැදිලිව දකින්න උවමනා නිසා මම ද හෙඩ් එක දල්වන්නේය. මට සලකන විදියටම මම ද සලකන්නේමය. 


Thursday, March 20, 2014

මිනිස්සු 239ට වටිනාකම කොච්චරද? අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි

හිතන්න පුලුවන් නේද පැහැරගැනීමක් කළානම් ඒක කරපු කණ්ඩායම සතියක් තිස්සෙ හැංගිලා ඉඳීවිද ගුවන් යානෙ මගීන් ප්‍රාණ ඇපයට තියාගත්බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකර. අනතුරක් වුනානම් සතියක් තිස්සෙ කිසිම ආරංචියක් නොලැබෙන්නත් හේතුවක් නෑ. මොකද යානය 100%ක්ම ගිලෙන්න විදියක් නෑ කිසිම කැබැල්ලක් පා නොවී (අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි -ඉතින් වතුරට උඩින් ගමන් කරපු දෙයක් අනතුරට පත් වෙද්දි මොකක් හෝ කැබැල්ලක් ජලය මතුපිටට එන්න ඕන).

 
රටවල් කීයක් නම් අතුරුදන් වුනු ගුවන් යානය හොයන්න මහන්සි ගන්නවද? කී දෙනෙක්නම් ඒ ගැන හැමදාම විටින්  විට හොයනවාද? මේ ගැන කතා වෙද්දි අපේ කාර්ය මණ්ඩලේ කෙනෙක් කීවා නියම කතාවක්.

ගුවන් යානෙ අතුරුදන් කළේ කලින් කරපු සැලසුමක් අනුවයි. මොකද රුසියාව-යුක්රේනය-ක්‍රිමියාව අතර ප්‍රශ්නෙදි ඇමරිකාවට කරකියා ගන්න දෙයක් නැතිව පොඩි උන්ව බයකරන්න කතා කියමින් හිටියට කිසිම දෙයක් කරගන්න බැරි වුනා. 

තමන් කීව දේ සතේකට මායිම් නොකළ රුසියාවට ළඟින් තමන්ගෙ හමුදාව ස්ථානගත කරන්න ක්‍රමයක් නැතිව අහස පොළව ගැටලන්න කල්පනා කරපු ඇමරිකාව ගුවන් යානෙ අතුරුදන් කළා. දැන් ඒක හොයන්න අනික් රටවල් එක්ක ඇමරිකාවත් මහන්සි වෙනවා. 

දැන් ඉතින් ආසියාවෙ ගුවන්තොටුපොළවල් වරායවල් ඇමරිකාවට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවනි කිසිම ප්‍රශ්නයක් නැතිව. මොකද බොහොමයක් රටවල් තමන්ගෙ වරායවල්,ගුවන්තොටුපොලවල් නැතිවුනු ගුවන්යානෙ හොයන වැඩේට යොදාගන්න අවසර දීලායි තියෙන්නෙ. 


ඉතින්  මිනිස්සු 239ට වටිනාකම කොච්චරද?

Saturday, February 15, 2014

සැලුන් කතාවක් (ජාතිවාදී අදහසින් නොවේ)

නිවාඩු දවසේ උදේ 9.30 ට විතර ටවුමට ගියා කොන්ඩෙ කපාගන්න.උදේම ගියෙ නැත්නම් සැලුන් එකේ සෙනඟ වැඩි වුනාම ගොඩක් වෙලා ඉන්න වෙන නිසා මම සාමාන්‍යයෙන් උදේම යනවා කොන්ඩෙ කපා ගන්න.   

(පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා  උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු බව මතක නිසා තමයි 9.30ට විතර ගියෙ.)

අද 9.30ට විතර ගිහිල්ලත් සැලුන් එකේ දොර බාගෙට ඇරලා වැඩ කරන කෙනා හඳුන්කූරු ගේන්න ගිහින්. ටික වෙලාවක් ඉද්දි තව කීපදෙනෙක් එකතු වුනා කොන්ඩෙ කපා ගන්න. අතුගානකන් අපි එළියෙ. වැඩ කරන කීප දෙනෙක් හිටියත් මුලින්ම එන කෙනා ඇවිත් ගොඩක් වෙලා යනකන් අනික් අය එන් නෑ. තවත් දෙයක් අනික් කෙනා ආපු ගමන් කොන්ඩෙ කපා ගත්තු කෙනා යද්දි ඒ මුලින් ආපු වැඩ කරන කෙනා (කරණවෑමියා) යනවා තේ බොන්න. ඉතින් ඉන්න සෙනඟ ගොඩක් වෙලා ඉන්න ඕන තමන්ගෙ වාරය එනකන්. මමත් සමහර දවස් වල කොන්ඩෙ කපාගන්න කණ්නාඩිය ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉඳලා තියෙනවා අර මනුස්සයා තේ බීලා එනකන්.

ඊයෙත් වහලා තිබුන නිසා අදවත් කලින් වරෙල්ලාකො වැඩට. අපි නිවාඩු දවසට ළඟ ම ටවුමට ගිහින් කොන්ඩෙ කපා ගන්න බලන්නෙ සතියෙ දවස්වල ඉන්න ප්‍රදේශයෙ සැලුන් නැතිව නෙවි. අපි දන්නා අඳුරන ගමේ එකෙක්ගෙන් කොණ්ඩෙ කපාන ඌට සල්ලි දීලා එන්න තියෙන ඇඟේ අමාරුවට.

මම ඉතින් අද නම් එතැනින් කොණ්ඩෙ කපා නොගෙන වෙන තැනකට ගියා.  එතැන හිටියෙ දෙමළ කොල්ලෙක්. ඊයෙත් වැඩ කළාලු හවස් වෙනකන්. වීක්එන්ඩ් නැත්නම් නිවාඩු දවස් කියලා නිවාඩු ගන්නෙ නෑ ලු. සතියෙ දවස්වල කොන්ඩෙ කපන්න එන ගාන අඩු නිසා සතිය මැද නිවාඩු දැම්මත් සති අන්තෙ වැඩ කරනවාමලු.  එතැනට ගියේ හො‌ඳ වෙලාවට.  මොකද මම ගෙදර එද්දි කරන්ට් එක නෑ. ටවුමෙත් කරන්ට් නෑ කියලා මස්සිනා ඇවිත් කීවා. 

අපි කොයිතරම් සිංහල ජාතිකත්වය ගැන කතා කරත් මොන සේනා ආවත් අපේ වෙළෙඳුන්ගෙ ආකල්ප වෙනස් නොකර බිස්නස් වැඩි කරගන්නවත් වෙනත් ජාතින්ගේ වෙළඳසැල්වලින් සේවා ලබා ගන්න අයව නවත්තන්නත් අමාරුයි. මොකද වෙනත් ජාතිකයින් ඔවුන්ගේ ජාතිකයින්ගේ වෙළඳසැල් වලට යනවා වුනත් අපි ඒ විදියට සිංහල බෞද්ධ ව්‍යාපාර නංවන්න හිතාන අපේ වටිනා කාලය හා මුදල් වැය කරනවා කියන්නෙ තේරුමක් නැති දෙයක් වෙනවා අපේ  නිවාඩු දවසින් බාගයක් විතර එක වැඩක් වෙනුවෙන් ගත කරන්න වුනොත්.

මේක ලීවෙ ජාතිවාදී අදහසින් නෙවි. ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්න නොදන්නවානම් සේවා ලාභීන් වෙනත් ව්‍යාපාරිකයින් වෙත යාම නවත්තන්න බැරි බව පෙන්වන්නයි.

Saturday, February 8, 2014

මේන්ටනනස් එකට කොම්පියුටරේ කූරියර් කළෙමි

බ්‍රහස්පතින්දා  5.15 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. ඔයාලගෙ කොම්පියුටරයක් තිබුනා නේද මේන්ටනන්ස් වලට කතා කරපු. අපි කූරියර් එකේ කෙනෙක් එවන්නම් ඒ කොම්පියුටරෙ බොක්ස් එකක දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද ?

ඒක අපි බොක්ස් එකක දාලා තියෙන්නෙ. ගිය සිකුරාදානෙ අපි ඒක පැක් කරලා තිබ්බෙ.

ඒකෙ මේ ඇඩ්රස් එක ලියලාතියන්න පුලුවන්ද?

අපි ඇඩ්රස් එකත් අලවලා තියෙන්නෙ.

පොඩ්ඩක් බලන්න පුලුවන්ද මේ ඇඩ්රස් එකද තියෙන්නෙ කියලා .අංක xx , xxxx xxxx පෙදෙස, කොළඹ 5 .

හරි මම බලන්නම් . දැන්නම් මම ඉන්නෙ ඔෆිස් එකේ නෙවෙයි. මම තව පොඩ්ඩකින් බලලා කියන්නම්.
---------------------------------------------------------------------------

බ්‍රහස්පතින්දා  පස්වරු 5.35 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. පොඩ්ඩකට කලින් මම කෝල් එකක් ගත්තා කොම්පියුටරයක් ගැන.

හරි හරි. මම දැන් ඔෆිස්  එකේ ඉන්නෙ. මම බැලුවා බොක්ස් එක. ඇඩ්රස් එක අලවලා තියෙන්නෙ.

හරි මහත්තයා අපි හෙට උදේම කෙනෙක් එවන්නම් ඒක කූරියර් කරන්න.

ඕකේ . තෑන්ක්ස්. මම ගේට් පාස් එකත් හදලා තියෙන්නෙ. එන කෙනාට කියන්න අත්සන් කරලා අරන් යන්න කියලා මම නොහිටියොත්.

හොඳයි මහත්තයා. බොහොම ස්තුතියි.

_______________________________________________________


සිකුරාදා  පෙරවරු 9 පමණ

මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්.ඊයෙ අපි කතා කළා කොම්පියුරටයක් කූරියර් කරන්න කියලා. ඒක බොක්ස් එකකට දාලා තියන්න පුලුවන්ද?

මේ මහත්තයෝ. මම ඊයෙම කීවනෙ ඒක පැක් කරලා තියෙන්නෙ කියලා. කීපාරක් පැක් කරන්න ඕනද? ගිය සිකුරාදා ඉඳලා සීපීයූ එක පැක් කරලා බලන් ඉන්නෙ. දැන් සතියක් වෙනවා. ඊයෙත් කතා කළානෙ.

සොරි සර්. අපි කූරියර් එක එවන්නම් සීපීයූ එක ගෙනියන්න.

________________________________

මිස්ටර් xxxx මම xxxx එකෙන් කතා කරන්නෙ. ගිය සතියෙ සිකුරාදා පැක් කරපු සීපීයූ එක ගෙනියන්න තවම කූරියර් එකෙන් ආවෙ නෑනෙ. ඊයෙත් ඔයාලගෙ කොම්පැනියෙන් කතා කළා. පැක් කරලා තියෙන්නෙ කීව. අදත් කියනවා පැක් කරන්න කියලා.

ඇයි සර් තවම ගෙනිච්චෙ නැද්ද?

නෑ. දැන් සතියක් තිස්සෙ සීපීයූ එක පැක් කරලා තියෙනවා. තවම කූරියර් එක ආවෙ නෑ.

ඉතින් සර් මම ගිය සතියෙ පැක් කරලාමනෙ ගියෙ. එහෙම වෙන්න බෑනෙ. දැන් සතියක් වෙනවනෙ. මම කතා කරන්නම් මටජොබ් එක දාපුකෙනාට.

තෑන්ක්ස්. මේ මැෂින් එක අපිට ඉක්මනට හදා ගන්න ඕන.

මම කතා කරලා බලන්නම් සර්.

________________________________________
 
සිකුරාදා  පෙරවරු 10 පමණ

සර්  මම කතා කරන්නෙ xxxx එකෙන්. මේන්ටනන්ස් වලට කතා කරපු සීපීයූ එක බොක්ස් එකකට දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද අපි කූරියර් කෙනෙක් එවන්නම්.

මිස්. ඒ මැෂින් එක බොක්ස් එකකට දාලා පැක් කරලා ඇඩ්රස් එක ලියලා තියන්නෙ ගිය සිකුරාදා ඉඳලා. තව කීපාරක් කී දෙනෙක් කතා කරයිද මේක පැක් කරගන්න.

හරි සර් අපි කූරියර් කෙනෙක් එවන්නම් අද හවස් වෙන්න කලින්.

අපිට මේ මැෂින් එක හදාගන්න ඕන. නැතිනම් ඔයාලට කතා කරන්නෙ නෑනෙ. වොරන්ටි නැත්නම් මේන්ටනන්ස් නැත්නම් මොකටද  ඔයාලට අපි සල්ලි ගෙවන්නෙ. මැෂින් එක නැතිව අපිට වෙන අලාබෙ කවුද ගෙවන්නෙ.

සොරි සර් අපි ඉක්මනට ඒක හදලා එවන්නම්.
---------------------------------------------------
සිකුරාදා  පෙරවරු 11.30 පමණ
මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. අපිට පාර්සල් එකක් කූරියර් කරන්න බාර දුන්නා ....... කම්පැනි එකෙන්. ඒක පැක් කරලාද තියෙන්නෙ.

ඒක පැක් කරලා තියෙන්නෙ ගිය සිකුරාදා ඉඳලා. ඒ ගැන ඔයාලට කියන්න ඇත්තෙ අද උදේ.

ඔව් සර් අපිට අද උදේ තමයි දැනුම් දුන්නෙ. අපේ කෙනෙක් ඒවි ඒ පාර්සල් එක ගෙනියන්න. හවස ඔෆිස් එක වහුවම ආවොත් පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

හොඳයි මම බලන්නම්.

________________________________

සිකුරාදා පස්වරු 3 පමණ

මහත්තයා මම කතා කරන්නෙ ............. කූරියර් කම්පැනි එකෙන්. මම ආවෙ කූරියර් අයිටම් එක ගෙනියන්න.

හරි. ඒක අපි පැක් කරලා තියෙන්නෙ. මම නම් දැන් එලියෙ ඉන්නෙ. පොඩ්ඩක් සිකුරුටිගෙන් ඉල්ල ගන්න පුලුවන්ද?

මහත්තයට පුලුවන්ද පොඩ්ඩක් ඇවිත් පාර්සල් එක දෙන්න?

මම දැන් එලියෙ ඉන්නෙ. මම එද්දි වෙලා යාවි. ඔයා සිකුරුටිගෙන් අරන් යන්න.

එයාලා දන්නවාද දන් නෑනෙ පාර්සල් එක ගැන. මම පොඩ්ඩක් ඉන්නම් සර් එනකන්.

මම එද්දි තව පැයකට වඩා යාවි. සිකුරුටිට මම කියලා තියෙන්නෙ ගේට් පාස් එක අත්සන් කරලා අරන් යන්න.


(නම් ගම් සැඟවිය යුතු විය)

Friday, February 7, 2014

ඇංඩ්‍රොයිඩ් පෝං. මල් පැල හිටවන්න විතරයි.

මදැයි කාලෙකට පස්සෙ බ්ලොගේ පැත්තෙ ආවා. ලියන්න පටන් අරන් මාත්තුරුකාව දානකොටම පබිලිස් වෙලා.

බලපු බලපු අත අැන්ඩ්‍රොයිඩ් හරි මොකක් හරි ටච් ස්ක්‍රීන් පෝං එකක්. කන් දෙකේ ඇබ ගහාගත්තු අය එහෙ මෙහෙ යනවා. ඒත් ඉතිං කීයෙන් කීයද ඒ පෝං එකෙන් සිංදු අහනවාට පේස්බුක් යනවාට කෝල් ගන්නවාට වඩා දෙයක් කොරන්නෙ?

ඇංඩ්‍රොයිඩ් පෝං කියන්නෙ අපිට ඉතා හොඳ ගමන් සගයෙක්

පාරක් හොයා ගන්න, නැතිතිනම් පොටෝ එකක් අල්ලන්න, ජංජාලෙ කැරකෙන්න තව ගේම් ගහන්න ෆිල්ම් බලන්න කලුවරට ටෝච් එකක් ඒ විතරද කාලසටහන් දා ගන්න දිනපොත් ලියන්න ගනුදෙනු සටහන් කරන්න එකී නොකී කීයක්නම් දේ කරන්න පුලුවනිද.

ඒත් ඉතිං කලිං පාවිච්චි කරපු පෝං වගේ නෙවෙයි. හරි ඉක්මනින් බැටරි බහිනවා. ඒ නිසා මල් පැල හිටවන්න පාවිච්චි කළාට මල් කඩන්න නම් ඒ තරම් සුදුසු නෑ වගෙයි.
Related Posts with Thumbnails