Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, July 2, 2015

Xperia Phone එකට සිංහල දමමු. (Root and install SInhala into Sony Xperia - then Unroot)

සෝනි ජංගම දුරකථන තියෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටියා ලොලිපොප් සංස්කරණය තමන්ගෙ ජංගමයට ලැබෙනකන්. මොකද ලොලිපොප් සංස්කරණය භාෂාවන් විශාල ප්‍රමාණයකට සහය දක්වනවා එහෙම නැතිනම් කිට්කැට්, ජෙලිබීන්ස් වලදි අපිට නොපෙන්වු භාෂා ගණනාවක් පෙන්වීම සිදුකරනවා කියලා තිබුණ නිසා. නමුත් ලොලිපොප් එනකන් බලන් ඉදලා තමන්ගෙ ජංගමය ලොලිපොප් වලට යාවත්කාලීන කරගත්තු අය දැකපු දෙයක් තමයි තමන්ගෙ ජංගමයෙ තවමත් සිංහල අකුරු පෙන්වන්නෙ නැති බව. ඊට හේතුව විදියට සෝනි සමාගම කියන්නෙ අපේ රට අයිති කලාපයට ඔවුන් ජංගම දුරකථන නොසාදන නිසා සිංහල අැතුලු සමහර භාෂාවන්ට සහයෝගය නොදක්වනවා කියලා. මෙතැනදි ඔවුන් කරලා තියෙන්නෙ සමහර රටවල භාෂාවන් පෙන්වීමට අවශ්‍ය අකුරු සහිත ලිපි ගොනුව ඉවත් කර තමන්ගෙ ලොලිපොප් යාවත්කාලීනයේ  (update) file size එක අඩු කිරීම. 

මේ ගැන අපේ බොහෝ දෙනෙක් sony talk පිටුවල ඉල්ලීම් කරලා තිබුනා අපට සිංහල ලබා දෙන්න කියලා.(https://talk.sonymobile.com/t5/Xperia-Z-ZL-ZR/requesting-sinhala-font-Unicode/td-p/386255)  මෙම sony talk පිටු සාමාන්‍යයෙන් community ආකාරයට ක්‍රියාත්මක වන නිසා මේවාට සෝනි සමාගමෙන් පිළිතුරු බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. ඒ වෙනුවට sony mobile ගිණුම හරහා ඔවුන්ගේ contact us වෙත ඉල්ලීම් කරන්න ඕනෑ සිංහල හා ආසියානු භාෂාවන් නොමැති වීම ගැන. මොකද අපි රූට් කරලා අපේ ජංගම දුරකතනයට සිංහල දමා ගත්තත් අනාගත update එකක් මගින් ආපසු font ගොනු වෙනස් කළොත් අායෙත් අපිට සිංහල අකුරු දමාගන්න root කරන්න වේවි. 

පහත දක්වන ක්‍රමය මගින් අපට පරිගණකයක් භාවිතා නොකරම xperia ජංගම දුරකථන root කිරීමත් සිංහල අකුරු දමාගැනීමත් පසුව ජංගම දුරකථනය unroot කිරීමත් සිදුකරගන්න පුලුවනි. (නමුත් තමන් කරන දේ ගැන පරීක්ෂාවෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. මොකද ජංගම දුරකථනයට හානියක් වුනොත් පාඩුව වෙන්නෙ තමන්ට ම නිසා)

bootloader unlock කිරීම අවශ්‍ය නොවන නිසා ජංගම දුරකථනයේ features වලට හානියක් නොවේ.

kingroot android app එක ගන්න පහත සබැදියක් පාවිච්චි කරන්න
https://app.box.com/s/q4xk6g0xjpejf8g3d4kk15ovhcjyjl1i
http://www.kingroot.net/down
http://kingrootdownload.com/
http://forum.xda-developers.com/devdb/project/dl/?id=12586

එම app එක ජංගම දුරකථනයට ස්ථාපනය (install) කරගෙන ක්‍රියාත්මක කරන්න. install කිරීම සදහා settings තුල security තුල Unknown Sources (Allow installation of apps from unknown sources) සක්‍රිය කර තිබීම අවශ්‍ය විය හැක.






එමෙන්ම ජංගම දුරකථනයේ අන්තර්ජාල පහසුකමද සක්‍රියව තිබිය යුතුය.

kingroot ක්‍රියාත්මක කළ විට මෙලෙස දිස්වනු ඇත.


දැන් START ROOT බොත්තම එබු විට


 මෙහිදී මෙම app  එක install කර නොගත්විට unroot පහසුකම නැති වී යයි. එනම් ඔබ නැවත අන්රූට් කිරීමට බලාපොරොත්තු වනවානම් මෙම app එක දමා ගැනීම පහසුවක් වේවි. unroot කිරීමට බලාපොරොත්තුවක් නොමැතිනම් google play store තුලින් Super Su වැනි app එකක් දමා ගැනීමෙන් root access හැසිරවිය හැක.
ජංගම දුරකථනය root වූ පසුව මෙසේ දිස්වේ.

google app store වෙත ගොස් root checker app එකක් හා root file browser/explorer app එකක් ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්න.

root checker app එක ක්‍රියාත්මක කළ විට අපට root access ලැබී ඇත්දැයි පරික්ෂා කළ හැක.



දැන් root file browser/explorer app එක ක්‍රියාත්මක කර sinhala font ගොනු ස්ථාපනය කරගන්න.
(font installer app එකක් භාවිත කළොත් මෙම කාර්යය තවත් පහසු වනු ඇත. එනම් පහත පියවරයන් කීපයක් එම ඇප් එක මගින් සිදු කරදෙනු ඇත)

මේ සදහා sinhala font files ජංගම දුරකථනය තුල පවතින System> Fonts folder තුලට copy-paste කරන්න. ඔබ සිංහල font file ලෙස NotoSansSinhala-Bold.ttf හා NotoSansSinhala-Regular.ttf භාවිත කළහොත් fonts වලට අදාල configuration file එකතුල කිසිදු වෙනස්කමක් සිදු කළ යුතු නොවේ. (font installer app එකක් භාවිත කළොත් මෙම කාර්යය තවත් පහසු වනු ඇත)

NotoSansSinhala-Bold.ttf:  https://app.box.com/s/nqm5igshwk9351qxsh3fkjuthhd3meqr
NotoSansSinhala-Regular.ttf : https://app.box.com/s/cs7x9mjeo6fnqhko62awm1l2ksq255et




font file වල permission/access සෑදීම සිදුකළයුතු වේ.


දැන් ජංගම දුරකථනය restart/reboot කරගන්න. පළමුවර පණගැන්වීමේදී මද වේලාවක් android is upgrading හෝ ඒ හා සමාන වාක්‍යයක් පෙන්විය හැක. අනතුරුව ජංගම දුරකථනය හරහා සිංහල අකුරු කියවිය හැක.


ජංගම දුරකථනය අන්රූට් unroot කිරීමට kinguser app එක ක්‍රියාත්මක කර පහත රූපසටහන්වල ආකාරයට කටයුතු කරන්න.



දැන් root access ඉවත් වී ඇත්දැයි පරික්ෂා කිරීමට root checker ඇප් එක භාවිතා කරන්න. 

මෙම ක්‍රියාවලියේදී install වූ හා කළ apps ජංගම දුරකථනයෙන් uninstall කරන්න.


සිංහල keyboard app එකක් පාවිච්චි කරලා සිංහල type කරන්න පුලුවනි.

Wednesday, July 1, 2015

කලාම් තියරියෙන් ජීවිතයට යමක් - ජීවිතය සමබර කරගනිමු.

එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරද්දි අපිට විවිධ අත්දැකීම් තුලින් යමක් අපේ ජීවිතයට එකතු කරගන්න පුලුවනි. තමන් ජීවිතය ගත කරනකොට තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන් ඒ ඒ අත්දැකීම් මත පදනම් වෙලා සමහර තීරණ ගන්නා අවස්ථාවනුත් ජීවිතයේ තියෙන්න පුලුවනි. බොහෝවිට තමන් යම් අත්දැකීමක් ලබා ගත්තම ඒ අත්දැකීම තුලින් තමන් ඉගෙනගත්තු දේ අන් අයට දැනගන්න සලස්වන අය අප අතර ඕන තරම්.
තමන් ලබපු අත්දැකීම් අන් අයට ප්‍රකාශ කරලා ඒ අයට තීරණ ගනිද්දි  තමන්ගේ අත්දැකීම් උපකාරයක් කළාට සමහරු ඒ අත්දැකීම් තමන්ටම උපකාරයක් කර නොගන්නා අවස්ථා වුනත් අපි අතර දකින්න පුලුවනි. 

ඉතින් ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගෙ අත්දැකීම් මත නිර්මාණය කරගත් නියමයන් වෙත සාමාන්‍ය ජනතාව අවධානය යොමු කරනවා වැඩියි. ඒ වගේ ජීවිතයට උපකාර කරගන්න පුලුවන් නියමයන් කීපයක් ඉදිරිපත් කරපු කෙනෙක් තමයි "අබ්දුල් කලාම්" මහතා. ඉන්දියන් ජාතිකයින් පිළිබදව අපේ සමහර අය තුල තියෙන්නෙ හොද ආකල්පයක් නොවුනට කලාම් මහතා කියපු සමහර දේවල් ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වේවි. 

පහත දක්වන්නෙ  රැකියා කරන අයට වැදගත් වෙන්න පුලුවන් ප්‍රකාශ කීපයක්. ඉදිරිපත් කරලා තියෙන්නෙ ආචාර්ය අබ්දුල් කලාම් මහතා.

http://www.chiraag.in/always-leave-office-on-time/

රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබේ ආයතනයට ආදරය නොකරන්න. ඔබේ ආයතනය ඔබට ආදරය කිරීම නවකන දවස ඔබ නොදන්නවා විය හැක. රැකියාවට ආදරය කිරීමත් ආයතනයට ආදරය කිරීමත් දෙකක් විදියටත් එකක් විදියටත් දකින්න පුලුවනි. රැකියාවට ආදරය කරනවා ආයතනයට ආදරය නොකරනවා කියන දෙයින් තමන් රැකියාව කරන ආයතනයේ අනාගතය වෙනුවෙන් හා යහපැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරනවා කියන දේ අදහස් වෙන්නෙ නෑ. මොකද කෙනෙක් රැකියාවට ආදරය කරනවා නම් තමන්ගෙ ආයතනයේ වර්ථමාන හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් අනිවාර්යෙන්ම කටයුතු කරනවා. තමන්ගෙ රැකියාවට ආදරය කරන කෙනා ආයතනය වෙනුවෙන් තමන්ගෙ  වැඩකටයුතු අතපසු කිරීමක් සිදු කරන්නෙ නෑ. ආයතනයට ආදරය කරනවා කියලා මෙතනදි සරලව අදහස් කරලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතේ අනෙකුත් දේ අතපසු කරලා දෛනික ජීවිතේ වැඩි කොටසක් ආයතනය ඇතුලෙම ගතකරනවා කියන එක. ඒ වගේම දෛනිකව තමන්ගෙ ආයතනය වෙනුවෙන් කරන්න තියෙන වැඩ කටයුතු ආයතනයෙන් පිටදිත් කරන්න රැගෙන යන අය අපි දැකලා තියෙනවා. මොකද ආයතනයේ වැඩ වැඩියි,ඉවර කරන්න වෙලාව මදි. ඉතින් ගෙදර අරන් ගිය වැඩ ටික ගෙදරදි ඉවර කරන්නත් බැරිව ආයෙත් පහුවදා රැකියාව කරන තැනටම ගේන්න සිදුවෙන්න පුලුවනි. ඉතින් ගෘහස්ථ ජීවිතයක් නැති තරම්. 

නියමිත වෙලාවට රැකියා ස්ථානයෙන් පිටවන්න. රැකියා ස්ථානයෙන් රාජකාරි වේලාවන් නිර්ණය කර තිබෙනුයේ සේවකයාගේ ජීවිතය සමබර ලෙස ගෙන යාමටත් සේවකයාගෙන් උපරිම ඵලදායිතාවක් ලබා ගත හැකි අන්දමටත්ය. එබැවින් නිර්ණය කරන ලද කාලසීමාවෙන් පිටදී රාජකාරි ස්ථානයේ රැදී සිටිම සේවකයාට මෙන්ම ආයතනයටද අවාසිදායකය. සමහර ආයතන පිරිසිදුකිරීම් හා නඩත්තු කිරීම් සිදු කරනුයේ සේවකයින් වැඩි පිරිසක් ආයතනය තුල නොමැති විට බැවින් ඊට අදාල නොවන සේවකයින් ආයතනයේ රැදී සිටීම එම කටයුතු වලට බාධාවක් විය හැක.

වැඩ කියන දේ කවමදාකවත් ඉවරයක් වෙන්නේ නැති ක්‍රියාවලියක්. අපි වැඩිපුර රැදී ඉදලා වැඩ කිරීමෙන් වැඩ අවුල් වීමක් මිසක් අවසන් වීමක් සිදු නොවන්නේ අපේ ජීවිතේ අනෙකුත් දේ අතපසු වීමෙන් ඇතිවන ගැටලු වලට රැකියාව කරන වෙලාව ගතකරන්න සිදුවෙන නිසා. තවද රැකියාව වෙනුවෙන් විශාල කාලයක් ගත කිරීම නිසා රැකියාව ඒකකාරී වීමත් නිර්මාණශීලි බව අඩු වීමත් නිරවද්‍යතාව අඩු වීමත් සිදු විය හැක. ඒකාකාරී වූ රැකියාවක් කිරීමේදී සේවකයා උනන්දුවෙන් කටයුතු කිරීම වෙනුවට යන්ත්‍රයක් මෙන් කටයුතු කරනු ඇත.

ඔබගේ ගණුදෙනුකරු හෝ සේවාදායකයාව දකින්න තියෙන උනන්දුව වගේම  ඔබේ පවුලේ අය දකින්නත් උනන්දු විය යුතුයි. මොකද සේවාදායකයා/ගනුදෙනුකරු ඔබව බලාපොරොත්තු වන විදියටම ඔබේ පවුලේ අයත් ඔබව බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරු/සේවාදායකයා තමන්ගෙන් ගිලිහීයාමත් පවුලේ අය තමන්ගෙන් ගිලිහීයාමත් දෙකම සිදුනොවිය යුතුයි. තවද ඔබ රැකියාවක් කරනුයේ තමන්ගේ පවුලේ අය  වෙනුවෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකිරීමටය.

ජීවිතයේ ඇතිවන ප්‍රශ්න, පසුබැසීම් හා හදිසි අවස්ථා වලදී ඔබේ ප්‍රධානියාටත් සහෝදර කාර්යමණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. නමුත් ඔබේ පවුලේ අයට ඔබ වෙනුවෙන් කළ හැකි දේ අසීමිතයි.

ජීවත් වෙනවා කියනුයේ රැකියාව කරනවා පමණක්ම නොවේ. රැකියාව හැරුණු විට ජීවිතේ තවත් බොහෝ දේ කිරීමට ඇත. සමාජගතවීමට, විනෝද වීමට, සැහැල්ලු වීමට ඒ වගේම තවත් බොහෝ දේ ජීවිතය තුල දී සිදු කිරීමට ඇත. රැකියාවෙන් උපයන මුදල් වැය කළ යුත්තේ ඒ වෙනුවෙනි.

රැකියා ස්ථානය තුල වැඩි වේලාවක් ගත කරනවා කියන්නේ ඒ පුද්ගලයා ආයතනය වෙනුවෙන් කැපවී වැඩ කරනවා කියන දේ නොවේ. එනම් එම පුද්ගලයා තමන්ගේ රාජකාරි වෙලාව තුල තමන්ට පැවරුණු දේ සාර්ථකව නිම කිරීමට නොදන්නා අසමර්ථයෙකි. ඒ තමන්ගේ අසාර්ථකත්වය හා අකාර්යක්ෂමබවයි. රැකියාව තුල සමහර අත්‍යාවශ්‍ය හා හදිසි අවස්ථාවලදී රාජකාරි වේලාවෙන් පිට රාජකාරි කිරීමට සිදුවිය හැකි අතර එසේ වුවත් සෑමදාම එසේ කිරීමට සිදු වේ නම් රාජකාරියේ ගැටලුවක් හෝ ආයතනය අනතුරුදායක තත්වයකට පත්වීම නිසා එලෙස අමතරව වැඩ කිරීමට සිදු වනවා විය හැක. එබැවින් ආයතනයේ ප්‍රධානියාගේ අවධානය ඒ පිළිබදව යොමු කරවීම හා  ඒ පිළිබදව සොයා බැලීම ආයතනයටද වැදගත් විය හැක. මන්ද යත් රාජකාරි වේලාවෙන් පිට කටයුතු කරනවිට ආයතනයට මූල්‍යමය අතින් පාඩු වීම පිළිබදව ප්‍රධානියා අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බැවිනි.

ඔබ මහන්සිවී අධ්‍යාපනය ලබාගෙන ජීවිතය කැප කළේ යන්ත්‍රයක් වීමට නොවේ. එනම් අධ්‍යාපනය ලැබ රැකියාවක් ලබා ගත් පසු යන්ත්‍රයක් ලෙස ජීවත් වී තේරුමක් නැත. මන්ද යත් යන්ත්‍රයකට කිසිවක් සිතාමතා කළ නොහැක. එමෙන්ම යන්ත්‍රයක් වූ විට ලබාගත් අධ්‍යාපනයෙනුත් ජීවිතයෙනුත් තේරුමක් නොමැත.


Related Posts with Thumbnails