ඇමරිකන්කාරයා 90 දශකෙ විනාශ කරපු සෝවියට්සංගමේට අයිති රුසියන්කාරයෝ ආය නැඟිටින් නෑ තමන්ට වදයක් වෙන් නෑ කියලා හිතාන ඇමරිකාව ලෝකෙට පොලිස්කාරයා වෙන්න ගියා.
ඒ මදිවට යැංකියා ලෝකෙ තමන්ට ඕන ඕන විදියට සාමය ඇතිකරන්න ගිහින් අමාරුවේ වැටිලා උදව් ඉල්ලලා දැන් කෑ ගහනවා රුසියන්කාරයෝ වැරදි ඉලක්ක වලට බෝම්බ දානවැයි කියලා
ඇමරිකාව මහන්සිවෙලා යුද්දෙ අවුස්සලා අන්තිමේ රුසියාවට තමන් මෙච්චරකාලයක් හංගන් හිටපු බලය පොඩ්ඩක් පෙන්වන්න අවස්ථාවක් උදා කරලා දුන්නු එක ගොඩක් හොඳයි. මොකද නැතිනම් ලෝකයා හිතන් හිටියෙ රුසියාව තවමත් වැටුනු වලෙන් ගොඩ එන්න බැරිව වලේ කට හොයනවා කියලානෙව.
සමහරවිට මේ සිද්දවෙන දේවල් රුසියාවෙ යුද බලය බලාගන්න යැංකියාම අටවපු උගුලක් වෙන්න පුලුවනි .
ලෝකෙ බල තුලනය වෙන්න ඇමරිකාවයි රුසියාවයි හැමදාම දෙපැත්තෙ ඉන්න ඕන. නැතිනම් ලෝකයාට වෙන්නෙ කවුරුහරි එකෙක් ගහන පදේට නටලා බෙරේ පලුවක් විතරක් නෙවි නටපු පොලොවත් නැති කරගන්න.
No comments:
Post a Comment
හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.
ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.
ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.