Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, April 2, 2014

ප්‍රයිවට් බස් කර්මාන්තෙ නඟා සිටුවන්න නම් සීටීබී හෙමින් යන්නෙපැයි

ඉස්සර අපි බස් වල නුවර යද්දි ගතවෙන කාලය අඩු කරගන්න ප්‍රයිවට් බස් එකක අපිට ළඟම ප්‍රධාන බස් නැවතුමට ගිහින් එතැනින් සීටීබී හෝ දුර ගමන් බස් එකක නැංගා ප්‍රයිවට් බස් පැය 1 1/2 වගේ කාලයක් ගම්පොල ඉඳන් නුවර යන්න ගත්තු නිසා. ඒ දවස් වල ඒ රූට් එකේම ගිය සීටීබී බස් පාරෙ ගියේ හරියට සීමිත නැවතුම බස් වගේ. සෙනඟ පටව ගන්න නැවැත්තුවේ එක්ස්ප්‍රස් හෝල්ට් වල විතරයි. ඉතින් ඒ දවස්වල අපි හිතාන හිටියේ සීටීබී ඩ්‍රයිවර්ලට බස් එක දෙන්නෙ ටර්න් එක වේගෙන් යන්න මිසක් මිනිස්සු ප්‍රවාහනය කරන්න නොවෙයි කියලා. ඒකටත් එක්ක ප්‍රයිවට් බස්, මිනිස්සු ලෑස්ති වෙලා  ගෙදර දොරවල් වහගෙන එනකම් නවත්තන් ඉඳීවි. 

ඒත් දැන් මාස කීපයක ඉඳන් ප්‍රයිවට් බස් විනාඩි 55ට අඩුවෙන් ටර්න් එක ඉවර කරන නිසා ඉස්සර සෙනඟ ගොඩක් ගියපු දුරගමන් බස් වලත් එච්චර සෙනඟ නෑ. ඉක්මනට යන නිසා මිනිස්සු ප්‍රයිවට් වල නගිනවා. නමුත් ඉස්සර නුවර ගම්පොල අතර ටවුන් දෙක බලන්න (මිනිස්සු පටවන් නැතිව) බස් පදවපු සීටීබී ඩ්‍රයිවර්ලා මේ වෙද්දි ඉස්සර හිටපු ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වගේ හෙමින් යන්න පටන් අරන්. ඒ අයට විනාඩි 55 ට යන්න එපා කියලා ඇති. මොකද සීටීබී එක උදව් කරන්න එපැයි පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවන්න. 

අපිට කොළඔදි දකින්න ලැබෙන විදියට ප්‍රයිවට් බස් 30ට විතර සීටීබී බස් එකක් දකින්න ලැබේවි මේ විදියට සීටීබි බස් ගියොත්. මොකද අපි කැමති නෑ නෙ ඉක්මනින් යන්න පුලුවන් කම තියෙද්දි හෝල්ට් ගානෙ රස්තියාදු වෙන්න. (ප්‍රයිවට් බස් වලයි සීටීබී බස් වලයි කාර්ය මණ්ඩල මාරු වෙලා ද දන් නෑ.)

අන්තිමට සෙනඟ නැති නිසා බස් දුවන් නැති වේවි. බස් නැති නිසා සෙනඟ නැති වේවි.

පලි- පුරුද්දක් වශයෙන් වගේම සීසන් පාවිච්චි කරපු අපේ යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් ප්‍රයිවට් බස් වල ට වඩා සීටීබී වල යන්න උත්සාහ කලාට අපි සීසන් අරන් බස් එකේ යන්න ඉද්දි නවත්තන් නැතිව ගියපු බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි අපි දැක්කම බෙල් එක ගහලා බස් එක අද්දවපු කොන්දොස්තර කෙනෙක් හරි හිටියොත් ඒ සීටීබි බස් එක කකුල් දෙක ගාවට ඇවිත් නැවැත්තුවත් නඟින් නැති ප්‍රතිපත්තිය තවමත් එහෙමයි.

3 comments:

  1. මචන් පුලුවන්නම් මේ ගැජට් එක දාගෙන බ්ලොග් ලියන අයට help එකක් දෙන්න. oyaga blog aka ape syndi ak tiynva http://blog.lankablogs.com/2014/03/lanka-blogs_30.html

    ඔයාගේ බ්ලොග් එක Blogger නම් පහත Link එක ඔබලා පහසුවෙන් Lanka Blogs ගැජට් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්.

    http://www.blogger.com/add-widget?widget.title=&widget.content=%3Cdiv%3E%3Clink%20href=%22http://lankablogs.com/lbgadget2/style.css%22%20rel=%22stylesheet%22%20/%3E%3Cdiv%20id=%22blogreader%22%3E%3Ciframe%20src=%22http://lankablogs.com/lbgadget2/lbgadget2.html%22%20height=%2227%22%20width=%22400%22%20frameborder=%220%22%20scrolling=%22no%22%3E%3C/iframe%3E%3C/div%3E%3C/div%3E

    ReplyDelete
  2. අප්පෝ.. දැන් බස් එළවන අය දන්නෙ නෑ සීමිත නැවතුම් කියන්නෙ මොනවද කියල :-))

    ReplyDelete
    Replies
    1. හික්ස්. සීමිත නැවතුම කියන වැලිමඩ කොළඹ බස් රෑ වෙද්දි අපිට ඔන තැන් වල නවත්තනවා. ඒ වුනාට ගම්පොල කොළඹ බස් කොළඹින් එද්දි පේරාදෙනිය ගම්පොල අතර දීත් බෙල් එක ඕෆ් කරනවා. කොන්දොස්තරත් ඉස්සරහ නිසා ඉස්සරහට ඇවිත් කීවම "කලින් නැගිටලා ඉස්සරහට එන්න හෝල්ට් එක ලංවෙනකන් වාඩි වෙලා ඉන්න නැතිව. ආය නවත්තන්නෙ ඊළඟ හෝල්ට් එකේ." ෆෝන් එක අතට ගන්නවා දැක්කොත් එතැනම බ්රේක් ගහලා නවත්තනවා.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails