Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, March 22, 2014

වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය

අද මව්බිම කියවීමි. දැන් බාප්පලා අලුත් වැඩකට අත ගසා ඇත්තේය. එනම් තවත් පාර්ට් ටයිම් ජොබ් කට්ටකි. රෑට පාරේ යන වාහනවල මූණට එන වාහන වලට හෙඩ් ලයිට් ඩිම් නොකරන මාතලීලාට රුපියල් 2500ක් දඩ ගැසීමට පටන් ගන්නේය. 

ඇත්තය . හෙඩ් ලයිට් එක මූණට වැදුනාම ඇස් නිලංකාර වන්නේය. මූණට එන වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය. ඒ ලයිසොම ගන්නා දවසේ මූණට වාහනයක් ආවොත් විතරය. ඒත් දවල් ලයිසොම ගත්තු අපට ලයිට් පත්තු කරන්න කීවේ නැතිය. ඉතින් ඉස්සරහින් වාහන ආවද නැතද අපේ ගමන අපි යන්නේ අපේ පාඩුවේ , හෙඩ් ලයිට් එකෙන්මය. අපට වැඩක් නැතිය.

ඉස්සරහින් එන වාහනේ හෙඩ් එක දැම්මද ඩිම් එක දැම්මද බස් වගේ ලොකු වාහන වල මාතලීලාට  කමක් නැත. ඒ මාතලීගේ ආසනය ඉහලට වන්නට ඇති නිසාය . ඒත් ඒ මාතලීලා හොඳය.  ඉස්සරහින් එන මාතලී ගැන අනුකම්පාව ඇත්තේය. හෙඩ් එක ඩිම් කරන්නේය. 

නමුත් උසින් අඩු වාහන වල මාතලීලාට හෙඩ් ලයිට්ටුව මාරකයක්ය. ඒත් ඩිම් නොකර යන්නේද ඔවුන්මය. මූණට එන වාහනේ හෙඩ් එක තිබුනද ඩිම් එක තිබුනද වගේ වගක් නැත. තමන්ගේ හෙඩ් එක ද  ඩිම් නොකරන්නෝය. 

තවත් මාතලීලා තොරණ වගේ බලුප් පත්තු කරපු වාහන එලවන්නෝය. එයාලා ඩිම් නොව හෙඩ් එක පත්තු නොකර හිටියත් ඉස්සරහ මාතලීගේ ඇස් නිලංකාර වන්නේය. ඒ අර තොරණේ බලුප් එලිය හෙඩ් එකටත් වඩා වැඩි නිසාය. 

සමහර විටෙක මමද මාතලී වන්නේය. කලුවරේ ද ගමන් කරන්නේය. ඉස්සරහින් වාහන ඒ නම් ඩිම් කරන්නේය. ඒ මූණට එන මාතලීගේ ඇස් නිලංකාර වන්නේ යැයි අනුකම්පාවට නොව ඒ මාතලී ඩිම් නොකළොත් මගේ ඇස් නිලංකාර වෙන නිසාය. ඒත් මං ගැන අනුකම්පාව ඇති  මාතලී  ලයිට් ඩිම් කරන්නේය. ඩිම් නොකළා කියා මම තරහ නොවන්නේය. ඒ නිසා පාර පැහැදිලිව දකින්න උවමනා නිසා මම ද හෙඩ් එක දල්වන්නේය. මට සලකන විදියටම මම ද සලකන්නේමය. 


19 comments:

  1. පවු අසරණ බාප්පලට වැඩ වැඩි වෙනවා. මේවා ජාතික අපරාධ. ;))

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩියි කියන්නෙ නැතිව සතුටින් වැඩ කරාවි. ඔප්පු කරන්න බෑ නෙ ඩිම්කරාද නැද්ද කියලා..

      Delete
  2. බාප්පලා කුලී කාරයෝ වගේ වෙලාවකට. කුලියක් ලැබෙනකල් ඉන්නවා වගේ. අනේ මුන්දලාගේ අහිංසක දෙමවුපියෝ බැණුම් අහන එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පව් අසරණ දෙමව්පියෝ...

      Delete
  3. මමනම් බාප්පලා ගැන අතිශයින් අනුකම්පා කරමි....වාහන නවත්තමින් මහත් සේ වෙහෙසෙන ඔවුන්ගේ අතිශය විඩාබර රාජකාරි දිවියට මඳ හෝ සහනයක් දෙනු කැමැත්තෙමි... දිවා රෑ නොබලා හෙඩ් ලයිට් දල්වමින් හා නිවමින්,, බාප්පලා මහත් අසරණව රාජකාරි කරන්නා වූ බවත් ඔවුන්ට බාධා නොකරන ලෙසත් අනෙක් රියදුරන්ට සංඥා කරන්නට මා පෙළඹී ඇත්තේ ඔවුන් කෙරෙහි උපන් මේ සානුකම්පිත හැඟීමෙනි....

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඊළඟ වංගුවේ අනික් ටීම් එක ඉඳලා රාජකාරියට බාදා කිරීම කියලා ලියනවා නේද? ඒත් එක්කෙනෙක් හරි බේරා ගැනීමට හැකි වීම ගැන සංතෝසයක් දැනෙනවා ඒ ගැන දැනුම් දුන්නම.
      ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියලා දැනගත්තම කඩඉරිවලත් ඉස්සර කරන්නෙ නෑ නෙ ගොඩක් අය.

      Delete
  4. උඹට කියන්න බං මමයි මගේ යාළුවෙකුයි කාලයක් හැමදාම වැඩට ගියේ බයික් වල. කිට්ටුව වැඩ හින්දා බයික් දෙකක පෙට්‍රල් පුච්චන්නේ නැතිව දෙන්න මාරුවෙන් මාරුවට එක බයික් එකක තමා ගියේ. රෑ වැඩ ඇරිලා එනකොට කීප වතාවක් හප්පෙනත් ගියා ඔය මඟුල් හෙඩ් ලයිට් කතන්දරේ නිසා. පස්සේ අපි සාර්ථක විසඳුමක් හොයා ගත්තා. අපේ තාත්තා රට ඉඳන් එද්දී ගෙනාවා පොඩි ටෝච් එකක් පට්ට එලිය. පිටිපස්සේ ඉන්න එකා ඕකත් අරන් තමා යන්නේ ඩිම් කරන්නේ නැති උන්ට දෙනවා නිකන් සොරි වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි මෙහෙමත් ගොන්කමක්!.ගහේ අත්ත උඩ වාඩිවෙලා ඒ අත්තම කැපුවා වගේ.තුම්පනේ මිනිස්සුවත් ඔහොම වැඩ කරන්නේ නැහැ.

      Delete
    2. ඇයි ඇනෝ එහෙම කියන්නේ. මුනටම අල්ලලා දුන්නහම අපිට දැනෙන අමාරුව උටත් දැනෙන්න.

      Delete
    3. @itnishantha ඇත්ත. අපිට දැනෙන අමාරුව ඒ අයටත් දෙන්න ඕන. සමහරු ඉස්සරහ වාහනේ දැක්කම ලයිට් ඩිම් කරලා ඒ වෙලාවෙම හෙඩ් එක දානවා. අනික් වාහනේ කෙනා ඩිම් කරගෙන ඇස් දෙකත් ඩිම් කරන් යනවා.

      Delete
    4. @ඇනෝ. තුම්පනේ උනත් නොවුනත් පාරෙ යද්දි හැමෝටම එක විදියට සලකන්න ඕන..

      Delete
  5. හ්ම්ම්..හ්ම්ම්ම්

    ReplyDelete
  6. හෙඩ් ලයිට් ඩිම් කරන්නෙම නැත්තෙ ගොඩක් වෙලාවට බස් කාරයො..
    ඒ වෙලාවට ඉතිං ස්ලෝ කරනවා..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් නිතරම රාත්‍රි ගමන්වාරවල යෙදෙන රියැදුරන් හෙඩ් එක ඩිම් කරනවාමයි.

      Delete
  7. අද බාප්පලා එක්ක මාර ආතල් එකක් ගත්ත. ඒක පස්සෙ ලියමි..

    බොලාගේ බ්ලොග ෆලෝ කර ඇත්තේය. නමුත් මාගේ බ්ලොග් රෝලේ අප්ඩේට් නෙවේ.. :(

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු. සෑම් ගේ කතාව අපේ ස්ටාෆ් එකේත් ප්‍රියතම බ්ලොග් එකක්.

      බ්ලොග් රෝලේ අවුලක් තියෙනවා වගෙයි මගෙත්. බලමු හදා ගනිමු. සමහර බ්ලොග් පෙන්වන්නෙ නෑ නෙව අප්ඩේට් වුනාම

      Delete
  8. කියල වැඩක් නෑ රොෂාන්.ඒ වෙලාවට හිතට එන දේවල් නම්! ඇයි මංදා ලංකාවේ සමහර මාතලීලා ඔය තරම් මන්ද මානසික.:/

    ReplyDelete
  9. කෝ මේ කොමෙන්ටු

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails