නිවාඩු දවසේ උදේ 9.30 ට විතර ටවුමට ගියා කොන්ඩෙ කපාගන්න.උදේම ගියෙ නැත්නම් සැලුන් එකේ සෙනඟ වැඩි වුනාම ගොඩක් වෙලා ඉන්න වෙන නිසා මම සාමාන්‍යයෙන් උදේම යනවා කොන්ඩෙ කපා ගන්න.
(පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු බව මතක නිසා තමයි 9.30ට විතර ගියෙ.)
(පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු බව මතක නිසා තමයි 9.30ට විතර ගියෙ.)
අද 9.30ට විතර ගිහිල්ලත් සැලුන් එකේ දොර බාගෙට ඇරලා වැඩ කරන කෙනා හඳුන්කූරු ගේන්න ගිහින්. ටික වෙලාවක් ඉද්දි තව කීපදෙනෙක් එකතු වුනා කොන්ඩෙ කපා ගන්න. අතුගානකන් අපි එළියෙ. වැඩ කරන කීප දෙනෙක් හිටියත් මුලින්ම එන කෙනා ඇවිත් ගොඩක් වෙලා යනකන් අනික් අය එන් නෑ. තවත් දෙයක් අනික් කෙනා ආපු ගමන් කොන්ඩෙ කපා ගත්තු කෙනා යද්දි ඒ මුලින් ආපු වැඩ කරන කෙනා (කරණවෑමියා) යනවා තේ බොන්න. ඉතින් ඉන්න සෙනඟ ගොඩක් වෙලා ඉන්න ඕන තමන්ගෙ වාරය එනකන්. මමත් සමහර දවස් වල කොන්ඩෙ කපාගන්න කණ්නාඩිය ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉඳලා තියෙනවා අර මනුස්සයා තේ බීලා එනකන්.
ඊයෙත් වහලා තිබුන නිසා අදවත් කලින් වරෙල්ලාකො වැඩට. අපි නිවාඩු දවසට ළඟ ම ටවුමට ගිහින් කොන්ඩෙ කපා ගන්න බලන්නෙ සතියෙ දවස්වල ඉන්න ප්‍රදේශයෙ සැලුන් නැතිව නෙවි. අපි දන්නා අඳුරන ගමේ එකෙක්ගෙන් කොණ්ඩෙ කපාන ඌට සල්ලි දීලා එන්න තියෙන ඇඟේ අමාරුවට.

මම ඉතින් අද නම් එතැනින් කොණ්ඩෙ කපා නොගෙන වෙන තැනකට ගියා. එතැන හිටියෙ දෙමළ කොල්ලෙක්. ඊයෙත් වැඩ කළාලු හවස් වෙනකන්. වීක්එන්ඩ් නැත්නම් නිවාඩු දවස් කියලා නිවාඩු ගන්නෙ නෑ ලු. සතියෙ දවස්වල කොන්ඩෙ කපන්න එන ගාන අඩු නිසා සතිය මැද නිවාඩු දැම්මත් සති අන්තෙ වැඩ කරනවාමලු. එතැනට ගියේ හොඳ වෙලාවට. මොකද මම ගෙදර එද්දි කරන්ට් එක නෑ. ටවුමෙත් කරන්ට් නෑ කියලා මස්සිනා ඇවිත් කීවා.
අපි කොයිතරම් සිංහල ජාතිකත්වය ගැන කතා කරත් මොන සේනා ආවත් අපේ වෙළෙඳුන්ගෙ ආකල්ප වෙනස් නොකර බිස්නස් වැඩි කරගන්නවත් වෙනත් ජාතින්ගේ වෙළඳසැල්වලින් සේවා ලබා ගන්න අයව නවත්තන්නත් අමාරුයි. මොකද වෙනත් ජාතිකයින් ඔවුන්ගේ ජාතිකයින්ගේ වෙළඳසැල් වලට යනවා වුනත් අපි ඒ විදියට සිංහල බෞද්ධ ව්‍යාපාර නංවන්න හිතාන අපේ වටිනා කාලය හා මුදල් වැය කරනවා කියන්නෙ තේරුමක් නැති දෙයක් වෙනවා අපේ නිවාඩු දවසින් බාගයක් විතර එක වැඩක් වෙනුවෙන් ගත කරන්න වුනොත්.
මේක ලීවෙ ජාතිවාදී අදහසින් නෙවි. ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්න නොදන්නවානම් සේවා ලාභීන් වෙනත් ව්‍යාපාරිකයින් වෙත යාම නවත්තන්න බැරි බව පෙන්වන්නයි.