Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, August 20, 2013

ජනෙල් 9යි ලිනස් torvalds

විශ්වාස කරන්නත් අමාරු ප්‍රවෘත්තියක් දකින්න ලැබුනා හදිසියෙම.
ලිනක්ස් (linux) වල නිර්මාතෘ, එහෙම නැත්නම් ජනෙල් වල බිල් අයියා එක්ක අවුරුදු 20ක් විතර තරඟ කරපු ලිනස් ටොවාල්ඩ්ස් (linus torvalds) බිල් (bill gates) අයියාගේ ජනෙල් 9 (windows 9) ව්‍යාපෘතිය එක්ක එකතු වෙන්න යනවාලු.

අනේ අපොයි.

සාමාන්‍යයෙන් විශාල පරිගණක පද්ධති සඳහා යොදාගත් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගණක වෙත අරන් ඇවිත් ජනතාවගේ ස්වේඡ්ඡා සහභාගිත්වයෙන් වැඩිදියුණු කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක් බවට පත් කරලා ඒ පද්ධතිය තමන්ගේ අයිතිය යටතේ නොතියාගෙන හැමදෙනාටම පාවිච්චි කරන්න පුලුවන් අන්දමට ලබා දුන්නු ලිනක්ස් පද්ධතියේ අනාගතය අවිනිශ්චිත වුනා නෙව හදිසියෙම.

ජනෙල් වලට තරඟයක් දෙන මෙහෙයුම් පද්ධතියක මුදුන් මුල ගලවලා අරන් තමන්ගේ නිතරම ආපදාවන්ට ලක්වන කර්නලය අලුතින් ගොඩ නඟන්නත් නිතරම වයිරස වලට මුහුන දෙන මෙහෙයුම් පද්ධතිය ඒවායින් ගලවාගන්නත් ලිනස් උදව් කරාවි.
ඒත් ඉතින් ඊට පස්සෙ බිල් අයියා පේටන්ට් ටිකකුත් ගනීවි තමන් යොදාගත්තු තාක්ෂණය වෙනුවෙන්.

මට හිතෙන්නෙ ගුගල්ලාත් මේ බව මුලින්ම අනුමාන කරන්න ඇති. මොකද ඒ අය විවෘත මෘදුකාංග වෙනුවෙන් සහය දක්වන බව පෙන්නුවත් බිටා සංස්කරණ නිකුත් කරද්දි ඒවා ජනෙල් වෙනුවෙන් නිකුත් කරන්න වග බලා ගන්නවා. බලන්න ජනෙල් සඳහා ගුගල් නිෂ්පාදන තිබුනත් ඒවායේ ලිනක්ස් නිෂ්පාදන නැති හැටි. (ගුගල්ගේ වර්ණත් ජනෙල්වල වර්ණම නේද)

මම 2004දි මුලින්ම රෙඩ්හැට් ලිනක්ස් වලින් පටන්ගෙන විවිධාකාර ලිනක්ස් පද්ධති අත්හදා බලලා අන්තිමට ඕපන් සූසේ 11.1 සිට (opensuse 11.1) ඕපන් සූසේ වල අවුරුදු ගණනාවක් රැඳී ඉන්නවා. කොටින්ම කීවොත් ලැප්ටොප් එක ගත්තෙත් ලිනක්ස් දමලා. එතැන මට අව්‍ශ්‍ය දේ නොතිබුන නිසා ඒ අය අත තිබුනු ලිනක්ස් පද්ධතියක් දමාගෙන ඇවිත් ගෙදර ආ ගමන් ඕපන් සූසේ වලට මාරු වුනා. මේ වෙද්දි මම විශාල වශයෙන් ලිනක්ස් වලට ඇබ්බැහිවෙලා කීවොත් නිවැරදියි. පුලුවන්තරම් ජනෙල් වලින් ඈත් වෙලා වැඩ කරන්න බැලුවත් රැකියාස්ථානය තුල නම් ජනෙල් පුරවලා. ඒත් පෝටබල් ඕපන් ඔෆිස් දාගත්තා මගේ පෙන් එකට රැකියා ස්ථානයේදි ලිපි ලේඛන කටයුතු කරද්දි පාවිච්චි කරන්න.

මේ හදිසියේ ලැබුනු ආරංචිය මම වගේ පිස්සු හැදුනු අය බය කරවන අපහසුතාවන්ට ලක්කරන දෙයක් වෙන්නෙ මේ නිසායි. අපි ලිනක්ස්වල ගුණ වයමින් ජනෙල් වලට බැන බැන අඩුපාඩු පෙන්වනකොට ලිනක්ස්වල මුදුන්මුල ජනෙල්වල මුදුන්මුලක් වෙන්න ලෑස්තිය.

මේ ආරංචිය බොරුවක් වුනොත් මම වගේම බොහෝදෙනෙක් සතුටු වේවි.

මතක ඇති නෙ බෑඩ් විස්ටා කැම්පේන් (bad vista campaign) එක. ඉදිරියේදි ඒ වගේ කැම්පේන් කරන්න වුනොත් ඒ සඳහා බාධාවක් වේවි මේ ලිනස්ගෙ කාර්යය.

http://itsfoss.com/linus-torvalds-to-join-microsoft/

මේ ලිපිය අප්‍රේල් 1දා විහිලුවක් විදියට ලියපු එකක් වුනොත් හරිම සැනසීමක්..

4 comments:

  1. Linus wath salli walata gaththada danne ne. mamath ubuntu user kenek. linux kernel 1 nehi unoth free os iwarai

    ReplyDelete
  2. හැබැයි පුතෝ ඔය කියන විදිහට උනොත් ඒක නිකන් ලංකාවේ දේසපාලනේ වගේ වෙයි. විපක්ෂයක් නැති උනාම හොඳ උනත් නරක උනත් තියන ආණ්ඩුව තමයි. හැබැයි ලංකාවේ එවුන් කට පුක වහගෙන ඉන්නවා වගේ ලෝකේ අනිත් උන් ඉන්නේ නැති වෙයි. වෙන විකල්ප දියුණු වෙයි.

    ReplyDelete
  3. http://jessescrossroadscafe.blogspot.com/2013/04/linus-torvald-is-not-joining-microsoft.html
    ඕක අප්‍රේල් 1 වෙනිදට කිව්ව කතාවක්

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails