Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, June 2, 2011

ඒ මිනිහා බීලා හිටියෙ. නැත්නම් මම ඒ මිනිහාට හොඳට කතා කරනවා

බ්ලොග් කියව කියවා හිටි මටත් බ්ලොගයක් තියෙන බව මතක් වුනේ දැන් නෙව..

මම මේ ලියන්න යන්නෙ මම මේ ළගදි දවසක් බස් එකකදි මුහුනදුන් සිදුවීමක්
සිදුවීම වුනේ දුරගමන් බසයක. අතරමගදි ගොඩවුනු කෙනෙක් මිනිසුන්ට දුක කියලා මුදල් එකතු කරගෙන ඇවිත් බස්එකේ ආසනයක වාඩි වුනා. ඒ ආසනේ හිටියෙ මගේ මිතුරෙකුගේ අම්මා. මම හිටියෙ ඊට පිටුපස සීට් එකේ.

ටික වෙලාවක් යද්දි වාඩිවුනු මනුස්සයාට නින්ද ගිහින් වගේ පෙනුනා. ටික දුරක් යද්දි මිත්‍රයාගෙ අම්මාගෙ පැත්තට පාත් වෙන්න පටන් ගත්තා. මිත්‍රයාගෙ අම්මා ඒ මනුස්සයාව ඇහැරවුවා. එතකොට ඒ මනුස්සයා කීවා මම හාමතේ ඉන්නෙ නෝනා කියලා. ආය ටික දුරක් යද්දි ඒ මනුස්සයා ආයෙ නිදාගන්න පටන් ගත්තා. මේ අතර මගේ ළග හිටපු කෙනෙක් මිත්‍රයාගෙ අම්මට කතා කරලා "මම පොලිසියෙ වැඩ කරන්නෙ, මේ මගේ අයිඩින්ටිය. ඒ නිසා බය නැතිව බනින්න" කීවා.

තවත් දෙපාරක් විතර නිදාගත්ත මනුස්සයා මිත්‍රයාගෙ අම්මා පැත්තට පාත්වෙන්න වුනා.  මේ අතරෙදි මිත්‍රයාගෙ අම්මා තව තවත් ඈත් වෙන්න උත්සාහ කරා.  ඒත් ඒ මනුස්සයා නැගිටලා සමාවෙන්න කියලා ආයෙත් කලින් වගේම නිදි කිරන්න පටන් ගත්තා. මේ අතරෙදි මට හිතුනා මේ මිනිහා ආබාධිතයෙක් වුනාට එන පොට හොඳ නෑ කියලා. ඒ නිසා මම පොඩි තට්ටුවක් දාලා ඇහුවා ඇයි අයියා නින්ද යනවාද කියලා. එතකොට මේ මනුස්සයා හීනෙන් නැගිට්ටා වගෙ දොර ගාවට ගියා. අපි කොන්දොස්තරට සිද්දිය කීවාම ඒ මනුස්සයාට බැනලා බස් එකෙන් බැස්සුවා.
ඊට පස්සෙ මගේ ළග හිටපු "පොලිස්" කීව මනුස්සයා කියනවා "ඒ මිනිහා බීලා හිටියෙ. ඒකයි මම මොකුත් කීවෙ නැත්තෙ. නැත්නම් මම ඒ මිනිහාට හොඳට කතා කරනවා" කියලා.

අනේ ඉතින් මට හිතුනා මෙහෙමත් පිරිමි තාමත් ඉන්නවානෙ අශ්වයා පැනලා ගියාම ඉස්තාලෙ වහන්න දඟලන " කියලා.

මම හිතන විදියට සමහර අවස්තා වලදි පිරිමි මේ වගේ දේවල් දැක්කම නොදැක්ක ගානට ඉන්නෙ ඒවා බලලා වින්දනයක් ගන්න වෙන්නත් පුලුවනි. ඒ වගේම සමහරවිට මේ දේට විරුද්ද වුනාම ඇතිවන අතුරු ප්‍රතිපල වලින් බේරෙන්න  වෙන්නත් පුලුවනි. මොකද ඒ දෙයක් වලක්වන්න ගිහින් සමහර අවස්තා වලදි ඒ කාන්තාවත් අනික් පැත්තට කතා කරන්න පුලුවනි.

8 comments:

  1. ඔහොම සිද්දියකට මන් කතා කරන්න ගිහින් බස් එකක මන් නොන්ඩි උනා. අඩුම ගානේ එ සිද්දියට ලක් උන අයවත් කතා කරේ නැ.මන් හොඩ කරන්න ගිහින් ඉල්ලන් කැවා

    ReplyDelete
  2. මමත් දෙගිඩියාවෙන් හිටියෙ. මොකද මේ මනුස්සයා ආබාධිතයෙක්. මිනිස්සු ආබාධිත තත්වය ගැන අනුකම්පා කරන්න ගත්තොත් මට වෙන්නෙ ඊළඟ බස් එකට ගොඩ වෙන්නයි. මේ සිද්දියට මුහුනපෑවෙ මාව හොඳට දන්න කෙනෙක් නිසයි මම ඉදිරිපත් වුනෙත්. නැතිනම් මම වුනත් දැක්කෙ නැති ගානට ඉන්න තිබුනා..

    ReplyDelete
  3. කවුරුවත් හිතන් නැ තමන් බිහි උනෙත් මවකගේ කුසින් කියල... එහෙම ඇහැකින් බලන්න පුලුවන් නම්....ගොඩක් දේවල් මේ ලොකේ ගැහැනුන්ට සිද්ධ වෙන මේලහකට නැවතිලා...

    ReplyDelete
  4. මම නම් ගැහැණු කෙනෙක් වෙනුවෙන් කතා කරන්න කිසිම වෙලාවක පැකිලෙන්නෙ නෑ.. හැබැයි අර කියනවා වගේ සද්දෙ දාගෙන නෝඬි වෙන්න නෙමේ. ඒත් ස්ථානෝචිත පඤ්ඤාව කියලා දෙයකුත් කෙල්ලෙක් උනාම තියෙන්න ඕනෙලුනෙ..කොහොමත් ඉතින් ඔය බස් වල යන සමහර ඈයන්ට අමුතු නින්දක් යනවා ගෑණු පරනයක් ලඟ උන්නම

    ReplyDelete
  5. නිම්ශා කියනවා වගේ ගොඩක් අය හිතන්නේ නැහැ තමන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා, සහෝදරියෙක් ඉන්නවා කියලා. තමන්ගේ කෙනෙක්ට ඔහොම උනානම් කියලා හිතලවත් තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න අපේ මිනිස්සුන්ට උවමනාවක් නැහැ.

    ReplyDelete
  6. මේ වගේ කාරණා වලදි පැති ගොඩක් තියෙන්න පුලුවන්.
    1.දෙන්නගෙම කැමැත්තෙන් දෙන්නම ඒක විඳිනවා වෙන්න පුලුවන්.
    2.එහෙම නැත්නම් කෙල්ල බලෙන් ඒක ගන්නවා වෙන්නත් පුලුවන්.
    3.පිරිමි කෙනාට ඇත්තටම මොකක් හරි අපහසුතාවයක් නිසා වෙන කරන්න කිසිම දෙයක් නැතුව ඉන්නකොට අපිට එහෙම පේනවා වෙන්නත් පුලුවන්.
    4.ඇත්තටම ගෑනු ලමයාගේ අකමැත්ත තියෙද්දි මේක කරනවා වෙන්නත් පුලුවන්.
    කාරණාව 4 නම් විරුද්ද වෙන කෙනා ඕකේ...
    ඒත් අනික් ඒවා.... 1,2 දීනම් වෙන්නේ ගෑනුලමය "මෙයා කොහෙද මගේ ඇඟේ හිටියේ.. ඔයානේ වදදිදී හිටියේ" වගේ දෙයක් උනත් කියන්න පුලුවන්.
    3දී නම් එකක් බැනුම් අහන්න වෙනවා හැමෝගෙන්ම, අනික ඒකේ මානුශික ස්වභාවය එක්ක තමාගේ ආත්මයෙන් පවා බැනුම් අහගන්න වෙනවා...

    ReplyDelete
  7. මම නම් ගෑහැනු කෙනාගෙන් අහලා ඒ වගේ අවස්ථාවක කියන්න ඕනෙ ටික කියනවා.

    ReplyDelete
  8. ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි යාලුවනේ
    බලමු
    අපි
    මේ ලෝකය
    වෙනස් කරන්න...
    නිසැකයි
    එය කලහැකිබව..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails