Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Friday, March 26, 2010

ඔබේ blogger template එක ඔබම හදාගන්න.

ඔබේ blogger template එක ඔබම හදාගන්න.

ඔබ බ්ලොගර් හි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අයෙක් නම් එහි ඇති templates පිළිබඳව අසතුටකින් පසුවනවා ඇත. ඒ බ්ලොගර් තුලදී අපට ලැබෙනුයේ සීමිත template සංඛ්‍යාවක් වීමත් ඒවායේ සිත් ඇදගන්නාසුලු බව අඩු වීමත් නිසා විය හැක. අපට අවැසි template එක වෙකත් තැනකින් ගෙන blogger තුලට දැමීමේදී එම ක්‍රියාව 100% සාර්ථක කර ගැන්මට ඉතා විශාල වෙහෙසක් ගත යුතු වෙයි.

නමුත් දැන් එම ක්‍රියාව blogger තුලදීම පහසුවෙන් සිදුකරගත හැකි අතර preview මගින් එවේලේම අප කරන ලද වෙනස්කම් වලින් පසු බ්ලොග් අඩවිය දිස්වන ආකාරය පෙන්වයි..

ඒ සඳහා ඔබ log විය යුත්තේ http://draft.blogger.com ලිපිනයටයි. අවැසිනම් http://www.blogger.com වෙත log වී www වෙනුවට draft යන්න යොදන්න.


ඉන් පසුව පෙන්වන පිටුවේ make blogger in draft my default Dashboard මගින් ඔබගේ default dashboard එක http://draft.blogger.com  ද http://www.blogger.com යන වග ලබා දිය හැක. මෙය අනිවාර්ය නැත.

ඉන් පසුව ඔබගේ blog එකෙහි layout එක වෙනස් කිරීමට layout යොමුව මත ක්ලික් කරන්න.

එවිට template designer නමින් යොමුවක් දැකිය හැක. එය මත ක්ලික් කිරීම මගින් template designer පිටුව ලැබේ.

මෙහිදී අපට template එකද , blog එකෙහි පසුබිම (background) ද , layout එකද තවත් වැඩිදුර (advanced) වෙනස්කම් කීපයක් ද සිදු කල හැක. මෙහිදී preview එකක්ද අප කරන වෙනස්කම අදාල වන ස්ථානයද එම අවස්ථාවේදීම පෙන්වන බැවින් ඒ ගැන විස්තර කිරීම අනවශ්‍ය යැයි මා සිතන අතර සිදුවන වැරදීම් වලදී default අගයන් වෙතට යාමට යොමුවක්(link) ද දක්වා ඇත.

ඉහල දකුණුපස ඇති view blog මගින් අප කරන ලද වෙනස්කම් සහිතව blog අඩවිය දැක ගත හැකි අතර APPLY TO BLOG මගින් අප කරන ලද දෑ blog අඩවියට සුරැකේ(save)

5 comments:

  1. English Translation :

    Design your blogger template by yourself

    http://nformati.blogspot.com/2010/03/design-your-blogger-template-by.html

    ReplyDelete
  2. @මෙවන්ත මධුරංග , ස්තුතියි මල්ලි..

    ReplyDelete
  3. මල්ලියෙක් ද අයියෙක්ද දන්නේ නෑ. පේන විදියට නම් මල්ලි කෙනෙක්. මමත් ඔයාගෙ ගමේ. ඔයා කොහෙද ???

    ReplyDelete
  4. @සංජු මොකක්? මම ගෙළිඔයෙ..ස්තුතියි පැමිණියාට මේ පැත්තෙ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails